ඇත්තටම මේ පෙරුංකායම් වල තියන රහස මොකක්ද බං මම නම් විස්වාස කරන්නේ නෑ. දන්න කෙනෙක් කියල දියන්කෝ.

නව කොරෝනා වයිරසයෙන් චීනයත්, මුළු මහත් පෘථිවිවාසීහුත් මේ වන විට බියෙන් සලිතව ගොස් සිටිති. කොරේ පිටට මරේ කිවුවාක් මෙන් මේ වන විට කුරුලු උණ වසංගත රෝගය ද චීනයෙන් වාර්තා වෙයි. මෙවන් වසංගත රෝග අවදානමක් පවතින කාල වකවානුවල දී වසංගත රෝගවලින් ආරක්ෂා වන ක්‍රමවේද අනුගමනය කිරීමට මිනිස්සු බෙහෙවින්ම උත්සුක වෙති. වසංගත රෝගවලින් ආරක්ෂා වීම සඳහා භාවිතයට ගැනෙන සරල නූතන විද්‍යාත්මක ක්‍රමවේදයක් වුව භාවිත කිරීම ජනතාවට අසීරු කාරණාවක් බව, අපේ රට තුළ මුඛවාඩම් සම්බන්ධයෙන් ඇති වූ කලබැගෑනියෙන් පෙනී යයි. මිනිසුන් අනවශ්‍ය ලෙස වසංගත වයිරසයට බිය වී මුඛවාඩම් සොයත් දී, උග්‍ර මුඛ ආවරණ හිඟයක් ඇති විය.
වාතය හරහා ව්‍යාප්ත වන ඕනෑම වසංගත රෝග අවදානමක දී මුඛවාඩම් පැලැඳීම සුදුසු වුව ද, මුඛවාඩම් පිළිබඳ පමණක් විශ්වාසය තැබීම මෙවන් වසංගත රෝග අවදානමකින් ගැළවීම සඳහා කිසිසේත් ප්‍රමාණවත් නොවේ. මුඛවාඩමකින් වුව සියයට සියයක ආරක්ෂාවක් කොරෝනා වයිරසයෙන් බලාපොරොත්තු වීමට නොහැකි වන බව පැවසේ. තව ද වැඩි මිලකට මිල දී ගනු ලබන මුඛවාඩමකින් වුව දින ගණාවක ආරක්ෂාවක් නොලැබෙන අතර, එය පැය හය හතකට සීමා වෙයි.
මෙවන් තත්ත්වයක දී අපගේ ආරක්ෂාව සහතික කර ගැනීම සදහා අප අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පිළිබද විශ්වාසය තබා කටයුතු කිරීමත්, විෂබීජ විනාශ කරන ස්වාභාවික ආහාර පානාදිය වැඩි වශයෙන් ලබා ගැනීමට උනන්දු වීමත් ඉතාමත් ප්‍රඥා ගෝචරය. මක් නිසා ද යත් ඕනෑම වසංගත රෝගයක් පළමුවෙන්ම වැළදෙන්නේ ශරීර ප්‍රතිශක්තිකරණය අඩු උදවියටය. උදාහරණයක් ලෙස, වයිරසය මිනිසුන් ලක්ෂයක් තුළට ඇතුළු වුවා යැයි සිතුවොත්, රෝගය වැළදෙන්නේ ඉන් දස දහසකට පමණ පිරිසකට විය හැකිය. ඒ දස දහස අතරිනුත් සැලකිය යුතු ලෙස රෝග ලක්ෂණ පහළ වන්නේ දෙතුන් සියයක් පමණ ප්‍රමාණයකට ය. එයිනුත් අසාධ්‍ය තත්ත්වයට පත් වන්නේ එක් කෙනෙකු හෝ දෙදෙනෙකුට ය.
චීනයේ නිල වාර්තා සැලකිල්ලට ගතහොත් දැනට රෝගය වැලදී ඇත්තේ 15,000කට ආසන්න පිරිසකට බවත් ඉන් 300 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවත් පැවසේ. කෙනෙකුට ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් තිබේ නම් භයානක වසංගත රෝගයකින් වුව ගැලවීමට හැකි වනු ඇත. ඒ නිසා ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන සහ විෂබීජ විනාශ කරන ආහාර පාන සහ ඇවතුම් පැවතුම්වලට යොමු වීම මේ දිනවල අප කළ යුතු වඩාත් ප්රඥාගෝචර කටයුත්තකි.
වසංගත රෝග මර්දනය කරන ස්වාභාවික ආහාර
අතීතයේ දී විවිධ රටවල දෙයියන්ගේ ලෙඩ, යක්ෂයාගේ සාපය ආදි වසංගත තත්ත්වයන් වැනි රෝගවලින් ආරක්ෂා වීම සඳහා සුවිශේෂි ආහාර පාන සහ ක්‍රමවේද භාවිතයට ගෙන තිබේ. වසංගත රෝග භීතිකාවෙන් ඇලළී ගිය ජනතාව පාරම්පරිකව වසංගත රෝගවලින් ගැලවීම සඳහා භාවිත කළ ඇතැම් අතීත ක්‍රමවේදවලට යොමු වීම වරදක් නොවන බව ඒත්තු යන්නේ, ඒවා විද්‍යාත්මක පර්යේෂණ හරහා යම් ආලෝකයක් වැටී තිබෙන නිසාය. උදාහරණයක් ලෙස කොහොඹ ශාකය (Neem) සම්බන්ධයෙන් සිදුකර තිබෙන පර්යේෂණවලට අනුව, කොහොඹ සතු විෂබීජනාශක හැකියාවක් සහ වෛරස් ආසාධන වැළැක්වීමේ හැකියාවක් තිබෙන බව පෙනී ගොස් තිබේ. එමෙන්ම කහ (Termeric), වදකහ (Sweet flag), පොල්තෙල්, තුල්සි/ මදුරුතලා (Basil) මාදුරු (Fennal) ඉඟුරු (Ginger), සුදුලූනු (Garlic), පැඟිරි ශාක පත්‍ර සහ ගෙඩිවල පොතු (citrus), ඩැන්ඩලියන් (Dandelion), රතුලූනු (Onion), සේර (Lemon grass), වැනි ශාක පිළිබදව සිදු කර තිබෙන පර්යේෂණවලට අනුව ඒවායේ වයිරස් ඇතුළු විෂබීජනාශක හැකියාවන් ඇතිබව සනාථ වී තිබේ. ඒ සඳහා අප රට තුළ ද මෙම රෝගයෙන් ගැලවීම සදහා විවිධ ක්‍රමවේද භාවිතයට ගැනීමට ජනතාව පෙලඹී සිටිති. ඒ එක් ඖෂයක් ලෙස පෙරුංකායම් දැක්විය හැකිය.
වසංගතවලට එරෙහිව පෙරුංකායම්වල විද්‍යාත්මක පැටිකිරිය
Asafoetida යනුවෙන් ඉංග්‍රීසියෙන් හදුන්වනු ලබන පෙරුංකායම් යනු, අපියාසී පවුලට අයත් asafetida යන විද්‍යාත්මක නාමයෙන් හැදින්වෙන ශාකයෙන් ලබා ගනු ලබන ලාටුමය මැලියම් විශේෂයකි. මෙම ශාකය උෂ්ණාධික ඉරානය, ඇෆ්ගනිස්තානය, වැනි රටවල්වලත් ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවලත් සුලභව වර්ධනය වන, අඩි අටක් නමයක් පමණ උසට වැවෙන, බහු වාර්ෂික ශාකයකි. මෙම ශාකයේ සියලුම කොටස්වල සුවිශේෂී සුවඳක් ඇති අතර මුල් සහ කද කොටසින් පෙරුංකායම් නමැති දුම්මල වර්ගය නිපදවෙයි. පෙරුංකායම්වල ඖෂධීය ගුණයන් පිළිබදව විමසා බැලූ පර්යේෂණවල තොරතුරුවලට අනුව මෙහි පුළුල් පරාසයක විහිදෙන බෝවන සහ බෝ නොවන රෝග වැළැක්වීමේ හැකියාවක් තිබෙන බව සොයා ගෙන ඇත. එබැවින් ආහාර රසකාරක කුළුබඩුවක් ලෙස අපගේ ආහාරයට නිතර යොදා ගැනීම ප්රඥාගෝචර වන බව පෙනී යයි.
චීන විද්‍යාඥයන් පිරිසක් විසින් සිදු කර තිබෙන එක් පර්යේෂණයක දී පෙරුංකායම් ඉන්ෆ්ලුවෙන්සා (H1N1) වයිරසයට එරෙහිව ද කටයුතු කරන බව සොයා ගෙන ඇත. කෙසේ වෙතත් වර්ෂ 1918 දී ලොව පුරා මරණ මිලියන පනහක් පමණ වාර්තා වු ස්පාඤ්ඤ දරුණු වයිරස් වසංගත තතත්වයේදීත් පෙරුංකායම් සුලභව භාවිත කර ඇත. (මෙම රෝගය ද චීනය ආශ්‍රිතව මුලින් හට ගත් බව ඇතැම් විද්‍යාඥයන් පවසා ඇත.)
පෙරුංකායම් ආහාර රස කාරකයක් ලෙස
පෙරුංකායම් දකුණු ඉන්දියානුවන් අතර බෙහෙවින්ම ප්‍රචලිත කුළුබඩු වර්ගයක් වන අතර, මෙම කුළුබඩු වර්ගය, ආහාර ජීර්ණ ආධාරකයක් ලෙසද, ආහාර රසකාරකයක් ලෙසද භාවිතා කරයි. එය ඉන්දියානු නිර්මාංස ආහාර පිසීමේ දී රසවත් රසකාරකයක් ලෙස ක්‍රියා කිරීමෙන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. පරිප්පු, කඩල සහ එළවළු වර්ග පිසීමේ දී විශේෂයෙන් අර්තාපල් සහ වට්ටක්කා මත පදනම් වූ ඉන්දියානු ආහාරවල අනිවාර්ය රසකාරකයක් වෙයි. පෙරුංකායම් විශේෂයෙන් බහුලව භාවිතා වන්නේ නිර්මාංස පන්ජාබ් ආහාර පිසීමේ දී ය. එය විවිධ කෑම වර්ගවල රසය වැඩි කරයි. ආහාර උණුසුම් තෙල්වලින් තෙම්පරාදු කිරීමේදී පෙරුංකායම් ස්වල්පයක් තෙලට එක් කිරීම සාමාන්‍යයෙන් සිදු කරයි. කාශ්මීර ආහාර පිසීමේදී ද, බැටළු / එළුමස් පිසීමේ දී ද, අච්චාරු දැමීමේදී ද භාවිතා කරයි. ඇතැම් විට පෙරුංකායම් ඉතා සුළු ප්‍රමාණයක් ලුණු සමඟ මිශ්‍ර කර අමු සලාද සමග ද ආහාරයට ගනී. දෙමල ජනතාව අතර ප්‍රකට රසම්, කායම් හොදි සකස් කිරීමේ දීද පෙරුංකායම් භාවිත කරති.
පිරිසුදු පෙරුංකායම් හඳුනා ගන්නේ කෙසේද?
ව්‍යාජ සහ බාල කළ පෙරුංකායම් ද වෙළෙද පොළේ දී හමු වෙයි. එබැවින් නියම පෙරුංකායම් මෙම සරල පරීක්ෂණයෙන් කෙනෙකුට හදුනා ගත හැක. පෙරුංකායම් ස්පටික වතුර පිරුණු වීදුරුවකට දැමූ විට එය ක්‍රමයෙන් දිය වී ජලය කිරි සුදු ද්‍රාවණයක් බවට පරිවර්තනය වේ. වැලි හෝ වෙනත් අපද්‍රව්‍යයක් ඉතිරි නොවෙයි. පෙරුංකායම් කැබැල්ලක් පුලුස්සා දැමූ විට එහි කිසිදු අපද්‍රව්‍යයක් ඉතිරි නොවෙයි. වෛද්‍ය විද්‍යාවේ භාවිතා වන පෙරුංකායම් සුදු පැහැතිය. සැර ගන්ධයක් (සුවඳක්) සහිතයි. කුළුබඩුවක් ලෙස භාවිත කෙරෙන පෙරුංකායම් කළුපාටට හුරු දුඹුරු පැහැයක් ගනී.
පෙරුංකායම්වල අතුරු ආබාධ සහ අනතුරු ඇඟවීම්
පෙරුංකායම් රුධිර පීඩනයට බාධා ඇති කරන බව ඇතැම් පර්යේෂණවලින් සොයා ගෙන ඇත. එබැවින් අධි රුධිර පීඩනය හෝ අඩු රුධිර පීඩනය ඇති අය එය භාවිත නොකළ යුතුය. ගබ්සා වීමට හේතු විය හැකි බැවින් ගර්භිණී කාලයේ දී භාවිතයෙන් වැළකී සිටීම උචිතය.
අධික වශයෙන් මත්පැන් පානය කරන්නන්, අම්ලපිත්ත රෝගයෙන් සහ ආමාශයික වණ වලින් පෙළෙන පුද්ගලයන්, ආමාශ ආන්තරයික ගැටළුවලින් පෙළෙන උදවිය සහ ළදරුවන් ද පෙරුංකායම් භාවිතයෙන් වැළකී සිටීම සුදුසුය. තවද, මවුකිරි දෙන මවුවරුන්, ස්නායු ආශ්රිත ආබාධ ඇති පුද්ගලයන් පෙරුංකායම් භාවිතා නොකර සිටීම සුදුසුය.![]()