Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෙර ආත්මයක යක්ෂණියෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යක්ෂණියෝ පෙර ආත්මයක යක්ෂණියෝ

පෙර ආත්මයක යක්ෂණියෝ වෙලා, බලසම්පන්න පෙරේතියෝ වෙලා ඉපදුණු අය

දවසක් බුදුරජාණන් වහන්සේ එක ප්‍රේතයෙක් ව දැක්කා. දැකලා උන්වහන්සේ නිශ්ශබ්දව වැඩහිටියා. කාටවත් කිව්වේ නෑ. මුගලන් මහරහතන් වහන්සේත් දවසක් ඒ පෙරේතයා ව ම දැක්කා. මුගලන් මහරහතන් වහන්සේ ලක්ඛණ ස්වාමීන් වහන්සේත් සමඟ ගිජ්ඣකූට පර්වතයෙන් බහිද්දී මේ පෙරේතයාව දැකලා සිනහා පහළ වුණා. ලක්ඛණ ස්වාමීන් වහන්සේ ඇහුවා “ඇයි ස්වාමීනී ඔබවහන්සේට සිනහා පහළ වුණේ?” කියලා.

“ඒක භාග්‍යවතුන් වහන්සේ ළඟ දී අහන්න.” කියලා කිව්වා.

ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ගියාම මුගලන් මහරහතන් වහන්සේ කියනවා “ස්වාමීනී, මම දැක්කා ඇටසැකිලි පෙරේතයෙක්. ඒ ඇටසැකිලි පෙරේතයාගේ ඔළුවට ලොකු කුලුගෙඩිවලින් පහර හැටක් විතර එක දිගට වදිනවා. මේ පෙරේතයා හයියෙන් කෑ ගහගෙන යනවා.”

බුදුරජාණන් වහන්සේ වදාළා “මොග්ගල්ලාන, ඔබ වැනි ඉර්ධිබලලාභී ශ්‍රාවකයෝ ඉන්නකොට මේක ප්‍රකට වෙනවා. නැත්නම් ප්‍රකට වෙන්නේ නෑ. මං බෝධිමූලයේ වැඩඉද්දී ඔය පෙරේතයා ව කලින් දැක්කා. නමුත් මං කාටවත් කිව්වේ නෑ. එහෙම නොකිව්වේ අනිත් අය මේක සැක කරයි කියලයි. ඒ කෙනාට එහෙම වෙන්න හේතුව තමයි, එයා පසේබුදුරජාණන් වහන්සේනමක් ඝාතනය කළා. බරණැස දී පසේබුදුරජාණන් වහන්සේනමකගේ කණට ගලකින් ගහලා ඒක හේතුවෙන් ඒ පසේබුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා. ඒකේ විපාකයේ හැටියට නිරයේ ගිහින් විඳලා විඳලා ඉතුරු කර්මය තමයි ඔය විදිහට විඳවන්නේ.” ඉතින් එවැනි ස්වභාවයක් තමයි මේකේ තියෙන්නේ.

වංචාව රජකරන ක්ෂේත්රයක්…

අපි ගනිමු, කෙනෙකුට කර්මානුරූපව ප්‍රේත ප්‍රශ්නයක් එනවා කියලා. එතකොට ඒක විසඳගන්න එයා එක එක පැතිවල යනවනේ. ඒ වගේ ම ඔය ක්ෂේත්රයේ හරියට බොරුව වංචාව තියෙනවා. අවංක ව ම කරන අයත් ඉන්නවා. නමුත් අවංක වුණාට සමහර විට හැම එකක් ම සාර්ථක වෙන්නේ නෑ. අපි කියමු කෙනෙක් අවංකව හිතනවා ‘මට මේ පෙරේතයා ව අයින් කරන්න පුළුවන්’ කියලා. එහෙම හිතලා එයා ඉතින් ඔය ගාථාවල් මන්ත්‍ර මොනවා හරි කියනවා කියමු.නමුත් සාර්ථක වෙන්නේ නෑ. එහෙම වෙන්න පුළුවන්. එයා මොනවා කරන්න ද? එහෙම දේවල් තියෙනවා.

පෙර ආත්මයක යක්ෂණියෝ වෙලා, බලසම්පන්න පෙරේතියෝ වෙලා ඉපදුණු අය ඉන්නවනේ. ඒගොල්ලෝ කර්මානුරූපව මනුස්ස ලෝකයේ ඉපදෙනවා. මනුස්ස ලෝකයේ ඉපදුණාට පස්සේ ඒගොල්ලන්ට ඉක්මනට පෙරේතයෝ අවනත වෙනවා. අමනුස්සයොත් අවනත වෙනවා. එතකොට ඒගොල්ලන්ට පුළුවන් තමන්ගේ හිත හරහා ප්‍රේතයෝ එහෙට මෙහෙට යවන්න. මේක මේගොල්ලෝ අයුතු විදිහට පාවිච්චි කරනවා. මිනිස්සුන්ට හිරිහැර කරන්න, මිනිස්සුන්ගේ ඔළුවලට නැති ප්‍රශ්න දාන්න, නින්දා අපහාස කරන්න පාවිච්චි කරනවා.

සංඝරත්නයේ ආනුභාවය අදටත් ජීවමානයි…

මෙවැනි අවස්ථාවල දී සංඝගත දක්ෂිණාවක් දී පින් අනුමෝදන් කිරීම සාර්ථක පිළියමක්. එහෙම නැතුව දොළ පිදේනි දීම ආදිය සාර්ථක වෙයි කියලා හිතන්න අමාරුයි. අපි විශ්වාස කරන්නේ සංඝරත්නය ම යි. මහමෙව්නාවෙන් අපි සංඝරත්නය විශ්වාස කරනවා, බුද්ධරත්නය විශ්වාස කරනවා. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව තියලා, සංඝයාට දානය දීලා තමයි පින් අනුමෝදන් කරන්නේ.

හොඳම සාක්ෂිය තමයි මේ ළඟක දී අපේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේනමක් ගෙදරට වැඩපු වෙලාවේ එයාගේ නැතිවුණු තාත්තා පෙරේතයෙක් වෙලා අම්මට වැහුණා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ අහලා තියෙනවා “තාත්තාට පින් ගන්න පුළුවන් ද?” කියලා. “අනේ මට පින් ගන්න බෑ.” කිව්වලු. “මං මනුස්ස ලෝකයේ ඉන්නකොට පින්දහම් කළේ නෑ. ඒ නිසා මට පින්දහම් ගන්න බෑ.” කිව්වලු. නමුත් එයා පින්ගන්න බෑ කියලා කිව්වේ බොරුවක්. එතකොට එයාට පින් ගන්න බෑ කිය කියා අම්මාගේ ඇඟේ ඉන්න පුළුවන්නේ.

නමුත් පුතා පැවිදි වෙලා ඉන්නේ. ඉතින් පුතා සීලවන්තයි. පුතා කියලා තියෙනවා “බෑ… බෑ… දැන් තාත්තා මං කියන දේ කරන්න ඕන.” කියලා. ඉතින් දැන් මෙයා පිපාසයි කියලා කෑගහනවලු. ඒ හවස් වරුවක නිසා විකාලයනේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ පැන් එකක් අතට දීලා “දැන් බුදුගුණ මෙනෙහි කරන්න.” කියලා බුදුගුණ මෙනෙහි කරවලා ඒ පැන් එක බුදුරජාණන් වහන්සේට පූජා කරවලා.

ඊට පස්සේ ආයෙමත් පැන් එකක් අතට දීලා සඟගුණ මෙනෙහි කරන්න කියලා සුපටිපන්න ආදි ගාථාව කියවලා සංඝයා වෙනුවෙන් මේ ස්වාමීන් වහන්සේ මේක පිළිඅරගෙන වැළඳුවා. එතකොට මේ තාත්තාට පිපාසය නැතුව ගිහින් තියෙනවා. එතකොට ඒකේ තේරුම තමයි, එවේලේ ම සංඝයා උදෙසා දෙන දානයේ පින අනුමෝදන් වෙන්න පුළුවන්. නමුත් පෙරේතයෝ බොරු කියනවා. බොරු කියලමනේ පෙරේතයො වෙලා තියෙන්නේ. ඒ නිසා හරියට බොරු කියනවා. ඒ කියන්නේ පිරිසිදු චේතනාවකින් අවංකව යමක් කරන්නේ නෑ. ඒකනේ පෙරේත ලෝකයේ ගිහිල්ලා තියෙන්නේ.

පෙරේත ලෝකයේ ගියපු අය විඳින දුක හිතාගන්න බෑ. සමහර අවස්ථාවල ප්‍රේතයෝ ගැන ධර්මයේ සඳහන් වෙන්නේ ඒ අයට සෙම් සොටුවත් නෑ. සමහර ප්‍රේතයෝ පිපාසය හැදිලා ගංගාවල් දැක්කාම දුවනවලු. නමුත් ගංගාව ළඟට ගියාම ලේ. කරන්න දෙයක් නෑ. එතකොට අපට පේනවා ඒගොල්ලෝ ඒ පෙරේතකම නිසා විශාල දුකක් විඳිනවා.

ලංකාවට වඩා ඉන්දියාවේ තත්ත්වය දරුණුයි…

ලංකාවට වඩා ඉන්දියාවේ පෙරේත ප්රශ්නය ගොඩාක් දරුණුයි. මට නම් තේරෙන්නේ ඉන්දියාවේ මිනිස්සුත් එක්ක පෙරේතයෝ එකට ම යි ඉන්නේ කියලයි. ඒ කියන්නේ ලංකාවේ ගොඩක් විට ඔය වගේ සිද්ධි වෙනකොට එක එක ප්රශ්නවල දී අපි ඒවා හඳුනා ගන්නවනේ. ගෙදර ප්‍රශ්න එනකොට මේක ප්‍රේත ප්‍රශ්නයක් කියලා හඳුනාගන්නවා. නමුත් මම ඉන්දියාවේ ගතකරපු ජීවිත කාලය තුළ ඉන්දියන් මිනිස්සුන්ගේ ඇති වූ ප්‍රශ්න එක්ක බැලුවාම මම තේරුම් ගත්තේ ඒ මිනිස්සුයි, ප්රේතයොයි එකට ජීවත් වෙන්නේ. ඒ තරම් ම ඒ ජීවිතත් එක්ක පෙරේත ලෝකය සම්බන්ධයි. ඒ අය ඒක නොයෙක් විදිහට විඳවනවා. ඒකට ප්‍රධාන ම හේතුව තමයි, තෙරුවන් සරණ ගිහිල්ලා ධර්ම මාර්ගයට ආපු නැති එක.

නමුත් බොහෝ දෙනෙක් මේ දේවල් සැක කරන්න හේතුව තමයි, සමහර අවස්ථාවල මානසික රෝගවලදීත් මේ මොකක්වත් ම නැතුව නැති දේ ඇතිවෙලා පේනවා. “ඔන්න අතනින් දැක්කා… මෙතැනින් දැක්කා…” කියනවා. නමුත් ඒක මනෝ රූපයක්. බටහිර ලෝකයට මේක එච්චර ගියේ නැත්තේ ඒකයි. මොකද ඒගොල්ලෝ රහතන් වහන්සේලාගේ ධර්මයක් දන්නේ නෑනේ. බුදුවරු පහළවෙලා කියලා දන්නේ නෑ. සසරක් ගැන දන්නේ නෑ. මනුස්සයා සතර අපායේ උපදිනවා කියලා දන්නේ නෑ. මේ මොකුත් දන්නේ නැති නිසා ඒගොල්ලෝ දන්නේ ඒගොල්ලන්ගේ විද්‍යාඥයෝ හොයාගෙන තියෙන බොහොම අල්පමාත්‍ර විස්තර පොඞ්ඩක්නේ.

ඒ වගේ ම ඒගොල්ලෝ රෝගීන් ගැනත් පොඞ්ඩක් අධ්‍යයනය කරලා තියෙනවනේ. පේන්නේ නැති දෙයක් හැබෑවට පේනවා වගේ රෝගයක් තියෙනවා. ඒ රෝගය හැදුණාමත් ඔය වගේ පේනවානේ. හොල්මන් පේනවා… ආවේශ වෙනවා… එතකොට බෙහෙත් දුන්නාම හරියනවා. ඉතින් ඒ නිසා කෙනෙක් හිතන්න පුළුවන්, ඒ හැම එකක් ම අසනීපයක් කියලා. එහෙම නෙවෙයි, මේකේ හැබෑ ප්‍රශ්නයකුත් තියෙනවා. ඒ හැබෑ ප්රශ්නය තේරෙන්න නම් එයා කර්මය සහ කර්මඵලය පිළිගන්න ඕන. කර්මය සහ කර්මඵලය පිළිඅරගෙන තේරුම් ගත්තොත් විතරයි එයාට මේක විසඳගන්න පුළුවන් වෙන්නේ.

පින් කරන්න ගිහින් තමන්ගේ මඩිය තරකර ගන්නා අයගේ උරුමය…

විශේෂයෙන් ම බිම්බිසාර රජ්ජුරුවන් සම්බන්ධයෙන් ඒ වගේ සිද්ධියක් තියෙනවා. බිම්බිසාර රජ්ජුරුවෝ වේළුවනාරාමය පූජා කළානේ. පූජාකළාට පස්සේ බිම්බිසාර රජ්ජුරුවන්ට දවසක් රෑ හීනෙන් පේනවා නිර්වස්ත්‍ර විශාල පිරිසක් ඇවිල්ලා “අනේ අපට මොකුත් නෑනේ.” කියලා කියනවා. ඉතින් බිම්බිසාර රජ්ජුරුවෝ මේ සිද්ධිය බුදුරජාණන් වහන්සේට ගිහින් කියනවා. භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙනවා, “රජතුමනි, ඔය පෙර ආත්මයක නෑදෑ පිරිසක්.” කියලා. අතීත ආත්මයක මෙයා ඥාතීන්, යාළුමිත්රාදීන්ට පවරලා තියෙනවා “මෙන්න මේවායින් සංඝයා උදෙසා දානෙ දෙන්න.” කියලා. නමුත් සංඝයා උදෙසා දෙන දේ මේගොල්ලෝ පුද්ගලිකව කාලා බීලා ඉවර කරලා. ඒකේ විපාකය හැටියට තමයි, ඒගොල්ලෝ ප්‍රේත ලෝකයට ගිහින් තියෙන්නේ. ඒ කාශ්‍යප බුද්ධ කාලයටත් ඉස්සර වෙලා සිඛී බුදුරජාණන් වහන්සේගේ කාලයේ.

කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ මේ පෙරේත කාණ්ඩය ගිහිල්ලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේට කියලා තියෙනවා “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, අපට පින් ගන්න පිළිවෙළක් කියලා දෙන්න…” කියලා. එතකොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා “ඔයගොල්ලන් ගැන අපට කරන්න දෙයක් නෑ. ඔය අයට මේ බුද්ධ ශාසනයේ පින් ගන්න බෑ. අනාගතයේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේ බිම්බිසාර කියලා දන් දෙන්න කියපු එක්කෙනා උපදිනවා. එදාට පින් ගන්න.” කියලා. එතකොට අපට පේනවා, හිතුමනාපයට පින් ගන්නත් බෑ. සමහර විට කල්ප ගණන් විඳවනවා. ඒක බලෙන් දෙන්න බෑ. හැබැයි එහෙම නැති සමහර අවස්ථාවල් තියෙනවා.

ප්‍රේත ආත්මය ගැන තව එක සිද්ධියක් තියෙනවා. මට මතක හැටියට ‘නන්දක’ කියලා කෙනෙක් මනුස්ස ලෝකයේ ඉන්නැද්දී කිසි වටිනාකමක් නැති ජීවිතයක් ගෙවලා මැරිලා පෙරේතයෙක් වෙනවා. නමුත් එයාගේ දුව පැන් එකකුයි, කැවුම් භාජනයකුයි සූදානම් කරලා රහතන් වහන්සේනමකට පූජා කරලා තාත්තාට පින් දෙනවා. ඒකට එයාට දිව්‍ය සම්පත් පහළ වෙනවා. එයා හිටපු වෘක්ෂයේ සියලු සැප සම්පත් පහළ වෙනවා.

එතකොට මෙයා අර සුරට්ඨ කියන රටේ ‘පිංගලක’ කියන රජ්ජුරුවන්ට කියනවා “රජතුමනි, මට තව මාස හයක් මේ සැප තියෙනවා. ඊට පස්සේ මට නිරයට තමයි යන්න වෙන්නේ…” කියලා. ඒ විදිහට නිරයේ විස්තරයක් කියනවා.එතකොට අපට පේනවා, පෙරේතයන්ට පෙරේත ලෝකයට ආවට පස්සේ එයා කරපු කර්ම විපාකත් පේනවා. එයාට ඊට පස්සේ යන්න තියෙන්නේ නිරයේ නම් යන්න තියෙන තැනත් පේනවා. නමුත් අපට ඒ මොකුත් පේන්නේ නෑනේ. ඒකනේ මේ මංමුළා වෙලා තියෙන්නේ.

පෙරේතයන්ට හැම ලොවක් ම පේන්නේ නෑ…

හැබැයි, මෙහෙමයි. පෙරේතයන්ට දිව්‍ය ලෝකය පේන්නේ නෑ. ඒ කිසිදෙයක් පේන්නේ නෑ. පෙරේත ලෝකයේ අයට පේන්නේ තමන්ගේ පෙරේත ලෝකය යි, ඊ ළඟට එයා කර්මානුරූපව නිරයට යනවා නම් නිරයේ විස්තරයි.

සමහර මනුස්සයන්ටත් ඉඳලා හිටලා ඒ වගේ පේන අවස්ථා තියෙනවා. නමුත් පොදු වශයෙන් ගත්තොත් මනුස්සයන්ට පේන්නේ නෑ. ඒක නිසානේ මිනිස්සු කියන්නේ “දැන් ඉතින් කමක් නෑ. අපි ඕන දෙයක් කරලා ඉමු. මැරුණට පස්සේ අපි ඉන්නවා ද නැද්ද දන්නේ නෑනේ.” කියලා. ඒක නිසානේ ජීවත්වෙලා ඉන්න කාලය තුළ ප්‍රසිද්ධ වෙන්න එක එක විකාර කරන්නේ. ඊළඟට සමාජ තත්ත්වය හදාගන්න එක එක විකාර කරනවා. ඒ විදිහට මේ ජීවිතේ පවත්වන්න එක එක දේවල් කරනවා. නමුත් මරණින් මත්තේ මොනවා වෙයි ද කියලා ඒ අය හිතන්නේ නෑ.

ඒ නිසා මම නම් හිතන්නේ අද වැඩි දෙනා යන්නේ පෙරේත ලෝකයේ. ඒ කියන්නේ කන්න නැති ලෝකයකට තමයි යන්නේ. එහේ කල්ප ගාණක් විඳවන්න ඕන. මම කලින් කිව්වේ සිඛී බුදුරජාණන් වහන්සේගේ කාලයේ ජීවත්වුණු පෙරේතයින්ට බිම්බිසාර රජතුමා දානේ දෙනකම් ම ඒකෙන් මිදෙන්න බැරිවුණානේ. බිම්බිසාර රජතුමා දානය දීලයි ඒ අයව මිදෙව්වේ. ඒ නිසා අපිත් කොහොමද දන්නේ, ඒ වගේ අපේ ඥාති කොච්චර පිරිසක් පින් බලාපොරොත්තුවෙන් ඉන්නව ද කියලා?

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

[QUOTE="Rakza28, post: 22826975, member: 560952"] [b]යක්ෂණියෝ පෙර ආත්මයක යක්ෂණියෝ[/b] [SIZE="4"] [COLOR="Black"][SIZE="3"][/SIZE][/COLOR] පෙර ආත්මයක යක්ෂණියෝ වෙලා, බලසම්පන්න පෙරේතියෝ වෙලා ඉපදුණු අය [/SIZE] [IMG]https://i.imgur.com/R3n7Pmf.jpg[/IMG] [SIZE="3"]දවසක් බුදුරජාණන් වහන්සේ එක ප්‍රේතයෙක් ව දැක්කා. දැකලා උන්වහන්සේ නිශ්ශබ්දව වැඩහිටියා. කාටවත් කිව්වේ නෑ. මුගලන් මහරහතන් වහන්සේත් දවසක් ඒ පෙරේතයා ව ම දැක්කා. මුගලන් මහරහතන් වහන්සේ ලක්ඛණ ස්වාමීන් වහන්සේත් සමඟ ගිජ්ඣකූට පර්වතයෙන් බහිද්දී මේ පෙරේතයාව දැකලා සිනහා පහළ වුණා. ලක්ඛණ ස්වාමීන් වහන්සේ ඇහුවා “ඇයි ස්වාමීනී ඔබවහන්සේට සිනහා පහළ වුණේ?” කියලා. “ඒක භාග්‍යවතුන් වහන්සේ ළඟ දී අහන්න.” කියලා කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ගියාම මුගලන් මහරහතන් වහන්සේ කියනවා “ස්වාමීනී, මම දැක්කා ඇටසැකිලි පෙරේතයෙක්. ඒ ඇටසැකිලි පෙරේතයාගේ ඔළුවට ලොකු කුලුගෙඩිවලින් පහර හැටක් විතර එක දිගට වදිනවා. මේ පෙරේතයා හයියෙන් කෑ ගහගෙන යනවා.” බුදුරජාණන් වහන්සේ වදාළා “මොග්ගල්ලාන, ඔබ වැනි ඉර්ධිබලලාභී ශ්‍රාවකයෝ ඉන්නකොට මේක ප්‍රකට වෙනවා. නැත්නම් ප්‍රකට වෙන්නේ නෑ. මං බෝධිමූලයේ වැඩඉද්දී ඔය පෙරේතයා ව කලින් දැක්කා. නමුත් මං කාටවත් කිව්වේ නෑ. එහෙම නොකිව්වේ අනිත් අය මේක සැක කරයි කියලයි. ඒ කෙනාට එහෙම වෙන්න හේතුව තමයි, එයා පසේබුදුරජාණන් වහන්සේනමක් ඝාතනය කළා. බරණැස දී පසේබුදුරජාණන් වහන්සේනමකගේ කණට ගලකින් ගහලා ඒක හේතුවෙන් ඒ පසේබුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා. ඒකේ විපාකයේ හැටියට නිරයේ ගිහින් විඳලා විඳලා ඉතුරු කර්මය තමයි ඔය විදිහට විඳවන්නේ.” ඉතින් එවැනි ස්වභාවයක් තමයි මේකේ තියෙන්නේ. වංචාව රජකරන ක්ෂේත්රයක්… අපි ගනිමු, කෙනෙකුට කර්මානුරූපව ප්‍රේත ප්‍රශ්නයක් එනවා කියලා. එතකොට ඒක විසඳගන්න එයා එක එක පැතිවල යනවනේ. ඒ වගේ ම ඔය ක්ෂේත්රයේ හරියට බොරුව වංචාව තියෙනවා. අවංක ව ම කරන අයත් ඉන්නවා. නමුත් අවංක වුණාට සමහර විට හැම එකක් ම සාර්ථක වෙන්නේ නෑ. අපි කියමු කෙනෙක් අවංකව හිතනවා ‘මට මේ පෙරේතයා ව අයින් කරන්න පුළුවන්’ කියලා. එහෙම හිතලා එයා ඉතින් ඔය ගාථාවල් මන්ත්‍ර මොනවා හරි කියනවා කියමු.නමුත් සාර්ථක වෙන්නේ නෑ. එහෙම වෙන්න පුළුවන්. එයා මොනවා කරන්න ද? එහෙම දේවල් තියෙනවා. පෙර ආත්මයක යක්ෂණියෝ වෙලා, බලසම්පන්න පෙරේතියෝ වෙලා ඉපදුණු අය ඉන්නවනේ. ඒගොල්ලෝ කර්මානුරූපව මනුස්ස ලෝකයේ ඉපදෙනවා. මනුස්ස ලෝකයේ ඉපදුණාට පස්සේ ඒගොල්ලන්ට ඉක්මනට පෙරේතයෝ අවනත වෙනවා. අමනුස්සයොත් අවනත වෙනවා. එතකොට ඒගොල්ලන්ට පුළුවන් තමන්ගේ හිත හරහා ප්‍රේතයෝ එහෙට මෙහෙට යවන්න. මේක මේගොල්ලෝ අයුතු විදිහට පාවිච්චි කරනවා. මිනිස්සුන්ට හිරිහැර කරන්න, මිනිස්සුන්ගේ ඔළුවලට නැති ප්‍රශ්න දාන්න, නින්දා අපහාස කරන්න පාවිච්චි කරනවා. සංඝරත්නයේ ආනුභාවය අදටත් ජීවමානයි… මෙවැනි අවස්ථාවල දී සංඝගත දක්ෂිණාවක් දී පින් අනුමෝදන් කිරීම සාර්ථක පිළියමක්. එහෙම නැතුව දොළ පිදේනි දීම ආදිය සාර්ථක වෙයි කියලා හිතන්න අමාරුයි. අපි විශ්වාස කරන්නේ සංඝරත්නය ම යි. මහමෙව්නාවෙන් අපි සංඝරත්නය විශ්වාස කරනවා, බුද්ධරත්නය විශ්වාස කරනවා. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව තියලා, සංඝයාට දානය දීලා තමයි පින් අනුමෝදන් කරන්නේ. හොඳම සාක්ෂිය තමයි මේ ළඟක දී අපේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේනමක් ගෙදරට වැඩපු වෙලාවේ එයාගේ නැතිවුණු තාත්තා පෙරේතයෙක් වෙලා අම්මට වැහුණා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ අහලා තියෙනවා “තාත්තාට පින් ගන්න පුළුවන් ද?” කියලා. “අනේ මට පින් ගන්න බෑ.” කිව්වලු. “මං මනුස්ස ලෝකයේ ඉන්නකොට පින්දහම් කළේ නෑ. ඒ නිසා මට පින්දහම් ගන්න බෑ.” කිව්වලු. නමුත් එයා පින්ගන්න බෑ කියලා කිව්වේ බොරුවක්. එතකොට එයාට පින් ගන්න බෑ කිය කියා අම්මාගේ ඇඟේ ඉන්න පුළුවන්නේ. නමුත් පුතා පැවිදි වෙලා ඉන්නේ. ඉතින් පුතා සීලවන්තයි. පුතා කියලා තියෙනවා “බෑ… බෑ… දැන් තාත්තා මං කියන දේ කරන්න ඕන.” කියලා. ඉතින් දැන් මෙයා පිපාසයි කියලා කෑගහනවලු. ඒ හවස් වරුවක නිසා විකාලයනේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ පැන් එකක් අතට දීලා “දැන් බුදුගුණ මෙනෙහි කරන්න.” කියලා බුදුගුණ මෙනෙහි කරවලා ඒ පැන් එක බුදුරජාණන් වහන්සේට පූජා කරවලා. ඊට පස්සේ ආයෙමත් පැන් එකක් අතට දීලා සඟගුණ මෙනෙහි කරන්න කියලා සුපටිපන්න ආදි ගාථාව කියවලා සංඝයා වෙනුවෙන් මේ ස්වාමීන් වහන්සේ මේක පිළිඅරගෙන වැළඳුවා. එතකොට මේ තාත්තාට පිපාසය නැතුව ගිහින් තියෙනවා. එතකොට ඒකේ තේරුම තමයි, එවේලේ ම සංඝයා උදෙසා දෙන දානයේ පින අනුමෝදන් වෙන්න පුළුවන්. නමුත් පෙරේතයෝ බොරු කියනවා. බොරු කියලමනේ පෙරේතයො වෙලා තියෙන්නේ. ඒ නිසා හරියට බොරු කියනවා. ඒ කියන්නේ පිරිසිදු චේතනාවකින් අවංකව යමක් කරන්නේ නෑ. ඒකනේ පෙරේත ලෝකයේ ගිහිල්ලා තියෙන්නේ. පෙරේත ලෝකයේ ගියපු අය විඳින දුක හිතාගන්න බෑ. සමහර අවස්ථාවල ප්‍රේතයෝ ගැන ධර්මයේ සඳහන් වෙන්නේ ඒ අයට සෙම් සොටුවත් නෑ. සමහර ප්‍රේතයෝ පිපාසය හැදිලා ගංගාවල් දැක්කාම දුවනවලු. නමුත් ගංගාව ළඟට ගියාම ලේ. කරන්න දෙයක් නෑ. එතකොට අපට පේනවා ඒගොල්ලෝ ඒ පෙරේතකම නිසා විශාල දුකක් විඳිනවා. ලංකාවට වඩා ඉන්දියාවේ තත්ත්වය දරුණුයි… ලංකාවට වඩා ඉන්දියාවේ පෙරේත ප්රශ්නය ගොඩාක් දරුණුයි. මට නම් තේරෙන්නේ ඉන්දියාවේ මිනිස්සුත් එක්ක පෙරේතයෝ එකට ම යි ඉන්නේ කියලයි. ඒ කියන්නේ ලංකාවේ ගොඩක් විට ඔය වගේ සිද්ධි වෙනකොට එක එක ප්රශ්නවල දී අපි ඒවා හඳුනා ගන්නවනේ. ගෙදර ප්‍රශ්න එනකොට මේක ප්‍රේත ප්‍රශ්නයක් කියලා හඳුනාගන්නවා. නමුත් මම ඉන්දියාවේ ගතකරපු ජීවිත කාලය තුළ ඉන්දියන් මිනිස්සුන්ගේ ඇති වූ ප්‍රශ්න එක්ක බැලුවාම මම තේරුම් ගත්තේ ඒ මිනිස්සුයි, ප්රේතයොයි එකට ජීවත් වෙන්නේ. ඒ තරම් ම ඒ ජීවිතත් එක්ක පෙරේත ලෝකය සම්බන්ධයි. ඒ අය ඒක නොයෙක් විදිහට විඳවනවා. ඒකට ප්‍රධාන ම හේතුව තමයි, තෙරුවන් සරණ ගිහිල්ලා ධර්ම මාර්ගයට ආපු නැති එක. නමුත් බොහෝ දෙනෙක් මේ දේවල් සැක කරන්න හේතුව තමයි, සමහර අවස්ථාවල මානසික රෝගවලදීත් මේ මොකක්වත් ම නැතුව නැති දේ ඇතිවෙලා පේනවා. “ඔන්න අතනින් දැක්කා… මෙතැනින් දැක්කා…” කියනවා. නමුත් ඒක මනෝ රූපයක්. බටහිර ලෝකයට මේක එච්චර ගියේ නැත්තේ ඒකයි. මොකද ඒගොල්ලෝ රහතන් වහන්සේලාගේ ධර්මයක් දන්නේ නෑනේ. බුදුවරු පහළවෙලා කියලා දන්නේ නෑ. සසරක් ගැන දන්නේ නෑ. මනුස්සයා සතර අපායේ උපදිනවා කියලා දන්නේ නෑ. මේ මොකුත් දන්නේ නැති නිසා ඒගොල්ලෝ දන්නේ ඒගොල්ලන්ගේ විද්‍යාඥයෝ හොයාගෙන තියෙන බොහොම අල්පමාත්‍ර විස්තර පොඞ්ඩක්නේ. ඒ වගේ ම ඒගොල්ලෝ රෝගීන් ගැනත් පොඞ්ඩක් අධ්‍යයනය කරලා තියෙනවනේ. පේන්නේ නැති දෙයක් හැබෑවට පේනවා වගේ රෝගයක් තියෙනවා. ඒ රෝගය හැදුණාමත් ඔය වගේ පේනවානේ. හොල්මන් පේනවා… ආවේශ වෙනවා… එතකොට බෙහෙත් දුන්නාම හරියනවා. ඉතින් ඒ නිසා කෙනෙක් හිතන්න පුළුවන්, ඒ හැම එකක් ම අසනීපයක් කියලා. එහෙම නෙවෙයි, මේකේ හැබෑ ප්‍රශ්නයකුත් තියෙනවා. ඒ හැබෑ ප්රශ්නය තේරෙන්න නම් එයා කර්මය සහ කර්මඵලය පිළිගන්න ඕන. කර්මය සහ කර්මඵලය පිළිඅරගෙන තේරුම් ගත්තොත් විතරයි එයාට මේක විසඳගන්න පුළුවන් වෙන්නේ. පින් කරන්න ගිහින් තමන්ගේ මඩිය තරකර ගන්නා අයගේ උරුමය… විශේෂයෙන් ම බිම්බිසාර රජ්ජුරුවන් සම්බන්ධයෙන් ඒ වගේ සිද්ධියක් තියෙනවා. බිම්බිසාර රජ්ජුරුවෝ වේළුවනාරාමය පූජා කළානේ. පූජාකළාට පස්සේ බිම්බිසාර රජ්ජුරුවන්ට දවසක් රෑ හීනෙන් පේනවා නිර්වස්ත්‍ර විශාල පිරිසක් ඇවිල්ලා “අනේ අපට මොකුත් නෑනේ.” කියලා කියනවා. ඉතින් බිම්බිසාර රජ්ජුරුවෝ මේ සිද්ධිය බුදුරජාණන් වහන්සේට ගිහින් කියනවා. භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙනවා, “රජතුමනි, ඔය පෙර ආත්මයක නෑදෑ පිරිසක්.” කියලා. අතීත ආත්මයක මෙයා ඥාතීන්, යාළුමිත්රාදීන්ට පවරලා තියෙනවා “මෙන්න මේවායින් සංඝයා උදෙසා දානෙ දෙන්න.” කියලා. නමුත් සංඝයා උදෙසා දෙන දේ මේගොල්ලෝ පුද්ගලිකව කාලා බීලා ඉවර කරලා. ඒකේ විපාකය හැටියට තමයි, ඒගොල්ලෝ ප්‍රේත ලෝකයට ගිහින් තියෙන්නේ. ඒ කාශ්‍යප බුද්ධ කාලයටත් ඉස්සර වෙලා සිඛී බුදුරජාණන් වහන්සේගේ කාලයේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ මේ පෙරේත කාණ්ඩය ගිහිල්ලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේට කියලා තියෙනවා “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, අපට පින් ගන්න පිළිවෙළක් කියලා දෙන්න…” කියලා. එතකොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා “ඔයගොල්ලන් ගැන අපට කරන්න දෙයක් නෑ. ඔය අයට මේ බුද්ධ ශාසනයේ පින් ගන්න බෑ. අනාගතයේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේ බිම්බිසාර කියලා දන් දෙන්න කියපු එක්කෙනා උපදිනවා. එදාට පින් ගන්න.” කියලා. එතකොට අපට පේනවා, හිතුමනාපයට පින් ගන්නත් බෑ. සමහර විට කල්ප ගණන් විඳවනවා. ඒක බලෙන් දෙන්න බෑ. හැබැයි එහෙම නැති සමහර අවස්ථාවල් තියෙනවා. ප්‍රේත ආත්මය ගැන තව එක සිද්ධියක් තියෙනවා. මට මතක හැටියට ‘නන්දක’ කියලා කෙනෙක් මනුස්ස ලෝකයේ ඉන්නැද්දී කිසි වටිනාකමක් නැති ජීවිතයක් ගෙවලා මැරිලා පෙරේතයෙක් වෙනවා. නමුත් එයාගේ දුව පැන් එකකුයි, කැවුම් භාජනයකුයි සූදානම් කරලා රහතන් වහන්සේනමකට පූජා කරලා තාත්තාට පින් දෙනවා. ඒකට එයාට දිව්‍ය සම්පත් පහළ වෙනවා. එයා හිටපු වෘක්ෂයේ සියලු සැප සම්පත් පහළ වෙනවා. එතකොට මෙයා අර සුරට්ඨ කියන රටේ ‘පිංගලක’ කියන රජ්ජුරුවන්ට කියනවා “රජතුමනි, මට තව මාස හයක් මේ සැප තියෙනවා. ඊට පස්සේ මට නිරයට තමයි යන්න වෙන්නේ…” කියලා. ඒ විදිහට නිරයේ විස්තරයක් කියනවා.එතකොට අපට පේනවා, පෙරේතයන්ට පෙරේත ලෝකයට ආවට පස්සේ එයා කරපු කර්ම විපාකත් පේනවා. එයාට ඊට පස්සේ යන්න තියෙන්නේ නිරයේ නම් යන්න තියෙන තැනත් පේනවා. නමුත් අපට ඒ මොකුත් පේන්නේ නෑනේ. ඒකනේ මේ මංමුළා වෙලා තියෙන්නේ. පෙරේතයන්ට හැම ලොවක් ම පේන්නේ නෑ… හැබැයි, මෙහෙමයි. පෙරේතයන්ට දිව්‍ය ලෝකය පේන්නේ නෑ. ඒ කිසිදෙයක් පේන්නේ නෑ. පෙරේත ලෝකයේ අයට පේන්නේ තමන්ගේ පෙරේත ලෝකය යි, ඊ ළඟට එයා කර්මානුරූපව නිරයට යනවා නම් නිරයේ විස්තරයි. සමහර මනුස්සයන්ටත් ඉඳලා හිටලා ඒ වගේ පේන අවස්ථා තියෙනවා. නමුත් පොදු වශයෙන් ගත්තොත් මනුස්සයන්ට පේන්නේ නෑ. ඒක නිසානේ මිනිස්සු කියන්නේ “දැන් ඉතින් කමක් නෑ. අපි ඕන දෙයක් කරලා ඉමු. මැරුණට පස්සේ අපි ඉන්නවා ද නැද්ද දන්නේ නෑනේ.” කියලා. ඒක නිසානේ ජීවත්වෙලා ඉන්න කාලය තුළ ප්‍රසිද්ධ වෙන්න එක එක විකාර කරන්නේ. ඊළඟට සමාජ තත්ත්වය හදාගන්න එක එක විකාර කරනවා. ඒ විදිහට මේ ජීවිතේ පවත්වන්න එක එක දේවල් කරනවා. නමුත් මරණින් මත්තේ මොනවා වෙයි ද කියලා ඒ අය හිතන්නේ නෑ. ඒ නිසා මම නම් හිතන්නේ අද වැඩි දෙනා යන්නේ පෙරේත ලෝකයේ. ඒ කියන්නේ කන්න නැති ලෝකයකට තමයි යන්නේ. එහේ කල්ප ගාණක් විඳවන්න ඕන. මම කලින් කිව්වේ සිඛී බුදුරජාණන් වහන්සේගේ කාලයේ ජීවත්වුණු පෙරේතයින්ට බිම්බිසාර රජතුමා දානේ දෙනකම් ම ඒකෙන් මිදෙන්න බැරිවුණානේ. බිම්බිසාර රජතුමා දානය දීලයි ඒ අයව මිදෙව්වේ. ඒ නිසා අපිත් කොහොමද දන්නේ, ඒ වගේ අපේ ඥාති කොච්චර පිරිසක් පින් බලාපොරොත්තුවෙන් ඉන්නව ද කියලා? [/SIZE] පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom