පෙෂර් වැඩි වෙන්නෙ ඇයි?

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    මේ දවස්වල හොදට හිටපු උන් එක සැරේට කලන්තේ දාලා වැටෙනවා. එකෙක්ව 1990ට කතා කරලා ඉස්පිරිතාලේ යැව්වා . තව කොල්ලෙක්ව ළග හිටිය ඩෝකෙක් ළගට ගෙනිච්චා. දෙන්නටම පෙෂර් 170-180යි. මේ දවස්වල තද රස්නේ නිසාද මේ විදියට ගොඩක් අයගේ පෙෂර් වැඩි වෙන්නේ. මේ සතියේ විතරක් පෙෂර් හැදුන අය 10 දෙනෙක් ගැන විතර අහන්න ලැබුනා. ඔෆිස් එකේ සිකුරිටි අන්කල් කෙනෙක්ටත් ගිය සතියේ ඔලුව කරකවිල්ලක් ඇවිත්. එයාම ගිහින් පෙෂර් චෙක් කරද්දි 190යිලු. ඩෝක්ට බෙහෙත් දුන්නට පස්සේ 140ට අඩු වෙලා. අඩු වුනාට ඩෝක්ට දවස ගානේ පෙෂර් බලන්න එන්න කියලා. මෙයාගේ පෙෂර් ආයෙත් 190 සීමාවට ඇවිත් දවස් 3ක්ම. ඒත් මෙයාට 190 උනාට කලින් සැරේ වගේ ඔලුව කරකවිල්ලක්වත් වෙන අමාරුවක්වත් නෑ. මේවා ඇහුවම අපිටත් බය හිතෙනවා බන්. උබලා පෙෂර් චෙක් කරනවද? පෙෂර් නෝමල් තියා ගන්න හොද කෑම බීම මොනවද?
     
    • Like
    Reactions: kinkon and Asmodeus

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අව්වට ඔළුව කර වුණාම ප්‍රෙෂර් නගිනවා. වෛද්‍ය උපදෙස් අනුව ඔළුවට තෙල් දැම්මාම ප්‍රෙෂර් බහිනවා.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    මොකක්ද ගහපු වැක්සීන් එක?
    හරියටම දන්නෙ නෑ. කොල්ලා නම් මොඩනා වගේ එකක් ගහලා තියෙන්නෙ. මොකද ඒක ඌම කිව්වා. ඒයා නුවර පැත්තේ කෙනෙක්. අනිත් අය කොළඹ කිට්ටුව. ඒ අය සයිනෆෝම් වගේ එකක් ගහන්න ඇති.

    අව්වට ඔළුව කර වුණාම ප්‍රෙෂර් නගිනවා. වෛද්‍ය උපදෙස් අනුව ඔළුවට තෙල් දැම්මාම ප්‍රෙෂර් බහිනවා.
    මොන තෙල්වර්ගද හොද? පිරිසිදු පොල් තෙල් හොදයිද
    ------ Post added on Feb 5, 2024 at 6:55 PM
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    හරියටම දන්නෙ නෑ. කොල්ලා නම් මොඩනා වගේ එකක් ගහලා තියෙන්නෙ. මොකද ඒක ඌම කිව්වා. ඒයා නුවර පැත්තේ කෙනෙක්. අනිත් අය කොළඹ කිට්ටුව. ඒ අය සයිනෆෝම් වගේ එකක් ගහන්න ඇති.


    මොන තෙල්වර්ගද හොද? පිරිසිදු පොල් තෙල් හොදයිද
    ------ Post added on Feb 5, 2024 at 6:55 PM
    ඒක වෛද්‍යවරයෙක් රෝගියාව පරික්ෂා කරල නියම කරන දෙයක්.
     
    • Like
    Reactions: Mahesh Wanasinghe

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    සල්ලි වියදම අනාගතය ගැන හිතලම ඔහොම වෙනව ඇති.
    ආර්ථිකය තත්වය අයහපත් බැවින් මානසික තත්වය අයහපත් අතරම පෙශර් වැඩි වේ
    ඒක වෛද්‍යවරයෙක් රෝගියාව පරික්ෂා කරල නියම කරන දෙයක්.




    64569859-0-blood-pressure-readi.jpeg


    180ට වඩා වැඩි කියන්නේ අධි රුධිර පීඩනයනේ බන්. මේක හෙන භායානක දෙයක්. පෙර ලක්‍ෂන නැතුව එක සැරේටම 180 පැනලා අධි රුධිර පීඩන මට්ටමට එනවද
     
    • Wow
    Reactions: charitha2011

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    64569859-0-blood-pressure-readi.jpeg


    180ට වඩා වැඩි කියන්නේ අධි රුධිර පීඩනයනේ බන්. මේක හෙන භායානක දෙයක්. පෙර ලක්‍ෂන නැතුව එක සැරේටම 180 පැනලා අධි රුධිර පීඩන මට්ටමට එනවද

    180 ta wadi kiyanne Hypertensive crisis (emergency)
    130-140 ta wadi nam thamai high kiyala ganne.

    temperature eka wadi unama blood pressure wadi wenne na adu wenawa.

    stress eka nisa wadi wenawa.
     
    • Like
    Reactions: Mahesh Wanasinghe

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,388
    2,388
    113
    මගේ වම් පැත්ත පැරලයිස් උනා ප්‍රෙශර් වැඩිවෙලා, උනාට පස්සෙ හොස්පිට්ල් එකෙදි දැනගත්තෙ මට ප්‍රෙශර් කියලා, 200+ තිබුනා මතක විදිහට, ඩොකාලා ෆුල් හොල්මන් පොඩි වයසින් මෙච්චර ප්‍රෙශර් නැගපු එකට. ඇටෑක් එක එනකම් හෙනයක්වත් තිබුන් නෑ, ලාස්ට් නොවෙම්බර් උනේ, සීටී ස්කෑන් එකෝ ටෙස්ට් ඔක්කොම කරා පස්සෙ, එකක්වත් අවුලක් නෑ, දැන් බෙහෙත් බොනවා ඉතින් :(
     
    • Wow
    Reactions: Gwynbleidd

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    ලුණු අධික ආහාර භාවිතය, මානසික ආතතිය, ව්‍යායාම නොමැති වීම. දුම්පානය කරන්න ඕන දේවල් තමයි lifestyle change එකකට යන එක. වැදගත්ම දේ දවසට පැයක් වගේ ඇවිදීම, බයිසිකල් පැදීම වගේ aerobic workouts කරන එක. අනිත් දේ තමයි තෙල් ලුණු අඩු අහාර ලබාගැනීම. රෑ තිස්සේ 4n එකට එබිල ඉන්නෙ නැතිව හොද නින්දක් ලබාගැනීම වගේ දේවලුත් වැදගත්
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,720
    5,934
    113
    කොවිඩ් වැක්සීන් එකට ගොඩක් ලෙඩ එනව බන්.

    ඇන්ටි වැක්සර් කෙනෙක් නොවෙමි. ඒත් ඉතින් ඇත්ත ඒකයි.

    ඕව ගනන් ගන්නෙ නැතුව බෙහෙත් බීල ආතල් එකේ ඉදහන් බන්. ලෙඩ නැති මිනිස්සු හොයන්න අමාරුයි ලෝකෙ දැන් 😁