පොකට් කාරයා බල හිනැහෙන අයුරු………

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    පොකට් කාරයා බල හිනැහෙන අයුරු………

    පොකට් කාරයා බල හිනැහෙන අයුරු………

    Posted by admin on January 4th, 2014
    tax-300x168.jpg


    දැක්කා සුබ පැතුම ලොක්කගෙ වසරෙ එළි
    ලොක්කා ඒකෙනුත් සීයට පහක් කෙළී
    කුක්කා ලෙසින මැක්කා ඉවසනා බලි
    මක්කා කොරන්නද ජනයා එක්ක සිලී



    රොකට් පුත්‍රයා සැටලයිටය පැවරූ
    නයිට් රේසයා ලැම්බෝගිනි මහරූ
    පැකට් මිත්‍රයා ආදායම නුහුරූ
    පොකට් කාරයා බල හිනැහෙන අයුරූ



    ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය
    කොඩි වන වනා උන්නා හොඳටම ඇතිය
    ඇති තැන විනා නැති තැන දින දින නැතිය
    නැති හැම දනා එක්වව් දිනුමට දිවිය



    -රුවන් නෙලූ


    කාටූනය අවන්ත ආටිගල ගෙනි
    . උපුටා ගැනීම මුහුනු පොතෙන්