පොකට් ගැසූ පොලිස් කත මාට්ටු

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මහනුවර ප්‍රධාන පෙලේ ඇඟලුම් අලෙවි මධ්‍යස්ථානයකදී කාන්තාවකගේ මුදල් පසුම්බියක් සොරකම් කළ බව කියන පොලිස් කොස්තාපල්වරියක මහනුවර මූලස්ථාන පොලිසියේ අපරාධ අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .

    මුදල් පසුම්බියේ හිමිකාරිණිය ඉකුත් අප්‍රේල් මස 09 වැනි දින අදාල ඇඟලුම් අලෙවි මධ්‍යස්ථානයට ගොස් මුදල් පසුම්බිය ඇතුළත් අත්බෑගය පසෙක තබා ඇඳුමක් පරීක්ෂා කොට නැවත අත් බෑගය අතට ගන්නා අවස්ථාවේදී එහි තිබූ මුදල් පසුම්බිය නොමැති බව දැන ගැනීමෙන් පසු මහනුවර මූලස්ථාන පොලිසියට පැමිණිලි කොට තිබේ .

    එහි අපරාධ අංශය මගින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසු අදාල ඇඟලුම් අලෙවි මධ්‍යස්ථානයේ ආවේක්ෂණ කැමරා පද්ධතිය නිරීක්ෂණය කිරීමෙන් පසු කිසියම් කාන්තාවක් විසින් අත්බෑගය විවෘත කොට මුදල් පසුම්බිය සොරකම් කරන ආකාරය එහි සටහන්ව තිබෙන අයුරු නිරීක්ෂණය වී තිබේ .

    ඒ අනුව සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව සිදුකළ විමර්ශනවලදී ඇය පුජාපිටිය පොලීසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරියක බවට හඳුනාගෙන තිබේ .
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    තක්කඩි ටිරාන් වලස් මදාවියාගේ ගේ පොන්සි පොලිස් හොරු 🤭 🤭 🤭 🤭