පොකැට් කල්ලියේ දෛනික ආදායම 175000 යි

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පොකැට් කල්ලියේ දෛනික ආදායම 175000 යි

    ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ නිවසින් වටිනාදේ අතුරුදන්වීම සම්බන්ධ සිද්ධිය සමග ප්‍රසිද්ධ ධනවත් පුද්ගලයින්ගේ පොදු උත්සව අවස්ථා පැවැත්වීම සම්බන්ධයෙන් අවදානම් සහගත තත්වයක් පැනනැගී තිබේ. සොරුන්, පික් පොකට් කරුවන් ගැන මේ කථාබහ අතරේ
    දකුණු පළාතෙන් හසුවූ තවත් පික්පොකට් කල්ලියක විස්තර පිළිබඳ අසන්නට ලැබේ.
    මාතර ළමා හා කාන්තා කාර්යාංශයේ නීලධාරින් විසින් මහජනතාවගේ මුදල් පසුම්බි සොරා ගන්නා කල්ලියක සාමාජිකාවක අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙම තොරතුරු හෙළීවී තිබේ.
    මාතර, වැලිගම, දික්වැල්ල,

    යන ප්‍රදේශවල බස්රථවල දී සහ මගීන් ගැවසෙන ස්ථානවල දී
    පික් පොකට් ගැසීම ඇය සිදු කර තිබේ.
    සැකකාරිය ඇඹිලිපිටියේ පදිංචි වුණත් දැනට වැලිගම කුඩාරමක ජීවත් වෙමින් අහිගුණ්ඩික කාන්තාවක වශයෙන් පෙනි සිටින බව කියැවේ. 48 හැවිරිදි මෙම කාත්තාව වටා සිටින සංවිධානාත්මක කල්ලියට එරෙහිව පැමිණිලි 25කට වැඩි ප්‍රමාණයක් පොලිසිවලට ලැබී ඇති බවත් වාර්තාවේ.
    සැකකාරියත් සමග මේ කල්ලියට කාන්තාවන් තිදෙනකු සහ විරිඳු කියන පුද්ගලයකු ඇතුළු වන අතර බස්රථවල දී පිරිමියා බස්රථයේ විරුදු කියමින් මගින්ගේ අවධානය යොමු කරගෙන සිටින අතර මගියෙක් බසයෙන් බසින විට රථයේ දොරකඩ ආවරණය කරමින් සිටින කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයකු යම් දෙයක් බිමට දමා එය අසුලන අයුරින් මගියාට බැසීමට බාධාකර මුදල් පසුම්බිසොරා ගන්නා බවට කරුණු හෙළි වී ඇත.
    පොලිස් කණ්ඩායම දින කිහිපයක් බස් රථවල නැගී සැකකාර කාන්තාවන් පසුපස ගොස් වැලිගම අහිගුණ්ඨික කුඩාරාමයක දී අත්අඩංගුවට ගෙන ඇත.
    ඔවුන් සොරකම් කර ඇති මුදල් ප්‍රමාණය මසකට රුපියල් ලක්ෂ 30 ඉක්මවා ඇති බව හෙළිව ඇත. එක් දිනකට රුපියල් 130,000 ක් රුපියල් 175,000 ක් අතර මුදලක් ඇතැම් අවස්ථාවල ඔවුන් මාතර පෞද්ගලික බැංකු ගිණුම්වලට දමා ඇති බව ද හෙළිව තිබේ.
    මේ කුඩාරම් පරීක්ෂා කර කාන්තා බැග් 8ක් ජංගම දුරකථනයක් සොයාගෙන ඇත. සැකකාරිය සොරා ගන්නා ලද මුදල් මාතර පෞද්ගලික බැංකු ගිණුමක තැත්පත්කර තිබෙන බව හෙළිව ඇත.
    සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිතය.
     
    • Like
    Reactions: Rummy678