පොකුරු කොරෝනා

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,750
    12,774
    113
    කොරෝනා පොකුරු බිහිවීමේ දැඩි අවදාමක්..
    April 27, 2020 at 11:20 am | lanka C news
    හැදුනුම්පත් ක‍්‍රමයෙන් කොරෝනා පොකුරු බිහිවීමේ දැඩි අවදාමක්..
    Covid – 19 වයිරසය දරුණු අන්දමින් රට පුරා පැතිරයෑමේ ප්‍රවණතාවක් නිර්මාණය වෙමින් පවතින අවස්ථාවේ භාණ්ඩ හා ඔෟෂධ මිලදී ගැනීම සඳහා ළඟම ඇති වෙළෙඳසල්වලට එක් එක් දිනවල එක් එක් පුද්ගලයකු නිවසින් බැහැරවීමට අවස්ථාව සැලසීමෙන් හැම නිවෙසක් තුළටම කොරෝනා වයිරසය රැගෙන යෑමට පාර කැපීමක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

    මෙම අවදානම නොසලකා හැර කටයුතු කළහොත් සෑම නිවෙසකින්ම කොරෝනා ආසාදිතයන් බිහිවී රෝගය පාලනය කරගත නොහැකි වෙනවා පමණක් නොව ආසාදිතයන් ගමක්, නගරයක් පාසා පොකුරු පිටින් බිහිවීම කිසිසේත්ම වැළැක්විය නොහැකි බවට එම සංගමය අනතුරු අඟවයි.

    එක් නිවෙසකින් භාණ්ඩ හා ඔෟෂධ මිලදී ගැනීම සඳහා නිරෝගී තරුණ එක් පුද්ගලයකුට නිවෙස ආසන්නයේ වෙළෙඳසලකට යෑම පිණිස බලපත්‍රයක් නිකුත් කිරීම කෙරෙහි බලධාරීන්ගේ දැඩි අවධානය යොමුවිය යුතු බව, එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.
    :(:(