පොඩ්ඩක් හිනා වෙමුද?
පොඩ්ඩක් හිනා වෙමුද?
හිනායන්නෙ නැත්නම් බනින්න එපා හොදේ...
කොණ්ඩෙ පීරන්නත් පුළුවන්ද?
පදික වේදිකාවේ ගමන් කරමින් සිටි කාන්තාවක් වෙතට යොමු වුණු පදික වෙළෙන්දෙක් තමා විකුණමින් සිටි පනා තොගයෙන් එකක් අතට ගෙන රවුමට නවා පෙන්වමින් මෙසේ කීවේය.
“නෝනා, ගන්නවා නං මෙන්න නියම පනාවක්. මේකට මිටියකින් ගැහැව්වත් කැඩෙන්නෙ නැහැ. මෝනට ඕනෙ නං පුළුවන් මේක දෙකට නමන්න. ඕනෙ නං අඹරන්නත් පුළුවන්. ගලේ ගැහුවත් කැඩෙන බඩුවක් නෙමෙයි මේක.”
කාන්තාව මදක් නැවතී, වෙළෙදාමේ නියුතු තරුණයා දෙස විමසුම් බැල්මක් හෙළා මෙසේ ඇසුවා ය.
ළමයා ඕකෙන් කොන්ඩේ පීරන්නත් පුළුවන් ද?”
පපුවේ ඒවා විතර ද?
ජයසේකර, රූපසේනත් එක්ක බාර් එකකට ගොඩ වැදුණේ පඩි දවසේ හැන්දෑ යාමේ ගෙදර යන ගමන්.
කටගැස්මකුත් එක්ක අරක්කු භාගයක් ඇණවුම් කළ මේ දෙදෙනා ටිකෙන් ටික දොඩමලු වුණා. අරක්කු භාගෙ ඉවර වෙලා, දෙවැනි වර ඇණවුම් කළ අරක්කු භාගයේ පතුල පෙනෙන ගාණට එනකොට දෙන්නටම හොඳ ගණන්.
ජයසේකර රූපසේන දිහා බලලා වෙරි මරගාතෙම මෙහෙම කිව්වා.
’මචං රූපෙ, බොනකොට, මිනිහෙකුගේ පපුවේ හැංගිලා තියෙන දේවල් නිකම්ම එළියට එනවා. නැද්ද මං කියන්නේ.’
රූපසේන ඉබේ කඩා වැටෙන බෙල්ල අමාරුවෙන් උස්සලා බාගෙට පියවුණු ඇස්දෙක ලොකු කරලා මෙහෙම උත්තර දුන්නා.
’ඒ විතරක් නෙමෙයි. බීලා වැඩි වුණොත් බඩේ තියෙන ඒවත් සේරම එළියට එනවා මචෝ.’
ඌ කන්නෙම පලතුරුනෙ
ඉරිදා පොළට ගිය පියදාස ගෙදර ආවේ එළවළු, මස්, මාළුවලට අමතරව හොඳින් ඉඳුණු ලොකු පැපොල් ගෙඩියක් ද රැගෙනය.
දිවා ආහාරයෙන් පසු ළදරු වියේ පසුවූ තම පුත් මංජුල පැපොල් තීරුවක් අනුභව කිරීම ප්‍රතික්‍ෂෙප කරනවා දුටු හෙතෙම පුතු හට මෙසේ කීවේය.
’පුතා, කෑම කාලා හැමදාම පලතුරක් කන්න ඕනෙ. විශේෂයෙන් පැපොල්. අනික ඉදුණු පැපොල් හරිම රසයි. ඒ වගේම ගුණයි. පුතා දන්නවද පලතුරු කෑවාම ඇඟපත රන්වන් පාට වෙනවයි කියල.’
’මොන බොරුද තාත්තෙ. වවුලො කන්නෙම පලතුරු නේ. ඒත් එක වවුලෙක් ඉන්නවද රත්තරන් පාට?’ පුතා පිළිතුරු දුන්නේය
අපිටත් එහෙමයි
රංජිත්ලා ඔවුන් එතෙක් පදිංචිව සිටි කුලී නිවෙසින් ඉවත්ව නගරයේ නව නිවෙසකට යාමට තීරණය කළෝය. දිනක් රංජිත්ලා අල්ලපු ගෙදර සුනිමල්ලා හමුවීමට ගියේ ඔවුන්ට ඒ බව දන්වා සමු ගැනීමේ අදහසිනි.
’ලබන මාසෙ අලුත් ගෙදරට ගියාම අපිට හොඳ මිනිස්සු කට්ටියක් ආශ්‍රය කරන්න ලැබේවි.’ රංජිත්ගේ බිරිඳ සුනිමල් ගේ බිරිඳට කීවේ ඔලොක්කුවට මෙනි.
’ඇයි, අපිටත් හොඳ කට්ටියක් ආශ්‍රයට ලැබෙයි.’ සුනිමල් ගේ බිරිඳ වහා පිළිතුරු දුන්නාය.
’ඇයි ඔයගොල්ලොත් මෙහෙන් යනවද?’ රංජිත්ගේ බිරිඳ විමසීය.
’නෑ අපි මෙහෙම ඉන්නවා’ සුනිමල් ගේ බිරිය පිළිතුරු දුන්නාය.
කතන්දරේ
යහළුවෝ තිදෙනෙකි. මොවුන් තිදෙනා ඉන්නේ ගොඩනැගිල්ලක 75 වැනි තට්ටුවේය. දිනක් එළියට ගොස් ආපසු ආ මොවුන් තිදෙනා දුටුවේ.... ගොඩනැගිල්ලේ විදුලි සෝපාන ක්‍රියා විරහිත බව දන්වා ඇති දැන්වීමකි.
තිදෙනාම 75 වැනි තට්ටුවට නැගිය යුතුව ඇත.
පළමුවැන්නා - "හරි! මම 25 වැනි තට්ටුවට යනකම් සිංදු කියනවා"
දෙවැන්නා - "මම 25 වැනි තට්ටුවේ ඉඳන් 50 වැනි තට්ටුවට යනකම් හිනා යන කථා කියනවා"
තෙවැන්නා - "මම 50 ඉඳන් කාමරේට යනකම් කථාන්දර කියනවා "
හරි! එහෙනම් නගින්න පටන් ගමු, කියා තිදෙනා ගොඩනැගිල්ල තරණය කරති. පළමුවැන්නා 25 වැනි තට්ටුව හමාරවනතෙක් සිංදු කීය. දෙවැන්නා 50 වැනි තට්ටුව දක්වා විහිළු කථා කීය. දැන් තිදෙනා සිටින්නේ 50 වැනි තට්ටුවේය.
දෙවැන්නා - "හරි ! දැන් උඹේ වාරේ. කථාන්දර කියන්න පටන් ගනිං"
තෙවැන්නා - "මම මේ කියන්න යන කථාන්දරේ අහපුවහම උඹලට හුඟක් දුක හිතෙයි."
පළමුවැන්නා - "කියපං බං"
තෙවැන්නා - "කාඹරේ යතුර අරගෙන එන්න අමතකඋනා බං, ඒක කාර් එක ඇතුලේ"
මීට වැඩිය හොඳයි තොපි මාව කෑවනම්
ඉතා රහසිගත යුධ සේවයේ තනතුරක් පිරවීම සඳහා පුරවැසියන්ගෙන් ලැබුන අයදුම්පත් සියල්ල පිරික්සීමෙන් අනතුරුව අවසාන පරීක්ෂණයට සුදුසුකම් ලැබූයේ තුන් දෙනෙකි. ඇත්තේ එක තනතුරකි. දෙදෙනෙක් පුරුෂයන් වූ අතර, එක් අයෙක් කාන්තාවකි. මොවුන්ගේ අවසාන පරීක්ෂණයේදී .....
පළමුවැනි අයදුම්කරු ඇමතූ පරීක්ෂකයා - ඔබ බඳවාගැනීමට යන්නේ ඉතා රහසිගත මෙන්ම හමුදාවට ඉතා පක්ෂපාත සේවයකට. ඔබ මේ මුහුණ දෙන්නේ ඔබගේ අවසාන පරීක්ෂාවට. මේ කාමරය ඇතුලේ පුටුවක ඉඳගෙන ඉන්නේ ඔබගේ භාර්යාව. මේ පිස්තෝලය අතට ගෙන කාමරය ඇතුලට ගොස් ඇයව මරා දමන්න.
පරීක්ෂකයා දෙසත්, පිස්තෝලය දෙසත් මදක් බලා සිටි ඔහු, මේ සේවයට මා සුදුස්සෙක් නොවේ.... මට මෙය කල නොහැකියි. කියා පිටවී ගියේය.
දෙවැනි අයදුම්කරු ඇමතූ පරීක්ෂකයා - ඔබ බඳවාගැනීමට යන්නේ ඉතා රහසිගත මෙන්ම හමුදාවට ඉතා පක්ෂපාත සේවයකට. ඔබ මේ මුහුණ දෙන්නේ ඔබගේ අවසාන පරීක්ෂාවට. මේ කාමරය ඇතුලේ පුටුවක ඉඳගෙන ඉන්නේ ඔබගේ භාර්යාව. මේ පිස්තෝලය අතට ගෙන කාමරය ඇතුලට ගොස් ඇයව මරා දමන්න.
පිස්තෝලය අතට ගත් දෙවැන්නා කාමරය පිවිස ටික වේලාවකි. කිසිත සද්දයක් නැත. ටික වේලාවකට පසු හඩමින් එලියට ආ ඔහු. අනේ මා කෙසේනම් ඇයව මරා දමන්නද කියමින් පිස්තෝලය පරීක්ෂකයාට දී බිරිඳගේ අතින් අල්ලාගෙන පිටවී ගියේය.
ඉතිරිව ඇති කාන්තාව ඇමතූ පරීක්ෂකයා - ඔබ බඳවාගැනීමට යන්නේ ඉතා රහසිගත මෙන්ම හමුදාවට ඉතා පක්ෂපාත සේවයකට. ඔබ මේ මුහුණ දෙන්නේ ඔබගේ අවසාන පරීක්ෂාවට. මේ කාමරය ඇතුලේ පුටුවක ඉඳගෙන ඉන්නේ ඔබගේ ස්වාමිපුරුෂයා. මේ පිස්තෝලය අතට ගෙන කාමරය ඇතුලට ගොස් ඔහු මරා දමන්න.
පිස්තෝලය අතට ගත් ඇය. මොහොතක් ඒ දෙස බලා සිටියාය. ඇය කාමරයට ඇතුළුවිය....
ගතවූයේ නිමේශයකි. පළමුවෙනි වෙඩි ශබ්දය පිටවිය. දෙවෙනි, තෙවෙනි ශබ්දද පසුව පුරවා තිබූ උණ්ඩ දහතුනම පත්තුවිය. කාමර තුල දැඩි ගුටි බැට හුවමාරුවක් සිදුවන බව පෙනී යයි. අවසානයේදී හඩමින් අවුල්වී ගිය හිසකෙසින් යුතුව එලියට ආ කාන්තාව...
තූ...... ....... නොදකින් පිරිමි ඔක්කොම එකවගේ..... තොපි ඇයි මට කලින් නොකිව්වේ පිස්තෝලෙට දාල තියෙන්නේ පුහු උන්ඩ කියලා. මීට වැඩිය හොඳයි තොපි මාව කෑවනම්. දැන් කොහොමද යකුනේ මම ඌත් එක්ක ගෙදර ගිහින් ඉන්නේ...
repost නම් sorry තමා..කොම්මෙන්ට් එකක් දාල පොඩි help එකක් දිල ගියාට කමක් නැ මචංලා....
පොඩ්ඩක් හිනා වෙමුද?

හිනායන්නෙ නැත්නම් බනින්න එපා හොදේ...කොණ්ඩෙ පීරන්නත් පුළුවන්ද?