පොඩිකාලේ මේ ජාතක කතාව රස කරමින් අහපු හැටි මතකද?

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    පොඩිකාලේ මේ ජාතක කතාව රස කරමින් අහපු හැටි මතකද?
    👶👧🧒👦👶👧🧒👦👶👧🧒👦👶👧🧒👦
    බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි දෙව්දත් තෙරුන් අරබයා මෙම ජාතකය දේශනා කළහ. දෙව්දත් තෙරුන් වහන්සේ කිසිවෙකුටත් දයාව නොදක්වන ද්වේෂය බහුල තැනැත්තෙක් යැයි දම්සභා මණ්ඩපයට රැස් වූ භික්ෂූන් වහන්සේලා අතර සංවාදයක් ඇතිවිය.

    එකිනෙහි දම්සභා මණ්ඩපයට වැඩම කළ බුදුරජාණන් වහන්සේ එම සංවාදය අසා සිට දේවදත්ත තෙරුන් වර්තමාන භවයේ පමණක් නොව පෙර භවයන්හී ද කිසිවෙකුටත් දයාව නොදැක්වූවෙකැයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ හ. අතීතයේ බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරන සමයෙහි බෝධිසත්ත්වයන් වහන්සේ අසූ දහසක් ඇතුන්ට නායක වූ ඇත් රජෙකුව උපන්නහ. ඇත් සමූහය වාසය කළ වනයෙහි එක් කැටකිරිල්ලක ඇතුන් ගමන් ගන්නා මාර්ගයේ අසල කැදල්ලක් කොට පැටවුන් පෝෂණය කරමින් සිටියා ය.

    එක් දිනක් ඇත් සමූහයා තම කූඩුව අසලින් ගමන් කිරීමට පැමිණෙනු ඈත සිටම දුටු කැටකිරිල්ල, තම අසරණ පැටවුන් පාගා මරා දමතියි බියට පත්ව ඉදිරියෙන් ම එන බෝධිසත්වයන් වහන්සේ වෙත ගොස් පියාපත් හිස මුදුණේ තබා නමස්කාර කොට තම පැටවුන්ට හානියක් නොකරන මෙන් ආයාචනා කළා ය. ඇගේ ආයාචනය ගැන කාරුණික වූ බෝසත් හස්ති රාජයා තමාගේ පා සතරින් කැටකිරිල්ලගේ පැටවුන් මුවා කොට සෙසු ඇතුන්ට යාමට සළස්වා, තම ඇත් රැළට පසුව චණ්ඩ පරුෂ තනි ඇතෙකු පැමිණෙන බවත් හැකි නම් ඔහුගෙන් ද තම පැටවුන් බේරාගන්නා ලෙසත් කැටකිරිල්ලට දන්වා පිටත්ව ගියේ ය.

    බෝසත් හස්තියා පිටත්ව ගිය සැනින් චණ්ඩ පරුෂ තනි ව හැසිරෙන හස්තියා එතැනට පැමිණියේ ය. කැට කිරිල්ල පෙර පරිද්දෙන් ම තම පියාපත් හිස් මුදුනේ තබා නමස්කාර කොට තම අසරණ පැටවුන්ට හානියක් නොකරන මෙන් බැගෑපත් වූවා ය. එවිට එම චණ්ඩ පරුෂ හස්තියා “තොප වැනි නීච දුර්වලයෙකුට මා කුමක් කළත් මොක ද? මට තොප කරන්නේ කුමක් ද? මම තොපගේ පැටවුන් ගෙන වම් පයින් ම පාගා දමන්නෙමියි” තර්ජනය කොට පැටවුන් විනාශ කොට ඔවුන් මත්තෙහි මූත්‍ර කොට යන්නට ගියේ ය. එවිට එම කැට කිරිල්ල අසල වූ ගසෙහි අත්තක සිට චණ්ඩ හස්තියා අමතා “තොපගේ බලය හා මාගේ නුවණෙහි වෙනස බලව. තාගේ බලයෙන් මාගේ පැටවුන් විනාශ කළ තොප ද යම් දිනක මාගේ නුවණේ බලයෙන් විනාශ කර දමන්නෙමියි” ප්‍රකාශ කළා ය.

    දරුවන් නැසූ සොවින් පීඩිත වූ කැට කිරිල්ල කවුඩකු වෙත ගොස් දින කීපයක් ඔහුට උපස්ථාන කළා ය. කවර හේතුවක් නිසා තමාට උපස්ථාන කරන්නේදැයි විමසූ කවුඩාට “ස්වාමිනි මාගේ දරුවන් එක් චණ්ඩ පරුෂ ඒකචාරී ඇතෙකු විසින් විනාශ කරන ලදි. එම ඇතා තනිව හැසිරෙන්නෙකි. අවස්ථාවක් බලා ඔහුගේ දෙනෙත් සිදුරු කරන්නේනම් යහපති” යි කැටකිරිල්ල දන්වා සිටියා ය. ඇගේ ඉල්ලීමට සානුකම්පිත වූ කවුඩා එසේ කිරීමට කැමැත්ත පළ කළේ ය. අනතුරුව කැට කිරිල්ල නිල මැස්සෙකු වෙත ගොස් දින කීපයක් ඔහුට ද උපස්ථාන කළාය. ඔහු ද පෙර පරිද්දෙන් එයට හේතුව කවරේදැයි විමසූ කල්හී ඇයට සිදුවූ සියලු දුක් ගැහැට දන්වා කවුඩා විසින් සිදුරු කරනු ලබන ඇතුගේ දෑසෙහි ඉහඳ තබන ලෙස ඉල්ලා සිටියා ය.

    අනතුරුව කැට කිරිල්ල මැඩියෙකු වෙත ගොස් දින කීපයක් ඔහුට උපස්ථාන කළා ය. මැඩියා ද එයට හේතු කවරේදැයි විමසූ අවස්ථාවෙහි කැටකිරිල්ල තමාට සිදුවූ විපත නොවලහා කීවා ය. ඉක්බිති ඇය මැඩියාගෙන් ඉල්ලා සිටියේ ඇතු අන්ධ වී පිපාසයෙන් දිය සොයා ඒ ඒ තැන ඇවිද යන අවස්ථාවෙහි ඔහු නොමග යවමින් හඬන ලෙසයි. කැට කිරිල්ලගේ ඉල්ලීම පරිදි කවුඩා හා නිලමැස්සා ද ඔවුන් වෙත පැවරූ වගකීම මැනවින් ඉටුකළෝ ය. නොබෝ දිනකින් ම ඇතුගේ දෑස් අන්ධවිය. මේ අතර දිය පිපාසයෙන් ඒ ඒ තැන දිය සොයමින් ඇවිද යන ඇතු දුටු මැඩියා මහත් හඬින් හැඩී ය.

    මැඩියාගේ හඬ ඇසූ ඇතු දිය ඇති තැනකැයි සිතා ඒ දෙසට පියවර තැබී ය. ඉන් පසු මැඩියා කන්ද ඉහළට ගොස් මහත් හඬින් හැඬී ය. ඇතු එවිට කන්ද දෙසට ගමන් කළේ ය. අනතුරුව මැඩියා කන්ද පහළට විත් හැඬී ය. කන්දෙන් පහළට බැසීමට ගොස් පය වැරදීමෙන් ඇතු බිම පෙරලී මරණයට පත්විය. කැටකිරිල්ල මරණයට පත් වූ ඇතුගේ පිටෙහි සක්මන් කොට තමාගේ අභිලාෂය මුදුන්පත් වූයේ යැයි ප්‍රීති වී තමා වසන ස්ථානයට ගියා ය.

    කවුඩකු, නිලමැස්සෙකු, මැඩියෙකු හා කැටකිරිල්ලක වන කුඩා සතුන් කීප දෙනෙකු එක් වීමෙන් අයහපත් දැවැන්තයකු බිම හෙළීයැයි පවසා බලවතුන් කෙරෙහි මෙන් ම දුබලයන් කෙරෙහිත් මෙත්සිත පැතිරවිය යුතු බව දන්වමින් බුදුරජාණන් වහන්සේ ජාතක කථාව නිමවා වදාළහ. බලවතාට මෙන් ම දුබලයාටත් අනර්ථයක් නොකළයුතු බව මෙම ජාතක කථාවෙන් සැපයෙන ආදර්ශයයි.

    ශක්තිය හා බලය අතින් ඇතා සහ කැටකිරිල්ල හාත්පසින් ම වෙනස් ය. මෙහි එන බෝසත් හස්තියා දුබල වූ කැටකිරිල්ලගේ ආයාචනයට මැනවින් සාවධාන වෙමින් ඇගේ දරු පැටවුන් ආරක්ෂා කළේ ය. එය මහත් ම ගතියකි. දුබලයා පීඩනයට පත් කිරීම මහතුන්ගේ ගතිය නොවෙයි. ඒකචාරී ප්‍රචණ්ඩ හස්ථියා එවැන්නෙකි. අසරණ වූ කැටකිරිල්ලගේ ආයාචනයට සවන් නොදුන් අතර තම බලය පෙන්වීම සඳහා ඇගේ දරු පවුල ද විනාශ කළේ ය.

    අකටයුතු කම් හමුවේ මුනිවත රකිනු මිස දුබලයාට වෙනත් කළ යුතු දෙයක් නැත. එහෙත් නුවණ මෙහෙයවා කටයුතු කළොත් එැවනි බලවතුන් ද බිම හෙළිය හැකි බව කැටකිරිල්ලගේ උපාය කෞෂල්‍ය ඤාණයෙන් ප්‍රකට වේ. තමාට අනර්ථයක් කළ සද්දන්තයා බිම හෙළිම සඳහා ඇයට කායික ශක්තියක් නොතිබුණි. නමුත් ඈ තම නුවණ උපයෝගීකරගනිමින් සංවිධානාත්මක උපක්‍රමයක් ක්‍රියාත්මක කළා ය.

    බලවතුන් සමඟ මුහුණට මුහුණලා කරන සන්නද්ධ සටනක් වෙනුවට ඈ යෝදාගත්තේ ඇගේ බුද්ධිය යි. ඒ සඳහා අවශ්‍ය අන්‍යයන්ගේ සහය ඇය ලබාගත් ආකාරයද සිත්ගන්නා සුළු ය. කවුඩා නිලමැස්සා මෙන් ම මැඩියාගේ ද සහය ලබාගන්නේ ඔවුන්ට සේවය කිරීමෙන් ය. බොහෝ අසාධාරණකම් නෛතික ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් වළක්වා ගත හැකි ය. වරදට එරෙහි ව සාමූහිකව සංවිධානය වීමෙන් එවැනි වැරදි නැවත සිදු නොවන ලෙස වළක්වාගත හැකිවේ.

    මෙම කථාවෙහි දැක්වෙන පරිදි කැටකිරිල්ල තමාගේ දරුපවුල විනාශ කළ නිසා ඇතුගෙන් පළිගත්තේයැයි කෙනෙකුට සිතිය හැකි ය. මවකට දරුවන් හැර වටිනා සම්පතක් නැත. එම වටිනා සම්පත තමාගෙන් උදුරාගත් විට කවර මවක් වුව ද ක්‍රියාත්මක වන්නේ කැටකිරිල්ල සේ ය. දරු ශෝකය කොතරම් ප්‍රබලදැයි අමුතුවෙන් ගෙනහැර දැක්විය යුතු නොවේ. තම දරු පවුල විනාශ නොකරන්නැයි ඉතා බැගෑපත් වූ කැටකිරිල්ලට සවන් දීමට තරම් ප්‍රචණ්ඩ හස්තියා තුළ කරුණාවක් නොතිබුණි.

    ඌට මවකගේ දරුදුක පිළිබඳ සංවේදී වීමට තරම් මෘදු හදවතක් නොවී ය. මෙවන් ඛේදනීය විපත් අප අවට සමාජය තුළ කොතෙකුත් සිදුව තිබේ. අසරණයන්ට මෙන් ම දුබලයන්ට බලය පෙන්වන බලවතුන්ගේ ජීවිත ඉරණම තීන්දුවන ආකාරය මෙම කථාවෙන් ගම්‍ය වේ.

    තෙරුවන් සරණයි !
    සදහම් අමා වැස්ස

     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,410
    1
    62,056
    113
    Mother Earth
    fuck-you-bich-bcd79c407a.jpg
     
    Last edited:

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    ණෑහ එහෙම නෙමේ, මිනිස්සු වගෙ වෙන්න ඈති. සමහරු භශා කීපයක් කත කරනවා. සමහරු තමන්ගේ මව් භශවා විතරයි. සහජීවනයට කෑමති අය භාශා කීපයක් ඉනෙග ගන්නව ඈති නෙද?
    හැම ජාතියේම සත්තු කතා කරන්නේ‍ එකම බාෂාවද?
    😉😘
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    සත්තු කතාකරන්නෙ කොහොමද
    ඉස්සර සර්පයන්ට කකුල් තිබුණාලු. ඒවා කාලයක් භාවිතා කරන්නැතුව තිබුණාම ක්ෂය වෙලා ගියාලු. ඒවාගේ ශේෂ සමහර සර්පයන්ගෙ අදටත් තියෙනවා.
    (විද්‍යාඥයො තමයි කියන්නෙ.)

    අදටත් වචනයක් දෙකක් අනුකරණය කරලා කියන්න පුලුවන් සත්තු ඉන්න හින්දාත්, මීට අවුරුදු මිලියන ගාණකට කලින් සත්තුන්ගෙ ස්වභාවය 100% ක් අනාවරණය කරගෙන නැති හින්දාත් ඔය ප්‍රශ්නය ප්‍රශ්නයක් විදිහටම තියෙයි.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,468
    5,571
    113
    kalen kaleta saththunge minissunge abilities wenas wenava bn, den balapan issara bara weda kara ape wadihiti aya, den apita etharam bara weda karanna be.
    raja kale jcb,backo thibbe ne ne saththu,minissu thamai okkoma kale.
    manasika shakthiyath ehemai issara minissu bavana karala ahasin gihin thiyenawa himale thapas rakina ayath. den ehema aya ne ne.
    e wage saththuth katha karanna tharam mole thiyena kala thiyenna athi
     
    • Like
    Reactions: NRTG and S_M_S