අපේ පොඩි එකාගේ පුරුද්ද තමා එක දිගට වැලක් වගේ ප්‍රශ්න අහන එක. වෙලාවක් කලාවක් නෑ එක කොනක් ඉන්දන් අනිත් කොනටම අහනව. තාම අවුරුදු 3යි. ඉතින් ලොකු දේවල් තේරෙන්නේ නෑ.
පොඩි එකා: ඒ මොකක්ද ඒ තාත්ති?
මම: ඒ ප්ලෙන් එකක්.
පොඩි එකා: ප්ලේන් එකෙන් මොකද කරන්නේ?
මම: ඒකෙ නැගල තමා මිනිස්සු රට යන්නේ
පොඩි එකා: ඇයි මිනිස්සු ඒකේ නැගල රට යන්නේ?
මම: රස්සාවක් කරන්න
පොඩි එකා: ඇයි මිනිස්සු රස්සාවක් කරන්නේ?
මම: සල්ලි හම්බ කරන්න පුතේ
පොඩි එකා: ඇයි සල්ලි හම්බ කරන්නේ?
මම: කෑම, සෙල්ලම් බඩු ගන්න ...
ඉතින් ඔය වගේ කෙලවරක් නැතුව ප්‍රශ්න අහනවා මගේ මුන දිහා බලාගෙන. අපිට කොච්චර මහන්සි උනත් එයාට තෙරෙන්නෙ නෑනේ. එයාට ඉන්නෙත් අපි විතරයි ඉතින් හුරතල් වෙවී අහනව.
ඉතින් ඔය ප්‍රශ්න නවතන්න මම ක්‍රමයක් හොයා ගත්තා; මම තේරුම් ගත්තා මෙයා ඊලග ප්‍රශ්නේ අහන්නේ ඔපෙන් උන තැනෙන් කියලා. ඉතින් මම හිතුවා අහන ප්‍රශ්නෙට ඒ ප්‍රශ්නෙම වෙනස් කරල උත්තර දුන්නොත් ඒක බ්‍රෙක් වෙයි කියලා.
පොඩි එකා: ඇයි මිනිස්සු රස්සාවක් කරන්නේ?
මම: මිනිස්සු රස්සවක් කරන්න ඕන නිසා.
පොඩි එකා ටික වෙලාවක් මගෙ මුන දිහා බලන් ඉදලා ප්‍රශ්න අහන එක නැවතල සෙල්ලම් කරන්න ගත්තා.
මම හිතුවෙ මට ගොඩක් සනසීමක් දැනෙයි දැන් ප්‍රශ්න ඇහිල්ල ඉවර නිසා, එත් උනේ අනිත් පැත්ත. මට මාර දුකයි. මම වැඩ ඔක්කොම පැත්තකින් තියලා පොඩි එකා ගාව වාඩි උනා. බොරුවට කාර් එකක් පෙන්නුවා.
මම: මේ තියෙන්නෙ පුතේ කාර් එකක්
පොඩි එකා: කාර් එකෙන් මොකද කරන්නෙ තාත්ති ...