90ගණන් වල අපි ලමයින් විදියට ගත කරපු කාලේ මතක් උනා. අපේ දෙමව්පියෝ, අච්චිලා සීයලා නැන්දලා මාමලා ගස් ගල් වගේ ශක්තිමත්ව හිටපු කාලේ, පාරේ දෙපැත්තේ හෙවනට රූස්ස ගස් තිබුණු කාලේ, දැන් හෙනට බිසී වෙලා ඉන්න අයියලා අක්කලා එක්ක එකට සෙල්ලම් කරපු කාලේ, ඒ කාලේ හිටපු සුන්දර මිනිසුන්ගෙන් බාගයක්ම අපිව හැරදා ගොස් අවසන්. බඩ පපුව පිච්චිලා යනවා මතක් වෙද්දී. විපරිනාමෝ දුක්ඛෝ