පොඩි මෙව්වා එකකුත් තියෙනවා...

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    පොඩි මෙව්වා එකකුත් තියෙනවා...

    පහුගිය කාලෙ ශ්‍රී පාද අඩවිය සම්බන්ධ ප්‍රශ්නෙකදි ප්‍රකෝප වෙච්ච පිරිස් ඒ ගැන විරෝධය පල කළේ ඒ අදාල සමාගමේ නිෂ්පාදනයක් වෙච්ච සිම්පත් කඩලායි. ඒක සමහරු විහිළුවකට ගත්තා. ඒ විරෝධය දැක්වීම ප්‍රකාශනයක් විදියට නිවැරදි වුනාට, ක්‍රියාවක් විදියට ඒක ගැන තිබ්බ අවුල් ටික ලිහාගන්නෙ නැතුව සමහර මීඩියා කරපු සමහර ජෝක්වලට නොසෑහෙන්න පාර වැදුනා. අපි මේ කියන්නෙ ඒ විදියට දේවල් කඩලා සිද්ධ කරන ප්‍රකාශනේ තවත් ඉම්ප්ලිමන්ට් කරන්න ඕන තැන් ටිකක්. හැබැයි මේවා කඩලා කරන දේවල්ම නෙමෙයි. මේවා එක අතකින් බැලුවොත් විප්ලව. ඔන්න එහෙනං කරන්න විප්ලව. ඒ නිසා අනිවාර්යයෙන්ම කණ්ඩායමක් එක්ක තමයි මේවා කරන්න වෙන්නෙ.

    1. මිෂන් කිල් ද බිල්

    BreakingEtisalat-aniwa-01-768x403.jpg


    බිල්වලට ගහන ටැක්ස් එන්න එන්නම වැඩියි. වතුර බිල/කරන්ට් බිල දුන්නම මීටර් රීඩර්ගෙ මූණ ඉස්සරහම ඒක ඉරනවා. ඊටපස්සෙ රෙඩ් නෝටිස් ඇවිත් වතුර ලයිට් කපනවා. පළාතෙම අය සෙට් වෙලා වතුර ලයිට් කපාගත්තම මීටර් රීඩර්ලට ජොබ නැතිවෙනවා. ඊට පස්සේ ඒ අයත් අපේ සටනට එකතු වෙනවා බිල් අඩු කරන්න.
    ඒ වගේම පළාතක් අඳුරෙ තියෙන කොට කට්ටිය කැන්ඩ්ල් ලයිට් ඩිනර් එකේ කෑම කාලා, හවසට ගෙවල් පැත්තෙ එවුන්ට ටීවී බලන්න එහෙමත් නැති නිසා පොඩි අඩියක් ගහලා, කට්ටියත් එක්ක නාන්න පොඩි වැව් කෑල්ලකට හරි ලිඳකට හරි ගිහිල්ලා පොඩි සොමියක් දාලා එනවා. ඔය සොමිය තේරුනාම හැම ගමකින්ම වැඩේට සෙට්වෙලා ආණ්ඩුවට රිදෙන උද්ඝෝෂණ පාරක් සෙට්වෙනවා.

    2. මිෂන් පා දඩ

    BreakingEtisalat-aniwa-02-768x403.jpg


    25000 දඩයක් බලෙන් දාගෙන, දඩේ ගෙවන්න ගිහින් 25000ක නෝට්ටු පොලිසියට පේන්න පාගලා, දඩකොල ඉරලා ඊට පස්සෙ පුච්චලා හිරේ වැටෙනවා. ලංකාවෙ රියදුරෝ ඔක්කොම සෙට් වෙලා එකම දවසක මේ දඩේ කොලේ කොලේ ඉරල කූඩුවට වැටෙනවා. අන්තිමට මිනිස්සුන්ව ගාල් කරන්න හිරකූඩු මදි වෙනවා. හිරේ ඇතුළෙ ඉන්න ලොකු වැරදිවලට ගිය එවුන් එලියට දාන්න බැරි නිසා ආණ්ඩුවට 25000 දඩේ අඩු කරන්න වෙනව.

    3. ඔටෝමේටඩ් ටෙලර් මන්ස්ටර්

    BreakingEtisalat-aniwa-03-768x403.jpg


    ඒටීඑම් කාඩ් එකෙන් සල්ලි ගන්න කොට ගන්න ගාන වැඩියි. ඒකට කරන්න තියෙන්නෙ ඒටීඑම් කාඩ් කඩලා තැන තැන දාන එක. ඒවගේම අලුතිනුත් එකවුන්ට් ඕපන් කරකර කාඩ් කඩලා තව තවත් විරෝධතාවය ප්‍රකාශ කරනවා. ඒකෙන් පරිසර දූෂණේ සුපිරියටම සිද්ධ වෙනවා. ඊට පස්සේ පරිසරවේදියො සහ පරිසර හිතකාමී කට්ටිය පාරට බහිනවා ඒටීඑම් කාඩි කැඩිල්ලෙන් පරිසර දූෂණය වෙනවා කියල. මේ දේ වලක්වන්න ඒටීඑම් ටැක්ස් අඩු කරන්න ආණ්ඩුවට සිද්ධ වෙනවා.

    4. ඇඩ්‍රිනලින් ගංගා

    BreakingEtisalat-aniwa-04.gif


    සීනිවලින් අඩුවුනේ රුපියල් දෙකයි. හැම එකාම තමුන්ගෙ කිලෝ එකෙන් රුපියල් දෙකක සීනි පාරෙ හල හල යන්න තියෙන්නෙ. එතකොට ඒ තැනවලට කූඹි එනවා. රටක් විදියට ඔහොම සීනි හල හල ගියාම කූඹි ඔක්කොම පිරිලා ජනගහණය වැඩි වෙලා, මිනිස්සුන්ට කරදරයක් වෙන තරමට කූඹි එනවා. කූඹි කියන්නෙ ගාඩ් දාලා නවත්තන්න පුළුවන් එවුන් නෙමෙයි නිසා ඔය ලොකු ලොක්කොන්ව කූඹි කාලා ඇඩ්‍රිනලින් වැඩිවෙලා, ඇලජීස් ඇවිත් පොරවල් ලෙඩවෙනවා. එතකොට අපේ විරෝධයට අනුව අපිට ඕන ගානට ගණං අඩුකරලා සීනි හම්බෙයි.

    5. ඉන්ටනෙට් කඳුළු

    BreakingEtisalat-aniwa-05-768x403.jpg


    ඉන්ටනෙට් බිල් වැඩිවෙලා. අපේ උන්දලට කෙල්ලෙකුට ලයික් එකක් දාගන්න, අනිවා කියවන්නවත් ඔන්ලයින් යන්න නැතිවෙලා. මේ නිසා කරන්න තියෙන්නෙ ඉතුරු ඩේටා ටිකෙන් ගිහින් ලොකු ලොක්කොන්ගෙ ෆේස්බුක් එකවුන්ට්වලට දාපු ලයික් අයින් කරලා අන්ෆලෝ කරලා දාන එක. එතකොට උන්දලට තේරෙයි යන එනමං නැතිවේගනයි එන්නේ කියලා. දවසින් දවස ආධාරකාරයො අඩු වෙද්දි ඉබේම ඉන්ටනෙට් බිලත් අඩුවෙයි.

    6. නිකොටින් ෆයරි

    BreakingEtisalat-aniwa-06-768x403.jpg


    හැම එකාම සිගරට් අරගෙන සිගරට් පිච්චෙන්න දානව. බොන්නෙ නෑ. පිච්චෙන්න දානවා. එතකොට දුම වැඩි වෙලා මිනිස්සු ලෙඩ වෙනවා. ඒක එසේ මෙසේ ලෙඩ වීමක් නෙමෙයි. මහා පරිමාණ හොස්පිටල්වල වැඩ වැඩිවෙන ජාතියේ ලෙඩවීමක්. ඒ වගේම ඒ බෙහෙත්වලට යන වියදම් සහ සිගරට් නිවන්න වෙනම කණ්ඩායම් දාලා රජය හිරවෙනවා.

    http://www.aniwa.lk/2016/11/30/1611303-things-you-can-break-to-lower-the-price-of-goods/

    :lol: :lol: :lol:
     
    • Like
    Reactions: Executer