පොත් කියවන අගමැති

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
පොත් කියවන අගමැති

1-Book-exhibition2019.JPG


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (28) උදෑසන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එක්විය. සෑම වසරකම පොත් ප්‍රදර්ශනයට සහභාගිවීම වික්‍රමසිංහ මහතාගේ සිරිතකි.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ නිලධාරීන් විසින් සිරිමාවෝ බණ්ඩාරනායක ශාලා පරිශ්‍රය ඉදිරියේදී අග්‍රාමාත්‍යවරයා පිළිගත් අතර, සුපුරුදු පරිදි වික්‍රමසිංහ මහතා ශාලාවෙන් ශාලාවට යමින් පත පොත විමසා බැලීය.
කර්තෘවරුන්, ප්‍රකාශකයින් හා ප්‍රදර්ශනය නැරඹිමට පැමිණි රසික රසිකාවන් සමග අදහස් හුවමාරු කර ගත් වික්‍රමසිංහ මහතා සිය පුස්තකාලය සඳහා පොත් ගණනාවක් ද ලබා ගත්තේය. ඒ අතර මහා සිංහලේ ‌තෙල් ‌බෙහෙත් ‌පොතට ද ඔහුගේ හිත ගියේ ය.
ප්‍රදර්ශනයට පැමිණෙන කවි කිවිඳියන් වෙනුවෙන් වෙන් කෙරුණු "කැටපත් පවුර" කූඩාරම වෙත ගිය අග්‍රාමාත්‍යවරයා නිර්මාණකරණයෙහි යෙදී සිටියවුන් සමග සාකච්ඡා කළේය. අනතුරුව කවි සල්පිල වෙත ගොස් වත්මන් කවීන් සමඟ ඔවුන් මුහුණදෙන අභියෝගයන් පිළිබඳව ද අදහස් හුවමාරු කර ගත්තේය. යළිත් කවිය පිළිබඳව සමාජය තුළ පිබිඳීමක් ඇති වෙමින් තිබෙන බව එහි සිටි කවිහූ පෙන්වාදුන්හ. සමාජ මාධ්‍ය ජාල ඔස්සේ කවිය ප්‍රචලිතවීම සම්බන්ධයෙන් ද වික්‍රමසිංහ මහතා කරුණු විමසීය.

අගමැති ‌පොත් ප්‍රදර්ශනයට ගිය අවස්ථාවේ ‌සේයාරූ කිහිපයක් ‌මෙහි දැක්වේ.

3-Book-exhibition2019.JPG


6-Book-exhibition2019.JPG
 
  • Like
Reactions: Pessimist

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොන වැරදි තිබ්බත් ඒ අතිං නං රනිල් සුපිරි පොර :love: