පොතුවිල් සිට කින්නියට ව්‍යාප්ත වූ ජාවාර&#3512

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    පොතුවිල් සිට කින්නියට ව්‍යාප්ත වූ ජාවාර&#3512

    වසර ගණනාවක්‌ තිස්‌සේ නැගෙනහිර පළාතේදී නීතිය සියතට ගත්තේ කොටි ත්‍රස්‌තයන්ය. කොටි විනාශ කිරීමෙන් පසු නීතිය සියතට ගැනීමට උත්සාහ කිරීම් පොතුවිල්, කාත්තන්කුඩි ප්‍රදේශයෙන් වාර්තා විය.

    මෙම සිද්ධිය වාර්තා වූයේ අලි සංගණනයේ යෙදීමට ගිය වනජීවී නිලධාරීන්ට පහරදීම සම්බන්ධව පොලිස්‌ අත්අඩංගුවට ගත් තිදෙනකු මුදාහරින්නැයි ඉල්ලා ගම්වාසීන් පිරිසක්‌ විසින් පොලිසියට තර්ජනය කර පහරදීමට ක්‍රියා කිරීමය. පොතුවිල්හිදී පොලිසියට ගල්වලින් ගැසීමට ද ක්‍රියා කර තිබේ. මේ අයහපත් තත්ත්වය මර්දනය කිරීමට ආරක්‍ෂක හමුදාව ද සහාය විය.

    මෙහිදී එක්‌ විරෝධතාකරුවෙක්‌ වෙඩි පහරකට ලක්‌ව මරුමුවට පත්ව තිබේ. මේ වෙඩි තැබීම සම්බන්ධව බී.බී.සී. සංදේශයට ප්‍රකාශයක්‌ කර ඇත්තේ පළාත් සභා මන්ත්‍රීවරයකු වූ අබ්දුල් මජීඩ් නමැත්තාය. මොහු වෙනින් කවුරුත් නොව හිටපු පොලිස්‌ අධිකාරිවරයෙකි. විරෝධතාකරුවකුට යුද හමුදාව වෙඩි තබන බව තමා දුටුවේ යෑයි ඔහු ප්‍රකාශ කර තිබේ.

    මෙහිදී නැඟෙන ප්‍රශ්නය නම් අලි සංගණනයේ යෙදුන නිලධාරීන්ට පහරදීමට ක්‍රියා කළ මැරයන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හිමිකමක්‌ නැද්ද යන්නයි.

    එසේම සිංහල, දෙමළ, ඉංගී්‍රසි භාෂාවලට අමතරව නැගෙනහිර අරාබි භාෂාව ද හඳුන්වාදීමට ක්‍රියා කර ඇත්තේ මේ අන්තවාදී පාර්ශ්වයන් බව සිහිපත් කළ යුතුය.

    කොටි ආයුධ බලයෙන් නැගෙනහිර ජනතාව පාගාගෙන සිටීමට ක්‍රියා කරද්දී මේ පිරිස්‌ නිහඬ විය.

    එහෙත් දැන් ඔවුන් නීතිය සියතට ගැනීමට උත්සාහ කර තිබේ. නැගෙනහිරට වෙනමම මුස්‌ලිම් කලාපයක්‌ ඉල්ලූ දේශපාලකයන් ද දැන් රජයට සම්බන්ධ වී සිටී. ඒ බළකාමය උදෙසායි. එසේම නැගෙනහිර ඔලුවිල්හි නාවික කඳවුරක්‌ ස්‌ථානගත කිරීමට පවා මේ අන්තවාදීහු එරෙහි වූහ.

    මේ පසුබිම යටතේ අලි සංගණනයේ යෙදුන වනජීවී නිලධාරීන්ට පහරදීමට "ගම්වාසීන්" යෑයි හඳුන්වා ගන්නා පිරිස්‌ ක්‍රියා කිරීම යනු ත්‍රස්‌වාදය යළි හිස එසවීමකි.

    අලි සංගණනයේ යෙදුන නිලධාරීන්ට පහරදීමට ක්‍රියා කළේ "අලින්ට" ඇති ආදරය නිසා නොව නැගෙනහිර කැලෑවල සිදුවන ජාවාරම් අසුවන නිසාය. හොරෙන් ගස්‌ කැපීම, කංසා වැවීම, සතුන් දඩයම සහ වෙනත් නීති විරෝධී ක්‍රියා රැසක්‌ මෙකී ප්‍රදේශවල සිදුවන බව රහසක්‌ නොවේ.

    කොටි ත්‍රස්‌තයන් නැගෙනහිර රජ කරන සමයේ වටිනා ගස්‌ කපා ලී කොටන් කරත්තවලින් ප්‍රවාහනය කිරීම සම්බන්ධව අසුවූයේ නැගෙනහිර ගම්වාසීන් කියාගන්නා පාර්ශ්වයයි. එම සමයේ පොලිසියට සිදුවූයේ කරත්ත සමග සැකකරුවන් නිදහස්‌ කිරීමටය.

    නැගෙනහිර සේවය කළ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීහු මේ බව දනී. මේ අතර නැගෙනහිර දී නීතිය සියතට ගැනීමට කිසිවකුට ඉඩ නොතබන බව ආරක්‍ෂක ලේකම්වරයා කියා සිටියේය.

    මේ අතර "ගී්‍රස්‌" යක්‍ෂයන් නැගෙනහිර සැරිසරන බවට ද සාවද්‍ය ප්‍රචාර දියත් විය. ඇතැම් විද්යුත් නාලිකා ගම්වාසීන් යෑයි හඳුන්වා ගන්නා පාර්ශ්වයන් සමග සාකච්ඡා කරමින් ඔවුහු ගී්‍රස්‌ යකුන් දුටු බව පවසන්නේ යෑයි ද කියා සිටියහ.

    මෙයට වසර ගණනකට පෙර මොනරාගල ප්‍රදේශයේ හොර ජාවාරම්කරුවෝ කොටි ගැන හඬ නැඟූහ. මේ ජාවාරම්කරුවන් මැණික්‌ පතල් ගැරීම්, දැව කැපීම්, ගංජා ජාවාරමට සම්බන්ධ වූවන් යෑයි පසුව හෙළි විය.

    මේ අන්දමේ පසුබිමක්‌ මත පොලිසියට හා හමුදාවට පහරදීමට ක්‍රියා කරන පාර්ශ්ව මෙහෙය වන රාජ්‍ය විරෝධී කණ්‌ඩායම් ද සිටින බව සනාථ වේ.

    නැගෙනහිර දී ජිහාද් කණ්‌ඩායම් ද රහසිගතව ක්‍රියාත්මක වේ. මේ පිරිස්‌ අවස්‌ථාව එනතුරු බලා සිටී. කෙසේ වෙතත් නැගෙනහිර තත්ත්වය පාලනය කරලීමට හමුදාවට හැකි විය. එහෙත් ද්‍රවිඩ සන්ධානයේ ක්‍රියාදාමය ගැන ද රජය විමර්ශනය කළ යුතුය. නවිකන්වේලි ප්‍රාදේශීය සභාපති කේ. තෙලයියෙන් සහ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී වී. ආරියෙ න්න්ද්‍රන් පසුගියදා සමරු රැස්‌වීමක්‌ පවත්වනු ලැබීය. ඒ 1990 අගෝස්‌තු 12 වැනිදා මුස්‌ලිම් ග්‍රාමාරක්‍ෂක භටයන් විසින් ද්‍රවිඩ සිවිල් වැසියන්ට වෙඩි තබා ඝාතනය කළ බව කියන සිද්ධිය සැමරීමයි. මේ සැමරුම සිදු කර ඇත්තේ කොටි 1990 අගෝස්‌තු 3 වැනිදා සිදු කළ කාතන්කුඩි ඝාතනය සැමරීම සඳහා පැවැත්වූ සමරුවට එකට එක කිරීමක්‌ ලෙසින් යෑයි කියති.

    මේ නිසා එදිරිවාදිකම් දියත් කිරීමේ සංස්‌කෘතිය නැගෙනහිරදී තවදුරටත් ක්‍රියාත්මක වන බව පැහැදිලිය. මේ ක්‍රියාදාමයන්ට කොටි වෙබ් අඩවි විසින් තව තවත් පෙට්‍රල් දමමින් ගින්න පැතිරවීමට උත්සාහ කරන බව සනාථ වී තිබේ.

    පොතුවිල්, තිරුක්‌කෝවිල්, කාත්තන්තුඩි ප්‍රදේශවල ඇතිවූ කලහකාරී තත්ත්වය යනු පොලිසියට හා ආරක්‍ෂක අංශවලට අභියෝගයකි. මේ මැර කණ්‌ඩායම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ පොලිසිය හා ආරක්‍ෂක බලධාරීන් මාරු කර යවන ලෙස දේශපාලකයන් විසින් මෙතෙක්‌ ඉල්ලා නැත.

    මෙහිදී රජය ද දැඩි අවධානයට ලක්‌ කළ යුතු කරුණක්‌ නම් අන්තවාදී දේශපාලකයන් පසුබිමේ සිට රඟදක්‌වන රංගනයයි.

    මේ රංගනය සඳහා කොටි රූකඩය වූ බී.බී.සී. සංදේශය දැඩිව ක්‍රියාත්මක වන බව පැහැදිලිය. නැගෙනහිර යළි ගිනි ඇවිලෙන්නේ කවදාදැයි පුන පුනා බලා සිටින්නේ බී.බී.සී. සේවයයි.

    ලන්ඩන් සිට ලීවර්පුල් දක්‌වා වූ කලහකාරි තත්ත්වය පාලනය කරගැනීමට බ්‍රිතාන්‍ය පොලිසියට පස්‌ දිනක්‌ ගත වූවාක්‌ මෙන් මෙරටත් එවැනි තත්ත්වයක්‌ ඇතිවීමට ඉඩදිය නොහැකිය.

    නැගෙනහිර ගම්වාසීහු මෙරට නීතිවලට පිටින් ජීවත්වන්නන් නොවේ. ඔවුන්ට නීතිය සියතට ගැනීමට කිසිසේත් ඉඩ නොදිය යුතුය. එසේ ඉඩහරිනු ලැබුවොත් එය අලුත් ත්‍රස්‌තවාදයකට මඟ පෑදීමකි. නැගෙනහිර ජනතාව වෙනුවෙන් හඬ නඟන මුස්‌ලිම් කොන්ග්‍රසය ද ඒ බව තේරුම්ගත යුතුව තිබේ. ඇතැම් අන්තවාදීන් පොලිසියට හා හමුදාවට ප්‍රහාර එල්ල කිරීමට ක්‍රියාකර ඇත්තේ දේශපාලනික බලපෑම් මත බව රහසක්‌ නොවේ.

    අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන් නමැති ත්‍රස්‌තවාදියාගේ රුව සහිත ටී ෂර්ට්‌ පළඳිමින් කටයුතු කළේ එවැනි පිරිස්‌ බව රහසක්‌ නොවේ.

    විදේශ අරමුදල් මත ක්‍රියා කරන විවිධ පාර්ශ්වයන් නැගෙනහිර සිටී. එසේම ඇතැම් පාර්ශ්වයන් ඇµaගනිස්‌තානයේ තාලිබාන් ත්‍රස්‌තයන් මෙන් "ෂහරියා" නීතිය නැගෙනහිර ද ක්‍රියාත්මක කිරීමට මාන බලති.

    එවැනි සිද්ධියක්‌ පසුගියදා වාර්තා විය. නැගෙනහිර යනු ඇµaගනිස්‌තානය නොවේ. ඒ බව මුස්‌ලිම් දේශපාලනඥයන් අවධාරණය කළ යුතුය. මෙහිදී අන්තවාදයට හා මූලධර්මවාදයට එරෙහිව ක්‍රියා කිරීම රජයේ යුතුකමයි. එහිදී "නීතිය" අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක විය යුතුය.

    මේ අතර ග්‍රීස්‌ යකුන් නැමැති සාවද්‍ය ප්‍රචාරයක්‌ කින්නිය දක්‌වා ව්‍යාප්ත විය. කින්නියා නාවික කඳවුරට පැමිණියේ ග්‍රීස්‌ යකුන් නොව නාවික අණ දෙන නිලධාරියාගේ වාහනයයි. මේ වාහනයේ සිටියේ රියෑදුරා සහ තවත් නිලධාරියෙකි. එහෙත් ජාවාරම්කාර යකුන් විසින් මෙහෙයෙ වූ පිරිස ඊට පහර දුන්හ. කැති මුගුරු අමෝරාගත් මේ පිරිස්‌ නාවික කඳවුරේ ජල ටැංකියකට ගිනි තැබූහ. මත් ද්‍රව්‍ය ජාවාරම, ඩයිනමයිට්‌ දමා මසුන් මැරීම ඇතුළු ජාවාරම් රැසක්‌ මෙහෙය වන කින්නියේ ජාවාරම්කරුවන් කණ්‌ඩායම මේ පහරදීම මෙහෙයවා තිබේ. මොවුන් අවශ්‍ය වී ඇත්තේ එම නාවික හමුදා කඳවුර එම ස්‌ථානයෙන් ඉවත් කර ගැනීමයි. එහෙත් ආරක්‍ෂක ලේකම්වරයා ඊට ඉඩ දුන්නේ නැත. මෙම පසුබිම මත රජය අවධාරණයට ලක්‌කල යුත්තේ ජාවාරම්කරුවන් විසින් මෙහෙයවන පිරිසකට රජයේ නිලධාරීන් ප්‍රාණ ඇපකරුවන් වශයෙන් රඳවා ගැනීමට ඉඩකඩ ලැබීමයි. මෙය එපමණ යහපත් ප්‍රවණතාවයක්‌ නොවේ. ඉතාමත්ම කඩිනමින් මේ ජාවාරම්කරුවන් මර්දනය කිරීමේ අවශ්‍යතාවය පැනනැගී ඇත.

    කීර්ති වර්ණකුලසූරිය

    http://www.divaina.com/2011/08/17/feature.html
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    lankawe un...tambinta dila dila anthimata ratath denna wei.....!!! mun LTTE ekata wada hapan. mun ratapura arabia bashawath pracharaya karai idiriyata....!!

    nigambo side ekata gehila balapan machan....parawal wala name boards arabi walin liyala thiyenawa....!!!!

    apey rate palakayonta kondak naa.....nathnam ama ekama may avilla unta oni deval karanna....!!!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එක දෙයක් ඉතාම පැහැදිලිව කියන්න ඕන. ඒ මේ රටේ පවතින්න ඕන එක නීතියක් බව. කල්පිටිය වෙරල තීරය නාවිකයන් දැඩිව රැකවල් කරන නිසා ඉන්දියාවෙන් මෙරටට වල්ලම් වලින් සහ ඔරු වලින් හොර බඩු ඒම නතර වුණා. දැන් එකට පාවිච්චි කරන්නේ නැගෙනහිර වෙරළ තීරය. මේක නතර කරන්න නාවික කදවුර ස්ථාපනය කලේ. මේ පිටිපස්සේ ඉන්නේ හොරබඩු ගොඩබාන ජාවාරමුන් බව හොදටම පැහැදිලියි.
    මීට කළකට පෙර කොටි මන්නාරම් බොක්ක නොනිල ලෙස පාලනය කරන කාලයේ මම මුහුණ දීපු දෙයක් මම කියන්නම්. මගේ විවාහයට අවශය රන් භාණ්ඩ තනා ගැනීමට රන් මිල ගැන මම පොඩ්ඩක් හෙව්වා. ක්ෂේත්‍රයේ මගේ මිතුරෙකු කිව්වේ ලංකාවේ රන් මිළ තිරණය වෙන්නේ කල්පිටි වෙරළට නීති විරෝධීව ගොඩබාන රන් ප්‍රමාණය මත විනා ලෝක රන් මිළ මත නොවන බව. "උඹට ඒ පැත්තේ කනෙක්ෂන් තියන නිසා සතියකට රත්තරං ලෝඩ් 2-3ක් බාන කන් ඉදලා ඕඩර් එක දීපං" ඒ ඔහු මට දුන් උපදෙස.
    ඇත්තටම සතියක කාළයක් තුල දී රන් "ලෝඩ්" 3ක් ගොඩ බෑ ආරංචියක් අනුව මම මගේ රන් භාණ්ඩ ඕඩරය ලබා දුන්නා. කලින් පැවති මිළට වඩා පවුමක් සදහා රු.5500ක් පමන අඩුවී තිබුණා!!!!!!!:shocked::shocked:
     

    Tharindu4

    Member
    Jun 16, 2008
    477
    32
    0
    නැගෙනහිර යනු ඇµaගනිස්‌තානය නොවේ. ඒ බව මුස්‌ලිම් දේශපාලනඥයන් අවධාරණය කළ යුතුය. මෙහිදී අන්තවාදයට හා මූලධර්මවාදයට එරෙහිව ක්‍රියා කිරීම රජයේ යුතුකමයි. එහිදී "නීතිය" අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක විය යුතුය.
    This is SRI Lanka not Arab or Afghanistan......
    Oun giya thena iwarai kalakanni.......Mu...