dukaa|දුකා;6487479 said:පොතේ හැටියටම දේවල් සිද්ද වෙනවා නම් අපේ මුතු ඇටය කොච්චර ලස්සන එකක් වෙයිද මචං . ..???
පොතේ හැටියට ඇත්ත! සහතික ඇත්ත!
ඒත් ඇත්තෙත්-නැත්ත.
උපහාසය උපරිමයි. පදවැල ලස්සනයි යාලු.


පොතේ හැටියට
අන්තිම දවස අද..
චන්දෙට මිනි මරන
කන් අඩි පලන…
පොතේ හැටියට
අන්තිම දවස අද..
හෙටක් නැති තරුන කැල
හන්දි ගානේ කොල බෙදන
හෙටක් හදා ගන්න
අන්තිම දවස අද
තාප්ප. පාප්ප.පෝස්ටර්
තාප්ප. පාප්ප.පෝස්ටර්
මදකට නිහඩ වෙන..
පොතේ හැටියට
අන්තිම දවස අද..
රූප පෙට්ටියෙන්
ගද මඩ වැගිරෙන…
පොතේ හැටියට විතරයි…
( පේනවා මදි වගෙ ඒකයි )
ඇයි පොතේ හැටියට අදයි අන්තිම දවස උන් ඔක්කොම දත් ටික පෙන්නල විරිත්තන....මොකද ඊට පස්සෙ උන් ඔක්කොම අපිට පෙන්නන්නේ කොකා නේ.......