පොදුජනයාගෙ “ගොන් වස්සා” DRAMA IS OVER

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    පොදුජනයාගෙ “ගොන් වස්සා” DRAMA IS OVER

    පුංචි ලමයි තරහ වෙල කන්නෙ බොන්නෙ නැතිව ඉන්න කොට ආඩම්බරකාර තාත්තා ඇවිල්ල අනේ පුතේ කාපං කියනව. ඕක කියනකං තමයි මං හිටියෙ කියල නොකිව්වට ටක් ගාලා නැගිටලා පුංචි කොල්ල කනව.

    කොච්චර අමාරුවෙන්ද පුංචි කොල්ලෙක් නොකා ඉන්නෙ.

    ආඩම්බර තාත්තා වීර පුතාව තුරුළු කර ගන්නවා. අනේ බලන් ඉන්න අයට හරි හුරතල්.

    ඔන්න ඔහොම තමයි නාඩගම ඉවර වෙන්න තිබුනෙ. එහෙමම තමයි ඒක ඉවර වුනෙත්.

    කවටයා වීරයෙක් වෙලා දින තුනක් ඇතුළත ආයි කවටයෙක් වුනා. ඒත් හරිම හුරතල්.

    මරණ ගෙවල්වල කුලියට අඩන කට්ටියක් ටීවී එකට පේන්න අඩන ස්ටාර්ල වුන නාඩගම ඔය විදිහට අවසන් වුනා.

    උඩට ගත්ත හුස්ම පහල දාන්න විදිහක් නැතිව කටට බත් කට ගිලගන්න විදිහක් නැතිව හිටපු දේශප්‍රේමී ජනතාව යාම්තම් සුසුමක් හෙලුවා.

    බෑන් කී මූන් වොෂින්ටන් නගරයට පායල තිබූ හද දිහා බලල පල් හිනාවක් දැම්මා.

    මරාන්තික උපවාසයකින් කරන්න බැරිවුනු වැඩේ කරන්න බාරගත්ත රජතුමා තව සුමාන දෙකකින් මුන්ට මේව අමතක වෙල යයි පුන්නක්කු කන ගොන්නු කියල පැත්තකට හැරිල කෙළ ගැහැව්ව.

    අපි “ගොන් වස්සා” බලල නිදා ගත්තා.
     
    • Like
    Reactions: shammee

    sasamantha

    Member
    Dec 16, 2008
    1,167
    18
    0
    එහෙම හරි විරෝධය පෑවේ වීරවංශ විතරයි. කවදත් රටට ද්‍රෝහීව වැඩ කරපු රනිල්, රවී වගේ ද්‍රෝහියෝ මෙච්චර රටට බැරෑරුම් අවස්ථාවක් උදාවෙලා තියෙද්දිත් ඒකට මුකුත් නොකර තැන් තැන්වල ගිහින් අත් පත්‍රිකා බෙදනවා. උඹලා වගේ උන් ඉන්නකන් තමා ඔයවගේ කාලකන්නි ඉන්නේ අනිත් ඉන්දියාව වගේ රටවල රටට මොකක්හරි ප්‍රශ්ණයක් තියෙද්දි පක්ෂ විපක්ෂ ඔක්කොම එකතු වෙනවා. ඒත් ලංකාවේ ඒ වෙනුවට එක්කෙනෙක්හරි විරුද්ධව කටයුතු කලාම උඹලා වගේ කවටයෝ හිනා වෙනවා.
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අන්තිමේදී ඒකෙනුත් මහින්ද 1 දා ගත්ත.විමල බූරුව වුනා.:D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ගරු විමල් වීරවංශතුමා සැබෑ වීරයකු ලෙස මාරාන්තික උපවාසයෙන් මියයයි | Breaking News! Hon. Wimal Weerawansa dies from his ‘Fast unto Presidential Intervention’


    23634_1116897298695_1714882809_231048_493034_n.jpg


    රට, ජාතිය හා ආගම බැං කි-මූන් නම් යක්ෂයාගෙන් බේරා ගැනීම සඳහා තුම්මුල්ල හන්දියට නුදුරු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය ඉදිරිපස “ජයග්‍රහණයෙන් හෝ මරණයෙන් පමණක් කෙළවර විය හැකි” මහා උපවාසයක නිරත වී සිටි ගරු විමල් වීරවංශතුමා මීට සුළු මොහොතකට පෙර, “මාරාන්තික=මාර+ආන්තික” යන වචනයට නව අර්ථයක් ලබා දෙමින් එම මාරාන්තික උපවාසයෙන් මියගිය බව ඩේලිමිරර් පුවත්පත ඇසුරු කර ගනිමින් Taboo Subjects බ්ලොග් අඩවිය සාතිශය සංවේගයෙන් යුතුව දැනුම් දී සිටී.


    මෙම බ්ලොග් අඩවිය ගරු විමල් වීරවංශ තුමාගේ පවුලේ අයට හා ඔහුගේ අනියම් භාර්යාවන්ගේ පවුල්වල අයට මේ සම්බන්ධයෙන් තම සාතිශය සංවේගය පළ කරන අතර කමෙන්ටුවක් පළ කිරීමෙන් එසේ කරන ලෙස තම පාඨකයින්ගෙන්ද ඉල්ලා සිටියි.


    ගරු විමල් වීරවංශ තුමා මියයන දිනය කිසිදු පාඨකයකුට නිවැරදිව ප්‍රකාශ කළ නොහැකි වූ අතර එම තරගය ජයග්‍රාහකයකු නොමැතිව අවසන් කොට ඇත.


    මේ සිද්ධිය සමඟ කලින් සමහර පාඨකයින්ට තේරුම් ගත නොහැකි වූ මේ බ්ලොග් සටහන දැන් ඔවුන්ට තේරුම් ගත හැකි වනු ඇතැයි Taboo Subjects කල්පනා කරයි.




    http://www.elakiri.com/forum/showthread.php?t=721228
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ගරු විමල් වීරවංශතුමා මැරෙන දවස නිවැරදිව කියා රුපියක් ලක්ෂයක් තෑගි දිනන්න | Predict Hon. Wimal Weerawansa’s death and win Rs. 1,00,000!




    vimal-fonseka.jpg

    ප්‍රජාතන්ත්‍රවාදී ජනතා සන්ධානයේ නායක සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා මාරාන්තික උපවාසය ආරම්භකිරීමට මත්තෙන් ගරු විමල් වීරවංශ අමාත්‍යතුමන්ට සුභපැතූ අවස්ථාව​


    2080wimal_with_moon_j.jpg

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැං කි-මූන් මාරාන්තික උපවාසය ආරම්භකිරීමට මත්තෙන් ගරු විමල් වීරවංශ අමාත්‍යතුමන්ට සුභපැතූ අවස්ථාව​


    ජාතික නිදහස් පෙරමුණේ අද්විතීය නායක, අමාත්‍ය ගරු විමල් වීරවංශ තුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය අභියස මාරාන්තික උපවාසයක් ආරම්භ කොට ඇත්තේය. අප දන්නා සිංහලයට අනුව මාරාන්තික=මාර+ආන්තික යන්න මරණයෙන් කෙළවර වන යන අරුත දෙයි. එනිසා මීට පෙර මාරාන්තික උපවාස පැවැත්වූ ඕමල්පේ සෝභිත හිමි, දඹර අමිල හිමි වැන්නන්ගේ උපවාස ඔවුන්ගේ මරණයෙන් කෙළවර වූවාක් සේම මේ මාරාන්තික උපවාසයද ගරු විමල් වීරවංශ අමාත්‍ය තුමන්ගේ මරණයෙන් කෙළවන බව අප සක් සුදක්සේ විශ්වාස කරමු.


    රටට කැප්පෙටිපොළගෙන් පසු උපන් දැවැන්තම දේශප්‍රේමියා, ශෂි වීරවංශ මැතිණියට තම වල්ලභයා, වීරවංශගේ අනියම් භාර්යාවන්ට තම අනියම් පුරුෂයා, පුතාට හා දියණියට තම ආඩම්බරකාර තාත්තා, අමාත්‍ය මණ්ඩලයට වටිනාම අමාත්‍යවරයා, මහ රජාණන්ට තම වටිනාම කඩේ දුවන කොල්ලා සහ සිංහල බ්ලොග් අවකාශයට තම ප්‍රියතම ජෝකරයා අහිමි වන්නට යන මේ ශෝක ජනක අවස්ථාවේ ඒ ශෝකය තරමක් හෝ තුනී කිරීම සඳහා මුදලින් වටිනා තෑග්ගක් දිනා ගත හැකි මේ තරගය ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවියේ පාඨකයින්ට ඉදිරිපත් කිරීමට අපි කල්පනා කරමු.


    ඔබ කළ යුත්තේ ගරු විමල් වීරවංශ ඇමැතිතුමන් තම මාරාන්තික උපවාසයෙන් මරු දකින දිනය නිවැරදිව මේ සටහනේ කමෙන්ටුවක් සේ ඇතුළත් කිරීමයි.


    ඔබේ පිළිතුර නිවැරදි නම් ඔබට රුපියල් ලක්ෂයක (1,00,000) තෑග්ගක් දිනා ගැනීමේ අවස්ථාව ලැබේ.


    නිවැරදි පිළිතුරු එකකට වඩා වැඩි ගණනක් තිබුණොත් ජයග්‍රාහකයා තේරීම ශෂී වීරවංශ මැතිණිය අතින් කුසපත් ඇදීමෙන් සිදුවනු ඇත. වීරවංශ අමාත්‍යතුමන්ගේ හත් දවසේ දානයදා මේ කුසපත් ඇදීමද සිදුකිරීමට අපේක්ෂිතය.


    සති කිහිපයකට ඉහත රත්මලානේ පහත් බිම් වාසීන්ට මාස තුනක් ඇතුළත කාණු පද්ධතියක් සකස් කර දීමට පොරොන්දු වී, ඒ පොරොන්දුව සම්පූර්ණයෙන් අමතක වූවාක් සේ දැන් සිය දිවි නසා ගැනීමට යන ගරු වීරවංශ තුමන් සේ නොව තමන් මේ පොරොන්දුව ඉටු කරන බැව් ටැබූ සබ්ජෙක්ට්ස් ගෞරවයෙන් පොරොන්දු වෙයි.



    විමල් වීරවංශ අමාත්‍යතුමන්ගේ පවුලේ සහ ඔහුගේ අනියම් භාර්යාවන්ගේ පවුල්වල සාමාජිකයන්ට මේ තරගයට සහභාගි විය නොහැකි බව කරුණාවෙන් සලකන්න.


    :P:P:P:P


    http://www.elakiri.com/forum/showthread.php?t=721223
     

    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    අන්තිමට ලංකාව චාටර් වුන එක විතරයි වුනේ මේ ගොනාගෙ ගොන් පාට් නිසා:growl::growl::growl:
     

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    එහෙම හරි විරෝධය පෑවේ වීරවංශ විතරයි. කවදත් රටට ද්‍රෝහීව වැඩ කරපු රනිල්, රවී වගේ ද්‍රෝහියෝ මෙච්චර රටට බැරෑරුම් අවස්ථාවක් උදාවෙලා තියෙද්දිත් ඒකට මුකුත් නොකර තැන් තැන්වල ගිහින් අත් පත්‍රිකා බෙදනවා. උඹලා වගේ උන් ඉන්නකන් තමා ඔයවගේ කාලකන්නි ඉන්නේ අනිත් ඉන්දියාව වගේ රටවල රටට මොකක්හරි ප්‍රශ්ණයක් තියෙද්දි පක්ෂ විපක්ෂ ඔක්කොම එකතු වෙනවා. ඒත් ලංකාවේ ඒ වෙනුවට එක්කෙනෙක්හරි විරුද්ධව කටයුතු කලාම උඹලා වගේ කවටයෝ හිනා වෙනවා.

    prashnayak tiyanawanam eka wadagat widiyata wisadaganna one..........hodai oya widiyata wirodaya pewa kiyala mokakda une?ratata awanambuwa witarai..........hodai eka hodak unanam kiyanna.......machan api nam kisima kalakanni deshapalakayekta kade yan ne.......et umbe katawen terenne umbanam cardboard deshapreminta kade yana tawat ek modayek bawa witarai
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    එහෙම හරි විරෝධය පෑවේ වීරවංශ විතරයි. කවදත් රටට ද්‍රෝහීව වැඩ කරපු රනිල්, රවී වගේ ද්‍රෝහියෝ මෙච්චර රටට බැරෑරුම් අවස්ථාවක් උදාවෙලා තියෙද්දිත් ඒකට මුකුත් නොකර තැන් තැන්වල ගිහින් අත් පත්‍රිකා බෙදනවා. උඹලා වගේ උන් ඉන්නකන් තමා ඔයවගේ කාලකන්නි ඉන්නේ අනිත් ඉන්දියාව වගේ රටවල රටට මොකක්හරි ප්‍රශ්ණයක් තියෙද්දි පක්ෂ විපක්ෂ ඔක්කොම එකතු වෙනවා. ඒත් ලංකාවේ ඒ වෙනුවට එක්කෙනෙක්හරි විරුද්ධව කටයුතු කලාම උඹලා වගේ කවටයෝ හිනා වෙනවා.



    හරි හරි දේස ද්‍රෝහී (හැමදෑම ගහන පරණ රැකෝඩ් එක )රනිල් රවී සහ පිරිවර පැත්තකින් තියමුකෝ.

    උඹලගේ ඇමති මණ්ඩලේ ඉන්න බැසිල් ගැන කතා කරමුද? එයා මේ ගැන කටක් ඇරියද? UNP සජිත් UNO එක පතුරු ගහපු විධියෙන් බාගයකවත් විරෝදතාවක් බැසිල්ලා, නාමල්ලා, සහ උඹලාගේ පක්සෙ පතාක යෝධයෝ දැම්මද?:rolleyes:

    එතකොට උඹලාගෙ එවුන් UNP සජිත් ටත් වඩා දේශ ද්‍රෝහීන් නෙමෙයිද?:rofl:

    උඹලට පේන්නෙ රනිල්ලා විතරයි, උඹල්ගෙම බැසිල්ලා කට්ටි පැනපු හැටි පේන්නේ නෑ.

    පල ගොනෝ යන්ඩ:angry:
     

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63



    හරි හරි දේස ද්‍රෝහී (හැමදෑම ගහන පරණ රැකෝඩ් එක )රනිල් රවී සහ පිරිවර පැත්තකින් තියමුකෝ.

    උඹලගේ ඇමති මණ්ඩලේ ඉන්න බැසිල් ගැන කතා කරමුද? එයා මේ ගැන කටක් ඇරියද? UNP සජිත් UNO එක පතුරු ගහපු විධියෙන් බාගයකවත් විරෝදතාවක් බැසිල්ලා, නාමල්ලා, සහ උඹලාගේ පක්සෙ පතාක යෝධයෝ දැම්මද?:rolleyes:

    එතකොට උඹලාගෙ එවුන් UNP සජිත් ටත් වඩා දේශ ද්‍රෝහීන් නෙමෙයිද?:rofl:

    උඹලට පේන්නෙ රනිල්ලා විතරයි, උඹල්ගෙම බැසිල්ලා කට්ටි පැනපු හැටි පේන්නේ නෑ.

    පල ගොනෝ යන්ඩ:angry:


    wedak ne ban munta kiyala,munge mole tiyenne Deshapremi-Deshadrohi bailawai.....anduwen kawapu lanu tikai witarai.....eka atakata mun wage un pau.........hitanna dan ne.....anduwa kiwot adum natuwa unat innawa