පොදු අපේක්ෂකට එජාපයෙන්ම විරෝධය

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
පොදු අපේක්ෂකට එජාපයෙන්ම විරෝධය

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාට
එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්
ඇතුළු පළාත් සභා පළාත් පාලන ආයතනවල මන්ත්රීවරු
කණ්ඩායම ගොඩනැඟී තිබෙන බව එම පක්ෂ ආරංචි මාර්ග
කියයි.
මාතර රැලියට සජිත් ප්රේමදාස
මහතා නොපැමිණියේ මේ අළු යට ගිනි පුපුරු නිසා යැයි සැක
කෙරේ.මෛත්රීපාල සිරිසේන මහතා මේ ජනාධිපතිවරණයෙන්
ජයග්රහණය ලැබුවහොත් රනිල් වික්රමසිංහ මහතා අගමැති
ධුරයට පත්කරන බවට දෙන ලද ප්රතිඥාව සමඟ මේ බෙදීම
හටගෙන ඇතැයි ද වාර්තා වේ.
මැතිවරණ විස්සකට අධික ප්රමාණයකට මුහුණදී එක්සත් ජාතික
පක්ෂය පරාජයට පත්කළ රනිල් වික්රමසිංහ මහතා පක්ෂ
නායකත්වයෙන් ඉවත්කර එම ධුරය සඳහා සජිත් ප්රේමදාස
මහතා පත් කිරීමට පක්ෂ සාමාජිකයන් කටයුතු කරමින් සිටින
මොහොතක විපර්යාසාත්මකව සිදුවූ මෛත්රී ආගමනය තමන්
පිළිනොගන්නා බව ද ඔවුහු කියා සිටිති.
මේ විරෝධය පළ කිරීමේ මූලික පියවර වශයෙන් සජිත්
ප්රේමදාස, බුද්ධික පතිරණ, මෛත්රී ගුණරත්න ඇතුළු එජාප
ප්රබලයන් කණ්ඩායමක් මාතර රැස්වීමට සහභාගි නොවී
විරෝධතාව පළකර ඇති බව ද කියැවේ.
 
Last edited: