පොදු අපේක්‍ෂකයාට ජවිපෙන් කොන්දේසි 4ක්

laknews

Member
Nov 16, 2009
94
1
0
පොදු අපේක්‍ෂකයාට ජවිපෙන් කොන්දේසි 4ක්

පොදු අපේක්‍ෂකයාට ජවිපෙන් කොන්දේසි 4ක්​

vyr2h4.jpg

මුලින්ම පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණය ද මහා මැතිවරණය ද කියා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තම පක්‍ෂ සාමාජිකයින් ට අත ඔසවා ප‍්‍රකාශ කරන්නැයි ඉල්ලා සිටි අවස්ථාවේ, ජනාධිපතිවරණය මුලින්ම තියන්නැයි ඔවුන් අත ඔසවා ඉල්ලා සිටියදීත් එය පක්‍ෂයෙන් අසා කියන බව කීමෙන්, ජනාධිපතිවරයා පක්‍ෂ ව්‍යවස්ථාවත් පක්‍ෂ සාමාජිකයිනුත් හෑල්ලූවට ලක් කළ බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා ප‍්‍රකාශ කළේය.

ඕනෑම පක්‍ෂ ව්‍යවස්ථාවක ඉහළින්ම තියෙන උත්තරීතර ආයතනය සම්මේලනය බවත්, මධ්‍යම කාරක සභාව සහ දේශපාලන මණ්ඩලය ඊට පහළින් තිබෙන ආයතන වන අතර, ශ‍්‍රීලනිපයේ ඊයේ පැවැති සම්මේලනයට අනුව මුලින්ම තැබීමට තීන්දු වුණේ ජනාධිපතිවරණය බවත් දිසානායක මහතා කීවේය.

ඊයේ (15) පැවැති 58 වන සම්මේලනය මගින් මුලින් තබන්නේ ජනාධිපතිවරණය ද මහ මැතිවරණයද යන්න පිළිබඳ තීන්දුවක් ගනීවී යැයි රටම බලාගෙන සිටියත්, තීරණයක් නැති සම්මේලනයක් බවට එය පත්වුණු බවත් කී දිසානායක මහතා ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය හෝ පිළිබඳව තීන්දුවක් ගත්තා නම් ඊට ප‍්‍රතිචාර දැක්වීම සඳහා මෙම මාධ්‍ය සාකච්ඡුාව අද (16 )පැවැත්වීම තීරණය කළ බවත් පැවැසීය.

මුලින්ම පවත්වන්නේ ජනාධිපතිවරණය ද මහ මැතිවරණය ද නැත්නම් දෙකම එකවර පවත්වනවා ද යන්න පිළිබඳව තීන්දුවක් ගැනීම සඳහා සැප්තැම්බර් 18 පැවැත්වීමට නියමිත පක්‍ෂ සම්මේලනය ආණ්ඩුව පස්සට දැම්මෙත්, 2010 ට ඉදිරිපත් කළ යුතු අය-වැය ඉදිරිපත් නොකිරීමට ආණ්ඩුව හේතු වශයෙන් දැක්වූයෙත්, ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය බවත් දිසානායක කීවේය.

Read more…