පොදු අපේක්‍ෂකයා එකඟ වූ සම්පුර්ණ ගිවිසුම &#3512

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    පොදු අපේක්‍ෂකයා එකඟ වූ සම්පුර්ණ ගිවිසුම &#3512

    පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය කරවීම සඳහා දේශපාලන පක්‍ෂ හා සංවිධාන විසින් අද දිනයේ කොළඹදී අත්සන් තබන ලද සම්පූර්ණ ගිවිසුම මෙසේය.

    සාධාරණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ ජනහිතකාමී ආණ්ඩුකරණයක් සඳහා පොදු මහජන න්‍යාය පත‍්‍රයක්

    ශ‍්‍රී ලාංකිකයින් ලෙස අපි බැ?රුම් අභියෝග කීපයකට මුහුණ දෙමින් සිටිමු. දශක කීපයකට පෙර ලෝකයේ බෙහෙවින්ම ආදර්ශමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් ලෙස පිළිගෙන තිබූ ශ‍්‍රී ලංකාව වර්තමානය වන විට සීඝ‍්‍රයෙන් එහි වසන පුරවැසියන්ට ගෞරව සම්පන්න ලෙස සහ ආරක්ෂිත ලෙස වාසය කළ නොහැකි තැනක් බවට පත්වී තිබේ.

    මෙම ඛේදජනක තත්ත්වයේ ඉතාමත්ම පැහැදිළි මතුපිට ප‍්‍රකාශන වන්නේ:

    නීතියේ පාලනය මුළුමනින්ම බිඳ වැටීම
    ආණ්ඩුකරණය සඳහා අත්‍යාවශ්‍ය වන්නා වූ ප‍්‍රජාතන්ත‍්‍රීය ආයතන පද්ධතිය ඛාදනය වී තිබීම
    සමාජ විෂමතාවය පෙර නොවූ විරූ ආකාරයෙන් පුළුල් වී සමාජ අසාධාරණය සමාජ පද්ධතියේ මූලික ලක්ෂණයක් බවට පත්වී තිබීම
    විවිධ වාර්ගික හා ආගමික කණ්ඩායම් අතර සහජීවනය බිඳවැටී අසමගිය සහ අවිශ්වාසය ව්‍යාප්තවීම යනාදියයි.
    මේ තත්ත්වය සැලකිල්ලට ගෙන රට තුළ නැවත යහපත් ආණ්ඩුකරණය, සමාජ සාධාරණය, නීතියේ පාලනය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම පිණිස පහත දැක්වෙන වැඩපිළිවෙළ ඉදිරිපත් කෙරේ. ඒ අනුව වර්තමාන ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී, අධිකාරවාදී හා දුෂිත පාලන තන්ත‍්‍රය පරාජය කොට මේ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කරවීම සඳහා එළඹෙන ජනාධිපතිවරණයේ දී සැමට එකඟවිය හැකි පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කොට ජයග‍්‍රහණය කරවීමටත් ඉන් පසුව දින සියයක් ඇතුළත පහත දැක්වෙන ක්ෂණික කාර්යයන් සම්පූර්ණ කිරීමටත්, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයක් පිහිටුවා නව පාර්ලිමේන්තුවක් යටතේ සෙසු ඉලක්ක ගත වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කරවා ගැනීම සඳහා කටයුතු කිරීමටත් මේ මගින් යෝජනා කෙරේ. එසේම පසුව කී ඉලක්ක සපුරා ගැනීම සඳහා වසර දෙකකට නොඅඩු කාලයක් සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවනු ඇත.

    ක්ෂණික කාර්යයන්

    දැනට පවත්නා විධායක ජනාධිපති ක‍්‍රමය දින සියයක් ඇතුළත සම්පූර්ණයෙන්ම අහෝසි කර ජනතාවට වගකියන පාර්ලිමේන්තු ක‍්‍රමයක් ස්ථාපිත කිරීම. අලුතින් ඇතිකෙරෙන පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමය තුළ ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා වන අතර ජනාධිපති ධූරයට ඊට උචිත වගකීම් සහ බලතල පැවරීමට ද ජනාධිපති ධූරය රටේ ජාතික සමගියේ ප‍්‍රතිමූර්තියක් ලෙස ස්ථාපිත කිරීම.
    18 වන සංශෝධනය අහෝසි කර, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුකරණය සඳහා අත්‍යාවශ්‍ය වන්නා වූ අධිකරණය, පොලීසිය, රාජ්‍ය සේවය, මැතිවරණ බලධාරීන්, නීතිපති, විගණකාධිපති වැනි ස්වාධීනව කටයුතු කළ යුතු ආයතනවල සහ කොමිෂන් සභාවල ස්වාධීනත්වය නැවත ඇති කර වඩාත් ශක්තිමත් කිරීම.
    මනාප ඡන්ද ක‍්‍රමය මුළුමනින්ම අහෝසි කර සෑම මැතිවරණ ආසන කොට්ඨාශයකටම තමන්ගේම මන්ත‍්‍රීවරයෙකු ලැබෙන සහ සියලූ ජනකොටස් සහ දේශපාලන මතවලට නිසි නියෝජනයක් ලැබෙන, පැරණි මන්ත‍්‍රී ආසන ක‍්‍රමයේ සහ සමානුපාතික ක‍්‍රමයේ සම්මිශ‍්‍රණයෙන් නව මැතිවරණ ක‍්‍රමයක් ඇති කිරීම.
    ජනතාව මත පටවනු ලැබ ඇති අතිමහත් ජීවන බර සැහැල්ලූ කිරීම සඳහා ජීවන වියදමට සරිලන ලෙස රාජ්‍ය හා පුද්ගලික අංශයේ සවිස්තරාත්මක වැටුප් සංශෝධනයක් කිරීම, ආර්ථිකයේ කාර්මික, කෘෂිකාර්මික, වැවිලි, ධීවර සහ සුළු කර්මාන්ත වැනි අංශ ශක්තිමත් කිරීම සහ දේශීය නිෂ්පාදනයන්ට සාධාරණ මිලක් සහතික කිරීම, සමාජයෙන් කොන් වී ඇති සහ දිළිඳු ජනකොටස් ද විශේෂයෙන්ම ස්ත‍්‍රීන්, ළමුන්, වැඩිහිටි ජනයා, විශ‍්‍රාමිකයින් සහ විවිධ ආබාධ සහිත පුද්ගලයින් ද ඉලක්ක කරගත් විශේෂ සහ ශක්තිමත් සමාජ ආරක්ෂණ දැළක් ස්ථාපිත කිරීම.
    මීට අමතරව යෝජිත දින සියය තුළදීම පහත සඳහන් ඉලක්ක ජයගැනීම සඳහා ද වැඩපිළිවෙළක් දියත් කෙරේ:

    පෙරනොවූ විරූ ආකාරයෙන් සිදුවන මහා පරිමාණ වංචා, දුෂණ අල්ලස් ගැනීම් හා කොමිස් ගැනීම් මෙන්ම මහජන මුදල් නාස්තිකාර ලෙස අපහරණය කිරීම වැළැක්වීම සඳහා දැඩි විනිවිදභාවයකින් යුත් වගවීමේ ක‍්‍රමවේදයක් ඇති කිරීම. එසේම සිදු වී ඇති අපහරණයන් පිළිබඳව නීතියට අනුව කටයුතු කිරීම.
    නීතියේ ආධිපත්‍යයට ප‍්‍රමුඛස්ථානය දීම, යහපාලනය මත ස්ථිරසාර ලෙස පදනම් වෙමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය යලි ස්ථාපිත කිරීම, මූලික අයිතිවාසිකම් සහ නිදහස ආරක්ෂා කොට ප‍්‍රවර්ධනය කිරීම, මාධ්‍ය නිදහස සහ තොරතුරු ලබා ගැනීමේ අයිතිය ද ඇතුළු අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීම සහ මානව ගරුත්වය ඇතිව ජීවත් වීමට ඇති අයිතිය සහතික කිරීම.
    සැමට මානව ගරුත්වය සහිතව ජීවත් වීමට ඇති අයිතිය තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා සුභසාධන රාජ්‍යය නැවත ස්ථාපිත කිරීම සහ විශේෂයෙන්ම ඉහළ මට්ටමේ නිදහස් අධ්‍යාපන සහ නිදහස් සෞඛ්‍ය සේවාවන් සඳහා සියලු පුරවැසියන්ට ඇති අයිතිය සහතික කිරීම.
    සීඝ‍්‍රයෙන් වෙනස්වන ලෝකයේ අභියෝග වලට සාර්ථක ලෙස මුහුණ දීමට හැකිවන ලෙස තරුණ පරපුර සවිබල ගැන්වීම සහ විශේෂයෙන්ම ඉහළ මට්ටමේ රැකියාවන් සඳහා තරුණ පරපුර සූදානම් කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම, සෙසු නිපුණතා සහ පුහුණුව ඔවුන් වෙත ලබා දීම.
    සමාජ, සංස්කෘතික, ආර්ථික හා දේශපාලන ක්ෂේත‍්‍රයන්හි රටේ සියලු පුරවැසියන්ට ගරුත්වය සහ සමාන අවස්ථා සහතික කිරීම.
    ශිෂ්ට සම්පන්න සහ සදාචාරමත් සමාජයක් බිහි කිරීමට සහ විශේෂයෙන්ම දැනට සීඝ‍්‍ර පරිහානියකට පත්වී ඇති රටේ දේශපාලන සංස්කෘතිය නඟා සිටුවීම.
    ඉහත කී මහජන න්‍යාය පත‍්‍රය ක‍්‍රියාත්මක කිරීම සඳහා කැපවන බවට පහත අත්සන් කරන දේශපාලන පක්ෂ, කණ්ඩායම් සහ පුරවැසි සංවිධාන මේ මගින් සපථ කර කියා සිටී
    .
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    පට්ට රනිල් අගමැති කතාවක් නැත.. (ඒක වෙනම ගිවිසුමක නැතැයි උපකල්පනය කරමි...)

    හැබැයි තාම details ටිකක් මදි... ඉස්සරහට ඒවත් එයි කියා සිතමි..
     
    Last edited:

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    කව්ද බං මේකට අත්සන් කරපු කට්ටිය? හරියටම දැනගන්න ආසයි...
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කව්ද බං මේකට අත්සන් කරපු කට්ටිය? හරියටම දැනගන්න ආසයි...
    චන්ද්‍රිකා බණ්ඩානායක, රාජිත සේනාරත්න, ෆොන්සේකා, මනෝ ගනේෂන්, හේමතුමාර නානායක්කාර
    පට්ට රනිල් අගමැති කතාවක් නැත.. (ඒක වෙනම ගිවිසුමක නැතැයි උපකල්පනය කරමි...)

    හැබැයි තාම details ටිකක් මදි... ඉස්සරහට ඒවත් එයි කියා සිතමි..
    අගමැති කොරන්ඩ දිනන්ඩ එපෑ :cool:
     
    • Like
    Reactions: EUMA175

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    චන්ද්‍රිකා බණ්ඩානායක, රාජිත සේනාරත්න, ෆොන්සේකා, මනෝ ගනේෂන්, හේමතුමාර නානායක්කාර

    අගමැති කොරන්ඩ දිනන්ඩ එපෑ :cool:

    එතකොට හෙළ උරුමේ කව්ද අත්සන් කරේ? රෙප් එකක්වත් දෙන්න බැහැ වටේ යන්නලු....
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness

    ජනතාව මත පටවනු ලැබ ඇති අතිමහත් ජීවන බර සැහැල්ලූ කිරීම සඳහා ජීවන වියදමට සරිලන ලෙස රාජ්‍ය හා පුද්ගලික අංශයේ සවිස්තරාත්මක වැටුප් සංශෝධනයක් කිරීම, ආර්ථිකයේ කාර්මික, කෘෂිකාර්මික, වැවිලි, ධීවර සහ සුළු කර්මාන්ත වැනි අංශ ශක්තිමත් කිරීම සහ දේශීය නිෂ්පාදනයන්ට සාධාරණ මිලක් සහතික කිරීම, සමාජයෙන් කොන් වී ඇති සහ දිළිඳු ජනකොටස් ද විශේෂයෙන්ම ස්ත‍්‍රීන්, ළමුන්, වැඩිහිටි ජනයා, විශ‍්‍රාමිකයින් සහ විවිධ ආබාධ සහිත පුද්ගලයින් ද ඉලක්ක කරගත් විශේෂ සහ ශක්තිමත් සමාජ ආරක්ෂණ දැළක් ස්ථාපිත කිරීම.
    මීට අමතරව යෝජිත දින සියය තුළදීම පහත සඳහන් ඉලක්ක ජයගැනීම සඳහා ද වැඩපිළිවෙළක් දියත් කෙරේ:

    සැමට මානව ගරුත්වය සහිතව ජීවත් වීමට ඇති අයිතිය තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා සුභසාධන රාජ්‍යය නැවත ස්ථාපිත කිරීම සහ විශේෂයෙන්ම ඉහළ මට්ටමේ නිදහස් අධ්‍යාපන සහ නිදහස් සෞඛ්‍ය සේවාවන් සඳහා සියලු පුරවැසියන්ට ඇති අයිතිය සහතික කිරීම.

    සීඝ‍්‍රයෙන් වෙනස්වන ලෝකයේ අභියෝග වලට සාර්ථක ලෙස මුහුණ දීමට හැකිවන ලෙස තරුණ පරපුර සවිබල ගැන්වීම සහ විශේෂයෙන්ම ඉහළ මට්ටමේ රැකියාවන් සඳහා තරුණ පරපුර සූදානම් කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම, සෙසු නිපුණතා සහ පුහුණුව ඔවුන් වෙත ලබා දීම.

    සමාජ, සංස්කෘතික, ආර්ථික හා දේශපාලන ක්ෂේත‍්‍රයන්හි රටේ සියලු පුරවැසියන්ට ගරුත්වය සහ සමාන අවස්ථා සහතික කිරීම.

    ශිෂ්ට සම්පන්න සහ සදාචාරමත් සමාජයක් බිහි කිරීමට සහ විශේෂයෙන්ම දැනට සීඝ‍්‍ර පරිහානියකට පත්වී ඇති රටේ දේශපාලන සංස්කෘතිය නඟා සිටුවීම.
    .

    මේ යෝජනා ඉතාම හොඳයි. අතීතයේ මේව කරනවා කියලා කියපු අය බොහොමයි. කොහොමද කරන්නෙ කියලා වත් කියනව නම් ඉතාමත්ම හොඳයි.
     
    • Like
    Reactions: jolySira

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    මේ යෝජනා ඉතාම හොඳයි. අතීතයේ මේව කරනවා කියලා කියපු අය බොහොමයි. කොහොමද කරන්නෙ කියලා වත් කියනව නම් ඉතාමත්ම හොඳයි.

    ඒක තමා මමත් හිතුවේ.. ඔලුව අතගානවා වගේ වැඩක් වෙලා තියෙන්නේ.. අපිට අහගන්න ඕන වෙලා තිබ්බ ටික කියලා තියනවා. හරියටම කොහොමද වෙන්නේ කිව්වනම් සුපිරි..
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness

    ඒක තමා මමත් හිතුවේ.. ඔලුව අතගානවා වගේ වැඩක් වෙලා තියෙන්නේ.. අපිට අහගන්න ඕන වෙලා තිබ්බ ටික කියලා තියනවා. හරියටම කොහොමද වෙන්නේ කිව්වනම් සුපිරි..

    :yes: මේ කියන දේවල් කරන එක ඉතාම බැරෑරුම් වැඩක්. නමුත් හරිහමන් දැක්මක් තියෙන නායකයෙකුට කරන්න බැරි වැඩ නෙවෙයි. නමුත් එහෙම කරන්න නම් ඒකට වැඩපිළිවෙලක් ඕන.
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    :yes: මේ කියන දේවල් කරන එක ඉතාම බැරෑරුම් වැඩක්. නමුත් හරිහමන් දැක්මක් තියෙන නායකයෙකුට කරන්න බැරි වැඩ නෙවෙයි. නමුත් එහෙම කරන්න නම් ඒකට වැඩපිළිවෙලක් ඕන.

    අනිවා මචං. ගොඩ ගියත් රට, කබලෙන් ලිපට වැටුනත් රට... අපි බලන් ඉමු, මුන් එකතු වෙලා අනික් හොරු වගේ ආපහු අපිව ගොනාට අන්දයිද නැත්නම් රට ගොඩ දාලා ආත්ම ගානකට පිනක් කරගනීද කියලා.. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි... එච්චරයි....
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    ඇත්තටම ඔය එකක් වත් කරන්න අමාරු දේවල් නෙවෙයි. අපේ රටේ තියෙනේ නාස්තියයි දුෂණයයි නැත්තම් අවුරුද්දකට සැහෙන ගනනක් ඉතුරු වෙනවා
     
    Assistance

    Junior member
  • Jan 12, 2009
    327
    15
    18
    @Matara
    අනිවා මචං. ගොඩ ගියත් රට, කබලෙන් ලිපට වැටුනත් රට... අපි බලන් ඉමු, මුන් එකතු වෙලා අනික් හොරු වගේ ආපහු අපිව ගොනාට අන්දයිද නැත්නම් රට ගොඩ දාලා ආත්ම ගානකට පිනක් කරගනීද කියලා.. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි... එච්චරයි....
    අවු:16 ක් යු.එන්. පි . එක හිටියා.:oo:
    අවු:11 චන්ද්‍රිකා හිටියා.:oo:
    මහින්ද අවු:09 යි. මචන් එකෙත් අවු 4ක් යුද්දේ කරා.:( එදත් රටේ සම්පත් ඇති කරා.:) තවමත් රියල්ම යුද්දේ කරගෙන යනවා.:) නිකමට හිතහන් රට වටේ හරි ගිහින් බලලා කොහොමද ප්‍රොග්‍රස් එක කියලා.:) මමනම් කියන්නේ මයි3 ට දීලම යමක් ඉගෙන ගනිවි කොන්ද පන තියෙන නායකය කවුද කියලා. මිනිස්සුත් එක්ක, යාලුවොත් එක්ක බැන්දීමක් වශයෙන් එකා වගෙ වැඩකරපු මහින්දට කොකා පෙන්නුවා. අන්තිමේ කියන්න තියෙන්නේ ගමෙන් ආපු මර්වින්, සහොදරයෝ ටිකයි සප්පොර්ට් එකට. හිත හොන්ද ගමේ බයියොන්ට වෙන්නේ ඔවා තම්යි. මෙව්වා හොන්ද පාඩම් බන්. මේවට තමා කියන්නේ සල්ලි තියනකොට ලන්ගට එනවා. සල්ලි රහ වැටුනම සේරම කුට්ටිය කඩා ගන්න හදනවා කන්න දීපු මිනිහ අමතක කරලා, වුට කැපිල්ල දාලා. ලන්කාවේ හැටි බන්.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,676
    5,523
    113
    රාජපක්ෂ මිත්‍යාදුෂ්ටිකයා !
     
    Similar threads