පොන්න බලුසේනාව ජෙප්පන්ට බනී
‘අනුර කියපු දේ මුස්ලිම් තරුණයින් හරියට කරා' - බොදු බල සේනා
Details Created On Thursday, 12 June 2014 13:52 Category: සාමාන්‍ය
dilantha bodubalaජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගියදා මුස්ලිම් තරුණයන් අමතමින් කියා තිබුනේ ‘‘මීට පස්සෙ තමුන්නාන්සෙලාට ගහන්න ආවොත් තමුන්නාන්සෙලාත් ගහන්න' කියල. ඒ ඉල්ලීම අද (12) අලුත්ගම නගරයේදී මුස්ලිම් තරුණයන් පිරිසක් ඒ ආකාරයෙන්ම සිදුකොට ඇති බව බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක දිලන්ත විතානගේ මහතා 'ලංකා නිවුස් වෙබ්' හා පැවසීය.
අද පොසොන් පොහොය දා අලුත්ගම ප්‍රදේශයේ මුස්ලිම් තරුණයන් පිරිසක් විසින් බෞද්ධ භික්ෂුවකට පහරදීම පිළිබඳව බොදු බල සේනා සංවිධානයේ පෙළඹවීමක් ඇත්දැයි සම්බන්ධයෙන් අප කළ විමසීමකට පිලිතුරුදෙමින් බොදු බල සේනාවේ දිලන්ත විතානගේ මහතා මේ බව සඳහන් කර සිටියේය.
‘අද ආගමික කටයුත්තක් සඳහා අලුත්ගම නගරයේ වැඩමකරමින් සිටි භික්ෂූන් වහන්සේ නමක් රැගත් රථයක් මඟහරස් කරමින් රැදී වුන් මුස්ලිම් තරුණයන් පිරිසකට පාරෙන් ඉවත්වන සේ රථයේ නලාව හැඬවීම සම්බන්ධයෙන් උරණ වූ තරුණයන් මෙම පහරදීම සිදුකර ඇති අතර ඒ සම්බන්ධව කරුණු සොයා බැලීමද රාවණා බලය වැනි විවිධ සංවිධාන එම ස්ථානයට ගොස් ඇතත් බොදු බල සේනා සංවිධානය එම ප්‍රදේශය අසලටවත් නොගිය බව' දිලන්ත විතානගේ මහතා අවධාරණය කර සිටියේය.
‘අපි අනවශ්‍ය කරදරවලට මැදිහත් වෙන්ඩ යන්නෑ. දැනටමත් අපිට ත්‍රස්තවාදී සංවිධානයක් කියල ලේබල් ගහලා ඉවරයි. යම් ජාතිවාදී ගැටුමක් ඇතිවුනොත් ඒවයෙ වගකීම මේවට අවවාද දුන්න අයත් ඒවා කරපු අයත් විදදරා ගන්ඩ ඕනැ. අපි ඕව වලට සම්බන්ධ නෑ' යනුවෙන් බොදු බල සේනාවේ ප්‍රධාන විධායක නිලධාරියා අවසන් වශයෙන් සඳහන් කර සිටියේය.