පොනීගේ_දත්_වලින්_බේරීම........

Durotan

Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    පොනීගේ_දත්_වලින්_බේරීම........


    පොනීගේ දත් වලින් බේරීම......



    UX4HY7Zh.jpg


    ජනරාල් ෆොන්සේකා යනු තරහා කර ගත් විට පළි ගන්නා අයෙක් බව රටම දන්නා කරුණකි. වරක් කර්නල් සුනිල් සෝමවීර පොනීගේ සිත ගත් කාන්තා නිලධාරිනියක් දෙවන වෛද්‍ය බළකායට ඇතුලු නොකර ගැනීමේ පලිය පොනී ගත්තේ හමුදාපතිවූ පසුය​. ඔහු කර්නල් සුනිල් සෝමවීර ඇතුළු දෙවන වෛද්‍ය බළකායම​ කොලඹින් මින්නේරියට මාරු කොට දැම්මේය​. මේ නිසා පොනී තරහා කර ගැනීම නයාට ගසා පොල්ල වරද්දවා ගැනීමක් විය​.

    වරක් ජනරාල් ෆොන්සේකා මා සමග ගණුදෙනුවකට ආවේය​. එය අහඹු සිදුවීමකි. එය සිදු වූයේ මෙසේය​. වරක් මරදාන ආනන්ද විද්‍යාලය ඉදිරිපිටදී මධ්‍යම රාත්‍රී එකට පමණ හමුදා වාහනයක් ඇක්සිඩන්ට් විය​. මේ රිය අණතුරින් රථයේ සිටි රත්නායක නම් හමුදා කර්නල්වරයෙක් සහ හමුදා සෙබළියක් තුවාල ලබා රෝහල් ගත කරන ලදි. හමුදා සෙබලියගේ හිස තුවාලව තිබූ අතර ඇය හමුදාවෙන් ඇබ්සන්ට් වූ තැනැත්තියක් විය​. මේ නිසා මධ්‍යම රාත්‍රියේ ජනරාල් ෆොන්සේකා යටතේ සේවය කල කර්නල්වරයෙකු සහ හමුදාවෙන් ඇබ්සන්ට් වූ සෙබලියක් ගමන් කලේ කොහේද කියා ප්‍රශ්නයක් පැන නැග්ගේය​.

    හමුදා සෙබලිය අසන අසන සෑම ප්‍රශ්නයකටම මතක නෑ කියූ නිසා ඇයව මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා වෙත යොමු කරන ලදි. මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු ඇයව සයිකොලොජිකල් ඇසෙස්මන්ට් එකක් කරනු පිණිස මා වෙත යොමු කලේය​. මා ඇයගෙන් අසන සෑම ප්‍රශ්නයකටම ඇය කීවේ " මතක නෑ සර් කියාය​.

    මේ කාලයේ හමුදාපති වූයේ ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩය​. ජෙනරාල් ෆොන්සේකා ස්වේච්ඡා බළකායේ ආඥාධිපති විය​. ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ සති කීපයකට විදේශගතව සිටි අතර මේ කේස් එක හරහා ජෙනරාල් ෆොන්සේකාව හිර කිරීමට ජෙනරාල් චන්ද්‍රපාල තැත් කලේය​. මේ නිසා ජෙනරාල් ෆොන්සේකාට හමුදාපති ශාන්ත කෝට්ටේගොඩ යලි දිවයිනට පැමිනීමට පෙර මෙම කාන්තාව ගේ මානසික තත්ව වාර්තාව සකසා රෝහලෙන් පිට කිරීමට අවශ්‍ය විය​. එබැවින් ජෙනරාල් ෆොන්සේකා යුද හමුදා රෝහලේ අණ දෙන නිලධාරියාත් තවත් බ්‍රිගේඩියර්වරයෙකු හරහාත් මට බලපෑම් කරමින් අදාල සෙබලිය ඉක්මනට ටිකට් කපා පිට කරන්නට කීහ​. එහෙත් මේ කාන්තාවගේ මානසික තත්වය තව දුරටත් නිරීක්‍ෂණය කල යුතු බව කියමින් මම ඇයව රෝහලේ තබා ගත්තෙමි.

    මම මාගේ නියමිත රාජකාරිය කිසිවෙකුට ගැති නොවී කලෙමි. අදාල වාර්තාව සකසා මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතාට යැව්වෙමි. ඒ කාලය අතර තුරදී හමුදාපති ශාන්ත කෝට්ටේගොඩ යලි දිවයිනට පැමිනි අතර කේස් එක ඇදී මෙම සෙබලියව හමුදා වාහනයේ ගෙන ගිය කර්නල්වරයා හමුදාවෙන් ඉවත් කෙරුනි. මේ නිසා පොනීට මාව නෝට් විය​.

    මෙම සිදු වීමෙන් වසරකටත් වඩා අඩු කාලයකදී ජෙනරාල් ෆොන්සේකා හමුදාපති වූ අතර පොනී ගෙන් මට සංග්‍රහයක් ඉදිරි අනාගතයේ ලැබෙන සලකුණු තිබුනේය​. හමුදාපති ජෙනරාල් ෆොන්සේකා යටතේද මම කලක් සේවය කල නමුදු පුදුමයකට මෙන් ඔහු මගෙන් පලි නොගත්තේය​.

    වෛද්‍ය නීල් ප්‍රනාන්දු සහ මම කිසිදු අවස්ථාවක වෘත්තීය භාවය කෙලෙසා කිසිදු මනෝ වෛද්‍ය වාර්තාවක් නොදුන්නෙමු. වරක් සමලිංගික චෝදනා මත එක් මේජර්වරයෙකු හමුදාවෙන් ඉවත් කිරීමට යුද හමුදාපති වූ ශාන්ත කෝට්ටේගොඩට අවශ්‍ය විය​. ඔහුට අවශ්‍ය වූයේ අදාල මේජර්වරයාට මානසික රෝගයක් (සමලිංගිකතාව​) තිබෙන නිසා ඔහුව යුද හමුදාවෙන් ඉවත් කිරීමටයි. එහෙත් අප දෙදෙනා එම නියෝගයට එරෙහිව ගොස් එම මේජර්වරයාට සමලිංගිකතාව නම් මානසික රෝගයක් නොමැති බව කීවෙමු. එහෙත් අවශ්‍ය නම් විනය උල්ලංඝන චෝදනා මත ඔහුව හමුදාවෙන් යවන ලෙස නිර්දේශ කලෙමු. මේ නිසා ඔහුව හමුදාවෙන් ඉවත් කිරීමට නොහැකි විය​. ඉහල නිලධාරීන්ට අවශ්‍ය ලෙස වාර්තා නොදීම නිසා එවකට යුද හමුදා රෝහලේ අණ දෙන නිලධාරියාද මා සමග අමනාප විය​. එහෙත් අප අපගේ වෘත්තීභාවය පාවා නොදුන්නෙමු

    වෛද්‍ය රුවන් එම් ජයතුංග



    transyl2014.blogspot.com
     
    • Like
    Reactions: Lansalaral

    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    2015 වෙනකන් Witness Tampering ළෝ එකක් ගෙනාවෙ නැත්තේ ඕක හින්ද තමයි!:yes: