පොපි මල් දින සැමරුම අද
ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය සංවිධානය කරන යුද්ධයෙන් මියගිය අය සිහිකිරීම සිදුකෙරෙන පොපි මල් සැමරුම අද (13) පෙරවරු 9.00ට කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ දී සිදු කෙරේ.
ඒ සඳහා ආගමික නායකයින්, මැති ඇමතිවරුන්, ත්‍රිවිධ හමුදා ප්‍රධානින්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ යුධ ස්මාරකය අභියස දී පැවැත්වීමට නියමිතය.
අද පෙරවරු 11.00ට විනාඩි දෙකක නිශ්ශබ්දතාව රකිමින් රණ විරුවන් අනුස්මරණය කෙරේ.
යුද්ධයෙන් මියගිය අය සිහිකිරීම වෙනුවෙන් කෙරෙන පොපි මල් සැමරුමට පොපි මලක් හෝ පොපි මල් දමක් ගෙන ඒ සඳහා දායක වන ලෙසත් එම සියලු මුදල් යුද්ධය වෙනුවෙන් දිවි පිදූවන්ගේ පවුල්වල සුබසාධනයට වැය කරන බවත් ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය පවසයි.