සොඳුරු බිමක ඉදි වූ මනහර මන්දිර
සොඳුරු බිමක ඉදි වූ මනහර මන්දිරඃ
* ෂර්ලි ද අල්විස් ගේ ගෘහ නිර්මාණ ශිල්පය
මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස
පේරාදෙණිය මිටියාවතෙහි විවේකීව පතපොත බැලීමෙන් හා තමන් අතර සම්මන්ත්රණ කිරීමෙන් ලෝක ස්වභාවය අවබෝධ කර ගැනීමට තැත් කරමු කියා තමාගේ ඇකයට පැමිණෙන්නාවූ සිසු මානවක මානවිකාවන් කෙරෙහි උපන් දයාවෙන් දො අවුරුද්ද මුළුල්ලෙහි ඔවුන් වෙත සොමි ගුණය පාන්නා වූ ප්‍රකෘති තොමෝ ඔවුන්ගේ දැස් පිනවා සිත් සතන් සැනසීමට මෙන් වර්ෂයේ එක් කාලයක් විශ්වවිද්‍යාලයේ හාත්පස ඇති භූමි භාගය වෙසෙසින් අලංකාර කොට අතිශය මනෝහර ශෝභාවකින් සරසා දක්වන්නීය. දහවල් දවස යටිකුරු කරන ලද පළිගුමුවා සැළියක් සේ වලාකුළින් තොරව බැබළෙන අහස් කුස පියවරින් පියවර තීව්ර වෙමින් උච්ච සප්තකය කරා නඟින ස්වර මාලාවකින් තම විරහ ශෝකය පළකරන කෝකිලයන්ගේ රාවයෙන් ඒක නිsන්නාද වේ.. අඹ ගස නිල් කොළ හලා කසාවන් මල්මාලා පැළඳ ගනී.. දොaතින් ගත් රතු මල් පොකුරු සිවු දෙසට දිගු කරන්නාවූ අශෝක වෘක්ෂයෝ වසන්ත දෙවුදුව පිළිගැනීමට පුල පුලා සිටිති. අතු පතර විහිද ඇති මහා ගසකින් හැලෙන දඹරන් පැහැති මල් පෙති රාශිය, සුළඟෙහි පාවෙමින් විත් නිල් තණබිම වැටී, උණුසුම් මඳ නළින් පිබිදුණු සිරුරින් යුත් කාමිණියන් හට සෙවණෙහි එලන ලද සිහිල් සුවපහස් දෙන යහනක් සේ වේ. මඟ එක් පසෙක ඇති කඳු බෑවුමත් අනෙක් පස ගංතෙර දක්වා ඇති තැනිතලාවත් නොයෙක් වර්ගයේ බෝගන්විලියා වෘක්ෂලතාවන්ගෙන් ගැවසී ගත්තේ ලොව ඇතිතාක් පැහැයෙන් චිත්රණය කළ පලසක් අතුරන කලක් මෙන් ශෝභමානවේ.
පේරාදෙණියෙහි සරසවි නිකේතනයෙහි ශෝභමාන භාවය ගැන සරච්චන්ද්‍රයන් වර්ණනා කළේ එසේය. එහෙත් සරච්චන්ද්‍රයන් වර්ණනා කරන්නේ එම නිකේතනය හෙවත් "සරසවි උද්‍යානය" යනුවෙන් හැඳින්වුණු භූමිය එහි ප්‍රකෘති ස්වභාවයෙන් වෙනස් කොට භූමි අලංකරණයට භාජන කිරීමෙන් පසුව ඇති තත්ත්වය ය. ඒ කිසිවක් නොමැතිව හුදෙක් හන්තාන කඳුවැටිය පාමුල සිට මහවැලි ගංතෙර තෙක් විහිදී ගිය භූමියෙහි ශෝභාව කෙසේ වීද යන්න අපට නිරීéකයන් දෙදෙනෙකුගේ ඇසින් දැක්ක හැකිව තිබේ. ඉන් පළමුවැන්න මෙහි කිසිදු ගොඩනැඟිල්ලක් ඉදිවීමට පෙර 1941 අප්‍රේල් මස 5 වැනි දින එය දුටු අයිවර් ජෙනිංග්ස් ආචාර්යතුමාය. ඔහු තම ස්වචරිතාපදානය වූ "පේරාදෙණියට මාවත" (Road to Peradeniya) කෘතියෙහි මෙසේ පවසයි.
"මම පරණ ගලහ පාර ඔස්සේ රිය පදවාගෙන ගොස් දැන් අප "උපාධි ප්රදානෝත්සවය ශිඛරය" යෑයි නම් කර ඇති සානුව වෙත ළඟා වනතෙක් ගියෙමි. වැඩෙමින් නැඟෙන වනාන්තරය මැදින් ඉහළට නැගීම පහසු කටයුත්තක් වූයේ නැත. එහි සර්පයන් සිටීවිද කියා මා දැනසිටියේ නැත. මහවැලි ගං ඉවුරෙහි තිබුණු කපා හෙළන ලද ගසක මුල් කොටය මත හිඳගත් මම ශ්‍රීමත් පැටි්රක් ඇබක්රොම්බිගේ ස්ථානීය සැලැස්ම මා ඉදිරිපිට දිග හැර ගත්තෙමි. සැලැස්මෙහි මනස්කාන්තභාවය මට පසක් වන්නට පටන් ගත්තේ එවිටමය. කිසිදු සැකයක් නැත. ඩී. ආර්. විජයවර්ධන මහතා සිතුසේ නිවැරදිය. මෙය ශ්‍රේෂ්ඨ විශ්වවිද්‍යාලයක් වනවා ඇත" (178 පි)
එම දර්ශනයෙන් තෘප්තිමත් නොවූ ශ්‍රීමත් අයිවර් මහවැලි ගඟෙන් එගොඩට ගොස් ඒ වන විට නව ගම්පොල පාර ඉදිවන තැන නානුඔය පාලම වෙතට පැමිණියේය. එහි සිට විශ්වවිද්‍යාල භූමිය පිළිබඳ වඩා සර්වග්රාහී දර්ශනයක් ලැබෙන බව ඔහුට පෙනුණි. අනාගතයේ එම භූමියෙහි ඉදිවන ගොඩනැඟිලි සිතෙහි මවා ගනිමින් ඔහු මෙසේ උදම් ඇනුවේය. තවත් වසර කීපයකින් නානුඔය පාලමේ සිට ලැබෙන දර්ශනය ලෝකයේ ඇති චිත්තාකර්ශණීයම වූ දර්ශනයක් වනවා ඇත.
ශ්‍රීමත් අයිවර් ජෙනිංග්ස් ට එදා පෙනුණේ හන්තාන කඳුවැටිය පාමුල තැනිතලා භූමියෙහි ඉදිවන්නට ඇති ගොඩනැඟිලි ඒ ඒ තැන ස්ථාපනය වී තිබෙන ආකාරය පමණකි. එහෙත් එම ගොඩනැඟිලි එතෙක් ශ්‍රී ලංකාවේ අන් කිසිදු තැනක නොදුටු විරූ අපූර්ව නිර්මාණයක් වන බව දැන සිටි තවත් පුද්ගලයෙක් සිටියේය. ඒ නම් ගොඩනැඟිලි සැලසුම්කොට ඉදි කෙරුණු ගෘහ නිර්මාණ ශිල්පියාවූ ෂර්ලිද අල්විස්ය. ඔහු 1948 පෙබරවාරි 4 වැනි දින ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් මිඳී නිදහස ලබන දිනයෙහි ලංකා කලා මණ්ඩලය විසින් සංවිධානය කරන ලද "ලංකා සංදර්ශනය" නම් ඓතිහාසික සිද්ධීන් නාට්‍යාකාරයෙන් රඟ දක්වමින් ඉදිරිපත්වූ ප්‍රසංගය නිමිති කරගෙන සම්පාදනය වූ සමරු කලාපය සඳහා "ලංකාවේ ප්‍රථම විශ්වවිද්‍යාලය" (Ceylon First University) යන මැයෙන් ලියූ ලිපිය වැදගත් ලේඛනයක් වේ. එහිදී ෂර්ලි ද අල්විස් තමා සැලසුම්කරන ගොඩනැඟිලිවල ස්වභාවය ගැන අගනා ප්‍රතිපත්ති ප්‍රකාශක ගණනාවක් කර තිබේ. අපි පළමුව අවධානය යොමු කරන්නේ පේරාදෙණි සරසවි භූමිය එහි ප්‍රකෘති ස්වභාව සෞන්දර්යෙන් ඔහුට දිස්වුණු ආකාරය ය.
"ගොඩ නැඟුම් සඳහා නියමිත භූමිය රාජකීය විලාශයෙන් නැගී සිටින හන්තාන කඳුවැටියෙහි ආධිපත්‍යයට නතුව ඇති කඳු සහිත රංගාවාටයක ස්වරූපය ගත් භූමියකි. එය සිත් උත්තේජනය කරන්නාවූ බිමක් වන්නේ ගලා හැලෙන ජලධාරාවන් විසින් ඔප මට්ටම් කැරුණ පාෂාණයන්ගෙන් ද උත්තුංගම වාත්තු වූ කඳුවලින්ද අනේක විධ වෘක්ෂලතාදියෙන්ද යුක්ත වූවකි."
එම දර්ශනීය වූ භූමි භාගය අනාගත ලංකා විශ්වවිද්‍යාලය සඳහා උචිත භූමිය යෑයි තෝරා ගැනුණේ දශක එකහමාරක් පමණ එදා ශ්‍රී ලාංකේය ප්‍රභූ ජනයා අතර පැවැති මහා විවාදයකින් පසුවය. ශ්‍රීමත් ජෙම්ස් පීරිස් වැනි ප්රභූහු එම ආයතනය කොළඹ ම තිබිය යුතු= යෑයි තර්ක කරමින් එදා බුලර්ස් පාර යෑයි නම්ව තිබූ වත්මන් බෞද්ධාලෝක මාවතේ (පසුව බෞද්ධ සම්මේලන ගොඩනැඟිල්ල ඇතුළු ගොඩනැඟිලි රාශියක් ඉදිවූ) විශාල භූමි භාගයද ඒ සඳහා නම්කොට තිබුණි. එහෙත් එම ජාතික විද්‍යායතනය කොළඹින් බැහැර වඩා සෞම්‍ය දේශගුණයක් හා නිස්කලංක පරිසරයක් ඇති මහනුවර ප්‍රදේශයේ පිහිටුවිය යුතුයෑයි (එවකට ලේක්හවුස් පුවත්පත් අධිකාරී කේම්බ්‍රිඡ් සරසවියේ උපාධිධාරී) ඩී. ආර්. විජයවර්ධන ප්රමුඛ පිරිසක් කියා සිටියහ. මෙම අදහසට දොස්තර ඇන්ඩ්‍රයස් නෙල්, ඩී. බී. ජයතිලක, දොස්තර ඩබ්ලිව් ඒ ද සිල්වා ආදීහුද සහයෝගය දුන්හ. මුලින් අදහස තිබුණේ දුම්බර මිටියාවතේ විශ්ව විද්‍යාලය පිහිටුවීමටය. එහෙත් එම ප්‍රදේශයේ මැලේරියාව බහුල ප්‍රදේශයක් ලෙස 1930 දශකයේදී ප්‍රකට වී තිබුණි. ඊළඟට දොස්තර එස්. සී. පෝල් සහ ඇන්ඩ්‍රයස් නෙල් යන විද්වතුන් සකස් කළ වාර්තාවකින් පේරාදෙණියේ "නව පේරාදෙණිය වතුයාය" නම් රබර් හා තේවත්තක් ගැන යෝජනා විය. මෙය පරීéd කළ ඩී. ආර්. විජයවර්ධන මහතා ඊට එකහෙළා කැමැති වූවා පමණක් නොව අමාත්‍ය මණ්ඩලයේ සිටි බලවතුන් වූ ඩී. එස්. සේනානායක සහ ඡේ. එල්. කොතලාවල මහතාද එකඟ කරවාගෙන අක්කර 385 කින් යුත් එම භූමිය මිලයට ගැනීමට පියවර ගත්තේය. 1938 මෙම සිද්ධිය වන අතරතුර එම සැප්තැම්බර් මසදී රාජ්‍ය මන්ත්‍රණ සභාව විසින් යෝජිත ලංකා විශ්වවිද්‍යාලය ඒකීය වූත් නේවාසික වූත් විශ්වවිද්‍යාලයක් විය යුතු බවත් එය පේරාදෙණියේ පිහිටුවිය යුතු බවත් තීරණය කොට තිබුණි.
යටත් විජිත රජය විසින් පේරාදෙණිය භූමියේ ස්ථානීය සැලැස්මක් හෙවත් ඒ ඒ ගොඩනැඟිලි කුමන තැන්වල පිහිටුවිය යුතු දැයි සැලැස්මක් නිර්මාණය කිරීමේ කාර්යය මහා බ්‍රිතාන්‍යයේ එවක සිටි විශිෂ්ටතම ගෘහ නිර්මාණ ශිල්පියකු වූ ශ්‍රීමත් පැටි්රක් ඇබක්රොම්බිට භාර දෙන ලදී. යෝජිත ලංකා විශ්වවිද්‍යාලය සඳහා පළමු උපකුලපතිවරයා විය යුත්තේ කවරෙක්දැයි තෝරා ගැනීමටද මේ කාලයේම සිදුවිය. එවකට සුප්‍රකට ලන්ඩන් ආර්ථික විද්‍යා ශාස්ත්‍රාලය (Londen School & Economics) ආයතනයේ ප්රාචාර්ය (Reader) පදවියක් දරමින් සිටි රාජ්‍ය ව්‍යවස්ථා නීතිය පිළිබඳ විශාරදයකු වූ අයිවර් ජෙනිංග්ස් මහතා තෝරා ගැනුණේ ඒ අනුවය. ලංකා විශ්වවිද්‍යාලය සඳහා විශිෂ්ටතම විද්වතුන්ගේ ප්රාරම්භක සහයෝගය යටත්විජිත රාජ්‍යය ලබාගත්තේ ඒ අයුරිනි.
අප "පේරාදෙණිය මාවත" ස්වචරිතාපදානයෙන් ගත් උපුටනයෙහි සඳහන් ස්ථානීය සැලැස්ම බිහිවූ අයුරු ඉහත දැක්වීමු. ඊළඟට අප ආ යුත්තේ එම ස්ථානීය සැලැස්මට උචිත ගොඩනැඟිලි මෙරට පළමු ජාතික විශ්වවිද්‍යාලයට සරිලන පරිදි සැලසුම් වූ ආකාරය පිළිබඳ සලකා බැලීමටය. ශ්‍රීමත් පැටි්රක් ඇබක්රොම්බිගේ ස්ථානීය සැලැස්ම පිළිබඳව ෂර්ලි ද අල්විස් මෙසේ පවසා ඇත. ඔහුට පෙනුණේ පුරාණ ග්‍රීසියේ දෙව්මැඳුරු හා ප්‍රධාන රාජ්‍ය ආයතන ගොඩනැඟන කල ස්වභාවික භූමියට හානි නොවන අයුරින් මෙන්ම මනා ඉඩ කඩ ඇතිව ගොඩනැඟිලි ස්ථාන ගත කිරීම වැනි මූලික සංකල්ප එහි යෙදී ඇති බවය. ඇබක්‍රොම්බි මෙන්ම එංගලන්තයේ ලීවර්පූල් විශ්වවිද්‍යාලයෙහි ගෘහ නිර්මාණ ශිල්පය හදාරා සිටි අල්විස් එම සම්භාව්‍ය ග්‍රීක පූර්වාදර්ශනයට අපේ සම්භාවනීය අග නගරය වූ අනුරාධපුරයේ වාස්තු විද්‍යාඥයන් අනුගමනය කර ඇති බව දුටුවේය. ඔහු මෙසේ පවසා ඇත.
"වින්‍යාස සැලැස්ම පුරා පැතිරී ඇති ලක්ෂණය වන්නේ සිංහල සම්ප්රදායෙහි චිරන්තනව පැවත එන විවෘතභාවය හා පුළුල්ව පැතිරි ඇති විස්තීර්ණභාවයයි. මෙය අනුරාධපුරයේ දැක්ක හැකිය. බොහෝ අවස්ථාවල පුරාණ ග්‍රීසියෙහි සිදුවූවාක් මෙන් ගොඩනැඟිලි එක් තැන් කිරීමේ හා සැලසුම් කිරීමේදී යොදා ගැනෙන නිවහල් භාවය සඳහා උදාහරණ කොට දැක්වී ඇත. මෙහිදී එහි මෙන් ස්වභාවික පරිසරය ප්‍රීතිමත්ව භාවිතයට ගැනීම සිදුවේ. ගොඩනැඟිලි ඒකක එකිනෙකට තියුණු ලෙස ප්රතිරෝධවන අයුරින් ස්ථානගත කිරීමද සිදුවන අතරම පිහිටි බිමෙහි අක්රමවත්භාවයට හානි නොවන සේ මනහර ලෙස ඒවා උචිත තන්හි ස්ථාපනය කිරීමද එහි මෙන් මෙහිදී ද සිදුවේ."
ෂර්ලි ද අල්විස් සිය කලාත්මක ගෘහ නිර්මාණය සඳහා ආභාසය ලැබුවේ ජාතික සම්ප්‍රදායෙන් බව ඔහු තමාගේ නිර්මාණ ගැන කරන විස්තරයෙන් ක්‍රම ක්‍රමයෙන් පැහැදිලිවේ. අනුරාධපුරයෙන් ඔහුගේ සිත් ඇඳ බැඳ ගත් නිර්මාණය වූයේ ටැම්පිට ඉදි වූ ලෝවා මහා පාය යි. විශ්වවිද්‍යාල පරිපාලනයෙහි හදවත බඳුවූ සනාතන ගොඩනැඟිල්ල ඔහු ඉදි කළේ එම පූර්වාදර්ශය අනුව බව ඔහු පවසා ඇත.
විශාල ගොඩනැඟිලි සැලසුම් කිරීමේදී අපට සිදුවූයේ සලපතළ මළුවල නැඟී සිටින සුවිසල් දාගැබ්වලින් ආභාසය ලැබීමට යෑයිද අල්විස් මහතා පවසා ඇත. එබඳු විශාල ගොඩනැඟිලිවලට උදාහරණ ලෙස "ඒ" කාමරය (කලාගාරය) සහ "බී" කාමරය මෙන්ම රාමනාදන් ශාලාව, සංඝමිත්තා ශාලාව, මාකස් ප්‍රනාන්දු ශාලාව, වැනි විශාල ගොඩනැගිලි මෙන්ම භූගෝල විද්‍යා ගොඩනැඟිල්ල, විද්‍යාපීඨ ගොඩනැඟිල්ල ආදිය දැක්විය හැකිය. ෂර්ලිද අල්විස් සැලසුම කළ "උපාධි ප්‍රදානෝත්සව ශාලාව" එහි ඔහු ඇන්ද චිත්රවලින් පෙන්නුම් කරන්නේ අතිශය සුවිශේෂවූ නිර්මාණයක් බවය. විශ්වවිද්‍යාල ශිෂ්‍ය ජීවිතයේ කූට ප්‍රාප්තිය සනිටුහන් කරන මෙම ගොඩනැඟිල්ල ඔහු ඉමහත් සැලකිල්ලකින් සැලසුම් කරන්නට ඇත. එහෙත් අපේ අභාග්‍ය වූයේ එම ගොඩනැඟිල්ලට අතගැසීමට පෙර ඔහු අභාවයට පත්වීමක් විවිධ සමාජ දේශපාලන හේතු නිසා විශ්වවිද්‍යාලය කෙරේ අවධානය ගිලිහී යැමත්ය.
යෝජිත ලංකා විශ්වවිද්‍යාලය ශ්‍රීමත් අයිවර් ජෙනිංග්ස් විසින් එවකට ලංකාවේ පැවැති එකම උසස් අධ්‍යාපන ආයතනය වූවා මෙන්ම ඔහු තාවකාලිකව (එනම් විශ්වවිද්‍යාලය පිහිටුවාලන තෙක්) ප්‍රධානාචාර්ය පදවිය දැරූ ලංකා විශ්වවිද්‍යාල ශාස්ත්‍රාලය (Ceylon University College) එහි පරිපාලන ගොඩනැඟිල්ල ලෙස භාවිත කළ (අද කොළඹ විශ්වවිද්‍යාලයේ පරිපාලනය ශාස්ත්‍රාලය පිහිටුවා තිබෙන) "කොලෙඡ් හවුස්" ගොඩනැඟිල්ලේ සදලුතලයෙහි කොඩිගසෙහි ලංකා විශ්වවිද්‍යාල ධජය එසවීමෙන් 1942 ජුලි 2 වැනි දින දී විධිමත්ව විවෘත කරන ලදී. අප ඉහත සඳහන් කළ පරිදි මෙය හුදු තාවකාලික පියවරක් වූයේ රාජ්‍ය මන්ත්‍රණ සභාව විසින් පේරාදෙණියෙහි ලංකා විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා මූලික තීරණය ගෙන තිබුණු නිසාය. ජෙනිංග්ස් ආචාර්යතුමා පවසන පරිදි ඔහු වෙත පැවරී තිබුණු කාර්යය වූයේ "විශ්වවිද්‍යාලය පිහිටුවා එය පේරාදෙණියෙහි ස්ථාපිත කිරීමය"ය.
සැලසුම් කළ පරිදි ඒ කටයුත්ත කළ හැකි වූයේ නැත. 1939 දී ඇරඹුණු දෙවන ලෝක මහා සංග්‍රාමය 1942 වන විට උත්සන්න තත්ත්වයකට පත්ව තිබිණි.
ජපනුන් කොළඹටත් ත්‍රිකුණාමලයටත් ගුවන් ප්‍රහාර දෙකක් එල්ල කළහ. එයින් පසු එබන්දක් ලක්දිව සිදු නොවූ නමුත් ජපන් හමුදා අග්නිදිග ආසියාවේ කොටස් අල්ලාගෙන සිටියේය. 1944 දී යුද බිය පහව ගියායින් පසුව විශ්වවිද්‍යාලය පේරාදෙණියේ ගොඩනැඟීමේ කාර්යයට අත ගසන ලදී. යුද අවධියේදී අග්නිදිග ආසියාවේ බ්‍රිතාන්‍ය හමුදාවන්හි ප්‍රධාන අණදෙන නිලධාරී කාර්යාලය පිහිටුවා තිබුණේ පේරාදෙණිය භූමියෙහිය. යුද සමයෙන් පසු එම භූමිය යළි විශ්වවවිද්‍යාලයට භාර දෙන ලදී. විශ්වවිද්‍යාලය සඳහා නව ගොඩනැඟිලි ඉඳිකිරීමේ කටයුතු ඇරඹුණේ ඉන් පසුවය. එම ගොඩනැඟිලි රජයේ පොදු ඉදිකිරීම් දෙපාර්තමේන්තුව (Public Works Department) වෙත පැවරුණි. එවකට එම අමාත්‍යාංශය භාරව සිටියේ ඡේ. එල්. (පසුව ශ්‍රීමත් ජෝන්) කොතලාවලය. එම දෙපාර්තමේන්තුවේ සිටි කෘතහස්ත ගෘහ නිර්මාණ ශිල්පියකු වූ ෂර්ලිද අල්විස් විශ්වවිද්‍යාල ගෘහ නිර්මාණ ශිල්පී (University Architect) ලෙස පත් කරනු ලැබීය. ඔහු පේරාදෙණියේ එවකට තිබුණු වතු යායට අයත් පැරණි ගොඩනැඟිල්ලක තම කාර්යාලය පිහිටුවාගෙන කටයුතු ආරම්භ කළේය. ප්‍රධාන දේශන ශාලා විශේෂයෙන් එවකට පැවැති විශාලතම පීඨ වූ ප්‍රාචීන අධ්‍යයන පීඨයට හා ශාස්ත්‍ර පීඨයට අයත් ගොඩනැඟිලිද සනාතන ගොඩනැඟිල්ලද ආචාර්යවරුන්ට නිල නිවාසද සහිතව විශ්ව විද්‍යාලයේ අත්‍යවශ්‍ය ඉදිකිරීම් 1950 පමණ වන විට වත් නිම කොට දිය යුතුව තිබුණි. එදා තිබුණු අවම තාක්ෂණය භාවිතය ගැන සිතන විට මෙය කිසිසේත් ඉටුකරගත හැකි වූ කාර්යයක් නොවීය.
ෂර්ලිද අල්විස් විසින් සැලසුම් කරන ලද විචිත්‍රවත් ගොඩනැඟිලි ශ්‍රීමත් අයිවර් ජෙනිංග්ස් මහත් අභිරුචියෙන් අගය කළ බව පෙනේ. ජෙනිංග්ස්ගේ පවුලේ උදවිය (විශේෂයෙන් ඔහුගේ දූවරුන් වන ක්ලෝර් සහ ෂර්ලි) පසුව සඳහන් කර ඇති පරිදි ඔහු සිය මනෝභාවයන් ප්‍රකට නොකළ පුද්ගලයෙකි. එහෙත් ඔහු තුළ විශ්වවිද්‍යාල ගෘහ නිර්මාණ ශිල්පය කෙරෙහි වූ ගෞරවාන්විත ඇගැයීමද අල්විස් මියගිය අවස්ථාවේ ප්රකටව දක්නට ලැබුණි. 1950 දී ගොඩනැඟිලි සම්පූර්ණ කිරීමට නොහැකි වූ විට 1952 තෙක් එය දීර්ඝ කරන ලදී.1952 ජනවාරි මස පසුවූ විට එම සැප්තැම්බර් මසදී නම් කෙසේ හෝ ඒවා සූදානම් විය යුතු බවත් කොළඹ සිටි ප්‍රධාන ශිෂ්‍ය පිරිස පේරාදෙණියට නේවාසිකවීමට පැමිණෙන අතර, උපකුලපති කාර්යාලය සනාතන ගොඩනැඟිල්ලේ ස්ථාපනය කිරීමට දින නියම වී ඇති බවත් දැනුම් දෙන ලදී. ෂර්ලි ද අල්විස් දිවා රෑ නොතකා තම ගොඩනැඟිලි ඉදිකිරීම අධීéණයෙහි නිරතව සිටියේය. ජෙනිංග්ස් මහතා වාර්තා කොට ඇති පරිදි තවම ගොඩනැඟිලි සම්පූර්ණ වෙමින් පැවැති එක් සන්ධ්යාභාගයක ඔහු තම උපකුලපති කාර්යාලයේ වැඩක නිරතව සිටියේය. වහාම ගෘහ නිර්මාණ ශිල්පියාගේ කාර්යාලය වෙත එන ලෙස ඔහුට දැන්වීමක් ලැබුණි. ඔහු එහි දිව ගියේය. ෂර්ලිද අල්විස් අසනීපගතවී එහි දිගාවී සිටිනු ඔහුට දැකගත හැකිවිය. තව මොහොතකින් ඔහු අවසන් හුස්ම හෙළුවේය. ඔහුගේ අවසන් වචනය වූයේ My Buildings යන්නය. තමා සැළසුම් කළ තමාගේ අධීéණය යටතේ ඉදිවෙමින් පැවති කිසියම් ගොඩනැඟිල්ලක් සඳහා අනුරාධපුරයේ ගොඩනැඟිල්ලක ඇති එක්තරා අලංකරණයක් යොදා ගැන්මට ඔහු ඉටා සිටියේය. එය බලා සටහන් කරගෙන ඒම සඳහා එදා අනුරාධපුරයට යැමට ඔහු සැලසුම් කොට තිබුණු බව පැවසේ.
අද අපි මහත් ආඩම්බරයෙන් සලකන එම විශිෂ්ට වාස්තුවිද්‍යාත්මක නිර්මාණයන් පිටුපස තිබුණේ එක් තනි පුද්ගලයකුගේ කලාත්මක චින්තනයයි. තම දේශයේ ප්රෙෘඨ අතීතයෙන් උකහා ගත හැකි අගනා අංගය අනාගත විද්වතුන් බිහිකිරීම සඳහා සැලසුම් වූ විශිෂ්ඨ විද්‍යායතනය සඳහා වන නිවහන් සැලසුම් කිරීමේදී හා අලංකරණයේදී යොදා ගත යුතු බව ඔහු තිරසාර තීරණයකට එළඹ තිබුණි. ඔහු සැළසුම් කළ ගොඩනැඟිවල පාදම, උළුවහු, කවාට ස්තම්භ ආදී සියල්ල පාරම්පරික සිංහල ගෘහ නිර්මාණ ශිල්පයේ විවිධාංග නූතන ගොඩනැඟීම් සඳහා යොදාගත හැකි ආකාරය විශාද කරන නිර්මාණයෝ වෙත්. සනාතන මන්දිරයේ මෙන්ම නේවාසිකාගාරවල ඇති අගනා කවාට පොළොන්නරුවේ වටදාගේ හෝ මැදිරිගිරියේ වටදාගේ අනුකරණයෙන් නිර්මිතය. නේවාසිකාගාරයන්හි ශිෂ්‍ය පොදු කාමරයක ඇති කොරවක්ගල අනුරාධපුරයේ ගොඩනැඟිල්ලකින් ආභාසය ලැබූවකි. පාදම්වල යොදා ඇති හස්ති රූප, උන්නත නෙළුම් මල් ආදිය මනා රුචිකත්වයෙන් යුක්තව ගොරහැඬි ලෙස අංග ගොඩ ගැසීම් නැති නිර්මාණ ලෙස කලාත්මක අගයෙන් යුක්තය. ශාස්ත්රපීඨ ගොඩනැඟිල්ල ඉදිරිපස ඇති විශාල සිංහ රූපද අනුරාධපුරයෙන් ලැබූ ආභාසය පෙන්නුම් කරයි. මේ සියලු ගොඩනැඟීම් ඉතා සවිශක්තියෙන් යුතුව බොහෝ කලක් පවතින ලෙස නිර්මිතය.
1952 දී ෂර්ලි අල්විස් හදිසියේ අභාවයට පත්වී නොබෝ දිනකින් ශ්‍රීමත් අයිවර් ජෙනිංග්ස් සිලෝන් ඩේලි නිවුස් පුවත්පතට ඔහු පිළිබඳ ගුණ කථනයක් ලියා යෑව්වේය. සැප්තැම්බර් 4 වන දින එම පුවත්පතේ පළවූ එම ගුණ කථනයෙහි මෙසේ සඳහන් වී තිබුණි.
"ඔහුට ස්වකීය ස්මාරකයක් ලැබෙනු ඇත. එය කාලයාගේ අවසානය තෙක්ම පවතිනවා ඇත. තව වසර සියක අවෑමෙන් කුමක් සිදුවනු ඇති දැයි අපි නිතර කථා කළෙමු. ඒ කාල්පනික අභ්‍යාසයක් ලෙස නොවේ. අපේ සාමාන්‍ය වෘත්තියේ කොටසක් ලෙසටය. ඔහු ද විශ්ව විද්‍යාලයේ සාමාජිකයන් මෙන් විශ්වවිද්‍යාල ආයතනයන්හි ස්ථිරභාවය ගැන සවිඥානක විය. ඔහු මිය ගියේ මේ දේ දැනගෙනය. එනම්, මින් සියවස් ගණනාවකට පසුව ඔහුගේම ජනතාවට අයත් තරුණ මානවක මානවිකාවන් තමන්ගෙන්ම " මේ විශ්වවිද්‍යාලය ඉදි කළේ කවුද? කියා ප්‍රශ්න කරන අතර විශ්ව විද්‍යාලය තමන්ගේ ඉතිහාසය ගැන ආඩම්බර වන හෙයින් ඒ ස්මරණය නැසී යන්නට ඉඩ නොදෙන නිසා කිසියම් අයෙකු විසින් "ඒ කළේ ෂර්ලිද අල්විස් කියා මිනිසෙක්" යෑයි පිළිතුරු දෙන බවත් දැනගෙනය".
උපකුලපති අයිවර් ජෙනිංග්ස් එදා සඳහන් කළ ස්මාරකය අන් කිසිවක් නොව ඒ ශේ්රෂ්ඨ ගෘහ නිර්මාණ ශිල්පියා විසින් නිමවන ලද ගොඩනැඟිලි සමූහයය. ජෙනිංග්ස් ආචාර්යතුමා විශ්වවිද්‍යාලයත් තම ඉතිහාසය ගැන ආඩම්බර වන බව කියන්නට ඇත්තේ ඔහුගේ සමාජයේ තත්ත්වය ගැන සිතමින් විය යුතුය. මේ ගැන ශ්‍රී ලංකාවේ අපට ඇති අත්දැකීම් ගැන සාකච්ඡා අවශ්‍ය නැත. කෙසේ වුවද ෂර්ලිද අල්විස් සඳහා ඉතා කලාත්මකව හා මනා සංයමයෙන් සැලසුම් වූ ස්මාරකයක් විශ්වවිද්‍යාල භූමියේ පළමු වටරවුම මධ්‍යයේ ඉදි කෙරුණි. එයට ජෙනිංග්ස් උපකුලපතිතුමාගේ පූර්ණ අනුග්‍රහය ලැබෙන්නට ඇත.
හුදෙක් ශෝභමාන ගොඩනැඟිලි ඉදිකිරීමෙන් පමණක් පේරාදෙණි සරසවි උද්‍යානය සම්පූර්ණ නොවන බව ෂර්ලිද අල්විස් මෙන්ම අයිවර් ජෙනිංග්ස් උපකුලපතිතුමාද දැන සිටි බව පෙනේ. ද අල්විස් තමා සැලසුම් කළ ගොඩනැඟිලි පිහිටි භූමිය අලංකරණය කිරීම සඳහා පියවර ගත් අයුරු මෙසේ සඳහන් කර ඇත.
"අත්‍යාලංකාර වූ විවෘත තෘණ භූමි මල්පලින් සුසැදි ගහකොළ මගින් විභූතිමත් කරනු ලැබේ. තැනිතලා මීවන පැළෑටියෙන් සුසඡ්ජත වන්නේය. ඒවා මැදින් නිබඳව ගලා යන දිය මං හරස් කොට සිය ඇලි සැලසුම් කෙරේ. විටෙක එම දිය මඟක් හරස් කොට පොකුණක් නිමවා මානෙල් නෙළුම් සිටුවා සුපුෂ්පිත වීමට ඉඩ සෑදෙනු ඇත."
එදා එසේ මහත් ආයාසයෙන් සැලසුම් කළ සරසවි උයන තුළ ඇති සුන්දරත්වය ගැන සංවේදි වූයේ කීයෙන් කීදෙනාද? ශ්‍රීමත් අයිවර් ජෙනිංග්ස් තම ස්වචරිතාපදානයේ සඳහන් කර ඇති පරිදි සරසවි භූමිය අගනා තුරුලතාවන් ගෙන් සරසාලීමට ඔහුද හවුල් විය. එවක පේරාදෙණිය උද්භිද උද්‍යානයේ පාලකවරයා හා එක්ව මෙතැනට සුදුසු මලින් බරවන තුරුලතාවන් තෝරා ගෙන ඒවා හිඳුවාලීමට ඔහුද සහභාගිවිය. එදා ඔවුන් එක්වී රෝපණය කළ අගනා තුරුලතාවෝ එම පුරෝගාමීන් ස්මරණය කරමින් අදත් කල්යල් බලා සුපුෂ්පිත වෙත්.