පොරොන්දු වූ වරායේ රැකියා ඉල්ලා හම්බන්තොට

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    පොරොන්දු වූ වරායේ රැකියා ඉල්ලා හම්බන්තොට

    හම්බන්තොට වරායෙන් පොරොන්දුවූ රැකියා ලබා දෙන ලෙස ඉල්ලා හම්බන්තොට තරුණ තරුණියන් ඊයේ අම්බලන්තොට නගරයේදී උද්ඝෝෂණයක නිරත විය. සමාජවාදී තරුණ සංගමය විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.

    ආණ්ඩුව පසුගිය මැතිරණ සමයේ හම්බන්තොට වරායේ රැකියා ලබාදෙන ලෙස දුන් පොරොන්දු කඩකරමින් සිටින බවට එම උදඝෝෂණය නිරත වූ තරුණ තරුණියන් ආණ්ඩුවට චෝදනා කළේය. හම්බන්තොට වරාය විවෘත කර මාසයකට අධික කාලයක් ගත වී තිබිය දීත් හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ එකදු තරුණ තරුණියකටවත් මේ වනතෙක් රැකියාවක් ලබා දී නොමැති බවත් ආණ්ඩුව තරුණ තරුණියන්ගේ රැකියා ප‍්‍රශ්නය විසදීම සඳහා කිසිම ක‍්‍රියා මාර්ගයක් ගැනීමට උත්සහා නොකරන බවත් උද්ඝෝෂකයෝ පැවසීය. එබැවින් බොරු පොරොන්දු ලබා නොදී තරුණ තරුණියන්ගේ රැකියා ප‍්‍රශ්නය විසඳන තුරු මෙම අරගල දිවයින පුරා සිදුකරන බවට එහිදී උද්ඝෝෂකයෝ ආණ්ඩුවට අවධාරණය කළේය.


    ham01.jpg

    ham02.jpg

    ham03.jpg

    ham04.jpg



    lankatruth*********
     

    Similar threads