පොර කාල පූසො දෙන්නගේ ශරීරයේ පදාර්ථ අතුරු&#3503

astroboy

Member
Feb 5, 2011
228
26
0
Sri Lanka
පොර කාල පූසො දෙන්නගේ ශරීරයේ පදාර්ථ අතුරු&#3503

නිකං ඉන්න ගමන් ත්‍රෙඩ් එකක්ද මොකක්ද එකක් දාන්න හිතුනේය. ඒක නිසා මේක දාන්නේය. මේක පෝය දවසේ අත්තනායක එම් හේරත් මහත්මයා කිව්ව කතාවක්ය. එහෙනම් කියන්න පටන් ගන්නවාය. කියවල හොඳ නම් රෙප් එකක් හරි දෙන්නය. :D


ඔන්න එකමත් එක රටක ටීචර් කෙනෙක් හිටියාය. ඔය ටීචර් දවසක් පන්තියේ ලමයින්ට පොරකන පූසො දෙන්නෙක් ව චිත්‍රයට නගන්න කියල ලමයින්ට පැවරුමක් දුන්නාය. ඔන්න ඉතින් ලමයි දාගෙන අඳිනවාය. ඔය අතරේ එක ලමයෙක් සිටියේය. ලමයා පූසො අඳින්න දන්නේ නැතය. ඒක නිසා ලමයා කරන්නේ මොකක්ද කියා හොඳට කල්පනා කලේය. ලමයාට විශිෂ්ට අදහසක් හිස් ගෙඩියට ආවේය. ලමයා පූසො දෙන්නෙකුගේ වලිග දෙක පමණක් ඇන්දේය. ඇඳලා ටීචර්ට ගිහින් දුන්නේය. ටීචර් බලලා මේ මොකක්ද ඇහුවේය. ලමයා විස්තරේ මෙන්න මෙහෙම කිව්වේය.

"ටීචර්ය. මේ පූසො දෙන්නෙක් පොරකාලාය. එක පූසෙක් අනිත් පූසාව ගිල්ලේය. අනිත් පූසා මේ පූසාව ගිල්ලේය. එහි තේරුම නම් පූසො දෙන්න පූසො දෙන්නාව ගිලගත් බවය. දැන් දෙන්නා ගිලගත් නිසා පූසො දෙන්නාගේ කඳ නැත. ඇත්තේ වලිගය විතරය."

මේක හරි අද්භූතය. පූසො දෙන්නාගේ ශරීරයේ ඇති පදාර්ථ අතුරුදහන් වී ඇත. ගිලලා ගියා නම් ඒව දිරවමින් බඩවැලක හෝ තිබිය යුතුය. දෙදෙනා ගිලගත්තහම සේරම අතුරුදහන් වී ඇතය. දන්න කෙනෙක් මේක වෙන්න පුළුවන්ද කියල තේරුම් කරලා දෙන්නය.

අහ් පොඩ්ඩක් ඉන්නය. ටීචර් ඊට පස්සෙ ලමයට ලකුණු 10යෙන් 10ම දුන්නාය. දීලා ඊට පස්සේ මෙහෙම වෙන්න පුලුවනි දැයි කල්පනා කරන්නට පටන් ගත්තාලුය.
:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: