පොර බදලා සතුටින් මැරෙමු

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,115
    19,704
    113
    Miami
    මේ කතාව ඇත්ත, දැන් තත්වෙ මේ තරම්ම කචල් නැතත් මගේ කැම්පස් එකෙත් හිටියා ජීවත් වීම සඳහා අපි කවදාවත් නොකරන වැඩ කරපු ළමයි. බස්නාහිර පළාතේ ඉපදිලා හැදී වැඩුන අපිට සාමාන්‍ය දෙයක් උන ඉංග්‍රීසි සහ පරිගණක අධ්‍යාපනය සෑහෙන luxury එකක් උන ළමයි හිටියා. හැමදාම පාලනේ කරන පවුල් ටික කලේ සමාජෙ මේ පන්තිය මෙතනම තිබ්බ එක. කැරට් අලේ පෙන්නලා චන්ද ටික ඩැහැගන්න උන්ව පාවිච්චි කරන්නෙ. මේ අසාධාරණේ අපිහැමදාම දැක්කත් අපිට ප්‍රශ්නයක් නැති නිසා අපි මුකුත් කියන්නෙ නෑ.
    businessman-rides-donkey-and-carrot-driving-donkey-goal-achievement-vector-id1309794364
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඔය මොන සුරන්ගනා කතා කිව්වත්, මෙයාලගෙ ක්‍රමේ තියෙන්නෙ තියෙන එකාගෙන් අරන් නැති එකාට දෙන්න.

    නැති එකාට ස්කිල් එකක් පුරුදු වෙලා තමන්ගෙම බිස්නස් එකක් හරි රස්සාවක් හරි කරල දියුණු වෙන එකක් නෙවෙයි. ලෝකෙත් සමාජවාදෙට ගිය හැම රටක්ම ෆේල්.
    මේක වෙන විදිහ පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද?
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව හදිසියේම ලක්ෂ දෙකකට ආසන්න මුදලකින් වැඩි කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

    මේ අනුව යාපනය වැනි ඈත දුර බැහැර ප්‍රදේශවල මන්ත්‍රීවරයකුට ඉන්ධන වෙනුවෙන් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් අමතර වශයෙන් සිය වැටුපට මාසිකව බැර කෙරෙනු ඇත.

    සෙසු පළාත්වල මන්ත්‍රීවරුන්ටද ලක්ෂයකට වැඩි මුදලක් මේ අනුව හිමිවනු ඇත.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉන්ධන සඳහා ලබාදෙන දීමනාව පසුගිය ජුනි මාසය දක්වා ලබාදී ඇත්තේ පැරැණි ඉන්ධන මිලට අනුව ගැළපීමෙනි. වැඩි කෙරුණු ඉන්ධන මිල අනුව ගලපා දීමනාව ගෙවීම ආර්ථික අර්බුදය හේතුවෙන් හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ නියෝගයක් අනුව පසුගිය කාලයේදී නතර කෙරිණ.

    ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගෙන ඉන්ධනවල අලුත් මිල ගණන් අනුව ගලපා දීමනාව ගෙවන ලෙස මන්ත්‍රීවරුන් ගණනාවක් රජයේ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබිණ. ඉන්ධන දීමනාව මෙසේ වැඩි කර ඇත්තේ එම ඉල්ලීමේ ප්‍රතිඵලයක් විදියට බව ඒ ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

    ඉන්ධන ප්‍රශ්නය හේතුවෙන් ඈත දුර බැහැර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු පාර්ලිමේන්තුවට පසුගිය කාලයේදී පැමිණියේ ඉතාම අඩු වශයෙනි.