මහින්ද යනු කඩොල් ඇතෙක් - උදය ගම්මන්පිල
-කවුද යකෝ උගේ පිට උඩ නගින්න දඟලන ගැමුණු ව • ජනතාව මං බලන්න මැදමුලනට එන්නෙ පිරිස් පිටින් - මහින්ද රාජපක‍්ෂ
-වෙනසකට තියෙන්නෙ අතින් කාල හරක් බලන එකනෙ
• මට විතරක් හොරා හොරා කියන්නෙ සංධාන ආණ්ඩුවෙ හිටියෙ මං විතරද- සජින්වාස්
-ඒකනෙ ලොක්කත් එක්ක එකට කාල මං විතරක් මොකෝ නේද..?
• මහින්දයි මායි එකම වේදිකාවට ගේන්න හදන අය තාම දන්නෙ නෑ මෛත්‍රීපාල කියන්නෙ කවුද කියල - ජනපති මෛත්‍රීපාල
-රෙදි නාඳින උන් එක්කල මොන සහවාසෙ ද මෛත්‍රී ?
• මහින්දට අගමැති අපේක‍්ෂක කම නොලැබෙයි කියල හිතනව නම් අද රෑට හඳ කඩන් වැටෙයි කියලත් හිතල සැළසුම් හදන්න වෙයි - උදය ගම්මන්පිල
-නගුට උස්සගෙන හඳට බුරන්නෙ ඒක වෙන්න ඇති
• ප්‍රතිවාදිය පරද්දන එකයි පළිගන්න එකෙයි වෙනස දරුවන්ට උගන්වන්න ඕන - මහින්ද රාජපක‍්ෂ
-ඇයි ෆොන්සේක ට කරපු දේ දරුවන්ට කීවෙ නැතෙයි..?
• මහින්ද කරත්ත රෝදයෙන් අගමැති කමට එනවා - දිනේෂ්
-අනිත් රෝදෙත් දාගත්ත නම් දෙබානම බඳින්න තිබුන
• 19 වෙනි සංශෝධනයෙන් ජනපති පඹයෙක් වෙනවා - පාඨලී චම්පික
-යක‍්ෂයෙක් වෙලා කරපු හරිය මදෑ
• මම නම් සතුරාටත් මෛත්‍රී කළා - මහින්ද රාජපක‍්ෂ
-ලසන්ත වික්‍රමතුංගල එක්නැලිගොඩල නිවනටත් යැව්වෙ
• මහින්ද අගමැති කමට තරඟ කරන්න හදන්නෙ රෙදි ඇඳගෙනද - ජනපති මෛත්‍රීපාල
-හෙළුවැල්ලෙන් ඉන්න එකාට රෙදි ගැන කැක්කුමක් තියෙනවයැ
• මහින්ද අගමැති කරවන්න අත්සන් දස ලක්ෂයක් ගන්නවා - ගම්මන්පිල
-ඇයි ලක‍්ෂ 62 ක් සිය කැමැත්තෙන් ම අත්සන් කරල තියෙන්නෙ ‘එපා‘ කියල
• අපේ අරමුණ ශ්‍රීලනිප ය අධිරාජ්‍යවාදීන්ගෙන් බේරා ගන්නයි - වාසුදේව
-පාක‍්ෂිකයො නම් ශ්‍රීලනිප ය පවුල් වාදයෙන් බේරගත්ත
• මහින්ද රාජපක‍්ෂ කියන නාමය දරුවාගේ සිට මහල්ලාගේ සිතටත් කාවැදිලා - බෙල්ලන්විල විමලරතන
-ඇත්ත නේන්නම් ඒ හැමෝම හිටියෙ කොච්චර තැති ගැනීමකින් ද..?
• කෝ මේ පාලකයො කියපු යහපාලනය - මහින්ද රාජපක‍්ෂ
-ඒකනෙ තමනුත් තම පවුලත් අඩි 6 ක් පොළව යටට යවන්න හදපු එකාටත් මෛත්‍රී කරනවනෙ
• දැන් මං විවේකීව ඉන්න කොට තමයි කුහකයො අවස්ථාවාදියො කවුද කියල පේන්නෙ - මහින්ද රාජපක‍්ෂ
-ලක‍්ෂ 62 ක් ජනතාව තමයි ඒක තේරුම් කරල දුන්නෙ
• නීතිපති පොලිස්පති ගන්න ඕන තීන්දු ගන්නෙ ඇමතිවරු, යහපාලනය මේක නම් මේ රටට දෙවියන්ගෙම පිහිටයි - මහින්ද රාජපක‍්ෂ
-කලින් ඔය තීන්දු ගත්ත යක‍්ෂයා පැන්නුවෙ නැත්නම් තමයි මේ රටට දෙවියන්ගෙ පිහිට ඕන වෙන්නෙ
• ලක‍්ෂ 62 ක් ජනතාව මෛත්‍රීපාල ජනපති කළේ විලියම් ගොපල්ලව කෙනෙක් කරන්න නෙවෙයි - රාජිත සේනාරත්න
-දෙකොනෙන් ම කාපු එකාලට රහ දැනෙනව වගේ තාමත්
• ශ්‍රීලනිප ය දෙකඩ වන ලකුණු - ප්‍රවෘත්තියක්
-සියළුම දේශපාලන පක‍්ෂ දෙකඩ කරපු මෘගයගෙ දිට්ඨ ධම්ම කරුමෙ තමයි
• කන්කසන්තුරේ මන්දිරය හැදුවෙ මට නෙවෙයි - මහින්ද රාජපක‍්ෂ
-නෝනටයි ලමයින්ටයිනේ
• මට එරෙහිව හදන ජනමතයට ජනතාව එකඟ නෑ - මහින්ද රාජපක‍්ෂ
-ඔහේ ජනතාව කියල කියන්නෙ විමල්ට-දිනේෂ්ට-ගොම්මන්පිලට- වාසිදේවට වෙන්ටැ
• ගහෙන් ගෙඩි එන්න වගේ 19 වන සංශෝධනය ගේන්න දෙන්නෙ නෑ - නිමල් සිරිපාල
-අන්න ඒකනෙ 18 වගේ එපායැ ගේන්න නේද මරිසිපාල
• අපි කාගෙවත් බැලයො නෙවෙයි ඒත් මහින්ද නැති අඩුව රටට දැනෙනවා - මැදගොඩ අභයතිස්ස
-මේකා ජැකාගෙ සහෝදරයෙක් වෙන්නැති
• යුක්රේනයට නීති විරෝධි අවි විකුණූ මහින්ද ගෙ ඥාති උදයංග වීරතුංග අතුරුදන් - ප්‍රවෘත්තියක්
-අතුරුදන් වුනේ මක්කටෙයි, ලංකාවට ආව නම් ගෝඨා වගේ ආරක‍්ෂාව ඇතිව සැපට ඉන්නවනෙ
• මතක තියාගන්න මං හොඳ වීදි සටන් කරුවෙක් - මහින්ද රාජපක‍්ෂ
-ඒ කාලේ මහ පාරවල් වල ඇණ කොටා ගත්ත මෝලෙක් බව නම් දන්නව. ඒ වුනාට ජනවාරි 8 කුණු කානුවෙන් බේරුනේ නම් රනිල්ගේ මෛත්‍රීයට පිං සිද්ධ වෙන්නයි
-පොර ටෝක් කොර කෙළේ හේවායා විසිනි-