පොල්කටු අගුරු ලිප

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ගෑස් නැතුව සාර්ථකව අදට හරියට ම මාසයයි.
    දුම නෑ
    දැලි නෑ
    ඕනකම තියෙනවා නං හදාගන්න බැරි නෑ

    කලින් කිව්ව වගේ
    හට්ටියට 150යි.
    මල් පෝච්චිය 300යි
    ඉල්ලගත්ත computer fan එකයි
    ගෙදර තිබිච්ච පවර් පැක් එකයි
    ඉවත දාලා තිබිච්ච ටින් එකයි.

    නිෂ්පාදන ක්‍රියාවලියට පැයක් විතර ගියා.

    මේක හරිම පහසුයි.

    ශක්තිමත් ඔබට සුදුසු යැයි හැගෙන මේ ආකාරයේ මල් පෝච්චියක් තෝරාගන්න.

    එහි කටට මනා සේ ගැලපෙන මැටි හට්ටියක් ගලපා ගත යුතුය.

    එම මැටි හට්ටිය නොබිදෙන සේ සිදුරු විස්සක් පමණ විදිනයක් මගින් සිදුරු කරගන්න.

    තෝරාගන්නා ලද මල් පෝච්චියට ටින් එක සවි කර ගැනීමට දෙන්නෙක් ඒ ප්‍රමාණයට ඔබට සුදුසු ආයුධයකින් මල් පෝච්චිය හෙමින් සිදුරු කරගන්න පහල කොටසින්. ඉන් අනතුරුව ටින් එක එම සිදුරට ඇතුල් කරන්න. එය සවි කර ගැනීම සඳහා සිමෙන්ති බදාම සුළු ප්‍රමාණයක් අවශ්‍ය වනවා.
    ඉන්පසු එම ටින් එකේ අනෙක් අන්තයට computer fan එක සිලිකන් ගම් යොදා අලවා ගන්න. එහි අග්‍ර දෙකට පවර් පැක් එක සම්බන්ද කර විදුලිය ලබා දෙන්න.

    මල් පෝච්චියේ උඩින් සිදුරු කරන ලද මැටි හට්ටිය තබා දහනය කරන ලද පොල්කටු අඟුරු (ගිනි ගැන්වීමට සලස්වා ජලය යොදා නිවා ගැනීමෙන් අනතුරු ව පහසුවෙන් ඒවා තමන්ටම හදා ගන්න පුළුවන්. තෙතමනය යනතෙක් ඉන්පසු වියළා ගන්න. එකවර පොල්කටු විශාල ප්‍රමාණයක් දහනය කිරීමෙන් මෙම ක්‍රියාව ඉතා පහසු වනු ඇත.) සිදුරු කරන ලද මැටි හට්ටිය උඩට අවශ්‍ය ප්‍රමාණයට දමා ගිනි දල්වන්න (එම පොල් කටු අගුරු ගිනි දැල්වීම සඳහා පොල් තෙල් වල පොඟවන ලද පහන් තිරයක් යොදා ගැනීම ඉතා පහසුය) එසේ අඟුරු ගිනි දල්වන අවස්ථාවේදී පෑන් එක ක්‍රියාත්මක කරන්න. එමගින් අඛණ්ඩව පොල්කටු දහනය වීම සඳහා අවශ්‍ය වාතය ලැබීමත් සමග ඉතා ඉක්මනින් පොල් කටු ගිනියම්ව අවශ්‍ය ආහාර පිස ගැනීමට ඔබට හැකිවනු ඇත. (සාම්ප්‍රදායික මයිනහම තාක්ෂණය) computer fan එක සවි කරාට පස්සේ විදුලියෙන් ක්‍රියාත්මක වෙනවා එපමනයි

    (උපුටා ගැනීම : Pushpika Chandrasekara)

    FB_IMG_1654063253886.jpg
    FB_IMG_1654063255645.jpg
    FB_IMG_1654063257317.jpg
    FB_IMG_1654063261860.jpg
    FB_IMG_1654063264066.jpg
    FB_IMG_1654063265990.jpg
    FB_IMG_1654063268510.jpg
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම නම් එකක් ගත්තා. තාම test කරන්න බැරි උනා.