පොල්ගම්පොල සන්ධානයට ........
පොල්ගම්පොල ජවිපෙට එරෙහි සටනක...
2010 ජනවාරි 04 වෙනි සදුදා, 15:57 .
ජවිපෙ කෑගල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අනුරුද්ධ පොල්ගම්පොල මහතා ඇතුළු පිරිසක් ජවිපෙ මෙවර ජනාධිපතිවරණයේ දී ගත් තීරණයට එරෙහිව සන්ධානයට සහාය දීමට තීරණය කර තිබේ. තමා සමග කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රබල ක්‍රියාකාරීන් සාජිකයන් ඇතුළු 500 ක පමණ පිරිසක් සිටින බවත් ඉදිරියේ දී ජවිපෙ ගැන කලකිරී සිටින සියලූ දෙනා ඒකරාශි කර ගන්නා බවත් පොල්ගම්පොල මහතා ඊයේ (03) පැවති මධ්‍ය හමුවක දී පැවසීය.
මේ අතර මේ සම්බන්ධව අද (04) මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙන්නේ පොල්ගම්පොල මහතා යනු ජවිපෙ විනය නීති උල්ලංඝණය කිරීමත්, ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමත් හේතුවෙන් ජවිපෙන් නෙරපා හළ පුද්ගලයෙකු බවය.
එම චෝදනා ප්‍රතික්ෂේප කරන පොල්ගම්පොල මහතා පවසන්නේ තමා ජවිපෙන් ඉවත් වූයේ පක්ෂයේ විනය සම්බන්ධ ප්‍රශ්නයක් නිසා මිස ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමක් නිසා නොවන බවය. තමා මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීම ගැන පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ ජවිපෙ විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ ද මේ බව පැහැදිලිව සඳහන් වී ඇති බවත් ජවිපෙ දැන් ඊට සපුරා වෙනස් කතාවක් කියන බවත් පොල්ගම්පොල මහතා පවසයි.
එමෙන්ම තමා මන්ත්‍රී ධුරයෙන් ඉවත් වුවද ජවිපෙ සාමාජිකත්වයෙන් ඉවත් නොවූ බවත් මෑතක් වන තුරු තමාට පක්ෂය සමග සමබන්ධතා තිබූ බවත් පෙන්වා දෙන පොල්ගම්පොල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ තමා මේ තීරණය ගත්තේ ජවිපෙ එජාපය හා යන ගමනට එරෙහිව බවය. ඉදිරියේ දී මේ තීරණයට එරෙහි තවත් පිරිස් හා එකතුව ජවිපෙට විරෝධය පළ කරමින් සන්ධානයට සහාය දෙන බව ඒ මහතා ප්‍රකාශ කළේය.