පොල්තෙල් මිල නොසිතන ලෙස ඉහළට
2025 නව වසර උදාවීමට ඇත්තේ තවත් දින 2ක් පමණයි.අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනතාව ආහාර ද්‍රව්‍ය ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල දී ගැනීමට පැමිණෙන අවස්ථාවක වෙළෙඳපොළේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසකම අර්බුදයක් පවතිනවා.
එවැනි පසුබිමක වෙළදපළේ හාල් සහ පොල් මිලට අමතරව පොල්තෙල් බෝතලයක මිල ද ඉහළ ගොස් ඇති බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා.
වෙලදපොලේ මේ වනවිට පොල්තෙල් බෝතලයක මිල රුපියල් 600-700 දක්වා ඉහල ගොස් තිබෙනවා.
මේ අතර, මාස ගණනක් පුරාවට රට තුළ පවතින සහල් අර්බුදය ද මේ වන තෙක් විසදී නැහැ. පෞද්ගලික අංශය මගින් සහල් මෙට්‍රික් ටොන් 75,000ක් අද උදෑසන වනවිට මෙරටට ආනයනය කර නිෂ්කාශනය අවසන් කර ඇති අතර ඒ අතර කැකුළු සහල් මෙට්‍රික් ටොන් 32,000ක් සහ නාඩු සහල් මෙට්‍රික් ටොන් 43,000ක් වන බව ශ්‍රී ලංකා රේගුව සදහන් කළා.
ඒ අනුව බොහෝ වෙළෙඳසැල් වෙත අද ආනයනික සහල් ලැබී තිබුණා.
එමෙන්ම රජය මෙරටට ගෙන්වීමට නියමිතව තිබූ සහල් මෙටි්‍රක් ටොන් 5,200ක තොගය පසුගිය 16 වැනිදා දිවයිනට ළඟාවන බව රජය පළමුව ප්‍රකාශ කළ ද, එය පසුව මේ මස 24 වැනිදා දක්වා කල් ගියා. කෙසේ වෙතත් එම සහල් අද වනවිටත් තොගය දිවයිනට පැමිණ නැහැ.
පවතින සහල් අර්බුදය ලබන ජනවාරි අවසානය වන තෙක් පවතිනු ඇති බව මරදගහමුල සහල් ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති බී.කේ. රංජිත් ප්‍රකාශ කළා
මේ අතර, ඉකුත් සතියට සාපෙක්ෂව අද වන විට වෙලදපොලේ උඩරට සහ පහතරට එලවළු මිල සිඝ්‍රයෙන් ඉහල ගොස් ඇති බවට වාර්තා වනවා.
රුපියල් 160 ක සිල්ලර මිලකට පැවති වට්ටක්කා කිලෝවක් මේ වන විට රුපියල් 300ත් 400ත් අතර මිලකටත්, අනෙකුත් සෑම වර්ගයේම එලවළු කිලෝවක්ම රුපියල් 500 ත් 800 ත් අතර සිල්ලර මිලකටත් අලෙවි වන බවයි වෙලෙදුන් කියා සිටියේ.