පොල්තෙල් වෙනුවට මෙන්න තෙල්

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    පහුගිය දවස්වල ලංකාවේ ඉතා දැඩිව කතාබහට ලක්වුණු මාතෘකාවක් තමයි ලංකාවේ අලෙවිවන පොල්තෙල් වර්ග කිහිපයකම පිළිකාකාරක විෂ රසායනික ද්‍රව්‍ය අඩංගුයි කියන එක. මෙයට හේතුව විදිහට සඳහන්වුණේ පොල්තෙල් වලට පාම් ඔයිල් ඇතුළු තවත් තෙල් වර්ග එක්කිරීමයි.
    විශේෂයෙන්ම ලංකාව කියන්නේ අතීතයේ ඉඳන්ම ආහාර පිසින්න පොල්තෙල් භාවිතා කරපු රටක්. ඒත් පසුකාලීනව පොල්තෙල් භාවිතය අධිකවීමත් ශරීර ක්‍රියාකාරීත්වයන් අඩුවීමත් එක්කම මේදය අධික ආහාර රටාව නිසාම අධික රුධිර පීඩනය, කොලෙස්ට්‍රොල් වැනි බෝ නොවන රෝග ව්‍යාප්තිය වැඩිවීමක් සිදුවුණා.

    ඒ විතරක්ම නෙවෙයි, පොල් හිඟවීම එක්ක පොල්තෙල් නිෂ්පාදනය අඩුවීම නිසා පොල්තෙල් වලට විවිධ දේ මිශ්‍ර කිරීම නිසා දැන් වෙද්දි පොල්තෙල් ආහාර පිසින්න භාවිතා කරන එක පිළිකාවලට අතවැනීමක් හා සමාන තත්ත්වයකට ඇවිත්. ඒ නිසාම අද අපි කතාකරන්න යන්නේ ලෝකය පුරා විවිධ රටවල්වල ජනතාව පොල්තෙල් වෙනුවට ආහාර පිසින්න භාවිතා කරන විවිධ තෙල්වර්ග ගැන.

    Extra Virgin Olive Oil
    ලංකාවේ ඔලිව් තෙල් භාවිතයෙන් කෑම පිසින එක එච්චර ප්‍රචලිත නැති වුණත් ලෝකයේ බොහොමයක් රටවල්වල ජනතාව ආහාර පිසින්න භාවිතා කරන්නේ ඔලිව් තෙල්. ඔලිව් තෙල්වලින් කෑම පිසිනකොට ගොඩක් දෙනෙක් කියන කතාවක් තමයි කෑම රස නෑ කියලා. ඒත් ඇත්තම කතාව තමයි ඒ අපි පොල්තෙල් වලට හුරුවෙලා ඉන්න නිසා තමයි එහෙම වෙනසක් දැනෙනවා කියන එක. ඒත් පොල්තෙල් වලටත් වඩා රසයෙන් මෙන්ම ගුණයෙනුත් ඔලිව් ඔයිල්වලින් පිසගන්න කෑම වර්ග ඉහළයි කියන එක තමයි ලෝකයේ බොහොමයක් ආහාර පෝෂණය සම්බන්ධ විශේෂඥයින්ගේ මතය. ඒකට හේතුව තමයි ඔලිව් තෙල් නිසා ශරීරය තුල මේදය අධික ලෙස තැන්පත්වීමක් වෙන්නේ නෑ, මොකද ඔලිව් තෙල්වල මේද සාන්ද්‍රණය අඩු නිසා. අනිත් කාරණය ආහාර පිසගන්න ඔලිව් ඔයිල් ගොඩක්ම රත්වෙන්න අවශ්‍ය නැති නිසා ආහාරවල ගුණදායීභාවය අඩුවීමක් වෙන්නෙත් නෑ, අඟුරු වෙන තරමට ආහාර විනාශ වෙන්නෙත් නෑ.හැබැයි ඒ පිරිසිදු ඔලිව් ඔයිල් වලින් විතරයි. මොකද වෙළඳපොලේ ඕනෑතරම් විවිධ දේ මිශ්‍ර කරපු ඔලිව් තියනවා ඉතා අඩු මිළට. ඔලිව් ඔයිල් ටිකක් මිළෙන් වැඩියි, ඒත් සෞඛ්‍යයට බොහොම හොඳයි.

    Avocado Oil
    අලිගැටපේර තෙල් ලංකාවේ භාවිතා වෙනවා වගේම හොයාගන්නත් ඉතාම අඩුයි. මොකද අලිගැටපේර කිව්වම කෑමක් හරි බීමක් හරි ලෙස භාවිතයට ගන්නවා මිසක තෙල් වර්ගයක් විදිහට භාවිතා කරනවා කියන එක ලංකාවේ ගොඩක් දෙනෙක් නොදන්නවා වෙන්නත් පුළුවන්. ඒත් අනෙක් ඇටවර්ග වලින් ගන්නා තෙල් වගේ නෙවෙයි අලිගැටපේර ක්‍රීම් කොටසින් සාදාගන්නා තෙල් වර්ගයක් නිසා ශරීරයට බෙහෙවින් ගුණදායකයි වගේම ඕනෑම තෙලෙන් පිසින ආහාරයක් සුවඳින් සහ රසයෙන් වැඩි ආකාරයට සකස් කරගන්න පුළුවන්. අලිගැටපේර තෙල් නිසා හෘද රෝග ඇතිවීමේ අවදානම ඉතා අඩු වෙනවා. ඒ වගේම ශරීරයේ ඌෂ්ණාධික රෝග සහ ගැස්ට්‍රස්ටීස් තියන අයට අලිගැටපේර තෙල්වලින් සකස්කල ආහාර ඉතාම ගුණදායකයි.

    Pumpkin Seed Oil
    වට්ටක්කා ඇටවලින් සාදාගන්න තෙල් බොහොමයක් බටහිර රටවල පාවිච්චියට ගන්නවා. වට්ටක්කා ඇට තෙල් කොළ පැහැයෙන් යුක්තයි. ඒ නිසා සලාද මදක් තෙලෙන් තම්බාගෙන ආහාරයට ගනිද්දි රස වගේම ලස්සන පෙනුමකුත් සලාදයට ලැබෙනවා. ඒ වගේම වට්ටක්කා ඇටවල අඩංගු විටමින් A,K,E මෙන්ම ඔමෙගා 3 සහ 6 සංඝටක නිසා ශරීරයට ලැබෙන පෝෂණය ඉතා ඉහළයි. තෙල් භාවිතයෙන් ආහාර පිසීම කරලා ශරීරය ලෙඩ කරගන්න රටක වට්ටක්කා ඇට තෙල්වලින් ශරීරයට කොයිතරම් පෝෂණයක් එකතුකරන්න පුළුවන්ද කියන එක ඔබටම තේරුම්ගන්න පුළුවන්.

    Peanut Oil
    රටකජු ඇටවලින් සාදාගන්නා තෙල් වර්ග ආහාර පිසීමට භාවිතා කිරීම නිසා ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් වෙනුවට හිතකර කොලෙස්ටරෝල් ඇතිකරන්න හැකියාව එයට තිබෙනවා. ඒ වගේම ඔමෙගා 6 ශරීරයට හිතකර මට්ටමට ලබාදෙන්නත් රටකජු තෙල්වලට හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම ආසියාතික රටවල් බොහොමයක රටකජු තෙල් ආහාර පිසීමට භාවිතා කරනවා. මිළෙන් අධික නිසාම භාවිතය අඩුවුණත් වසවිස නැති ඉතා පෝෂණ ගුණයෙන් ඉහළ වගේම ආහාරවලට අමතර රසයක් එක්කරන තෙල් වර්ගයක් විදිහට රටකජු තෙල් හඳුන්වන්න පුළුවන්.

    Sesame Oil
    තල තෙල් බොහෝවිට චීනය, ජපානය වැනි ආසියාතික රටවල් බහුලව ආහාර පිසින්න භාවිතා කරනවා. ඒ නිසාම වන්නට ඇති ඔවුන්ගේ අපේක්ෂිත ආයු කාලය අපිට වඩා ගොඩක් වැඩි. තල තෙල් ආහාර පිසීමට භාවිතා කලවිට එයට අනන්‍ය සුවඳක් සහ රසයක් එකතු වෙනවා. ඒ වගේම විටමින් K බහුලව ඇති නිසාම තල තෙල් ආහාර පිසීමට භාවිතා කිරීමෙන් අමතර පෝෂණයක් එකතුවීමද සිදුවෙනවා. තල තෙල් නම් ලංකාවේ හොයාගන්න එච්චර අමාරුවක් නෑ.

    Sunflower Seed Oil
    සූරියකාන්ත ඇට තෙල් ලංකාවේ විවිධ සන්නාමවලින් අලෙවිවුණත් ඒවායින් පිරිසිදු සූරියකාන්ත ඇට තෙල් හොයාගන්න එක ඉතාම අමාරු දෙයක්. චීන ජාතිකයෝ වැඩි වශයෙන් සූරියකාන්ත ඇට ආහාරයට ගන්නවා වගේම චීනය ඇතුළු රටවල්ගණනාවක් සූරියකාන්ත ඇට තෙල් ආහාර පිසින්න භාවිතා කරනවා. එහි ඇති විශේෂිතම ගුණය තමයි සූරියකාන්ත තෙල්වල ඇති පෝෂණ ගුණ සහ ඖෂධීය ගුණ නිසා පිළිකා සමග සටන් කිරීම, අනවශ්‍ය කොලෙස්‍ටරෝල් පාලනය, ශරීරයේ ශක්තිය වැඩිකිරීම සිදුවීම. ඒ අතින් බැලුවම පොල්තෙල් වලට වඩා විශේෂ ගුණයක් සූරියකාන්ත ඇට තෙල්වල තිබෙනවා.

    මේ සඳහන් කරපු සියලුම තෙල් වර්ග පොල්තෙල් වෙනුවට පෝෂ්‍යදායීව ආහාර පිසින්න භාවිතා කරන්න පුළුවන් තෙල් වර්ග විදිහට හඳුන්වන්න පුළුවන්. පොල්තෙල් හෝ එළවළු තෙල්වලට සාපේක්ෂව මිලෙන් වැඩිවුණත් මේවා නිසා ඔබේ ශරීර සෞඛ්‍ය අවදානමක් ඇතිවෙනවා වෙනුවට ශරීරයේ සෞඛ්‍යමත්භාවය ඉහළ නංවනවා. ඒ නිසා ආහාර පිසින්න තෙල් තෝරාගනිද්දි මේ ගැනත් හිතලා බලන්න.

    මුල් ලිපිය : colomboplus.com
     

    WMSameera

    Junior member
  • Apr 18, 2013
    68
    49
    18
    Be careful.

    1617848404851.png


    By the way the issue regarding aflatoxin is not related to mixing with palm oil. It's an extremely dangerous toxin created by a naturally occurring fungus. The whole palm oil thing was just a distraction (however, banning the mixing oils is good, but that's a separate issue).
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Extra Virgin Olive Oil කීවට මම නම් අහල තියෙන හැටියට ඔවගෙන් 90%ක් ෆේක් ඔලිවු ඔයිල්, සන්ෆවර් අරව මේව ඔක්කොම එකයි ඔය හැම එකකම පාම් තෙල් තමයි..
     
    • Like
    Reactions: kevin_levin