පොල්පොට්ගේ_'මාක්ස්වාදය'_සහ_කෙමරූජ්_භීෂණය_2
පොල්පොට්ගේ 'මාක්ස්වාදය' සහ කෙමරූජ් භීෂණය2
චීනය පොල්පොට් පිළිගනියි.
1977 වසරේ පොල්පොට් චීනයේ සංචාරයක නිරත විය. වියට්නාමයට එදිරිව යුද ආධාර ලබා දීමට චීනය පොල්පොට්ට එකඟ විය. එසේම ඔහු විසින් සිදුකරගෙන යන ආර්ථීක ක්‍රියා පිළිවෙත් චීනය අනුමත කරන ලදී. වසරකට ඩොලර් මිලියන 5 ක් වටිනා අවි චීනය විසින් පොල්පොට්ට සැපයූ බව වාර්තා වේ. එහෙත් වියට්නාමය සමඟ සටන් උත්සන්න වූ විට පොල්පොට් චීන හමුදා පොල්පොට්ගේ සහයට එවන ලෙස ඉල්ලා සිටියද චීන බලධාරීන් ඊට එකඟ නොවූහ. පොල්පොට්ගේ පාලන යුගයේදී කම්පුචියාව අන්තර් ජාතික තහනම් වලට ලක්වූයේ නැත. රටවල් 63 ක් විසින් කම්පුචියාවේ කෙමරූජ් පාලනය පිළිගෙන තිබුණි.
පොල්පොට් හා බටහිර බලවත්තු.
යේල් විශ්වවිද්‍යාලයේ දේශපාලන විශ්ලේෂකයෙක් පවසන අන්දමට ඇමෙරිකාව, චීනය, බ්‍රිතාන්‍යය හා තායිලන්තය පොල්පොට්ට ආධාර නොකළේ නම් මෙවැනි ජන ඝාතනයක් සිදු නොවනු ඇත. ඇමෙරිකානු බෝම්බ ප්‍රහාර නිසා ඉතිහාසයේ කෂයවී යාමට නියමිතව සිටි කෙමරූජ් වැනි අන්තවාදී දේශපාලන කණ්ඩායමකට ජනතාව ඒකරාශී කිරීමට හැකි විය. එසේම වියට්නාමයට එරෙහිව ඇමෙරිකාව හා බ්‍රිතාන්‍යය කම්පුචියාවට උදව් කළහ.
මාග්‍රට් තැචර් කම්පුචියාව හැඳින්වූයේ අපගේ සතුරාගේ (වියට්නාමයේ) සතුරෙකු වශයෙනි. එම නිසා පොල්පොට්ගේ ජන ඝාතන කෙරෙහි ඔවුන් දැක්වූයේ නිහඬපිළිවෙතකි. 1989 දක්වා බ්‍රිතාන්‍යය කම්පුචියාව අරබයා සිදුකළ මැදිහත්වීම් රහසිගතය.බ්‍රිතාන්‍යය Sunday Telegraph පුවත්පතේ සයිමන් රසල් පෙන්වාදෙන අන්දමට බ්‍රිතාන්‍ය SAS විශේෂ බලකාය විසින් කෙමරූජ් භටයන්ට පුහුණුව ලබාදෙන ලදී. මෙ පුහුණුවීම් ලබාදෙන ලද්දේ තායිලන්තයේදීය. මෙම SAS පුහුණුකරුවන් අතර ෆෝක්ලන්ත යුද්ධයේ සටන් කළ වෙතරානුවන්ද සිටි බව සයිමන් රසල් වැඩි දුරටත් පවසයි. දැනට ජනඝාතන පිළිබඳව චෝදනා ලබා තිබෙන කුප්‍රකටTa Mok මෙසේ කියයි. "මෙඩ්ලින් ඕල්බ්රයිට්, මාග්‍රට් තැචර්, හෙන්රි කිසිංජර්, ජිමී කාටර්, රොනල්ඩ් රේගන් සහ ජෝර්ජ් බුෂ් (ජේෂ්ඨ) කෙමරූජ් සංවිධානයට උදව් කළෝය. යම් ලෙසකින් අප වරදකරුවන් වෙයිද ඔව්හුද වරදකරුවෝ වෙති. එම නිසා මෙම අධිකරණයට ඔවුන්වද ගෙන්විය යුතුය".
ඇමෙරිකානු මැදිහත්වීම්.
පොල්පොට්ගේ ජන ඝාතන ඇමෙරිකානු ක්ෂමා සංවිධානය දැන සිටියද, ඒවා නතර කිරීම සඳහා නිසි පියවර ගැනිම ඇමෙරිකාව ප්‍රමාද කළේ කරුණු කිහිපයක් නිසාවෙනි.
පොල්පොට්ගේ ආගමනය සිදුවීම සඳහා කම්පුචියාවේ ඇමෙරිකානු මැදහත්වීම එක්තරා දුරකට සහය වූ බව පෙනී යයි. 1970 දී ජනාධිපති නික්සන් සිහනුක්ගේ රජය පෙරළා දැමීමට හවුල් වීම නිසා කම්පුචියාවේ ඇති වූයේ ව්‍යාකූළ තත්වයකි. දකුණු වියට්නාම් හමුදා සහ 20,000 පමණ වූ ඇමෙරිකානු යුධ උපදේශකයන් කම්පුචියාවට ඇතුළු වූහ. ඔව්හු සිහනුක්ගේ රජය පෙරළා දමා ජෙනරල් Lon Nol බලයට ගෙන ඒමට මාන බැලුහ. මෙම අර්බුධකාරි පරිසරය කෙමරූජ්වරුන්ට හිතකර උපස්ථරයක් විය. ඇමෙරිකානු සහය ලැබූ දකුණු වියට්නාම් හමුදා, උතුරු වියට්නාම් හමුදා, ජෙනරල් Lon Nol ගේ සහයක හමුදා, කෙමරූජ් ගරිල්ලන් සියළු දෙනා සංකීර්ණ සටනක විවිධ පාර්ශ්වකරුවෝ වූහ.
කම්පුචියාවේ උතුරු වියට්නාම් කඳවුරු විනාශ කිරීම සඳහා 1969 සිට 1973 දක්වා බෝම්බ ටොන් 532,000 ක් අත හරිනු ලැබීය. මේ නිසා ගම් පිටින් ධූලි අලූ බවට පත්වූ අතර, දස දහස් ගණනක් මරු දුටුහ. කම්පුචියාවට හෙලු බෝම්බ ප්‍රමාණය දෙවන ලෝක යුධ සමයේ ජපානයට හෙළන ලද බෝම්බ ප්‍රමාණය මෙන් තෙගුණයකි. එම නිසා විනාශයේ ප්‍රමාණය පිළිබඳව උපකල්පනයන් ලබාගත හැකිය.
නිළ නොවන වාර්තා අනුව ඇමෙරිකානු ගුවන් ප්‍රහාර නිසා මිය ගිය කම්පුචියානු මිනිසුන්ගේ ගණන 600,000 කි. ඇමෙරිකාවෙන් කම්පුචියාවට ලැබුණු ආධාර රජයේ උසස් නිලධාරීන් හා හමුදා නිලධාරීහු ගසා කෑහ.
මිලියන හතක ජනගහනයෙන් මිලියන දෙකකට නිවාස තිබුණේ නැත. බෝම්බ පිපිරීම නිසා කෘෂිකර්මාන්තය ද කඩා හැලූණි. කම්පුචියාවට ව්‍යසනය ලඟාකරවන ලද්දේ නික්සන් හා ඔහුගේ උපදේශක හෙන්රි නිසින්ජර් බව ඇතැමෙක් පවසති. නික්සන්ගේ යුධ මෙහෙයුම් කම්පුචියානු සමයේ සිදු නොවුනේ නම් කෙමරුජ්වරුන්ට හිස එසවීමට තිබුණු ඉඩකඩ සීමිත බව ඇතැම් විශ්ලේෂකයෝ පෙන්වා දෙති. 1970 දී සුළු අවි සහිත 5000 ක භට පිරිසකින් සමන්විත වූ කෙමරුජ්වරු 1975 අප්‍රේල් වන විට 70000 ක හමුදාවකින් බලසම්පන්න වූහ. එම නිසා ඔවුන්ට පහසුවෙන් ජෙනරාල් Lon Nol ගේ හමුදා පරාජය කිරිමට හැකි විය.
රැඩිකල් මධ්‍යම පාන්තික උගතුන්ගෙන් සමන්විත වූ කෙමරුජ් නායකත්වය අගය කළේ ප්‍රාථමික ගොවිකමේ නියැළෙන ගෝත්‍රික ජනතා ජිවන ක්රමයකටය. එහෙත් ඔවුන්ගේ දේශපාලන යාත්‍රාව ගමන් කළේ පැසිස්ට් මුහුදකටය.
1979 ජනවාරි මාසයේදී ඩෙන් ෂියාඕ පෙන් වොෂින්ටනයට ගියේ චීන ඇමෙරිකානු සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහාය. පොල්පොට් වියට්නාමය සමඟ ගැටෙනු ආශාවෙන් නැරඹූ ඇමෙරිකාව ශීත යුධ සමයේ කම්පුචියාව තම නිල නොවන මිත්‍ර රාජ්‍යයක් ලෙස සැලකීය. චීනය කෙමරුජ්වරුන්ට අවි ආයුධ ලබා දුන්නේය. මේ නිසා පොල්පොට්ගේ ජන ඝාතන වලදී ඇමෙරිකාව අනුගමනය කලේ අන්ධයාගේ භූමිකාවය.
ජනාධිපති කාටර්ගේ ජාතික ආරකෂාව පිළිබඳ උපදේශක Zbigniew Brzeziìki පසු කාලීනව ඇමෙරිකාව චීනය හරහා පොල්පොට්ට උපකාර කළ බව පිළිගත්තේය.
1980 සිට රොනල්ඩ් රේගන් කම්පුචියාවේ සිදුවූ ජන ඝාතන අන්තර් ජාතික අධිකරණයකට ගෙන ඒමට තිබූ ඉඩකඩ වසා දැමීය. කෙමරූජ් භීෂණයට සෙසු රටවල විරොධය දැක්වීම බොහෝ සෙයින් ඇවිරුනේ ඇමෙරිකාව පොල්පොට් කෙරෙහි දැක්වූ සහනශීලි පිළිවෙත නිසාවෙනි. යම් හෙයකින් පොල්පොට් යුධ අධිකරණයට ඉදිරිපත් කළේ නම් ඇමෙරිකාවට 1969 සිට 1973 දක්වා කම්පුචියාවට ගුවනින් බෝම්බ හෙළීම පිළිබඳව කරුණු අන්තර් ජාතික ප්‍රජාවට කීමට සිදුවන බව ලන්ඩනයේ පෙරදිග හා අප්‍රිකානු අධ්‍යනයන් පිළිබඳ දේශකයෙකු වන ස්ටීවන් හිඩර් පවසයි.
පොල්පොට්ගේ මරණයෙන් පසු ඇමෙරිකානු මාධ්‍ය කිහිප වතාවක් හෙන්රි කිසිංජර්ගෙන් සම්මුඛ සාකච්ඡා ලබාගත් නමුදු ඔහු පොල්පොට්ගේ ජන ඝාතන පිළිබඳ ඇසූ සෑම පැනයක්ම පිළිතුරු දීම මග හැරියේය. 1980 දී ක්ෂමා සංවිධානයේ නියෝජ්‍ය අධ්‍යකෂක ආචාර්ය රේ ක්ලැයින් හා කෙමරූජ්වරුන් අතර රහසිගත හමුවක් වාර්තා වී ඇත.
නොම් චොම්ස්කි කම්පුචියාව පිළිබඳව මෙසේ කරුණු දක්වයි.
කම්පුචියාවේ ජන ඝාතනයේ ප්‍රථම අධියර සිදුවූයේ 1969-1975 අතර කාලය තුළ ඇමෙරිකානු ගුවන් ප්‍රහාර මගින් බව "නොම් චොම්ස්කි" ප්‍රකාශ කොට තිබේ. මේ නිසා ග්‍රාමීය ප්‍රදේශවල ඉතිරි වූයේ සුන්බුන් යැයි ඔහු කියයි. කෙමරුජ්වරු මෙම විනාශ වූ ප්‍රදේශ වල ජනයා ගාල්කිරීමෙන් ඔවුන්ගේ මරණය ඉක්මන් වූ බව චොම්ස්කිගේ අදහසයි. කම්පුචියාව පිළිබඳ ඇමෙරිකානු ප්‍රතිපත්ති විවේචනය කළ චොම්ස්කි ජන ඝාතනය සඳහා පොල්පොට්ට හිතකර පරිසරය සකස් කර දීම පිළිබඳව ඇමෙරිකාවට චෝදනා කළේය.
කෙමරූජ්වරු මා පුහුණු කළේ මිනිසුන්ගේ ඛෙලි කැපීමටය.
හිටපු ළමා සොල්දාදුවකු වන Soyon Soeun කෙමරූජ් සංවිධානය කුඩා කලසිට තමාට මිනිසුන් මරා දැමීමට හුරු පුරුදු කළ බව පවසයි. ශ්‍රම කඳවුරකදී මවගෙන් වෙන්කරන ලද මෙම දරුවා ළමා සොල්දාදුවෙකු ලෙසට පුහුණු කරවන ලදී. ඔහු පවසන පරිදි ඔහුට ළමා කාලයක් තිබුණේ නැත. මිනිසුන්ට වෛර කිරීමටත්, ඔවුන්ගේ උගුරු දඬු කැපීමටත්, ඔහුට පුහුණු කොට තිබුණි. වැඩිදුරටත් කරුණු පවසන ඔහු අන් ළමුන්ට මෙන් කුඩා කාලයේ සෙල්ලම් කිරීමෙන් කාලය ගත කිරීමට නොව බිහිසුණු ක්‍රියා කිරීමට හුරු කිරීමෙන් කෙමරූජ්වරු තමාගේ ළමා කාලය සොරාගත්බව කියයි.
මා පැමිණියේ කම්පුචියාව ගලවා ගැනීමටය.
1997 දී The Eastern Economic Review සඟරාවේ ජනමාධ්‍යවේදියෙකු වූ Nate Thayer විසින් පොල්පොට්ගෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබාගන්නා ලදී. එම සාකච්ඡාවේදී පොල්පොට් මෙසේ පැවසීය.
" මා විප්ලවයට සහභාගී වූයේ කම්පුචියාවට විමුක්තිය ලබාදීම මිස මිනී මැරීමට නොවේ. කරුණාකර මා දෙස බලන්න. මා ප්රචණ්ඩ මිනීමරුවෙකු ලෙස ඔබට පෙනෙනවාද? අපි මේ ව්‍යාපාරයට නවකයන් වූයෙමු. අපි අත්හදාබැලීම් කළෙමු. අප අතින් වැරදි සිදුවූ බව සැබෑය. අපි වියට්නාම් ආක්‍රමණිකයන්ට එදිරිව සටන් කළෙමු. අරගලය තුළදී වැරදි සිදුවන්නට ඇත. අපට වැරදීම් සිදුවිය. ඉතිහාසය විසින් අපව විනිශ්චය කරනු ඇත."
මම කෙමරූජ්වරුන්ට රැවටුණෙමි. (අනුගාමිකයෙකුගේ පාපොච්චාරණය)
කම්පුචියාවට විමුක්තිය ලඟකර දිය හැක්කේ පොල්පොට්ට පමණක් යැයි මම විශ්වාස කළෙමි. එවකට සුළුපරිමාණයේ ගොවියෙකු වූ මම කෙමරුජ්රුන්ට මගේ පූර්ණ සහයෝගය දුනිමි. මා ඔවුන්ගේ අනුගාමික පන්තිවලට සහභාගීවූයේ භක්තිමත් අනුගාමිකයෙකු ලෙසටය. මාක්ස්වාදය හා අනාගත කොමියුනිස්ට් විප්ලවය පිළිබඳ සිහිනය ඔව්හු පැවසූහ. අපි සියළුදෙනාම එම සිහිනයේ කොටස්කරුවන් වන්නට උත්සුක වූයෙමු.
කෙමරූජ් නායකයන් පැවසු සියළු දේ විශ්වාස කිරීමටත්, ඔවුන්ගේ නියෝග දේවභාෂිතයක් සේ පිළිපැදීමටත්, අපි පසුබට නොවුණෙමු. කෙමරුජ්වරුන්ට පකෂපාතීව කම්පුචියාවේ ප්රතිගාමි හමුදා සමඟ සටන් කළෙමු. අපි ඡයබදප ඡැබය දක්වා සාර්ථකව සටන් කළ අතර, නගරය වට කළෙමු.
1975 අප්‍රේල් 17 ජයග්රාහි දින අපි නගරයට කඩාවැදී අපගේ ජය සැමරුවෙමි. යුධ ටැංකිවලට නැගුනු අපවැනි සියගණන් සොල්දාදුවන් නගරය දෙවනත් කළේ කම්පුචියාව අපගේ අතේ යන ප්‍රීතිය නිසාවෙනි.
කෙමරූජ් නායකයන්ගේ අණ පරිදි අපි නගරයේ සිටි ප්රතිගාමි කොටස් වෙන් කළෙමු. ඔවුන් කෙරෙහි අප තුළ වූයේ විශාල වෛරයකි. මෙම වෛරය අප තුල වගාකළේ කෙමරූජ් නායකත්වය විසිනි. පන්ති සතුරන් යැයි සැක කළ ඕනෑම අයෙකු මරා දැමීමට අපට බලතල දී තිබුණි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ උගතුන්, වෙළඳ ව්‍යාපාරිකයන්, නීතීඥයන් අපගේ ගොදුරු බවට පත්වූහ. ඔවුන් ලොරිවල පටවා නගරාන්තරයට ගෙනගිය අතර, එහිදි වෙඩිතබා ඔවුන් මරා දමන ලදී.
මුලදී අප මෙම ඝාතන කළේ ඉතා සතුටිනි. මුලදී කම්පුචියාවේ කොමියුනිස්ට් රජයක් බිහි කිරීම සඳහා පන්ති සතුරන් තුරන් කළ යුතුයැයි අපට උගන්වා තිබුණි. එම නිසා මෙම ඝාතන පිළිබඳව අපට කිසිම පශ්චාත්තාපයක් නොවීය. දිනපතාම විවිධ ආකාරයේ පුද්ගලයන් ඝාතනය කිරීමට අපට අණ ලැබුණි. මේ සෑම අයෙකුම පන්ති සතුරන් ද යන සැකය කළකදී මා තුළ ඇති විය. එහෙත් මම නිහඬවම නියෝග ඉටු කළෙමි.
වරක් අත්අඩංගුවට ගත් ප්රතිගාමීන් අතර, මා දැනසිටි අසල්වැසි ගොවියෙකු වූ Mu Mek ද විය. ඔහු කිසිඳු ප්රතිගාමි දේශපාලන දර්ශනයක් නොතිබුණු අයෙකු බව මම හොඳාකාරවම දැන සිටියෙමි. ඇරත් අසීරු කාලයේ ඔහු වනගතව සිටි කෙමරූජ්වරුන්ට ධාන්‍ය පවා සැපයීය.
Mu Mek ප්‍රතිගාමියෙකු ලෙස ලේබල් වුයේ කෙසේද යන්න මට පුදුමයක් විය. ඔහුගේ අසරණ හා බැගෑපත් දෙනෙත් මග හරිනු පිණිස මම ඔහු දකින විට ඉවත බලා ගත්තෙමි. තෙදිනකට පසු මෙම ගොවියාගේ හිසට පොල්ලකින් ගසා මරා දමා තිබුණි. මේ වන විට මා කෙමරූජ් නායකයෙකු බවට උසස්කොට තිබුණි. මගේ පාළනය යටතේ තිබූ ගමේ අන්කා සතුරන් තෝරා එවන ලෙස මට දිනපතා නියෝග ලැබුණි.
වැරහැලි ඇඳ ඇටසැකිළි බවට පත්වූ මිනිසුන් අතරෙන් කවරකු අන්කා විරෝධියෙක්ද, නැතහොත් විදේශිකයන් සමඟ සබඳතා පවත්වන ඔත්තුකරුවෙක්ද යන්න කීම අතිශයින්ම අසීරු කටයුත්තක් විය. මගේ හැඟීම අනුව ඔවුන් විප්ලවයට පෙරද අන්ත අසරණ දුගියන් ය. ඔවුන් දැන සිටි විදේශිකයන් හෝ ඔත්තුකරුවන් කිසිවෙක් නැත. එහෙත් කෙමරුජ් ඉහළ නායකත්වය දිනපතා ද්‍රෝහියන්ගේ නම් ලැයිස්තු එවන ලෙස දැනුම් දෙයි. අපට කළහැකි කිසිවක් නොවීය. අතරින් පතර තෝරාගත් අසරණයින් ද්‍රෝහීන් ලෙස නම්කොට යැවූ අතර, ඔවුන් මරා දැමුණි.
ඇතැමෙකු මරා දැමුණේ මගේ දෑස් ඉදිරි පිටදීය. වරක් එක් ගැහැණියකගේ ගෙල දක්වා පොලිතින් බෑගයක් බස්සවා එය තද කරන ලදී. හුස්ම ගැනීමට අසීරු නිසා ඇය දඟලන්නට වූවාය. කෙමරූජ් ගැටවරයන් දෙදෙනෙකු ඇයගේ අත් සහ පාද තදින් ග්‍රහණය කොටගෙන සිටි අතර, ක්‍රම ක්‍රමයෙන් ඇයගේ දැඟලීම නිසල විය. ඔව්හු එම කාන්තාව කුඹුරේ මඩ අතර වළ දැමූහ.
ඉන් දින දෙකකට පසු මෙම ගැටවරයෝ මිනිසුන්ගේ අත් පරීකෂාකොට කරගැට රහිත අත් තිබුණු පුද්ගලයන් රඳවා ගත්හ. ඉන්පසු ඔවුන්ට පොලූවලින් පහරදෙමින් අතීතය පිළිබඳව පාපොච්චාරණය කරන ලෙස බල කළහ. මෙම හිංසනය නැවැත්විය යුතු යැයි මට සිතුනි. කෙමරූජ්වරු මනඃකල්පිත සතුරන් ගැන බියවී ඇත. ඔවුන්ට සෑම අයෙකුම ප්රතිගාමියෙකි. නැතහොත් පන්ති සතුරෙකි.
පහර කන මිනිසුන්ගේ මරණීය විලාපයන් සහ ඔවුන් ඒ අවස්ථාවේ බයෙන් බිරාන්ත වී කටට ආ දෙයක් පාපොච්චාරණයක් ලෙස කියනු මට ඇසී තිබේ. එහෙත් ඔවුන්ට ජීවත් වීමට වාසනාව ලැබුණේ පැය කිහිපයක් පමණි. ගැටවරයන්ගේ තියුණු ආයුධ වලින් ඔවුන්ගේ බෙලි කැපී ගියේය. දිනෙන් දින තත්වය දරුණු වෙයි. ඔව්හු සතුරන්, ඔත්තුකරුවන් සොයමින් මුළු රටම පීරති. එහෙත් දැන් ඉතිරිව ඇත්තේ ඇවිදින ඇට සැකිළි පමණය.
මෙවර සැකය යොමුවන්නේ කෙමරූජ් ප්‍රාදේශීය නායකයන් කෙරෙහිය. වසර ගණන් සටන් කළ සගයන්ට අසත්‍ය චෝදනා නගමින් ඔවුන් අත්අඩංගුවට ගනිති. ජිවිත කාලයක් පකෂය වෙනුවෙන් සේවය කළ මිනිසුන්ගේ ඉරණම තීරණය වන්නේ වධකාගාරවලය. මෙම තත්වය නිසා මම නිශ්ශබ්දව කෙමරූජ් කායකත්වයට කීකරුව සිටියෙමි. මා කිසිවකු විශ්වාස කළේ නැත. මගේ ජීවිතය වුවද විශ්වාසයක් නොමැත. කොයි මොහොතේ වුවද මාද වදබන්ධනයට ලක් විය හැක. වදබන්ධනයට ලක්වන්නකු මගේ නම ප්‍රකාශ කළහොත් මටද අත්වන්නේ එම ඉරණමය.
මෙවැනි ඉරණමකට මා දන්නා කෙමරුජ් නායකයකු ලක්විය. ඔහු ප්‍රාදේශීය නායකයකු විය. ඔහු අවංක පකෂය වෙනුවෙන් කැපවී කටයුතු කළ අයෙක් විය. වධකාගාරයේ දී ඔහුගේ ඥාතියෙකුට එල්ලා පහරදෙන විට, ඥාතියා වේදනාවෙන් මිදෙනු වස් නොකළ වැරදි තමා කළ බව කීවේය. ඉන්පසු ඔහුගේ හවුල්කරුවන් කවරහුදැයි ප්‍රශ්න කරන ලදී. මෙම අසරණයා මීට වසරකට පෙර හාමතෙන් මියගිය තම බිරිඳ සහ අසල්වැසියෙකුගේ නම් කීවේය. එවිට තවත් හවුල්කරුවන්ගේ නම් කියන ලෙස වධකයෝ ඔහුට පහර දුන්හ. අධික වේදනාව නිසා ඔහු කෙමරූජ් ප්‍රාදේශීය නායකයකු ලෙස සේවය කරන තම නෑයාගේ නම කීවේය. එදින රාත්රියේදී කෙමරුජ් ප්‍රාදේශීය නායකයා අත්්අඩංගුවට පත්විය.
මෙවැනි අගතිගාමි ක්‍රියා නිසා මම කෙමරූජ්වරුන් කෙරෙහි කලකිරුනෙමි. ඔවුන් තවදුරටත් විශ්වාස කිරීමට මට නොහැකි විය. පොල්පොට් අපගේ දේශය විනාශ කරන බව මට හොඳින්ම පැහැදිලි විය. එහෙත් මගේ විරෝධය මා සිත තුළම තදකරගෙන සිටියෙමි. මගේ හැඟීම් දෙවන පුද්ගලයෙකු දැනගතහොත් මගේ ඉරණම වහාම තීන්දුවන බව මම දැන සිටියෙමි.
මම සැම විටම දේශපාලන මණ්ඩලයේ රැස්වීම්වලට ගියෙමි. කෙමරූජ් විමුක්ති ගී ගායකා කළෙමි. සෑම අවස්ථාවකම අන්කා දහමට පක්ෂපාති බවට දිවුරුම් දුන්නෙමි. එහෙත් මගේ අභ්‍යන්තරයෙන් ඔවුන් ප්‍රතිෙකෂ්ප කර බොහෝ කල්ය.
මගේ හැසිරීම පිළිබඳව සැකයක් ඔවුන්ට ඇති වෙතැයි මම බිය වූයෙමි. එබැවින් පක්ෂ සතුරන් විනාශ කළ යුතුයි යව ස්ථාවරයේ නියැලෙමින් මමද ඔවුන්ට එකඟ වූයෙමි. දැන් අවිනිශ්චිතතාවයෙන් හා අවිශ්වාසයෙන් මුළු රටම වෙළාගෙන තිබේ. දිනපතා දහ දහස් ගණන් අත්අඩංගුවට ගෙන මරා දමති. මෙවැනි නිරර්ථක, සාහාසික මරා දැමීම් කුමකටද? මම රහසින් කම්පා වූයෙමි. අප මෙලෙසින් මිනිසුන් විනාශ කරමින් යන ගමන අවසන් වන්නේ කවදාද?
කොමියුනිස්ට් රාජ්‍යය බිහිවන විට කම්පුචියාව මිනිසුන් මුක්ත කලාපයක් වනු ඇත. පොල්පොට් කෙරෙහි මට ඇත්තේ දැන් තද පිළිකුලකි. අපි ඔහු වීරයෙකු ලෙස දුටුවෙමු. ඇමෙරිකානු ගුවන් ප්‍රහාර නිසා අපගේ ගෙවල් දොරවල් විනාශවී අප මහ මගට ඇද වැටුනු විට අප ඒකරාශී වූයේ පොල්පොට් සමඟය. එකල ඔහු අපගේ විමුක්ති දායකයා විය. එහෙත් අද ඔහු අපගේ දේශය විනාශ කරමින් සිටියි.
වියට්නාම් ගුවන් හමුදාම මගේ ගමට බෝම්බ හෙළීය. එහිදී මිනිසුන් දස දෙනෙකු පමණ මිය ගියේය. වියට්නාම් හමුදාම ඉදිරියෙන් එන බවත්, අස්වනු ගිනිතබා පසු බසින ලෙසටත්, නියෝග ලැබිණි. මිනිසුන් හාමතේ පෙළෙද්දී අපි කුඹුරුවලට ගිනි තැබූවෙමු. ගොඩනැගිලි විනාශ කළ අපි පසු බැස්සෙමු. ඒ කාලය තුළ දී ද ප්රතිගාමීන් දඩයම නැවතුනේ නැත. මිනිසුන්ට අනුකම්පාව දැක්වීමට මා බියවූයේ මාද අන්කා විරෝධියෙකු ලෙස හංවඩු ගැසේය යන බියෙනි. මතුපිටින් මා දරුණු බව පෙන්වුවද, මගේ අභ්‍යන්තරය මිනිසුන් විඳින දුක්නිසා හඬා වැළපිනි.
වියට්නාම් යුධ ටැංකි හා භට පිරිස් ඉදිරියට එමින් සිටියි. අපගේ භටයන්ට ඔවුන් සමඟ සටන් කිරීමට ශක්තියක් නැත. අපි තායි දේශසීමාව ආසන්නයට පසු බැස්සෙමු. අපගේ බලය බිඳුනි. වියට්නාම් හමුදාම ඡයබදප ඡැබය නගරයේ බලය අල්ලා ගත්තේය. අප දැන් කැලෑවට කොටුවූ ගරිල්ලා හමුදාවකි. මේ කාලය තුළ මම පොල්පොට් වරක් හෝ දෙවරක් දුටිමි. අපගේ දේශය විනාශ කළේ මොහු නොවේදැයි මගේ අභ්‍යන්තරය මුර ගෑවේය.
කෙමරූජ් නායකත්වයද ක්‍රම ක්‍රමයෙන් පොල්පොට්ට අකීකරු වන සෙයක් මට හැඟුනි. දැන් දෙවන හා තෙවන පෙළ නායකයෝ ඉදිරියට එමින් සිටිති. කෙමරූජ් නායකයන් විසින් පොල්පොට් නිවාස අඩස්සියේ තබාගෙන ඇතැයි යන දූසමාන ආරංචිය පැතිර ගියද එය සත්‍ය බව අපි විශ්වාස නො කළෙමු. මාස කිපයක් ඇවෑමෙන් එය සත්‍ය බව හෙළි විය.
තායි දේශ සීමාවට කොටුවූ අපගේ ජීවිත අපටම එපාවී ඇත. අප උත්සාහ කළේ යහපත් දේශයක් නිර්මාණය කිරීමටය. ඒ සඳහා අපි දේශයේ සියළුම දේ විනාශ කළෙමු. ඉන් අප ලබාගත්තේ කුමක්ද? ගැඹුරට ඉරිතලා ගිය මළමිණි වලින් පිරීගිය දේශයකි. අපට වැරදී තිබේ. අප වැරැද්දට යොමු කළේ පොල්පොට් ඇතුළු අන්කා නායකත්වය විසිනි.
1999 වසරේ සාම ගිවිසුම මත අවිබිම තබා අපි යටත් වූයෙමු. වසර ගණනකට පසු යළි මම සිවිල් වැසියෙකු වූයෙමි. මා දැන් නිදහස් නමුදු රැකියාවක් නැත. මම මගේ ගම් ප්‍රදේශයට ගියෙමි. අපගේ නිවාස විනාශ වී තිබුණි. කුඹුරුවල බිම්බෝම්බ වළලා තිබීම නිසා එම ප්‍රදේශ අත්හැර දමා තිබේ. විප්ලවයට පෙර ගමේ ජීවත්වූ මිනිසුන්ගෙන් සීයයකට අසූවකට වඩා අත් අඩංගුවට ගෙන මරාදමා තිබුණි. ඒ අතර මගේ නෑයින් ද වූ බව දැනගන්ට ලැබිණි.
දැන් මගේ ජීවිතයේ තරුණ විය ගෙවී ගොස් තිබේ. මම ජීවිතයේ මහළු වියට පැමිණෙමින් සිටිමි. අද එදා කළ කී දෑ ගැන මහා පශ්චාත්තාපයක් දැනෙයි. අපි විශාල මිථ්‍යාවක ගැලී සිටියෙමු. ඒ මිථ්‍යාව උදෙසා අපි අපගේ සහෝදර ජනතාව මරා දැමුවෙමු. අප රටේ යටිතල පහසුකම් විනාශ කළෙමු. ඉන් අප ලැබූ විමුක්තියක් නැත.