පොල් කඩන තාත්තාගෙන් ... දුවට

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    පොල් කඩන තාත්තාගෙන් ... දුවට

    පොල් කඩන තාත්තාගෙන් ... දුවට
    °°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
    ... සමාවෙයන් දුවේ ....

    •••••••••••••••••••••••••••••••••

    උඹට ... කීයක්වත්
    කලින් ..එවන්න
    අතේ ... සතයක් තිබුණේ නෑ බං ...
    සතියක් තිස්සේ අනෝරා වැස්ස
    ගස් ටිකත් ... ලිස්සනවා හුඟක්
    දි සීරාව කපාගෙන උඩ නගින්න
    වාරුවක් නෑනේ දැං ....
    දහඅතේ ... ණය වෙලා ... මේ ටිකත්
    හොයා ගත්තේ
    කන්න නැතුව ... නංගිලත්
    හාමත් වෙලා උන් ....
    උඹට අඩු පාඩු වෙයි කියලා
    තකහනියක් දුවගෙන ආවේ දැන් .....

    උඹ ඉතින් ... හපනි ... ගමේ ඉස්කෝලේ
    අපේ .. නම්බුව රැක්ක
    මල පොතේ අකුරක් දන්නැතුවට
    උඹේ ... අනාගතේ ... මමයි මුලින්ම දැක්ක
    ටවුමෙ ඉස්කෝලේට ... පොත් .. පත්
    අරන් දී .. යවුවාට ... ලොකු අතු එක්ක
    මම ... තවම ... පොල් සෝමේ...
    .. ගහක් ගානේ ජීවිතේ වික්ක .......

    උඹව .. මට ... හමුවෙන්න බැරිළු
    කලිසමක් .. ඇඳලා නැති නිසා
    ඒ .. මගේ ... දුව .. කිවුවම
    සිකිරුටි ... කියනවා ... කියනවලු
    මම මුසා
    අන්තිමේ ... හැමෝටම ... ⁣කතාකරලා
    අවසරය ගෙන අසා
    උඹ ..ගේට්ටුවෙන් .. එපිට ... මම ... මෙපිට
    ඔළුව .. අතගාන්නෙවත් .. කොහොමද
    අසරණයි ... අද .. මගේ ...දුප්පත්කම නිසා ....
    ...
    සල්ලි .. කොල ටික .. උන්ඩි කරගෙන
    උඹ ගියා .. හිනාවක්යත් .. මට .. නොතියා
    මම .. දැක්කේ .. මූනේ .. ඇඳුනා ... මම
    දැක්කම... කමක් .. අප්පිරියා ..
    උඹ එක්ක .. අාපු ...දරුවෙක් ඇහුවා
    ." කවුද .. බං .. ඒ .. නාකියා "
    ගත් ... කටටම .. උඹ .. කිවුවා ...
    ඇහුනා ... මගේ .. කන පුරාම ..
    " ආ .. ඒ .. අපේ .. ගෙදර ... වැඩකාරයා "

    .. ඇත්ත ... මගෙ .. දුවේ .. මම ...
    වැඩකාරයා ... උඹලගේ ...
    හැබැයි .. එකම .. වෙනසයි .. තියෙන්නේ ...
    .. මම .. වැඩ කරනවට ... උඹලා
    මට .. පඩි දෙනවා .. වෙනුවට ...
    .. මම .. වැඩකරලා .... උඹලට .. පඩි .. ගෙවනවා ...
    ....
    ..... දුලංග රත්නායක ...

    උපුටාගැනීමකි..😢😢

     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,954
    113
    Mother Earth
    අපෝ මෙහෙම වෙන්නෙ නෑ කවදාවත්. මගේ තාත්තා මොන විදිහෙ රස්සාවක් කරත් මම තාත්තට තාත්තා කියල කියනවා. අනිත් අය මං ගැන මොනා හිතුවම මොකද ? ඒ මගේ තාත්තා.:cool:
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    oya hadda parana hanamiti kaale katha, dan pol kadana aya kotipathiyo booking dala gennaganna wenne.