පොලිතින් සඳහා ස්වභාව ධර්මයෙන් විසඳුමක්...

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    පොලිතින් සඳහා ස්වභාව ධර්මයෙන් විසඳුමක්...

    පොලිතින් බෑග් සහ ප්ලාස්ටික් මුළු ලොවටම ගැටළුවක් වී පවතින අතර කාලයක් මුළුල්ලේ සියලු දෙනාම පොලිතින් බෑග් භාවිතයට ගැනීම හේතුවෙන් පරිසරයට සිදු වන හානිය සුළුපටු නොවේ. පරීක්ෂණ මගින් ලබා ගත් සංඛ්‍යා දත්ත අනුව 2050 වන විට සාගරයට එකතු වන පොලිතින් ප්‍රමාණය ඉතා අධිකය. ඒ වන විට සාගරයේ ජිවත්වන මත්ස්‍ය විශේෂයන්ට වඩා පොලිතින් ප්‍රමාණය වැඩිවන බවට අනාවැකි පළ වි ඇත.

    ලොව වැඩි වශයෙන්ම භාවිත වන ප්ලාස්ටික් වර්ගය වන්නේ පොලිතින්ය. පොලිතින්, බෑග් සහ අසුරන වශයෙන් අධික ලෙස භාවිතයට ගැනෙයි. මීට මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකා රජය විසින් විවිධ වාරණ මගින්ද පොලිතින් භාවිතය සිමා කිරීමට උත්සහ කරනු ලැබුව ද, එයට විවිධ විරෝධතා සහ ඇතැම් ව්‍යාපාරයන් සඳහා පොලිතින් හා ප්ලාස්ටික් අත්‍යවශ්‍ය වන නිසාවෙන් විවිධ ගැටළු මතු විය. නමුත් පසුගිය මාස කිහිපය තුළ ඩෙංගු රෝගය වසංගතයක් ලෙස පැතිර යාමට මෙම නොදිරන ඉවත දැමූ පොලිතින් හා ප්ලාස්ටික් හේතුවක් විය. පොලිතින් ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා නොයෙක් යෝජනා ඉදිරිපත් වුවත් තවමත් පොලිතින් ප්‍රතිචක්‍රියකරණය සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරිමා නොහැකි වී තිබේ. පොලිතින් වෙනුවට විකල්ප ක්‍රම යොදා ගැනිමට යෝජනා ඉදිරිපත් වුවත් සෑම අවස්ථාවකදීම කඩදාසි,රෙදි වැනි විකල්ප යොදා ගැනීම ප්‍රයෝගික නොවන තත්වයක් තුළ. මෙයට විසඳුමක් ලෙස පොලිතින් ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ක්‍රමවේදයක් ස්වභාවධර්මය තුළම පවතින බව පරීක්ෂණ මගින් හෙළිදරව් කරගෙන ඇත.

    මොකක්ද මේ පරිසර හිතකාමී ක්‍රමවේදය?

    Photo-21-701x466.jpg

    කීටයෙකු පොලිතින් ආහාරයට ගනිමින් සිටින අවස්ථාවක්

    මෙම විසඳුම පරිසර හිතකාමී හා සාර්ථක ක්‍රමවේදයක් බවට සොයාගෙන ඇති අතර, මෙය මිල අධික නොවන මෙන්ම දැනට සොයාගෙන ඇති වඩාත් සාර්ථකම විසදුමක් ලෙස නම් කළ හැකිය. කේම්බ්‍රිජ් විශ්විද්‍යාලය හා අනුබද්ධව මීට අදාළ පරීක්ෂණ සිදු කෙරෙන අතර, මී වද තුළ ජීවත් වන කීටයන් වර්ගයක් පොලිතින් සහ ප්ලාස්ටික් තම ආහාරයට ගනු ලබන බව මෙගින් තහවුරු වී ඇත. පරික්ෂණ දත්ත අනුව මෙම කීට විශේෂයට ඉතා ඝන ප්ලාස්ටික් පවා ආහාරයට ගැනීමේ හැකියාව මෙන්ම කෙටි කාල සීමාවකින් සැළකිය යුතු ප්‍රමාණයේ පොලිතින් ප්‍රමාණයක් කා දැමීමේ හැකියාව ද ඇත. ඔවුන්ගේ ඛේට ග්‍රන්ථි හා අන්ත්‍රය තුළින් නිකුත් කරනු ලබන එන්සයිම මගින් පොලිතින් හා ප්ලාස්ටික් සතු සංකීර්ණ රසායනික සංයෝගය බිඳ දැමීමේ හැකියාව පවතී. පරීක්ෂණයන්ට අනුව මෙම කීට විශේෂය හුදු කීට විශේෂයක් පමණක් නොවන අතර ,ඔවුන් ලොවටම වැදගත් ක්‍රියාවලියක් ඉටු කළ හැකි විශේෂ සත්ව කොට්ඨාශයක් ලෙස නම් කරනු ලබයි.



    මෙම කීට විශේෂය පොලිතින් ඇතුළු ප්ලාස්ටික් ආහාරයට ගනු ලබන්නේ ඇයි?

    මව් මැස්සන් විසින් මී වදය තුළ බිජු ලෑමෙන් අනතුරුව මී වද ආශ්‍රිතව පරපෝෂිතයන් ලෙස උපත ලැබීමෙන් පසු කීට අවධිය නිමාවන තෙක් මී වදයේ අඩංගු මී ඉටි ආහාරයට ගනු ගැනීම සිදු කරනු ලබන අතර, මී ඉටි යනු ස්වභාවික ප්ලාස්ටික් විශේෂයකි.පොලිතින් ඇතුළු ප්ලාස්ටික් තුළ අඩංගු වන්නේ මී මැස්සන් විසින් මී වදය සැකසීමට යොදාගනු ලබන මී ඉටි හා බෙහෙවින් සමාන රසයකි. රසායන සංයෝගය පොලිතින් සහ සමාන වීම නිසා ස්වභාව ධර්මය මගින්ම ඔවුන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය පොලිතින් ඇතුළු ප්ලාස්ටික් වර්ග විනාශ කිරීමට සමත්ය.

    පරීක්ෂණ දත්ත අනුව මෙම කීටයන්ගේ ඛේටය සහ අන්ත්‍රය මගින් නිකුත් කරන එන්සයිමයන් මගින් විශාල ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘති ආරම්භ කිරීමේ හැකියාව පවතින බවට අනාවැකි පළ වී ඇත. තවත් සතුටුදායක කරුණක් වන්නේ දැනට පරිසරයට එකතු වී ඇති පොලිතින් හා ප්ලාස්ටික් මත මෙම එන්සයිමයන් ස්ප්‍රේ කිරීම මගින් පරිසරය රැක ගත හැකිය.


    මෙම ක්‍රමවේදය කොතරම් සාර්ථක ද?

    Photo-3-701x351.jpg

    පොලිතින් බෑගයක් සිදුරු කර ඇති ආකාරය


    කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ පරීක්ෂණ කණ්ඩායම් විශේෂ පරීක්ෂණයක් සිදු කළ අතර එමගින් මෙම ක්‍රමය හරහා මෙම කීටයන්ගේ ශරීරය මගින් නිකුත් කරන එන්සයිමයන් පොලිතින් ප්‍රතිචක්‍රීකරණය සඳහා යොදා ගැනීම කොතරම් සාර්ථකද යන්න සොයා බැලිනි. මෙහිදී සුපිරි වෙළඳසැල්හි බහුලව භාවිත වන පොලිතින් මලු මතට මෙම කීටයන් සියයක් දැමූ අතර, ප්‍රතිඵල මගින් මෙතෙක් ලැබුණ සාර්ථකම ප්‍රතිඵල ලැබුණි. පැය දොළහකට පසු දැකගත හැකි වුයේ පොලිතින් මිලිග්‍රෑම් අනූ දෙකක(92mg) ප්‍රමාණයක් මෙම කීටයන් කා දමා ඇති බවය. මීට පෙර බැක්ටීරියා විශේෂයක් යොදාගෙන මෙම පරීක්ෂණය සිදු කරනු ලැබූ අතර එහිදී දැකගත හැකි වූයේ පොලිතින් මිලිග්‍රෑම් බින්දුවයි දශම දහතුනක්(0.13mg)වැනි ඉතාමත් සුළු ප්‍රමාණයක් පමණි. නමුත් මිලිග්‍රෑම් 0.13ක ප්‍රමාණයක් පොලිතින් දිරාපත් වීමට වසර සියයක අධික කාලයක් ගත වේ. ඒ අනුව පැය දොළහක් වැනි කාලයකදී ස්වභාවිකව දිරාපත් වීමට වසර හත්සිය හතකට (707) වඩා ගතවන පොලිතින් ප්‍රමාණයක් පරිසරයෙන් තුරන් කිරීමට මෙම කීටයන් සමත් වී ඇත.

    ඒ අනුව කීටයන් නිකුත් කරනු ලබන එන්සයිමවල ක්‍රියාකාරිත්වය ඉතා ඉහළ බව මෙමගින් පැහැදිළි වේ. මෙම එන්සයිමවල රසායනික සංයෝගයන් හඳුනා ගැනීම ආශ්‍රිතව මේ වන විට පරීක්ෂණ සිදුවන අතර, මෙම එන්සයිම යොදාගෙන ප්‍රතිචක්‍රීකරණ ක්‍රමවේදයන් වැඩි දියුණු කිරීමේ හැකියාව පවතී.


    උපුටා ගැනීම
    https://roar.media/sinhala/sinhala
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    අලි හරක් බල්ලො මුවො පොලිතින් කනවා දැකලා නැද්ද
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කාලෙකින් අහපු හොදම නිවුස් එකක් :love::love:


    අපේ රටවලට ඕක එන්න තව අවුරුදු 10 ක් වත් යයි :dull:



    මේකේ සයිටම් එකටයි ස්ලිටෙකටයි අන්තරෙටයි මරාගන්න් කාලේ ඔය වගේ වැදගත් ප්ර්යේෂනයක්වත් අපේ විශ්වවිද්‍යාලවල කෙරෙනවනම් කොච්චර හොදද ? :dull:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අලි හරක් බල්ලො මුවො පොලිතින් කනවා දැකලා නැද්ද

    කාල දිරව ගන්න බැරුව උන් මැරෙනවා. පොලිතීන් උන්ගේ බඩේ හිරවෙලා එහෙමමයි.