පොලිස්පතිගෙන් ප්‍රශ්න කරයි

Epoche97

Active member
  • Sep 9, 2018
    523
    51
    28
    පොලිස්පතිගෙන් ප්‍රශ්න කරයි

    පොලිස්පතිගෙන් පැය 3 ක් ප්‍රශ්න කරයි
    (නිමල කොඩිතුවක්කු සහ ඉන්දිකා රාමනායක)

    මහනුවර ති‍්‍රත්ව විදුහලේ හිටපු විදුහල්පතිවරයාගෙන් රුපියල් ලක්ෂ 202 මුදලක් ලබාගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව ඉදිරිපත් වි ඇති චෝදනා පිළිබඳව විමර්ශනය කිරිම සඳහා පත්කළ ති‍්‍රපුද්ගල කමිටුව අද (28) පොලිස්පතිවරයාගෙන් පැය තුනට ආසන්න කාලයක් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කර ගත් බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පැවසීය.


    මෙම ති‍්‍රපුද්ගල කමිටුව කළ කැදවීම අනුව පොලිස්පතිවරයා අද පෙරවරු 9.00 ට පමණ එහි පැමිණ තිබේ. පොලිස්පතිවරයා මෙම කමිටුව හමුවේ පෙනී සිටි පළමු අවස්ථාව මෙය විය.


    දහවල් 12.00 දක්වා පැය තුනකට ආසන්න කාලයක් කමිටුව පොලිස්පතිවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ඔහුගෙන් දීර්ඝව කරුණු විමසා ඇතැයිද නියෝජ්‍ය අමාතයවරයා සඳහන් කළේය.


    පොලිස්පතිවරයාට එරෙහිව එල්ල වී ඇති චොදනා පිළිබඳ විමර්ශන කිරීම රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් මෙම කමිටුව පත්කර ඇති අතර එම ති‍්‍රපුද්ගල කමිටු සමාජිකයන් අතර ශ්‍රී ලංකා පරිපාලන සේවයෙන් විශේෂ ශ්‍රේණියේ නිලධාරීන් වන මාලා බස්නායක, ඩබ්ලිව් ඒ ධර්මසිරි, ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ආලෝක බණ්ඩාර, යන මහත්ම මහත්මීහු කටයුතු කරති.


    මේ සම්බන්ධ කටයුතු වාර්තාව කඩිනමින් අමාත්‍යවරයා වෙත බාර දීමට නියමිතය.


    කමිටු වාර්තාව අනුව පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ඉදිරි ක‍්‍රියාමාර්ග ගන්නා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් පැවසීය.
    http://www.lankadeepa.lk/latest_news/පොලිස්පතිගෙන්-පැය-3-ක්-ප්‍රශ්න-කරයි/1-537498
     

    Similar threads