පොලිස්පති යන්න බෑ කියයි

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    පොලිස්පති යන්න බෑ කියයි

    image_f96bc738ad.jpg


    පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ පිපිරීම් මාලාව පිළිබඳව එවන ලද බුද්ධි තොරතුරු නිසිපරිදි කළමණාකරණය නොකිරීම
    සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස්
    දී තිබිණ. එහෙත් සිය තනතුරෙන් ඉල්ලා අස්වීම පොලිස්පතිවරයා ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති කාර්යාලයේ ඉහළම
    ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ.

    මෙම තත්ත්වය නිසා ආණ්ඩුවේ ඉහළ තලයන්හි ගැටුම් තව තවත් උග්‍ර මට්ටමකට පැමිණ ඇති බවද වාර්තාවේ.

    පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි විවේචනයට
    ලක්ව සිටී. බුද්ධි තොරතුරු බෙදා නොගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ දෝෂාරෝපණය එල්ල වූයේ පොලිස්පති
    පූජිත් ජයසුන්දර මහතා සහ ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙතය.

    ජනාධිපතිවරයාගේ නිර්දේශය පරිදි, ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඉල්ලා අස්වූයේය. එහෙත් පොලිස්පතිවරයා
    තමන්ගේ ස්ථාවරයේ රැඳී සිටින බව ජනාධිපති කාර්යාලයේ උසස් නිලධාරීහු දෙදෙනෙක්ම පැවසූහ.

    “ඉල්ලා අස්වෙන්න කියා ජනාධිපතිතුමා කිව්වත් ඔහු ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කරනවා” යයි නිලධාරියෙක් පැවසීය.

    ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව අනුව පොලිස්පතිවරයා ඉවත්කළ හැක්කේ පාර්ලිමේන්තුවේ සම්මත වීමකින් පසුව පමණි. එහෙත්
    එය ඉතා දීර්ඝ ක්‍රමවේදයකි. එය නිර්මාණය කර ඇත්තේ දේශපාලන බලපෑම් වලින් උසස් නිලධාරීන් බේරාගැනීමේ අරමුණ ඇතිවය.

    පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 250 කට වැඩි පිරිසක් මියගිය අතර 500 කට ආසන්න සංඛ්‍යාවක් තුවාල
    ලැබූහ. මෙම විනාශයේ අනියම් ප්‍රතිඵලයක් වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත්
    අතර පවතින විරසකය මැනවින් කරළියට ඒමයි. ඉන්දීය ඔත්තු සේවා විසින් සපයන ලද තොරතුරු තමන්ට නොලැබුණු බව
    දෙදෙනාම කියා සිටියහ. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු අප්‍රේල් මස 4 වැනිදා, අප්‍රේල් මස 20 වැනිදා සහ
    ප්‍රහාරයට පැය කිහිපයකට පෙරත් ශ්‍රී ලංකාවට ලැබී තිබිණ.

    පොලිස්පතිවරයා මෙම තනතුරට තෝරාගන්නා ලද්දේ අගමැති වික්‍රමසිංහ මහතා විසිනි. ජනාධිපති කාර්යාලයේ ආරංචි
    මාර්ගයක් කියා සිටියේ පොලිස්පතිවරයා ඉල්ලා අස්වීම් ලිපිය දෙනතුරු ජනාධිපතිවරයා තවමත් බලා සිටින බවයි. තවත්
    ආරංචි මාර්ගයකින් එය තහවුරු කරන ලදි. කෙසේ වෙතත් මාධ්‍ය වෙත කරුණු දැක්වීමට මෙම නිලධාරීන් දෙදෙනාටම
    අවසර නැති බැවින් ඔව්හු දෙදෙනාම නම් හෙළිකිරීමට අකමැති වූහ.

    ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට රොයිටර් පුවත් සේවය ඊ-මේල් මෙන්ම දුරකතන හරහාද උත්සාහ කළ
    නමුත් ජයසුන්දර මහතා එම දුරකතනයට හෝ විද්යුත් ලිපියට පිළිතුරු නොදුන්නේය.

    පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් කියා සිටියේ පොලිස්පතිවරයා ඉල්ලා අස්වූයේ නැතත්, අද (සෙනසුරාදා)
    සේවයට නොපැමිණි බවයි.


    Lankadeepa
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ජනාධිපති කෙනෙක්ට විධායක බලතලත් ඕන වෙන වෙලාවල් තියෙනව.
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113


    මම හිතන්නේ මූ attack එක ගැනයි සේරම විස්තර රනිල්ට කියන්න ඇති :yes:
    තරහ නිසා සිරාට නොකිය ඉන්න ඇති


    මූ බය නැතිව ඉන්නේ රනිල් and UNP මූව බේරනවා කියල දන්නා නිසා

     

    Similar threads