පොලිස්‌ භටයන් 600 ක්‌ ඝාතනය වීමේ යුද අපරාධය

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව

    ‍කොටි ත්‍රස්තවාදීන් ‍පොලිස් භටයන් 600ක් ඝාතනය කර අද දිනට වසර 25ක්, ‍මෙම සමූහ ඝාතනය 1990 ජුනි 11 දා සිදු වූ අතර එය මෙරට ඉතිහාසයේ සිදුවූ විශාලතම යුද අපරාධය ‍ලෙස සැල‍කේ. කොටි ත්‍රස්‌තයන් විසින් පොලිස්‌ භටයන් 600 ක්‌ නිරායුධ කර ඔවුන් තිරුක්‌කෝවිල් කැලෑවට ගෙන ගොස්‌ වෙඩි තබා මරා පුළුස්සා ඇත. කල්මුණේ ‍පොලීසිය අක්‌කරපත්තු සමන්තුරෙයි, කලවන්ච්කුඩි සහ පොතුවිල් පොලිසිවල නිලධාරීන්ට කොටි හමුවේ යටත්වන ලෙස එවකට සිටි පොලිස්‌පතිවරයා නියෝග කරනු ලැබීය. මේ සමයේ රජය හා කොටි අතර සාම සාකච්ඡා පැවැති අතර එකී සාකච්ඡා බිඳවැටිණි. පොලිස්‌ භටයන් අත්අඩංගුවට ගනු ලැබූ අවස්‌ථාවේ කොටි න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් සිටියේ ලන්ඩන් නුවරය. දින කිහිපයකින් පොලිස්‌ භටයන් නිදහස්‌ කරයි

    යෑයි බාලසිංහම් කියා සිටියේය. එහෙත් කොටි ත්‍රස්‌තයන් අල්ලාගත් පොලිස්‌ භටයන් නිදහස්‌ වුණේ නැත. ඔවුන්ගෙන් දෙදෙනකු පමණක්‌ දිවි ගලවා ගත් බව පසුව අනාවරණය විය. වසර 25 කට පෙර සිදු වූ මේ යුද අපරාධය අද බොහෝ පිරිසකට අමතක වී ඇත. පොලිස්‌ භටයන් 600 ක්‌ ඝාතනය කිරීම එසේ මෙසේ සිදු වීමක්‌. නොවේ එය සමූලඝාතනයකි. එදා මේ බිහිසුණු යුද අපරාධය මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කෙරුණේ නැත. බටහිර රටවල් නිහඬ විය. රාජ්‍ය නොවන සංවිධාන ද කිසිදු ප්‍රකාශයක්‌ කළේ නැත. 1990 ජුනි 10 වැනිදා රාත්‍රියේ කලවංචිකුඩි පොලිසියෙන් අප අමතනු ලැබීය.

    කොටි පොලිසිය වටකරලා. උසස්‌ නිලධාරීන් නිහඬව සිටිනවා. කුමක්‌ හෝ කරන්න යෑයි අප හිතවත් පොලිස්‌ නිලධාරියෙක්‌ කියා සිටියේය. බම්බලපිටිය පොලිසියේ සේවය කළ ඔහු කලවංචිකුඩි පොලිසියට මාරු කර තිබුණි. එහෙත් ඒ වනවිට නැගෙනහිර උසස්‌ නිලධාරියෙක්‌ පොලිස්‌ භටයන්ට යටත් වන ලෙස නියෝග කර තිබුණි. කොටි කණ්‌ඩායමක්‌ මඩකලපුව කිරාන් හමුදා කඳවුර අසලට පැමිණ යටත් වන ලෙස කළ ඉල්ලීම එම කඳවුරේ බලධාරියා ප්‍රතික්‍ෂේප කළේය.

    මෙම සමයේ පොලිස්‌පති ලෙස කටයුතු කළේ අර්නස්‌ට්‌ පෙරේරායි. විදේශ ඇමැති ඒ සී. එස්‌. හමීඩ්ය. නැගෙනහිර පොලිස්‌ ස්‌ථානවල සේවය කළ පොලිස්‌ භටයන් කොටින්ට අසුවෙද්දී ආර්. එම්. තෙන්නකෝන් නමැති පොලිස්‌භටයා කලපුවකට පැන දිවි බේරාගනු ලැබීය. ඔහු කලපුවේ සිට ගොඩට පැමිණි අවස්‌ථාවේ හිසේ තුවාල සහිතව සිටි ලතීෆ් නමැති පොලිස්‌ භටයකු හමුවිය.

    මේ හැර කොටින්ව අසු නොවී ලාහුගල වනයට පැනගොස්‌ සිටි පොලිස්‌ භටයන් 11 ක්‌ ගැන පසුව වාර්තා විය. මෙම කාල සීමාවේ අම්පාර පොලිස්‌ අධිකාරි වූයේ එම්. නූර්දීන්ය ඔහු පසුව පැවසුවේ පොලිස්‌ භටයන්ට යටත් වන ලෙස පොලිස්‌පති නියෝග කළ බවයි. එම නියෝගයට පෙර කොළඹ සිට අතිරේක බලසේනා යෑවීමට හෝ කොටු වී සිටි පොලිස්‌ භටයන් මුදා ගැනීමට මෙහෙයුමක්‌ දියත් වී නොතිබිණි.

    එදා පැවැති රජයේ නියෝගයට අවනත වී මැරුම් කෑ මේ පොලිස්‌ භටයන් 600 ට යුක්‌තිය හිමි වූයේද? මියගිය කොටින්ට යුක්‌තිය ඉල්ලා හඬ නඟන පාර්ශව කොටි විසින් සිදු කළ මේ විශාල මිනිස්‌ ඝාතනය ගැන හඬක්‌ නොනඟන්නේ මන්ද?

    මෙම සමූල ඝාතනය ගැන නැගෙනහිර කොටි නායකයාව සිටි විනයාගමූර්ති කරුණාට චෝදනා එල්ල විය. පොලිස්‌ භටයන් ඝාතනය කරන සමයේ තමා ප්‍රභාකරන් යාපනයට කැඳවා තිබූ බවත් පොට්‌ටු අම්මාන්ගේ නියෝග මත පොලිස්‌ භටයන් ඝාතනය වී ඇති බවත් කරුණා පවසා ඇත.

    එහෙත් කවුද ඇත්ත කියන්නේ යෑයි කිසිවකුත් නොදනී. පොලිස්‌ භටයන් 600 ක පිරිස ඝාතනය වීම ගැන නිසි විමර්ශනයක්‌ පවා පැවැත්වූයේ නැත. රහස්‌ පොලිසියද පරීක්‍ෂණයක්‌ ආරම්භ කළත් පොලිස්‌ භටයන්ට යටත් වීමේ නියෝගය දුන්නේ කවුද යන්න පරීක්‍ෂණයක්‌ කර නොතිබිණි. පොලිස්‌ භටයන් 600 ක්‌ අමු අමුවේ ඝාතනය වීමේ සිද්ධිය ගැන හිටපු පොලිස්‌ අධිකාරිවරයකු වූ ටාසි සෙනවිරත්න මහතාගේද විමර්ශනයට ලක්‌ විය. අද "යුක්‌තිය" ගැන හඬනඟන ද්‍රවිඩ දේශපාලනඥයන් මේ පොලිස්‌ භටයන්ට සිදු වූ දේ ගැන කණගාටුව පළ කිරීමටද ක්‍රියා කළේ නැත.

    - කීර්ති වර්ණකුලසූරිය
    2015-06-11
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව

    මංගලගෙන් මෙරටදී දමිළ ඩයස්පෝරා සැණකෙළියක්

    මෙම වසර අවසානයට ‍පෙර දමිළ ඩයස්පෝරා සංවිධාන රැසක් මෙරටට ගෙන්වා ඩයස්පෝරා සැණකෙළියක් පැවැත්වීමට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සැලසුම් කර ඇත, ‍මේ බව ‍හෙළි කරන ලද්දේ එම අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මහිෂිනී කොලොන්නේ මහත්මිය විසින්ය. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළාය. විදේශයන්හි ක්‍රියාත්මක වන ඩයස්පෝරා සංවිධානවල සිටින සාමාජිකයන් හා මෙරට ජනතාව අතර අන්තර් සම්බන්ධතා වර්ධනය කිරීමේ අරමුණින් මෙම ඩයස්‍පෝරා සැණකෙළිය පැවැත්වීමට විදේශ කටයුතු අමාත්‍යවරයා බලා‍පොරොත්තු වන බවට කොලොන්නේ මහත්මිය සඳහන් කළාය. මේ වන විටත් තහනම් සංවිධාන ලෙස නම් කර ඇති ගෝලීය දෙමළ සංසදය ඇතුළු සංවිධාන කිහිපයක්ම මෙම

    ඩයස්‍පෝරා සැණකෙළියට එක්වීමට සූදානමින් පසුවන බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි. එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සමීප සබඳතා පැවැත්වූ සංවිධාන කිහිපයක්ම ඊයේ දිනයේදීම මේ සම්බන්ධව උනන්දු වන බවට සමාජ ජාලවල ප්‍රවෘත්ති පළ කර තිබිණි. කෙසේ වෙතත් මෙරට තුළ සංහිඳියාව ඇති කරමින් ජනතාවගේ හදවත්වල ඇති ජාතිවාදී අදහස් ඉවත් කිරීමේ අරමුණෙන් මෙම සැණකෙළිය සංවිධානය කරන බව මහිෂිනී කොලොන්නේ මහත්මිය මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

    නුවන් සේනාරත්න
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලක්ෂ ගණනක් දුප්පත් කොල්ලන්ගේ ලේ කදුලු මතින් ගොඩනැගුනු නිදහස් දේශයේ දෙමල ඩයස්පෝරාව සැනකෙලි පවත්වයි??????
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    මංගලගෙන් මෙරටදී දමිළ ඩයස්පෝරා සැණකෙළියක්

    මෙම වසර අවසානයට ‍පෙර දමිළ ඩයස්පෝරා සංවිධාන රැසක් මෙරටට ගෙන්වා ඩයස්පෝරා සැණකෙළියක් පැවැත්වීමට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සැලසුම් කර ඇත, ‍මේ බව ‍හෙළි කරන ලද්දේ එම අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මහිෂිනී කොලොන්නේ මහත්මිය විසින්ය. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළාය. විදේශයන්හි ක්‍රියාත්මක වන ඩයස්පෝරා සංවිධානවල සිටින සාමාජිකයන් හා මෙරට ජනතාව අතර අන්තර් සම්බන්ධතා වර්ධනය කිරීමේ අරමුණින් මෙම ඩයස්‍පෝරා සැණකෙළිය පැවැත්වීමට විදේශ කටයුතු අමාත්‍යවරයා බලා‍පොරොත්තු වන බවට කොලොන්නේ මහත්මිය සඳහන් කළාය. මේ වන විටත් තහනම් සංවිධාන ලෙස නම් කර ඇති ගෝලීය දෙමළ සංසදය ඇතුළු සංවිධාන කිහිපයක්ම මෙම

    ඩයස්‍පෝරා සැණකෙළියට එක්වීමට සූදානමින් පසුවන බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි. එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සමීප සබඳතා පැවැත්වූ සංවිධාන කිහිපයක්ම ඊයේ දිනයේදීම මේ සම්බන්ධව උනන්දු වන බවට සමාජ ජාලවල ප්‍රවෘත්ති පළ කර තිබිණි. කෙසේ වෙතත් මෙරට තුළ සංහිඳියාව ඇති කරමින් ජනතාවගේ හදවත්වල ඇති ජාතිවාදී අදහස් ඉවත් කිරීමේ අරමුණෙන් මෙම සැණකෙළිය සංවිධානය කරන බව මහිෂිනී කොලොන්නේ මහත්මිය මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

    නුවන් සේනාරත්න

    Oya dayaspora kiyanne machan pita ratawala sewaya karana lankawe aya gana ban... dayasporawa kiyanne LTTE eke wena ratawala inna unta kiyana wachanayak neme... dayasporawa kiyanne podu wachanayak.. math mulin baluwa mangalaya mokatada enne kiyala passe thama therune aththa mokakda kiyala... ape rate minissu dayasporawa kiyapu gaman hithanne LTTE karayo kiyala... Koti dayasporawa kiyanne wenama ekak
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,913
    113
    canada

    :yes::yes::yes:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    Oya dayaspora kiyanne machan pita ratawala sewaya karana lankawe aya gana ban... dayasporawa kiyanne LTTE eke wena ratawala inna unta kiyana wachanayak neme... dayasporawa kiyanne podu wachanayak.. math mulin baluwa mangalaya mokatada enne kiyala passe thama therune aththa mokakda kiyala... ape rate minissu dayasporawa kiyapu gaman hithanne LTTE karayo kiyala... Koti dayasporawa kiyanne wenama ekak

    DAMILA

    PITA RATA HITAPU 99% DAMILA UN LTTE SUPPORT

    E wagema lankaweth ehemai...