වම්බොට්‌ටා මැරූ හීංමල්ලී අවසානය

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    උපුටා ගැනීම - deanxx elakiri

    වම්බොට්‌ටා මැරූ හීංමල්ලී අවසානය


    fech-l-01(21).jpg


    2014 වසරේ පෙබරවාරි 13 වැනිදා සවස්‌ කාලය ගෙවී යමින් තිබුණේය. රත්නපුර මලංගම ප්‍රදේශය පුරා පැතිර තිබුණේ මහා මූසල බවකි. දවසේ ව්‍යාපාර කටයුතු නිම කළ සුමිත් ගුණසේකර තම ආදර දරු දෙදෙනා සහ බිරිඳ ප්‍රියංගිකා ද සමග මලංගම පිහිටි නිවහන වෙත එමින් සිටියේය.

    සුමිත් ගුණසේකර රත්නපුරයේ ප්‍රධාන පෙළේ මැණික්‌ ව්‍යාපාරිකයකු ලෙස නමක්‌ දිනාගෙන සිටියේ වසර ගණනාවක සිටය. කිසිවකුටත් කරදරයක්‌ හිරිහැරයක්‌ නොමැතිව තමන්ගේ පාඩුවේ ව්‍යාපාර කටයුතු කරගෙන යැම ඔහුගේ පුරුද්දක්‌ විය.

    රත්නපුර දෙස සිට වේගයෙන් පැමිණි මෝටර් රථය මලංගම හන්දියේ පිහිටි නිවස අතර නතර කෙරිණි. සුමිත්ගේ ආදර බිරිඳ ප්‍රියංගිකා මෝටර් රථයෙන් බැස නිවසේ ප්‍රධාන ගේට්‌ටුව විවෘත කරන්නට ගියාය.

    ඒ සමගම රත්නපුර දෙස සිට පවනට බඳු වේගයෙන් ආ මෝටර් රථයක්‌ සුමිත්ගේ මෝටර් රථය ඉදිරිපිටින් නතර කෙරිණි.

    සිදුවන්නට යන්නේ කුමක්‌දැයි කිසිවකුටත් පැහැදිළි නැත. සුමිත් දරු දෙදෙනා මෙන්ම ප්‍රියංකාද ගල්ගැසී බලා සිටියි.

    මෝටර් රථයෙන් බැසගත් පුද්ගලයන් දෙදෙනාගෙන් එක්‌ අයකු ප්‍රියංකා අසලට දිව ආවේය. ඔහු අත ගිනි අවියකි.

    කෑගහන්නෙ නැතිව පලයං ඇතුළට, සන්නද්ධ පුද්ගලයා ප්‍රියංකා ගේට්‌ටුවෙන් ඇතුළට තල්ලුකර දමා ඇය දණගැස්‌සුවේය. මෝටර් රථයෙන් බැසගත් අනෙකා සුමිත් ගුණසේකර සිය ග්‍රහණයට ගත්තේය.

    මැරුම් කන්නෙ නැතිව උඹ ළඟ තියන මැණික්‌ ටික දීපං. අත පය විසි කරන්න ආවොත් තියනව ඔලුකටු කුඩුවෙන්න"

    සන්නද්ධ පුද්ගලයා සුමිත්ගේ හිසට ගිනි අවියක්‌ එල්ල කර කෑගසන්නට වූවේය. සුමිත්ගේ මුදල් පසුම්බියේ තිබූ රුපියල් විසි දහසක මුදලත් කලිසම් සාක්‌කුවේ තිබූ රුපියල් පහළොස්‌ ලක්‍ෂයක්‌ පමණ වටිනා මැණික්‌ ගල් තොගයත් ඔහු කොල්ලකෑවේය.

    තව මැණික්‌ උඹ ළඟ තියනවා ඒවත් දීපං. සන්නද්ධ පුද්ගලයා සුමිත්ගේ ගෙල තදින් අල්ලාගෙන කෑගැසුවේය. සුමිත්ගේ මෝටර් රථයේ වෙනත් ස්‌ථානයක වටිනා මැණික්‌ තොගයක්‌ සඟවා තිබුණේය. එය කොල්ලකරුවන්ගෙන් ආරක්‍ෂා කර ගන්නට ඔහු උත්සාහ ගත්තේය. සන්නද්ධ කොල්ලකරුවා සමග සුමිත් පොර බදන්න වුණේය. "අනේ... අපේ තාත්තට වෙඩි තියන්න එපා. අපට කරදර කරන්න එපා. සුමිත්ගේ වැඩිමහල් පුත්‍රයා සන්නද්ධ අපරාධකාරයා ඉදිරියේ වැඳ වැටුනේය. එහෙත් හිතක්‌ පපුවක්‌ නැති ඒ පාපතරයා ක්‍රියාත්මක වුණේය.

    මුළු මලංගම ප්‍රදේශයම දෙදරුම්කමින් කොල්ලකරු අත තිබූ ගිනි අවිය ක්‍රියාත්මක වූවේය. සුමිත්ගේ පාදයට වෙඩි වැදී ඔහු දඟලන්නට වුණේය.

    තත්පර ගණනකදී ක්‍රියාත්මක වූ අපරාධ මෙහෙයුම නිමාවිය. මුදල් සහ මැණික්‌ තොගය කොල්ලකාගත් සන්නද්ධ අපරාධකරුවන් මෝටර් රථයේ නැගී ඉගිල ගියහ. "අනේ... මගේ මහත්තයට වෙඩි තිබ්බා.. කවුරුත් නැද්ද එයාව බේරගන්න.."

    ප්‍රියංගිකාගේ විලාපය ඇසී අහල පහළ අය දිව ආහ. පාදයට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ සුමිත් අවසන් ගමන් ගියේ මුළු මලංගමම එකම මළගෙයක්‌ බවට පත්කරමින්ය. මලංගමදී සිදුවූ ෙ€දවාචකයෙන් රත්නපුරයේ මැණික්‌ ව්‍යාපාරිකයන් අන්දමන්ද වූහ. ඉතාම රක්‍ෂිත කාලයක්‌ එළඹෙමින් තිබෙන බව කවුරුත් දැන සිටියේය. සුමිත් ගුණසේකර ඝාතනයේ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ භාරධුර කාර්ය රත්නපුර පොලිසිය වෙත පැවරුණේය. සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ලලිත් ජයසිංහ, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි පාලිත ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත රත්නපුර පොලිසියේ මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක එස්‌. වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ කටයුතු ඇරඹිණි.

    සුමිත් මරාදැමූ අපරාධකරුවන් සොයා පොලිස්‌ කණ්‌ඩායම් කීපයක්‌ රත්නපුර ප්‍රදේශය පීරන්නට වූහ. දින කීපයක්‌ තිස්‌සේ පරීක්‍ෂණ පැවැත්වුවද සුමිත් ඝාතකයන් පිළිබඳව නිවැරැදි හෝඩුවාවක්‌ දැන ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක්‌ නොවීය.

    මෙවැනි අපරාධවලට සම්බන්ධවන කොල්ල කණ්‌ඩායම් කීපයක්‌ පිළිබඳව පොලිසිය සොයා බැලුවද ඔවුන් කිසිවකුත් සුමිත් ඝාතනයට සම්බන්ධ වී නොතිබුණු බව තහවුරු වුණේය.

    මේ අපරාධයට රත්නපුර ඒරියා එකේ ඔපරේට්‌ වෙන ටීම් එකක්‌ සම්බන්ධ නැහැ. මේක පිටින් ආව ටීම් එකක්‌ කළේ.

    රත්නපුර මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක වීරසිංහ වෙත වැදගත් තොරතුරක්‌ ඔත්තුකාරයකුගේ මාර්ගයෙන් ලැබුණේ මේ අතරතුරදීය. ඒ පෙබරවාරි 17 වැනිදාය. සර්... මේ කේස්‌ එක පිටුපස්‌සේ ඉන්නෙ පාලංකඩ හීන් මල්ලි. මිනිහයි ගෝලයො ටිකයි මේ වැඩේ කළේ.

    ඔත්තුකරුවාගෙන් ලැබුණු තොරතුර ඉතාම වැදගත් විය. හීන් මල්ලිගේ ජංගම දුරකථන අංක දෙකක්‌ සොයාගත් පොලිස්‌ නිලධාරීන් ඒ ඔස්‌සේ පරීක්‍ෂණ පවත්වන්නට වූහ.

    මෙම අපරාධය සිදුවූ දින හීන් මල්ලිගේ ජංගම දුරකථනය රත්නපුර මලංගම ප්‍රදේශයේ භාවිත වූ බව හෙළිදරව් කර ගැනීමට පොලිසියට හැකිවිය.

    හීන් මල්ලි මේ අපරාධය පිටුපස සිටින බවට ලැබුණු තොරතුරු ඉන් වඩාත් තහවුරු වුණේය.

    පාලංකඩ හීන්මල්ලී අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම රත්නපුර පොලිසිය ආරම්භ කරන්නේ එතැන් සිටය.

    මේ අපරාධය පිළිබඳ පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතා පවා දැඩි අවධානයක්‌ යොමුකර සිටියේය. සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ කාර්යට සහාය දීම සඳහා කොළඹ අපරාධ කොට්‌ඨාසයේ නිලධාරීන් පිරිසක්‌ මෙන්ම පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයද යෙදවීමට ඉලංගකෝන් මහතා පියවර ගත්තේය.

    පාලංකඩ හීන් මල්ලීගේ ජංගම දුරකථන ක්‍රියාත්මක වන ප්‍රදේශ හඳුනා ගනිමින් ඒ ඔස්‌සේ ඔහු ලුහු බඳින්නට පොලිසිය කටයුතු කළේය.

    මේ අතර හීන් මල්ලී කඩවත, කිරිල්ලවල ප්‍රදේශයේ නිවසක සැඟවී සිටින බවට ලැබුණු තොරතුරු මත පොලිස්‌ කණ්‌ඩායමක්‌ එම නිවස වැටලුවේය. එහෙත් පොලිසිය ප්‍රමාද වැඩිය. තමන් පසුපස පොලිස්‌ නිලධාරීන් ලුහුබඳින බව දැනගත් හීන් මල්ලී කිරිල්ලවල නිවස අතහැර පලාගොස්‌ තිබුණේ ඊට දින කීපයකට උඩදීය.

    කිරිල්ලවල නිවසේ සිටියේ හීන් මල්ලී අනියම් සම්බන්ධතාවක්‌ පවත්වන කාන්තාවකි. දෙදරු මවක වූ ඇය වසර ගණනාවක සිට හීන් මල්ලී සමග සබඳතාවක්‌ පවත්වාගෙන ගියාය.

    මෙම කාන්තාවගේ සැමියාද මහා අපරාධකාරයකු විය. මිනී මැරුම් කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට අවශ්‍යව සිටි ඒ පුද්ගලයාද මීට වසර කීපයකට උඩදී මියගියේ පොලිස්‌ වෙඩි ප්‍රහාරයකට ලක්‌වීමෙන්ය.

    හීන් මල්ලී කොටුකර ගැනීමට නොහැකි වීම ගැන පොලිස්‌ නිලධාරීන් දැඩි කනස්‌සල්ලට පත් වූහ. අතට හසු වූ කුරුල්ලා, පලායැම ගැන කවුරුත් කතා කළහ.

    හීන් මල්ලි වැඩිපුරම ගැවසෙන ඒරියා හොයාගෙන ඒ පළාත්වලට පොලිස්‌ ටීම් යවන්න ඕනේ. රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි පාලිත ප්‍රනාන්දු මහතා සිය නිලධාරීන්ට උපදෙස්‌ දුන්නේය. හීන් මල්ලී කරක්‌ගහන ප්‍රදේශ සොයා පොලිසිය සිය පරීක්‍ෂණ තවදුරටත් ක්‍රියාත්මක කළහ.

    තංගල්ල, බෙලිඅත්ත, වලස්‌මුල්ල, අඟුණුකොළපැලැස්‌ස, සූරියවැව, වීරකැටිය, මිද්දෙණිය, බැඳිගම, ඌරුගමුව, මුල්ගිරිගල, කැලණිය, කොළඹ ප්‍රදේශවල හීන්මල්ලී නිතර සැරිසරන බව පොලිසිය සොයා ගත්තේය.

    කාන්තාවන් ඇසුරට ඔහු දැඩි ලොල් බවක්‌ දැක්‌වූවේය. හීන් මල්ලි නිතර කරක්‌ගහන ප්‍රදේශවල රූමත් කාන්තාවන් සමග අනියම් සම්බන්ධතා ගොඩනගා ගැනීම ඔහුගේ පුරුද්දක්‌ විය. ඔහු අනියම් සබඳතා පවත්වන කාන්තාවන් පිළිබඳව ද පොලිසිය සොයා බලන්නට පටන්ගත්තේ කිසියම් හෝඩුවාවක්‌ ලබා ගන්නා බලාපොරොත්තුවෙන්ය.

    මේ අතර හීන් මල්ලීගේ ජංගම දුරකථන හික්‌කඩුව ප්‍රදේශයේ සක්‍රීයව තිබෙන බවට තොරතුරක්‌ පොලිසිය වෙත ලැබුණේය. වහාම ක්‍රියාත්මක වූ රත්නපුර මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක වීරසිංහ විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ හික්‌කඩුවට යෑවීමට කටයුතු කළේය.

    රත්නපුර පොලිසියේ අපරාධ අංශයේ ස්‌ථානාධිපති යූ. ඒ. අමරසිංහ ඇතුළු නිලධාරීන් කණ්‌ඩායමක්‌ මාර්තු මස 10 වැනිදා හික්‌කඩුව ප්‍රදේශයට යන්නේ කෙසේ හෝ හීන් මල්ලී අත්අඩංගුවට ගන්නා අරමුණෙන්ය.

    පෞද්ගලික ඔත්තුකරුවන්ගෙන් ලබාගත් තොරතුරු ඔස්‌සේ පරීක්‍ෂණ පැවැත්වූ පොලිස්‌ නිලධාරීන් එදින රාත්‍රියේ මෙහෙයුමකදී හීන් මල්ලී සැඟවී සිටින ස්‌ථානය නිවැරැදිව හඳුනා ගත්තේය.

    හික්‌කඩුව තෙල්වත්ත ප්‍රදේශයේ නිවසක හීන් මල්ලී තම අනියම් බිරිඳ සමග සිටින බවට පොලිසියට තොරතුරු ලැබී තිබිණි. එම අනියම් බිරිඳ කඩවත කිරිල්ලවල නිවසේ සිටි කාන්තාවම බව ද පොලිසිය හෙළිකර ගත්තේය. පොලිස්‌ නිලධාරීන් තමන් පසුපස ලුහුබඳින බව දැනගත් හීන් මල්ලී සිය අනියම් බිරිඳ සමග හික්‌කඩුව තෙල්වත්ත ප්‍රදේශයට පැමිණ සිටියේය.

    ඔවුන් තාවකාලිකව ලැගුම් ගෙන සිටියේ අනියම් බිරිඳගේ ඥති සොහොයුරියකට අයත් නිවසකය. පොලිස්‌ කණ්‌ඩායම එදින රාත්‍රියේම හීන් මල්ලී සැඟවී සිටි නිවස වට කළහ. මෙහෙයුම ක්‍රියාත්මක විය.

    නිවස වටකරගෙන සිටි නිලධාරීන් අඳුරේම හීන් මල්ලී නවාතැන්ගෙන සිටි නිවසට ඇතුළු වී ඔහු අත්අඩංගුවට ගත්තේය. මේ සියලු දේ කිසිම කලබලයකින් තොරව ක්‍රියාත්මක කිරීමට හැකි විය. පොලිස්‌ නිලධාරීන් නිවස වටකර ඊට කඩාපනින තුරුම හීන් මල්ලී ඒ කිසිවක්‌ දැන සිටියේ නැත. හීන් මල්ලීගේ සමීපතමයකු වූ නාමල් ද මෙහිදී අත්අඩංගුවට ගැනීමට හැකි විය.

    රත්නපුරයේ මැණික්‌ ව්‍යාපාරික ඝාතන සිද්ධියට නාමල්ද එක්‌ව සිටි බව පසුව අනාවරණය වුණේය.

    සුමිත් ගුණසේකර ඝාතනය කරමින් මුළු රත්නපුරයම භීතියට පත්කළ ඒ අපරාධකාරයා අත්අඩංගුවට ගැනීමේ පුවත රට පුරාම ලැව් ගින්නක්‌ මෙන් ප්‍රචාරය වී තිබුණේය. රත්නපුරයේ මැණික්‌ ව්‍යාපාරිකයන් මෙන්ම සාමාන්‍ය ජනතාවද සැනසුම් සුසුම් හෙළන්නට වූහ.

    අත්අඩංගුවට ගත් හීන් මල්ලී සහ නාමල් එදින රාත්‍රියේම රත්නපුර පොලිසිය වෙත රැගෙන ගියහ. මුළු රටම භීතයට පත්කළ අපරාධකාරයාගෙන් ප්‍රශ්න කිරීම ඇරඹුනේ ඉන් පසුවය.

    අඩි 5 කුත් අඟල් 3 ක්‌ උසින් යුත් හීන්දැරි සිරුරක්‌ ඇති හීන් මල්ලී උපත ලැබුවේ වීරකැටිය රෝහලේදීය. ඒ 1981 වර්ෂයේ මාර්තු 31 වැනිදාය.

    අරුම ගමගේ සුගත් චාමින්ද නොහොත් අරුම ගමගේ විදුර දිල්ශාන් කුමාර ඔහුගේ සම්පූර්ණ නම විය. පාලංකඩ හීන් මල්ලී පාලංකඩ හීනා යන අන්වර්ථ නාමවලින් මේ පාපතරයා මුළු දකුණු පළාත පුරාම ප්‍රසිද්ධව සිටියේය.

    මුල්ගිරිගල මහා විද්‍යාලයෙන් අපොස සාමාන්‍ය පෙළ දක්‌වා අධ්‍යාපනය ලැබූ හීන් මල්ලී විෂයන් 5 ක්‌ සමත් වී විෂයන් තුනකට සම්මාන සාමාර්ථද ලබා ගත්තේය.

    වසර 15 කට ආසන්න කාලයක්‌ තිස්‌සේ හීන් මල්ලී සිදුකළ අපරාධ විශාල ප්‍රමාණයකි. ඒ අතර මිනිස්‌ ඝාතන 22 කි. කොල්ල කෑම් 40 කට වැඩිය. කප්පම් ගැනීම, මුදල් කොන්ත්‍රාත් මත විවිධ පුද්ගලයන්ට හිරිහැර කිරීම ඇතුළු තවත් අපරාධ රැසකි. මැණික්‌ ව්‍යාපාරිකයන්ගේ නිවාස කොල්ලකෑමට හීන් මල්ලී වැඩි කැමැත්තක්‌ දැක්‌වූවේය. මීට ඉහත අවස්‌ථා කීපයකදීම මොහු රත්නපුරය, කහවත්ත ප්‍රදේශවල මැණික්‌ ව්‍යාපාරිකයන්ගේ නිවාසවලට කඩා වැදී මුදල් සහ මැණික්‌ කොල්ලකෑවේය.
     
    • Like
    Reactions: pubba8766

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    හීන් මල්ලීගේ සමීපතම ගෝලයකු රත්නපුර ප්‍රදේශයේ සිටියේය. රත්නපුරයේ ධනවත් මැණික්‌ ව්‍යාපාරිකයන් පිළිබඳව හීන් මල්ලී වෙත තොරතුරු ලැබෙන්නේ මේ ගෝලයා හරහාය. දිනක්‌ මේ සමීපතමයා හීන් මල්ලී සොයා ආවේය.

    සුමිත් ගුණසේකර කියලා සල්ලිකාරයෙක්‌ ඉන්නවා. මිනිහා තමයි රත්නපුර මලංගම පැත්තේ ඉන්න ලොකුම සල්ලිකාරයා. මිනිහට වැඩක්‌ දුන්නොත් ලොකු මුදලක්‌ සොයාගන්න පුළුවන්...

    තම සගයාගෙන් ලැබුණේ ඉතාම වටිනා තොරතුරකි.

    මේ දවස්‌වල හොඳටම වේලෙනවා. අලුත් අවුරුදුත් කිට්‌ටු වෙන නිසා ලොකු වැඩකට අතගහන්න ඕනේ. ඔය වැඩේ ටිකක්‌ සැලකිල්ලෙන් කරපන්. මම ලොකු කොටසක්‌ උඹට දෙන්නම්.

    හීන් මල්ලී කීවේය.

    සුමිත් ගුණසේකර සතු මැණික්‌ කොල්ලකෑමේ මෙහෙයුම සැලසුම් වන්නේ එතැන් සිටය. දින කීපයක්‌ ගත වෙද්දී ඒ සඳහා සැලැස්‌මක්‌ සකස්‌ කෙරිණි.

    සියලු සැලසුම් සකස්‌ කළේ රත්නපුරයේ පදිංචි හීන් මල්ලීගේ ගෝලයා විසින්ය.

    උඹ කඩවත කිරිල්ලවල ගෙදරට වරෙන්. අපි එහෙදී මේ වැඩේ ගැන දෙකින් එකක්‌ කතා කරමු.

    හීන් මල්ලී රත්නපුරයේ පදිංචි තම සමීපතමයාට කීවේය. පෙබරවාරි මස 10 වැනිදා ඔහු හීන් මල්ලී සොයාගෙන කඩවත කිරිල්ලවල නිවසට ආවේය.

    කඩවත කිරිල්ලවල ප්‍රදේශයේ පිහිටි ඒ නිවස හීන් මල්ලීගේ අනියම් බිරිඳට අයත් වූ එකකි. හීන් මල්ලී මෙම නිවස තම ආරක්‍ෂිත නිවස්‌නයක්‌ ලෙසද පාවිච්චි කළේය.

    බොහෝ අපරාධ සැලසුම් කෙරුණේ මේ නිවස තුළදීය. සුමිත් ගුණසේකර සතු මැණික්‌ කොල්ලකෑම ද ඒ ආකාරයටම සැලසුම් කෙරිණි.

    මුදලාලි හැමදාම හවස 6.00 ට විතර ගෙදර එනවා මැණික්‌ බිස්‌නස්‌වලට ගිහින් එන නිසා අතේ සල්ලියි මැණික්‌ ලොකු ප්‍රමාණයක්‌ තියනවා. ගෙදරට ඇතුළු වෙන්න ඉස්‌සර වැඩක්‌ දුන්නොත් අපිට ගොඩයන්න පුළුවන්. හීන් මල්ලිගේ සමීපතමයා මැණික්‌ කොල්ලයට අවශ්‍ය සියලු තොරතුරු ලබා දුන්නේය.

    කොල්ලකෑම සඳහා රත්නපුරයට යැමට මෝටර් රථයක්‌ ලබා ගත්තේ දොම්පේ ප්‍රදේශයේ වාහන කුලියට දෙන ආයතනයකින්ය.

    හීන් මල්ලීට අමතරව නාමල් සහ තවත් ගෝලයන් දෙදෙනෙක්‌ මෙම කොල්ලකෑම සඳහා එක්‌ව සිටියහ.

    පෙබරවාරි 13 වැනිදා දහවල් හීන් මල්ලි ඇතුළු සගයන් රත්නපුර නගරයට සේන්දු වූහ. රත්නපුරයේ ගෝලයා සුමිත් ගුණසේකර ගමන් ගන්නා සියලු විස්‌තර හීන් මල්ලී වෙත මොහොතින් මොහොත ලබා දුන්නේය.

    සුමිත් ගුණසේකර නෝනයි ළමයි දෙන්නයි එක්‌ක තව ටිකකින් ගෙදර යනවා. ඒ වෙලාවට µලෝ කරන්න. ගෙදරට ඇතුළු වෙන ගේට්‌ටුව ළඟදී වාහනේ නතර කරන්න. වැඩේ කරන්න ලේසිම ඒ වෙලාව.

    හීන් මල්ලීගේ ඔත්තුකරුවා සියලු තොරතුරු ලබා දුන්නේය. ඒ අනුව හීන් මල්ලී ඇතුළු සගයන් සුමිත් ගුණසේකර ගමන්ගත් මෝටර් රථය ලුහු බැන්දේ රත්නපුර නගරයේ සිටමය. හීන් මල්ලී අත පතරොම් තුවක්‌කුවකි. එය කුඩාවට කපා සකස්‌ කළ එකකි.

    සුමිත් ගුණසේකරගේ නිවස අසලදී මැණික්‌ සහ මුදල් කොල්ලකා හීන් මල්ලී ඇතුළු සගයන් කෙලින්ම ආවේ කඩවත කිරිල්ලවල පිහිටි සිය අනියම් බිරිඳගේ නිවසටය.

    කොල්ල කෑ මුදල් ප්‍රමාණය රුපියල් විසි දහසකි. එය සමානව බෙදාගත් පිරිස කොල්ලකෑ මැණික්‌ ගල්ද බෙදා ගත්තේය. කොල්ලකෑ මැණික්‌ විකිණීමට රැගෙන ගියේ බේරුවලටය. සුමිත් ගුණසේකර ඝාතනය කර මැණික්‌ කොල්ල කෑම සදාකාලික වැළලී යන අපරාධය වනු ඇතැයි හීන් මල්ලී සිතුවේය. එහෙත් මේ මහා අපරාධය සිදුකර හීන් මල්ලීට මාසයක කාලයක්‌ සැඟවී සිටින්නට ඉඩ ලැබුණේ නැත.

    ratna2-jpg.50877


    මහා දාමරිකයකු ලෙස මුළු දකුණු පළාතම භීතියට පත්කළ ද පාලංකඩ හීන් මල්ලීගේ අතීත කථාව එතරම් සුන්දර එකක්‌ වුණේ නැත.

    කසිප්පු ජාවාරම්කාරයකු වූ හීන් මල්ලීගේ පියා පාලංකඩ ප්‍රදේශයේ දූෂිත පුද්ගලයකු ලෙස ප්‍රසිද්ධව සිටියේය. කුඩා කල සිටම තම පියාගේ ආභාෂය ලබමින් හැදී වැඩුණු පාලංකඩ හීනා තරුණවියට එළඹෙන්නේ ප්‍රදේශයේ දාමරිකයකු ලෙසය.

    පාලංකඩ හීනා පාසල් යන සමයේදීම තමන්ට අකුරු සාස්‌තරය කියා දුන් ගුරුවරියගේ නිවසට පැන මුදල් හොරකම් කළේය. එය හීනාගේ අපරාධ චාරිකාවේ මුල්ම අපරාධය විය. එතැනින් නොනැවතුනු පාලංකඩ හීනා පාසලේ විදුහල්පතිවරයාගේ නිවසට පැන මුදල් සහ වටිනා දේ හොරා ගත්තේය.

    හිරිමල් තරුණ වියේ සිටම පුංචි පුංචි අපරාධ කරද්දී ඔහුට හොඳ නරක කියා දෙන්නට කිසිවකුත් සිටියේ නැත.

    මේ අතර හීන්මල්ලීගේ පියා සංවිධානාත්මක කණ්‌ඩායමක්‌ අතින් මැරුම් කෑවේය. වීරකැටිය මුල්කිරිගල මහා විද්‍යාලයේ අපොස සාමාන්‍ය පෙළ පංතියේ අධ්‍යාපනය ලබමින් සිටි කාලය පාලංකඩ හීන් මල්ලීගේ ජීවිතයේ අභාග්‍යතම කාලසීමාව විය.

    මේ කාලසීමාව වන විට හීන් මල්ලීගේ පවුලේ ආර්ථික තත්ත්වය අන්තයටම වැටී තිබුණේය. දිනෙන් දින ඉහළ යන අගහිඟකම් නිසා හීන්මල්ලිගේ වැඩිමහල් සොහොයුරිය ඇඟලුම් කම්හලක සේවයට යන්නේ ජීවන බර කරට ගනිමින්ය.

    මහා රූපරාජිනියක නොවුනද හීන් මල්ලිගේ සොහොයුරිය රූමත් තරුණියක වූවාය. මේ කාල සීමාව වෙද්දී පාලංකඩ ප්‍රදේශයේ තවත් චණ්‌ඩියකු බිහිවී සිටියේය. ඔහු නමින් මැදකොරටුවේ කළුවාය. යුද හමුදාවෙන් පලා ආ සෙබළකුවූ කළුවා ගමේ අහිංසකයන් බියට පත්කරගෙන සිටියේය.

    හීන්මල්ලීගේ වැඩිමහල් සොහොයුරිය කෙරෙහි දැඩි ඇල්මකින් සිටි කළුවා ඇය තමන් වෙත නම්මවා ගැනීමට නිතරම උත්සාහ කළේය. එහෙත් ඊට ඇගෙන් කිසිදු මනාපයක්‌ ලැබුණේ නැත. ඇගේ ආදරය ලබා ගැනීමට නොහැකිවීම නිසා කළුවා ඇය කෙරෙහි පසු වුණේ දැඩි වෛරයකින්ය.

    දිනක්‌ හීන්මල්ලීගේ සොහොයුරිය වැඩ අවසන්වී නිවසට එද්දී කළුවාට කොටු වුණේය.

    අද මේක දෙකින් එකක්‌ විසඳගන්න ඕනේ. උඹ වරෙන් මාත් එක්‌ක යන්න කළුවා හීන්මල්ලීගේ වැඩිමහල් සොහොයුරිය කැලෑවට ඇදගෙන ගොස්‌ දූෂණය කළේය. වැඩි දවසක්‌ යන්නට පෙර මේ සිදුවීම මුළු වීරකැටියම දැන ගත්තේය. එහෙත් කළුවාට ඇති බිය නිසා ඔහුට එරෙහිවීමට කිසිවකුත් ඉදිරිපත් වුණේ නැත.

    කළුවා අතින් අතවරයට පත්වූ හීන් මල්ලීගේ වැඩිමහල් සොහොයුරිය ගැබිනියක වූවාය. තම සොහොයුරිය පියකු නොමැති දරුවකු බිහි කිරීම ගැන හීන් මල්ලී සිටියේ දැඩි වෛරයකින්ය.

    මම යනවා කළුවාව හොයාගෙන අද ඕක එක්‌ක මේ ගැන කථා කරලා දෙකින් එකක්‌ විසඳගන්නවා.

    හීන්මල්ලීගේ වයස යන්තම් අවුරුදු 16 පසුවී තිබිණි. එහෙත් තම සොහොයුරියට කළ අපරාධය ගැන ඔහු සිටියේ දැඩි වෛරයකින්ය.

    මගේ අක්‌ක දරුවෙක්‌ බිහි කළා. ඒ දරුවගෙ තාත්තා උඹ. දරුවගෙ උප්පැන්නෙට උඹේ නම දාන්න ඕනෙ.

    හීන්මල්ලී කළුවා මුණගැසී මේ ගැන කීවේ දැඩි කෝපයෙන්ය.

    උඹේ අක්‌කා නන්නත්තාරේ ගිහින් දරුවෝ හදාගත්තට මම පලි නැහැ. උඹ ඕනෙ එකෙකුගේ නම දාගනින්, මාව ඒවට ගාව ගන්න එපා.

    කෝපයට පත්වූ කළුවා හීන්මල්ලිට පහරදී පන්නා ගත්තේය. මේ සිද්ධියෙන් පසු කළුවා නිතර නිතරම හීන්මල්ලීට කරදර කරන්නට පටන් ගත්තේය. දකින දකින තැන්වලදී පහර දෙන්නට වුණේය.

    කළුවාගෙන් කිසිම ගැලවීමක්‌ නැති බව හීන්මල්ලී හො¹කාරවම දැන සිටියේය.

    මේ කාල සීමාව වනවිට වීරකැටිය ප්‍රදේශයේ මහා දාමරිකයා බවට පත්ව සිටියේ ආමි ජිනේය. දකුණු පළාත භීතියට පත්කරගෙන සිටි වම්බොට්‌ටාගේ කල්ලියේ ප්‍රධානියකු ලෙස කටයුතු කරමින් සිටි ආමි ජිනේ දරුණුම ගනයේ අපරාධකාරයෙකු ලෙස ප්‍රසිද්ධව සිටියේය.

    ආමි ජිනේ හීන්මල්ලීගේ මවගේ ළඟම ඥාතියකු විය. කිසියම් විපතක්‌ වූ විට ආමි ජිනේ ඔවුන්ගේ පිහිටට ඉදිරිපත් වුණේය.

    "අපි ජිනේ මාමටවත් කියලා බලමු නැත්නම් කළුවා අපේ පවුලම මරලා දානවා."

    හීන්මල්ලී තම මවට කීවේය. දිනක්‌ හීන්මල්ලීත් මවත් ආමි ජිනේ සොයා ගියහ. තමන්ට සිදුවී ඇති මහා විපත පිළිබඳව ජිනේට පැහැදිලි කළ හීන්මල්ලීගේ මව ඊට කිසියම් උපකාරයක්‌ කරන ලෙස ඉල්ලා සිටියාය. "හරි මම ඔය ප්‍රශ්නෙ විසඳලා දෙන්නම්. උඹ හෙට උදේ වරෙන් මාව හම්බ වෙන්න.

    ආමි ජිනේ හීන් මල්ලීට කීවේය.

    පසුදා උදැසනම හීන්මල්ලී තම ඥතියා මෙන්ම එකම ගැලවුම්කාරයා වූ ආමි ජිනේ සොයා ආවේය.

    උඹට වෙඩි තියන්න පුළුවන්ද?

    ආමි ජිනේ හීන්මල්ලීගෙන් විමසුවේය.

    මම තවම ඉස්‌කෝලෙ යනවා. මම ජීවිතේට වෙඩි තියලත් නැහැ. තුවක්‌කුවක්‌ අතින් අල්ලලත් නැහැ.

    හීන් මල්ලී කීවේ දැඩි ලෙස භීතියට පත්වෙමිනි.

    හරි මම උඹට වෙඩි තියන්න උගන්වනවා උඹ අපේ කල්ලියට එකතු වෙන්න ඕනේ. තව දවස්‌ දෙකතුනක්‌ යන්න ඉස්‌සර ඔය කළුවාගෙ ප්‍රශ්නය ඉවර කරලා දෙන්නම්.

    ආමි ජිනේ එදින හීන් මල්ලීට අවි පුහුණුව ලබා දුන්නේය. වීරකැටිය ප්‍රදේශයේ කැලෑවකට රැගෙන ගොස්‌ පතරොම් තුවක්‌කුවකින් වෙඩි තබන ආකාරය හීන් මල්ලීට පුරුදු කළේය.

    දිනක්‌ රාත්‍රී ආමි ජිනේ සහ හීන් මල්ලි කළුවාගේ නිවස සොයා ආහ. එදින රාත්‍රියේ මගරැක සිටි ආමි ජිනේ කළුවාට වෙඩි තබා ඝාතනය කළේ හීන්මල්ලීට වූ පොරොන්දුව ඉෂ්ට කිරීම සඳහාය. මේ සිද්ධියෙන් පසු හීන් මල්ලී ආමි ජිනේට දේවත්වයෙන් සැලකුවේය. තම එකම ගැලවුම්කාරයා ආමි ජිනේ බව ඔහු සිතුවේය. කාලයක්‌ ගත වෙද්දී හීන්මල්ලී ආමි ජිනේ යටතේ ආයුධ පුහුණුව ලබා ගත්තේය. යුද හමුදා විශේෂ බලකායේ පුහුණුව ලබා අති දක්‍ෂ වෙඩික්‌කරුවකු ලෙස සම්මාන ලබා සිටි ආමි ජිනේ පසු කලෙක යුද හමුදාවෙන් පලා ආවේය. හමුදාවේදී ලැබු අවි පුහුණුව ඔහු තම පාතාල කල්ලියේ සගයන්ටද නොඅඩුව ලබා දුන්නේය. ඒ වන විට අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් 5 ක්‌ සමත්ව සම්මාන සාමාර්ථ 3 ක්‌ද ලබා සිටි හීන් මල්ලී පාසල් අධ්‍යාපනය අවසන් කළේය.

    එතැන් පටන් ආමි ජිනේගේ පසුපස යමින් විවිධ අපරාධවලට සම්බන්ධ වූ හීන්මල්ලී දරුණු අපරාධකාරයකු වීම සඳහා අඩිතාලම දමා ගත්තේය. කෙසඟ සිරුරක්‌ ඇති නිසා කව්රුත් ඔහුට කථා කළේ හීන් මල්ලී කියාය. අරුම ගමගේ සුගත් චාමින්ද පාලංකඩ හීන්මල්ලී ලෙස මුළු දකුණු පළාත පුරාම ප්‍රසිද්ධියට පත්වන්නට වුණේ එතැන් සිටය.

    දකුණු පළාතම භීතියට පත්කරමින් මිනීමරන්නට කොල්ලකන්නට පටන් ගත් පාලංකඩ හීන් මල්ලී ඉතාම කෙටිකාලයක්‌ තුළදී මහා අපරාධකරුවකු බවට පත්ව සිටියේය.

    වම්බොට්‌ටාගේ පාතාල කල්ලියේ ප්‍රබලයකු වන්නට ඔහුට ඒ තරම් කාලයක්‌ ගත වුණේ නැත. ධර්මදාස අමරසිංහ විතාරන්දෙනිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකි. වලස්‌මුල්ල ප්‍රදේශයේ පාතාල කල්ලියක ක්‍රියාකාරී සාමාජිකයකුව සිටි ධර්මදාස අමරසිංහ පසුකලෙක දී ඒ සියලු අපරාධ ක්‍රියා අතහැර විතාරන්දෙණියට එන්නේ දැහැමි පුද්ගලයෙකු ලෙස ජීවත්වීම සඳහාය. මේ කාලවකවානුවේදී ධර්මදාස අමරසිංහගේ පවුලේ ඥතීන් දෙදෙනෙකු ඉතාම සාහසික අන්දමින් ඝාතනයට ලක්‌විය.
    ------ Post added on Nov 20, 2025 at 5:39 PM
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    මේ ඝාතන දෙක පිටුපස සිටින්නේ ආමි ජිනේ සහ බෝසුජිත් නමැති පාතාල කෙරුම්කාරයන් දෙදෙනා බව ධර්මදාස අමරසිංහ දැන ගත්තේය.
    සාමකාමී ජීවිතයකට ඇතුළුවීමට අඩිතාලමක්‌ දමාගෙන සිටි ධර්මදාස නැවතත් සර්පයකු බවට පත් කිරීමට මේ සිදුවීම සමත් විය. ආමි ජිනෙයා දන්නෙ නැහැ මම කව්ද කියලා. මම ඕකාගෙන් පන්න පන්නා පලියගන්නවා.
    ධර්මදාස තම ඥතීන් ඝාතනය කිරීමේ පලිය ආමි ජිනේගෙන් ගැනීමට පිඹුරුපත් සකස්‌ කරන්නට වුණේය.
    වෙඩි ප්‍රහාරයකට ලක්‌ව තුවාල ලැබූ ආමි ජිනේ මාතර රෝහලට ඇතුළත් කරන්නේ ඔය අතරතුරදීය. ආමි ජිනේ රෝහල්ගත කළ පුවත ධර්මදාසගේ කනවැකුණේය. ඔහුගෙන් පලිගැනීමට හොඳම අවස්‌ථාව එය බව තේරුම්ගත් ධර්මදාස ඊට අවශ්‍ය කටයුතු සම්පාදන කරන්න පටන් ගත්තේය.
    2004 වර්ෂයේ මැයි මස 06 වැනිදා වීරකැටිය පොලිසියේ නිලධාරීන් සමඟ සටනකට මැදිවූ ආමි ජිනේ ඇතුළු කල්ලිය පොලිස්‌ නිලධාරියකු වෙඩි තබා ඝාතනය කළේය. ආමි ජිනේ වෙඩි ප්‍රහාරයකට ලක්‌ව තුවාල ලබන්නේ එම සටනේදීය. රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආමි ජිනේ පරලොව යෑවීම සඳහා අවශ්‍ය කටයුතු ධර්මදාස සම්පාදනය කළේය. ඊට තවත් බොහෝ දෙනෙකු දායකත්වය ලබා දුන්නේය. ධර්මදාසගේ දාමරික වැඩ සඳහා යොදා ගත් පුංචා නැමත්තා මාර්ගයෙන් ආමි ජිනේ ඝාතනය කිරීමට සැලසුමක්‌ සකස්‌ කළේය. ධර්මදාස සහ පුංචා මාතර රෝහල වෙත ගියේ රෝගීන් බලන පුද්ගලයන් ලෙසය.
    එදින මුළු මාතර රෝහලම දෙවනත් කරමින් වෙඩි ප්‍රහාර එල්ල කළ පුංචා සහ ධර්මදාස ප්‍රතිකාර ලබමින් සිටි ආමි ජිනේ ඝාතනය කර පලා ගියහ.
    එයින් නොනැවතුණු ධර්මදාස බෝසුජිත්වද ඝාතනය කළේය.
    ආමි ජිනේ සහ බෝසුජිත් අහිමිවීම වම්බොට්‌ටාගේ පාතාල කල්ලියට එල්ලවූ මරුපහරක්‌ විය. තමන් දේවත්වයෙන් සැලකූ තම ගුරුවරයා ලෙස සිටි ආමි ජිනේ අමු අමුවේම මරා දැමීම පිළිබඳව පාලංකඩ හීන්මල්ලී සිටියේ මහා වෛරයකින්ය.
    ඔය ධර්මදාසය තමයි මේ හැමදේටම මුල උගේ පවුල් පිටින් නැති කරලා දාන්න ඕනෙ. වම්බොට්‌ටා තම ගෝලබාලයන්ට කීවේය.
    ආමි ජිනේ සහ බෝසුජිත් ඝාතන සිද්ධීන් සම්බන්ධයෙන් පුංචා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය. එහෙත් ධර්මදාස කොටුකර ගැනීමට පොලිසියට ඉඩ ලැබුණේ නැත.
    වම්බොට්‌ටාගේ කල්ලිය ධර්මදාස සහ පුංචාගෙන් පලිගැනීමට පටන් ගත්තේ එතැන් සිටය.
    පුංචාගේ සොහොයුරියන් දෙදෙනකු පැහැරගෙන ගොස්‌ දූෂණය කළ වම්බොට්‌ටා ඇතුළු සගයන් ඔවුන්ගෙන් පලිගත්තේය.
    පුංචා බන්ධනාගාරගතව සිටීම නිසා ඔහුට ජීවිතය බේරා ගැනීමට හැකි වුණේය.
    පාලංකඩ හීන්මල්ලී ඇතුළු සහචරයන් ධර්මදාස ලුහුබඳින්නට වුණේය. දිනක්‌ ධර්මදාස තම අට හැවිරිදි පුත්‍රයාද සමඟ විතාරන්දෙණිය කෝන්වැව ප්‍රදේශයේදී හීන්මල්ලීට කොටු වුණේය.
    උඹ කාගෙන් ගැලවුණත් අපෙන් ගැලවෙන්න බැහැ.
    කාලයක්‌ තිස්‌සේ තම සිතේ සිරකරගෙන සිටි වෛරය එදින හීන්මල්ලී පිටකළේය. අට හැවිරිදි පුත්‍රයා පන්නා දැමූ පාතාල මැරයන් ධර්මදාසව වෙඩි තබා ඝාතනය කළහ.
    මේ ඝාතනයෙන් විතාරන්දෙණිය පමණක්‌ නොව මුළු දකුණු පළාතම හෙල්ලුනේය.
    සියලුදෙනාම සිතා සිටියේ වෛරයේ පළිගැනීම එතැනින් නිමවී ඇති බවයි. එහෙත් එය සත්‍ය නොවන බව සියලු දෙනාටම පසක්‌ වුණේ ධර්මදාසගේ මෘත දේහය විතාරන්දෙණියේ පිහිටි නිවසට රැගෙන ආ දිනයේදීය.
    එදින රාත්‍රි ඩොල්µsන් වර්ගයේ වෑන් රථයක පැමිණි වම්බොට්‌ටා පාලංකඩ හීන්මල්ලී ඇතුළු සගයන් දොලොස්‌ දෙනෙකු ධර්මදාසගේ අවමඟුල පැවති නිවස දෙවනත් කරන්නට වූහ.
    ධර්මදාසගේ මෘත දේහයට තනි රකිමින් සිටි ඔහුගේ සොහොයුරියන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කළ පාලංකඩ හීන් මල්ලී ඇතුළු පාතාල නරුමයන් අසල කාමරයක නිදා සිටි ඔහුගේ සොහොයුරන් දෙදෙනාද ඝාතනය කළෝය.
    ආමි ජිනේගේ ඝාතනයට කිසිම ආකාරයකින් සම්බන්ධයක්‌ නොදැක්‌වූ අහිංසකයන් සිව්දෙනෙකු අමු අමුවේම මරා දැමූ පාලංකඩ හීන්මල්ලී ඇතුළු සගයන් පලා ගියහ.
    ආමි ජිනේ පරලොව යැමෙන් පසු වම්බොට්‌ටාගේ කල්ලියේ ප්‍රධානම වෙඩික්‌කාරයා බවට පත්වුණේ පාලංකඩ හීන්මල්ලීය.
    දකුණු පළාත පුරා සිදුවන අපරාධ, මීනිමැරුම්, කොල්ලකෑම්, කප්පම් ගැනීම් දිනෙන් දිනම ඉහළ යමින් තිබුණේය. මේ අතර හීන්මල්ලී නිවිතිගල ප්‍රදේශයේ මැණික්‌ ව්‍යාපාරිකයකුගේ නිවස කොල්ලකෑමට යන්නේ තම සගයන් කීපදෙනෙකුද සමඟය.
    රුපියල් ලක්‍ෂ ගණනක්‌ වටිනා මැණික්‌
    තොගයක්‌ කොල්ලකාගෙන හීන්මල්ලී ඇතුළු කොල්ලකරුවන් පලා යද්දී නිවිතිගල පොලිසියේ නිලධාරීන් ඔවුන් වටකළහ.
    ගිනි අවියක්‌ අතටගත් පසු හීන්මල්ලී ක්‍රිsයා කරන්නේ කිසිදු අණක්‌ ගුණක්‌ ඇති පුද්ගලයෙකු ලෙසයි. තමන් අත්අඩංගුවට ගන්නට උත්සාහ කරමින් සිටින පොලිස්‌ නිලධාරීන් වෙත ටී 56 ගිනි අවියකින් ඉවක්‌ බවක්‌ නොමැතිව වෙඩි තැබූ හීන්මල්ලි පොලිස්‌ නිලධාරීන් ගෙන් බේරී පලා ගියේය.
    මෙම වෙඩි තැබීමෙන් නිවිතිගල පොලිසියේ පොලිස්‌ පරීක්‍ෂකවරයෙකු හා කොස්‌තාපල්වරයෙකු මිය ගියහ. පාලංකඩ හීන් මල්ලි ඇතුළු සගයන් සිදු කරන කොල්ලකෑම් දිනෙන් දින ඉහළ යන්නට වුණේය.
    බණ්‌ඩාරගම, ඇඹිලිපිටිය, බෙලිඅත්ත, වලස්‌මුල්ල, වීරකැටිය. අඟුණකොලපැලැස්‌ස, කුට්‌ටිගල, තණමල්විල, පාලංකඩ ඇතුළු ප්‍රදේශ රැසක මොහු කළ කොල්ලකෑම් ප්‍රමාණය 40 කට අධිකය.
    එමෙන්ම කොන්ත්‍රාත්තුවකට සිදු කළ මිනිස්‌ ඝාතන පුද්ගලික ආරවුල් මත පුද්ගලයන් මරා දැමීම, සම්බන්ධයෙන් මොහුට ඇති චෝදනා 22 කි. පාලංකඩ හීන්මල්ලී විවාහ වුණේ කාලයක්‌ තිස්‌සේ තිබූ ප්‍රේම සම්බන්ධතාවක්‌ මතය. නදීරා ඇඟලුම් සේවිකාවක වූවාය. මහරගම ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කළ ඇය හීන්මල්ලී හඳුනා ගත්තේ කොළඹදීය.
    අවසානයේ හීන්මල්ලී සමඟ විවාහ වන නදීරා ඌරුගමුව ප්‍රදේශයේ පිහිටි නිවසට යන්නේ අලුත් ජීවිතයක්‌ ආරම්භ කිරීමේ අරමුණු ඇතිවය. විවාහයෙන් පසු නදීරාට ලැබුණු ඉඩමක දෙමහල් නිවසක්‌ ඉදිකළ හීන්මල්ලි එහි පදිංචි වුණේය.
    නදීරා හීන්මල්ලිගේ කැරට්‌ටුව දැන ගත්තේ විවාහ වී මාස කීපයක්‌ ගත වීමෙන් පසුවය.
    ගාමිණි අබේසේකර ඌරුගමුව ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයෙකි. පිටරටින් භාණ්‌ඩ ගෙන්වා විකිණීම, වාහන විකිණීම වැනි ව්‍යාපාරවලින් ඔහු ධනවතකු වී සිටියේය.
    ගාමිණී අබේසේකරගේ නිවස තිබුණේ පාලංකඩ හීන්මල්ලී පදිංචි නිවසට මීටර් 300 ක්‌ පමණ දුරින්ය. ඉකුත් 2010 වර්ෂයේ මාර්තු 03 වැනිදා ගාමිණී අබේසේකර ප්‍රදේශයේ හිතවතකුගේ මංගල උත්සවයකට සහභාගීවන්නට ගියේ බිරිඳ සහ දරුවන්ද සමඟය.
    ගාමිණිගේ බිරිඳ සහ දරුවන් රන් ආබරණවලින් සැරසී මංගල උත්සවයට සහභාගි වීමට යන අයුරු පාලංකඩ හීන්මල්ලි හොර රහසේම බලා සිටියේය.
    එදින රාත්‍රිය උදාවිය. ගාමිණී අබේසේකරගේ නිවස ඉදිරිපිට වෑන් රථයක්‌ නතර කළේය. ඉන් බැසගත් සන්නද්ධ පුද්ගලයන් සිව්දෙනෙක්‌ ගාමිණීගේ නිවසට කඩාවැදුනේය.
    තොපි උදේ මගුල් ගෙදරට දාගෙන ගිය රත්‍රං බඩු සේරම දීපල්ලා එහෙම නැති උනොත් සේරම මරලා දානවා.
    කොල්ලකරුවන් කෑගැසුවෝය. දැඩි ලෙස බියට පත්වූ ගාමිණී තමන් සන්තකයේ තිබූ රුපියල් ලක්‍ෂ දහයක්‌ පමණ වටිනා රන් ආභරණ සහ මුදල් කොල්ලකරුවන්ට ලබාදී ජීවිතය බේරා ගත්තේය. පසු කලක හීන්මල්ලි ඇතුළු සගයන් මේ කොල්ලකෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වුණේය. ගාමිණී මංගල උත්සවයට යන අයුරු බලා සිට මෙම කොල්ලය මෙහෙයවූ බව හීන්මල්ලී පිළිගත්තේය.
    මේ ආකාරයට හීන් මල්ලී ඇතුළු පාතාල කල්ලිය සිදු කළ අපරාධ ප්‍රමාණය අතිවිශාලය. ඇතැම් අපරාධ පොලිස්‌ පොත්වල ලියෑවී තිබුණේය. තවත් සමහර අපරාධ කාලයේ වැලි තලාවෙන් වැළලී ගියේ සැකකරුවන් නොහඳුනන අපරාධ ලෙසය.
    කාලයක්‌ ගතවෙද්දී වම්බොට්‌ටාගේ පාතාල කල්ලිය බෙදී වෙන්වන්නට පටන් ගත්තේය. දිවෙන් දිව ගාගෙන එකම අපරාධ කළවුන් බද්ධ වෛරකාරයන් බවට පත්ව සිටියහ.
    වම්බොට්‌ටාගේ කල්ලියේ ප්‍රබල චරිත බවට පත්ව සිටි සීසර් කපිල, ආමි සුරංග, පාලංකඩ හීන්මල්ලී ඇතුළු පාතාල අපරාධකාරයන් පිරිසක්‌ වෙනම කල්ලියක්‌ බිහිකර ගත්තේය.
    තම නම පාවිච්චි කරමින් කොල්ලකෑම් සිදු කිරීම මහා පරිමාණයෙන් කප්පම් ගැනීම වැනි ක්‍රියා නිසා සීසර් කපිල වම්බොට්‌ටාගේ උදහසට ලක්‌ වුණේය.
    මේ වෛරය කොතෙක්‌ දුර ගියේද යත් සීසර් කපිලගේ අවසානය වම්බොට්‌ටාගේ කල්ලිය අතින් සිදුවිය.
    සීසර් කපිල පැහැරගෙන ගොස්‌ ඝාතනය කළ වම්බොට්‌ටාගේ කල්ලියේ සාමාජිකයන් ඔහුගේ සිරුර මඩ වළක සැඟවූහ.
    සීසර් කපිල ඝාතනය කිරීම වම්බොට්‌ටාගේ අනුදැනුම මත සිදුවූ බව ආමි සුරංග මෙන්ම පාලංකඩ හීන්මල්ලී හොඳින් දැන සිටියහ. තම සමීපතමයා මරාදැමීම පිළිබඳව ඔවුන් දැඩි වෛරයකින් පසුවූහ.
    හීන්මල්ලී සහ ආමි සුරංග තම වෛරකාරයා බවට පත්ව සිටින වම්බොට්‌ටාගෙන් පලිගැනීමට සැලසුම් කළේය.
    කොස්‌ගමදී තම ඉලක්‌කය සපුරාගැනීමට හීන්මල්ලීට හැකිවිය. වම්බොට්‌ටා තම සගයන් කීපදෙනෙකු සමඟ කොස්‌ගම ප්‍රදේශයේ වෑන් රථයක යමින් සිටියදී ඒ පසුපස තවත් වෑන් රථයකින් පන්නාගෙන ආ පාලංකඩ හීනා ආමි සුරංග ඇතුළු සගයන් සිය ප්‍රහාරය දියත් කළහ.
    මුළු දකුණු පළාතම භීතියට පත් කරගෙන පාතාල ලෝකයේ කිරුළුපලන් රජු ලෙස සිටි වම්බොට්‌ටා අවසන් ගමන් ගියේ ඒ ආකාරයටය.
    පාතාල ලෝකයේ මහා කෙරුම් කාරයන් සමග ගැටෙමින් මුළු දකුණු පළාතටම මහා පිළිලයක්‌ බවට පත්ව සිටි පාලංකඩ හීන්මල්ලී නමැති කෙසඟ පුද්ගලයාටද අවසානයේදී උරුම වුණේ අකල් මරණයකි.
    රත්නපුර බලංගොඩ දී කෝටිපති මැණික්‌ ව්‍යාපාරික සුමිත් ගුණසේකර මරා දැමීමේ පාපය හීන්මල්ලීට ගෙවා දැමීමට සිදුවූයේ තම ජීවිතය ඒ වෙනුවෙන් පූජා කරමින්ය.
    ඒ වන විටත් හීන් මල්ලි තවත් කීප දෙනකු ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තු භාරගෙන සිටියේය. ඒ අතර තංගල්ල ප්‍රදේශයේ පොලිස්‌ නිලධාරීන් කීප දෙනකුද සිටියේය.
    හීන් මල්ලී පොලිස්‌ වෙඩි පහරින් මරුමුවට පත්වූ පුවත සැලවීමත් සමගම රත්නපුරයේ ජනතාව රතිඤ්ඤ්ඤා පත්තු කළහ. තංගල්ල ජනතාව කිරිබත් කෑහ. ඇඹිලිපිටියේ ජනතාව ප්‍රීති ප්‍රමෝදයට පත් වූහ.
    මේ නරුම අපරාධකාරයා නිසා අහිංසක ජනතාව මොන තරම් පීඩනයක සිටියේද යන්න හොඳම නිදසුන එය විය.
    හීන් මල්ලීගේ අනියම් බිරිඳ පදිංචිව සිටි කඩවත කිරිල්ලවල නිවසේ වළ දමා තිබී සුමිත් ගුණසේකර ඝාතනයට යොදාගත් ආයුධය පොලිසිය සොයා ගත්තේය.
    අපරාධකාරයන්ට වැඩි ආයුෂ නැත යන කියමන සත්‍ය කරමින් හීන් මල්ලී අවසන් ගමන් ගියේ රටේ අනෙකුත් අපරාධකාරයන්ට අනතුරු ඇඟවීමක්‌ කරමින්ය.
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    අපරාධකාරයන්ට වැඩි ආයුෂ නැත යන කියමන සත්‍ය කරමින්......................