පොලිස් නිලධාරීන් 600කගේ ඝාතනය සම්බන්ධයෙන් #
යුද ගැටුම් සමයේ
පොලිස් නිලධාරීන් 600කගේ ඝාතනය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් කරන්න
විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ සංගමය
මහින්ද අලුත්ගෙදර
යුද ගැටුම් පැවති 1990 වසරේ දී පොලිස් නිලධාරීන් 600 දෙනෙකුගේ ඝාතනය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙස විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ සංගමය අතුරුදන් වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාවෙන් ඉල්ලයි. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතවරු පිරිසක් අතුරුදන් වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාවේ සභාපති මැක්ස්වෙල් පරණගම මහතා හමුවී මේ ඉල්ලීම කර තිබෙන බව එම ජනාධීපති කොමිෂන් සභාව පවසයි.
එහිදී ඔවුන් 1990 දී නැඟෙනහිර පළාතේ සිදු වූ පොලිස් නිලධාරීන් 600 දෙනාගේ ඝාතනය සම්බන්ධ විමර්ශන කරුණු හා අදාළ සන්දේශයක් ද සභාපතිවරයාට බාරදුන් බව අතුරුදන් වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාව සඳහන් කරයි.
යුද ගැටුම් පැවති සමයේ දී අතුරුදන් වූවන් සම්බන්ධයෙන් මෙම ජනාධිපති කොමිෂම විසින් පැමිණිලි ලබා ගන්නා අතර මේ වනවිට උතුරු හා නැඟෙනහිර ප්‍රදේශයන් රැසකට ගොස් සාර්ථක ලෙස පැමිණිලි ලබාගෙන තිබෙන බවද ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකෙරෙන බවද එම කොමිෂන් සභාව පෙන්වා දෙයි.
from :dinamina.lk/2014/06/13/_art.asp?fn=n1406138