පොලිසියේ කෙරුවාව විගණනයෙන් හෙළිවේ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    පොලිස් කොමිෂන් සභාවට පොලිසිය සම්බන්ධයෙන් පසුගිය 2023 වර්ෂයේදී වැඩිම පැමිණිලි ප්‍රතිශතයක් ලැබී ඇත්තේ නීතිය ක්‍රියාත්මක නොකිරීම, බලය අයථා ලෙස පරිහරණය සහ පක්ෂග්‍රාහීවීම සම්බන්ධයෙන් බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සදහන් වේ.

    එය මුළු පැමිණිලි සංඛ්‍යාවෙන් පිළිවෙළින් සියයට 33 සියයට 30 සහ සියයට 18 ක ප්‍රතිශත ලෙස පැවැති බව ද එම වාර්තාවේ දැක්වේ. එසේම එම පැමිණිලි විමර්ශන අවසන් කිරීමේ ප්‍රගතිය සියයට 24 සියයට 25 හා සියයට 17 වශයෙන් අඩු ප්‍රතිශතයක පැවතුණ බව ජාතික විගණන කාර්යාලය සඳහන් කරයි.



    මේ අතර පසුගිය වර්ෂයේදී ලද මහජන පැමිණිලි 2448 න් පැමිණිලි 561ක් එනම් සියයට 23ක විමර්ශන අවසන් කර ඇතත් පැමිණිලි 1887 ක එනම් සියයට 77 ක විමර්ශන අවසන් කර නොතිබූ බව පවසන විගණන වාර්තාව පැමිණිලි විමර්ශනය තුළ අවම වශයෙන් සියයට 25ක ප්‍රගතිය ලබා ගැනීමට නොහැකිවූ පළාත් ගණන අටක් බව ද සඳහන් කරයි.ඌව පළාතේ පැමිණිලි විමර්ශනය කිරීමේ ප්‍රගතිය සියයට අටක් පමණ අඩු ප්‍රතිශතයක පැවතුණ බවද වාර්තාවේ දැක්වේ. මෙම තොරතුරු සඳහන් වන්නේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය. මෙම වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරිණ.