පොලිසියේ දඩ ගෙවන්න ඊසි කෑෂ් ක්‍රමයක්....

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    පොලිසියේ දඩ ගෙවන්න ඊසි කෑෂ් ක්‍රමයක්....

    පොලිසියේ දඩ ගෙවන්න ඊසි කෑෂ් ක්‍රමයක්.

    ඊසි කෑෂ් ක්‍රමය මගින් දඩ මුදල් ගෙවීමේ ක්‍රමයක් ළඟදීම හඳුන්වා දීමට පොලිස් දෙපාර්තමේන්තුව මේ වනවිට තීරණය කර තිබෙනවා.

    රථ වාහන වැරැදිවලට හසුවන රියැදුරන්ට දඩ මුදල් ගෙවීම පහසු කිරීම සඳහා මේ ක්‍රමය ක්‍රියාත්මක කරන බවයි පොලිස් දෙපාර්තමේන්තුව පවසන්නේ.පොලිස් දෙපාර්තමේන්තුවේ තාක්ෂණික කටයුතු මේ වනවිට දියුණු කරමින් පවතින අතර ඒ සමගම මෙම වැඩපිළිවෙල ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

    ජංගම දුරකථන සමාගම් සමග ගිවිසුම් ගත වීමෙන් පසුව රථවාහන රාජකාරියේ නිරත වන නිලධාරීන්ට රිසිට් පතක් නිකුත් කළ හැකි මට්ටමේ පහසුකමක් ලබා දීමට නියමිත බවයි වාර්තා වන්නේ.

    තමන් කළ වරද ආදී තොරතුරු කිහිපයක් අදාළ දුරකථනයට ඇතුල් කිරීමෙන් පසුව එම රිසිට් පත නිකුත් කිරීමට හැකි වන අතර අදාළ ගෙවීම වරද කරන්නාගේ දුරකථන බිල් පතට ඇතුළත් කිරීමට සැළසුම් කර තිබෙනවා.

    සෑම මසකම සියලු දඩ මුදල් අදාළ දුරකථන සමාගම් විසින් පොලිස් දෙපාර්තමේන්තුවට ගෙවීමට නියමිතයි.

    මේ සම්බන්ධයෙන් තවමත් සාකච්ඡා මට්ටමින් පමණක් පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.


    source :
    neth+fm.jpg
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Anna niyama wadak, minissu police porata keeyak hari deela shape wenna balanne, salli ithuru karagannawata wada wena rasthiyaduwen berenna.