පොලිසිය සුද්දො දෙන්නෙක් සමග එක්ව ATM යන්ත්‍ර හැක් කරපු ජාවාරම

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    atm-hack-meegahathenna


    දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක රාජ්‍ය බැංකුවල ATM යන්ත්‍රවලින් මුදල් සොරකම් කිරීමේ සිද්ධින්වලට අදාළව අත්අඩංගුවට ගත් මීගහතැන්න පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂකවරයා කැනේඩියානු හා බල්ගේරියානු ජාතිකයන් දෙන්නා ඇතුළු පස්දෙනා මේ මස 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙයි.
    පසුගිය දිනවල ගාල්ල, හික්කඩුව සහ බද්දේගම යන ප්‍රදේශවල පිහිටි බැංකුවල ATM යන්ත්‍රවල පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී මුදල් සොරකම් කිරීමේ සිද්ධීන් වාර්තා වූ අතර ඔවුන් වංචාකළ මුදල රුපියල් කෝටියකට ආසන්න බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.
    අත්අඩංගුවට ගත් බල්ගේරියානු සහ කැනේඩියානු ජාතිකයන් දෙදෙනා දකුණු ආසියාතික රටවල් රැසක් ද ඇතුළුව රටවල් 10කට වැඩි ගණනක සංචාරය කරමින් මෙවැනි අපරාධ ගණනාවක් කළ ජාත්‍යන්තර අපරාධකරුවන් දෙදෙනකු බව පරිගණක අපරාධ කොට්ඨාසය විසින් කරනු ලබන විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

    හික්කඩුව, ගාල්ල සහ බද්දේගම පිහිටි ඒ.ටී.එම්. යන්ත්‍ර 03ක් පසුගිය 30 වෙනිදා අලුයම හැක් කර රුපියල් කෝටියකට අධික මුදලක් සොරා ගැනීමක් සම්බන්ධයෙන් විමර්ශන පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට භාරවී පැය 48ක් වැනි කාලයක් තුළ මෙම ජාත්‍යන්තර අපරාධකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔවුන්ට මේ සඳහා සහාය දුන් මීගහතැන්න පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන පොලිස් පරීක්ෂකවරයකු මීගමුවේ පදිංචි රාත්‍රී සමාජ ශාලාවක හිමිකරුවකු අතුළු පස් දෙනෙකු සමඟිනි.



    මෙම විදේශිකයන් අතර සිටින මහ මොළකරු බල්ගේරියාවේ මුල් පුරවැසියකු වන කැනඩාවේ මේ වන විට පුරවැසිභාවය ලබා සිටින අයෙකි. අවුරුදු 35ක් පමණ වන මෙම විදේශිකයා පරිගණක භාවිතය පිළිබඳව හසළ දැනුමක් ඇති අයකු බව විමර්ශනවලින් පෙනී ගොස් තිබේ. මේ පුද්ගලයා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ තමා කැනඩාවේ කුලී රථයක් පදවන අයකු බවය.

    මෙම පුද්ගලයා මලයාසියාව බලා පලා යාමේ සූදානමින් ඊයේ අලුයම් කාලයේදී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ගොස් සිටියදී පරිගණක අපරාධ කොට්ඨාසය විසින් ලබා දුන් තොරතුරකට අනුව ගුවන්තොටුපොළේදී ඔහුව රඳවාගෙන පරිගණක අපරාධ කොට්ඨාසය වෙත භාර දී තිබේ.

    ඒ වන විට පරිගණක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඔහුගේ සහායකයා වන බල්ගේරියානු ජාතිකයාව වැල්ලවත්ත පීටර්සන් පාරේ ස්ථානයකදී අත්අඩංගුවට ගෙන ඇත. රටින් පලා යාමට සූදානම් වූ කැනේඩියානු ජාතිකයා සම්බන්ධයෙන් වූ තොරතුරු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට ලැබී ඇත්තේ ඔහු මඟිනි.

    මෙම විදේශිකයන් දෙදෙනා රටවල් 10කට වැඩි ප්‍රමාණයක සැරිසරමින් මෙවැනි වංචා කිරීම්වල නිරතව සිටියත් ඒ කිසිදු රටක ආරක්ෂක අංශයකට ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ලැබී නැත. ඊට හේතුවී ඇත්තේ ඔවුන් සිය ආරක්ෂාව වෙනුවෙන් උපරිම ආරක්ෂක පියවර අනුගමනය කරමින් මෙම අපරාධයේ යෙදෙන බැවිනි. ඒ නිසා මෙම අපරාධකරුවන් දෙදෙනාගේ තොරතුරු ජාත්‍යන්තර පොලිසියට ලබාදී ඔවුන් සැරිසරා ඇති රටවල් දැනුවත් කිරීමට පියවර ගැනීමට ද පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අවධානය යොමුවී තිබේ.

    මෙම ජාත්‍යන්තර අපරාධකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔවුන් විමර්ශන නිලධාරීන්ට තමන් නිදහස් කරන්නේ නම් රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබාදිය හැකි බව පවසා ඇතැයි ද පොලිස් තොරතුරු සඳහන් කළේය. එම මුදල් එම නිලධාරීන් ප්‍රතික්ෂේප කළ විට විමර්ශන භාර නිලධාරියාට ඔවුන් යෝජනා කර ඇත්තේ තමන් සමඟ ඒ.ටී.එම්. යන්ත්‍ර හැක් කිරීමට එකතු වන ලෙසත් ලැබෙන මුදල්වලින් කොටසක් ලබා දෙන්නම් බවත් පවසමිනි.

    මෙම ජාත්‍යන්තර අපරාධකරුවන් දෙදෙනා විසින් බැංකුවල ඒ.ටී.එම්. යන්ත්‍ර හැක් කිරීමට ගමන් කර ඇත්තේ මෝටර් රථයකිනි. එම මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කර ඇත්තේ පොලිස් නිලධාරියෙකි. මෙම නිලධාරියා බලපිටියේ පදිංචිකරුවෙකි. හික්කඩුව, බලපිටිය, ඇල්පිටිය, ගාල්ල යන ප්‍රදේශවල සැරිසරා මුදල් සොරා ගතහැකි බැංකු හඳුනා ගෙන මෙම සොරකම සංවිධානාත්මකව කර ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත. මෙම විදේශිකයන් දෙදෙනාට සහාය දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෙසු දෙදෙනාට මෙන්ම පොලිස් නිලධාරියාට මොවුන්ව මුණ ගැසී ඇත්තේ රාත්‍රී සමාජ ශාලාවකදී සහ කායවර්ධන මධ්‍යස්ථානයකදී බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

    මෙම විදේශිකයන් දෙදෙනා අතර සිටින බල්ගේරියානු ජාතිකයා මෙරටට පැමිණ ඇත්තේ පසුගිය ජුනි මාසයේදීය. ඊට මාසයකට දෙකකට පසු මහ මොළකරු ලෙස හඳුනාගෙන සිටින කැනේඩියානුවා පැමිණ තිබෙන බව අනාවරණය වී තිබේ. ඔවුන් දෙදෙනා හැව්ලොක් සිටි තට්ටු නිවාස සංකීර්ණයෙන් නිවෙසක් රුපියල් දෙලක්ෂ පනස් දහසක මාසික කුලියකට ලබාගෙන මේ දක්වා එහි රැඳී සිට ඇති බව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් කර ඇති විමර්ශනවලින් මේ වන විට අනාවරණය වී ඇත. මේ අය මුලින්ම හැක් කිරීමට උත්සාහ දරා ඇත්තේ කොළඹ පිහිටි බැංකු දෙකක ඒ.ටී.එම්. යන්ත්‍ර දෙකකි. පසුගිය දෙසැම්බර් මාසයේදී එයට උත්සාහ දරා ඇති බවත් එහිදී නාරාහේන්පිට මහවත්ත හන්දියේ පිහිටි බැංකුවේ ඒ.ටී.එම්. යන්ත්‍රයට හානි සිදුව තිබෙන බවත් පොලිසිය කියයි. එම බැංකුවේ ඒ.ටී.එම්. යන්ත්‍රයට හානි කර ඇත්තේ දෙසැම්බර් 26 වෙනිදාය. කොළඹ තවත් බැංකුවක ඒ.ටී.එම්. යන්ත්‍රය හැක් කර මුදල් ලබා ගැනීමට ඔවුන් උත්සාහ දරා ඇතත් එය ව්‍යර්ථව ගොස් ඇත.

    පසුගිය 30 වෙනිදා අලුයම 1.40ට පමණ හික්කඩුවේ පිහිටි රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම්. යන්ත්‍රය හැක් කර රුපියල් හතළිස් හයලක්ෂ අසූදහසක මුදලක්ද, අලුයම 3.22ට ගාල්ල කරාපිටියේ පිහිටි රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම්. යන්ත්‍රය හැක් කර රුපියල් දෙලක්ෂ හැත්තෑදහසක මුදලක්ද, අලුයම 4.15ට බද්දේගම පිහිටි රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම්. යන්ත්‍රය හැක්කර රුපියල් ලක්ෂ පනස් හතක්ද මෙම විදේශිකයන් දෙදෙනා සොරා ගැනීමෙන් පසු ඒ සම්බන්ධයෙන් විමර්ශන පරිගණක අපරාධ කොට්ඨාසට පොලිස්පති නියමයෙන් භාර කෙරෙන්නේ පසුගිය සිකුරාදාය. ඒ අනුව එම සොරකම් සිදු වූ බැංකු සහ ඒ අවට ආරක්ෂක කැමරා දර්ශන 79ක් සියුම් විමර්ශනයට ලක්කරමින් මෙම අපරාධකරුවන් පැමිණි මෝටර් රථය හඳුනා ගනිමින් මෙන්ම දුරකතන ජාල විශ්ලේෂණයක් තුළින් මෙම සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණු බව පරිගණක අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණිය මහතා පැවසීය.

    පරිගණක හැකරුන් මෙවැනි හැක් කිරීම් සඳහා කියනුයේ “බැලැක් බොක්ස් ඇටෑක්” යැයි කියාද ඔහු පැවසීය. “මේ දෙදෙනා රට රටවල්වල සැරිසරමින් මෙවැනි අපරාධවල නිරතව සිටින ජාත්‍යන්තර වංචාකරුවන් බවයි අපේ විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ. ටෙලර් මැෂින් ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තියෙනවා. ඒ තමයි ඉදිරිපසින් මුදල් තැන්පත් කරන ටෙලර් මැෂින් සහ සහ පසුපසින් මුදල් තැන්පත් කරන ටෙලර් මැෂින් වශයෙන්. මෙහිදී මේ අයගේ ඉලක්කය බවට පත්වන්නේ ඉදිරිපසින් මුදල් යන්ත්‍රයට තැන්පත් කරන ටෙලර් යන්ත්‍රයි. එම පරිගණක යන්ත්‍රවල යතුරුපුවරුව ළඟින් යන්ත්‍රයේ ආවරණ කොටස ගලවන්න පුළුවන්. එයාල කුඩා උපකරණයක් යොදල ඒ ආවරණයේ අගුල් පන්නනවා. ඒ හැරුණම එයාල ගාව උපකරණ තියෙනවා ඇණ මුරුච්චි පවා ගැලවිය හැකි. හැම දෙයක්ම අරගෙනයි ලංකාවට ඇවිල්ල තියෙන්නේ.

    ලැප්ටොප් පරිගණකය ටෙලර් යන්ත්‍ර‍ෙය් දත්ත පද්ධතිය හා සම්බන්ධ කෙරුණයින් පස්සේ ඔවුන් ටෙලර් යන්ත්‍රයේ තියෙන සල්ලි පිටතට ගන්නවා. ඒ හරියට කාඩ්පතක් ඇතුළු කර ලබාගන්නවා වගෙයි. මෙහිදී කාඩ්පතක් නොමැතිව ඔවුන් පරිගණකය මඟින් ලබා දෙන විධාන මඟින් ඒ.ටී.එම්. යන්ත්‍රයේ ඇති රුපියල් 5000 නෝට්ටු සියල්ලක්ම පිටතට ගන්නවා” යැයි විමර්ශන නිලධාරියෙක් විදේශිකයන් දෙදෙනා ඒ.ටී.එම්. යන්ත්‍ර හැක් කළ අයුරු පැහැදිලි කළේය. බැංකුවේ පරිගණක පද්ධතියට පිටින් මෙම සොරකම සිදුවන බැවින් ඒ.ටී.එම්. යන්ත්‍රයේ මුදල් සොරා ගෙන ඇතත් බැංකුවේ පරිගණක පද්ධතියේ සටහන් වන්නේ මුදල් ඇති බව යැයි ද එම නිලධාරියා කීය.

    “සාමාන්‍ය‍ෙයන් ඒ.ටී.එම්. යන්ත්‍රයකින් වරකට පිටතට ගන්න පුළුවන්කම තියෙන්නේ නෝට්ටු 60ක් විතරයි. ඒත් අපේ රටේ නෝට්ටු ප්‍රමාණය හා ඝනකම ආදී කරුණු නිසා එකවර පිටතට ගන්න පුළුවන් වෙන්නේ නෝට්ටු 50ක් 55ක පමණ ප්‍රමාණයක්. ඒ ප්‍රමාණය යන්ත්‍ර‍යෙන් පිටතට එන්න තප්පර 40ක් වත් ගත වෙනවා. අපේ රටේ මැෂින්වලින් එකවර නෝට්ටු මේ ප්‍රමාණයට වඩා ගන්න බැහැ. මෙයාල ගාල්ල කරාපිටියේ මැෂිමෙන් ඊට වඩා ලොකු ගාණක් ගන්න ගිහින් මැෂිම හිර වුණා. ඒ නිසා ලොකු ගාණක් ගන්න බැරි වුණා. ඔවුන් ඊට පස්සේ බද්දේගමට ගිහින් ලක්ෂ 57ක් ගත්තා, ඒ ලක්ෂ 57 ගත්තේ අවස්ථා 1140කදී. මේ මුදල් ටික පිටතට ගන්න අඩුම තරමින් මේ අයට විනාඩි 40ක් විතර කල් ගතවෙලා තියෙනවා. ගන්න ගන්න මුදල් එක් අයෙක් මෝටර් රථයට ගිහින් දෙනවා.” යැයි ද එම විමර්ශන නිලධාරියා සඳහන් කළේය. ඒ.ටී.එම්. යන්ත්‍රයට ඇතුළු වන විටම එහි ආරක්ෂක කැමරා සියල්ලකම ස්ටිකර් අලවා දමන්නේ මෙම ක්‍රියාවලිය හඳුනා ගැනීමට නොහැකි වන ලෙස බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

    මෙසේ සොරා ගන්නා මුදල් ඔවුන් මෙරට ඔවුන්ගේ උදව් කරුවන්ටද ලබාදී වැඩි කොටස ක්‍රිප්ටෝ කරන්සි බවට පරිවර්තනය කර ඇති බවද විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

    ඒ.ටී.එම්. යන්ත්‍ර තුළට මොවුන් ඇතුළු වීමේදී මෝටර් රථය තුළ සිටින පොලිස් නිලධාරියා එහි සිට ඔත්තු බලා ඇති බවත් ඒ සඳහා යොදා ගෙන තිබී ඇත්තේ ගමන් කථන දෙකක් බවත් විමර්ශනවලින් පෙනී ගොස් ඇත. එක් ගමන් කථනයක් මෝටර් රථයේත් අනෙක් ගමන් කථනය කැනේඩියානු ජාතිකයා සතුවත් තිබී ඇති බව ද පෙනී ගොස් ඇත. ඒ.ටී.එම්. යන්ත්‍රය තුළ ඔවුන් රැඳී සිටියදී බංකු කාඩ්පතින් මුදල් ගැනීමට පිටස්තර අ‍ෙයකු කුටිය තුළට පැමිණෙන්නේ නම් ඒ බව මෝටර් රථයේ සිට දැනුම් දෙන්නේ ගමන් කථනය හරහා බව ද විමර්ශනවලින් පෙනී ගොස් ඇත. එවැනි අවස්ථාවල ඒ ක්ෂණිකව ටෙලර් යන්ත්‍රයේ ගලවා ඇති කොටස සවිකර ඔවුන් ද මුදල් ලබාගැනීමට පැමිණි අය ලෙස හැසිරෙන බව ද විමර්ශනවලින් පෙනී ගියේ යැයි පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කළේය.

    “ආරක්ෂක කැමරා දත්ත විශ්ලේෂණ කිරීමෙන් සහ දුරකතන දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසු මෙම අපරාධයට සම්බන්ධ බවට සැකකරන එක් පුද්ගලයකු අපි හඳුනා ගත්තා. ඒ අනුව අපි ඔහුව කොටුකර ගත්තා. අනතුරුව අපි ගියේ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයට. ඒ වෙලාවේ විදේශිකයන් දෙන්න හිටියේ නැහැ. වෙන දෙදෙනෙක් හිටියා. ඔවුන් දෙදෙනාවත් අත්අඩංගුවට ගත්තා. එහිදී අපට හමු වුණා විදේශිකයන් දෙදෙනාගේ ගමන් මලු දෙකක් නිවසේ තිබිල. ඒවා පරීක්ෂා කරන කොට ඒ තුළ තමයි තිබුණේ මෙම අපරාධයන්ට යොදා ගත් මෘදුකාංගය ඇතුළත් ලැප්ටොප් පරිගණකය ඇතුළු උපකරණ ගොන්න. වයිෆයි රවුටරයක්, ඒ.ටී.එම්. මැෂින් ගැලවීමට යොදා ගන්නා උපකරණත් ඒ අතර තිබුණා. ඊට අමතරව එම ගමන්මලුවලින් අපිට හමු වුණා ක්‍රෙඩ්ට් කාඩ්පත්වල ඇති දත්තයන් සොරා ගැනීමට යොදා ගන්නා කුඩා උපකරණයක් සහ දත්ත කවා නැති විද්‍යුත් කාඩ්පත් රැසක්” යැයිද මෙම පරීක්ෂණ තොරතුරු අනාවරණය කළ පරිගණක අපරාධ කොට්ඨාසයේ විමර්ශන නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

    ඡායාරූප - ශාන් රූපස්සර
    ගයාන් කුමාර වීරසිංහ



    2260gossiplanka.jpg


    2261gossiplanka.jpg
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    හොද වැඩේ කැරියෝ සෙට් එකටම බන්කොලොත් වෙලා කන්න බොන්න නැතිව මිනිස්සු ඉන්න රටවලට ඇවිත් හොරකම් කරනවට
     

    Shenulya

    Junior member
  • Dec 16, 2022
    35
    17
    8
    ලක්ශ 57ක් 5000 කොළ වලින් එළියට ගන්න යන්නේ විනාඩි 20කට අඩු කාලයක්. 40ක් යන්නේ හොඳ එක්ස්පීරියන්ස් ටෙක්නීශියන් කෙනෙක්ට පැනල් එකත් එක්ක හයි කරන්න.

    ලිපියේ දත්තත් එක්ක වරකට කොළ50 ගානෙ එනවා කියලා හිතුවත් ඔය ගාන ගන්න (ලක්ශ57) ගන්න යන්නේ විනාඩි 15.2 වගේ.
    ------ Post added on Jan 11, 2023 at 3:44 PM