පොලීසියේදී නිරුවත්....

niroshf

Active member
  • Sep 4, 2007
    568
    131
    43
    පොලීසියේදී නිරුවත්....

    කොටදෙණියාව සේයා දැරිය ඝාතනය කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි පාසල් සිසුවා (17) හා මුලින් අත් අඩංගුවට ගත් පුද්ගලයා (31) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන්පතිරණ මහතා විසින් අද (01) රහස් පොලිසියේ ඉල්ලීම මත මුදාහරිනු ලැබුවා.

    සිසුවාත් අත්තනායක නම් සැකකරුත් නිදහස් කරමින් මහේස්ත්‍රාත් රුවන්පතිරණ මහතා පැවසූයේ පරීක්ෂණ සිදුවූ ආකාරය අධිකරණයටද ප්‍රශ්නයක් වූ බවයි.

    ‘වරක් පොලිසියෙන් නියෝගයක් ගන්නවා. තව වරක් රහස් පොලිසියෙන් ඒ නියෝගෙම ගන්නවා. එතැන අවුලක්.‘ යැයි මහේස්ත්‍රාත්වරයා කීවේය.

    මේ තත්ත්වය යටතේ රහස් පොලිසිය පමණක් පරීක්ෂණ පැවැත්වීම සුදුසු හෙයින් පරීක්ෂණ රහස් පොලිසියට බාරදෙන බව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.

    පාසල් සිසුවා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිමල් රණසිංහ මහතා පැවසූයේ පොලිසිය මේ ළමයාට පහරදී ඇති බවයි. ‘ඔහු පොලිසියේදී නිරුවත් කර ඡායාරූපද ගෙන තිබෙනවා. එයත් ළමා හිංසනයක්. එය කර ඇත්තේ නීතිය රකින්නට සිටින පොලිසියයි. ඒ ළමයාගේ අයිතිවාසිකම් පොලිසියෙන් කඩකර තිබෙනවා. ළමයාට විරුද්ධව කිසිම සාක්කියක් නෑ. රහස් පොලිසිය ඒ බව ප්‍රකාශ කළා. ජාන තාක්ෂණ වාර්තාවෙනුත් මේ බව තහවුරු වෙනවා. ඇයි මෙහෙම කරන්නේ. ඒ ළමයාගේ අනාගතය නැති කළා. එය කළේ පොලිසියයි. ළමයා අත් අඩංගුවට ගන්නට පොලිසිය ක්‍රියා කළ ආකාරයත් ඔහු නිදහස් කරන දවසේ පොලිසියේ හැසිරීමත් පුදුම සහගතයි. ඔහු නිදහස් කරන බව ළමයාගේ අම්මවත් දන්නේ නෑ. ඇයි එහෙම කරන්නේ'' යනුවෙන් සඳහන් කළා'

    - See more at: http://offair.nethfm.com/
     
    • Like
    Reactions: Shadow.Walker