පොසොන් පෝයේ වැදගත්කම මොකක්ද?

biyondw

Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    🔸
    පොසොන් පුර පසළොස්වක පොහොය දිනයේ ඇති වැදගත්කම.
    ⊱⋅ ────────────────── ⋅⊰
    ❂ අනුබුදු මහා මිහිදු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය, උත්තිය, සම්බල, බද්දසාල යන අරහතුන් වහන්සේලාත්, ෂඩ් අභිඥාලාභී සුමන සාමනේරයන්ද, භණ්ඩුක නම් අනාගාමී උපාසකවරයා යන පිරිස ධර්මවිජය පිළිබඳ අනගිතම පණිවුඩය මූර්තිමත් කරමින් ශාන්තීය දූතයන් වශයෙන් මිස්සක පව්වට වැඩමකර බු:ව 236 දී ලක්දිව බුදුසසුන පිහිටුවීම.
    ❂ ලක්දිව ප්‍රථම මහණ උපසම්පදාව වන භණ්ඩුක උපාසක මහණ උපසම්පදාව සිදුවීම.
    ❂ බුදු වී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩහිඳිමින් ධර්මය මෙනෙහි කරන බුදුරදුන්ගේ ශරීරයෙන් ප්‍රථම වරට සවනක් ඝණ බුදුරැස් විහිදීම.
    ❂ දෙවනපෑතිස් රජු ඇතුළු 40,000 ක් චුල්ලහත්ථිපදෝපම සූත්‍රය අසා තෙරුවන් සරණ යාම.
    ❂ රටවැසියන්ට දේවදූත සූත්‍රය දේශනා කිරීම.
    ❂ ලක්දිව වැසියන් මෙතෙක් පැවති දෙවියන් භූතයන් යක්ෂයින් ආදීන් වන්දනා කිරීමේ අනිත්‍යතාව පෙන්වා දීම.
    ❂ සුමණ සාමනේරයන් වහන්සේගේ ආරාධනයෙන් මිස්සක පව්ව අබියසට වැඩි දෙවියන්හට සමචිත්තපරියාය සූත්‍රය මිහිඳු හිමියන් විසින් දේශනා කිරීම.
    ❂ මහමෙව්නා උයන පූජා කිරීම.
    ❂ ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනය චිරස්ථායි වීමට අවශ්‍ය සෑම අංගයක්ම ඇතිකිරීම.
    ශ්‍රී බුද්ධ වර්ෂ 236 පොසොන් පුර පසළොස්වක පොහෝදා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට ථෙරවාදී බුදුදහම හඳුන්වා දුන්හ. ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන රහතන් වහන්සේලා සතර නමත්, ෂඩ් අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේත්, භණ්ඩුක නම් අනාගාමී උපාසකතුමාත් යන රාජකීය ධර්ම දූත පිරිස මිහිඳු මහරහතන් වහන්සේ සමඟ මෙහි සැපත් වූහ.
    තෙවැනි ධර්ම සංගායනාව
    • ──────── ✾ ──────── •
    ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 218කට පසුව පැළලුප් නුවර අශෝකාරාමයේ දී තෙවැනි ධර්ම සංගායනාව පැවැත්වුණි. මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ මෙහි ප්‍රධානත්වය දැරූ අතර මහරහතන් වහන්සේලා දහස් නමක් සහභාගි වූහ. ධර්මාශෝක අධිරාජයා ප්‍රධාන දායකත්වය දැරීය. මෙම තෙවැනි ධර්ම සංගායනාවෙන් සිදු වූ මාහැඟි ප්‍රතිඵලය නම් එතෙක් දඹදිව සීමිත ප්‍රදේශයක පමණක් පැවැති බුදුදහම, එවකට දැන සිටි රටවල් නවයකට ධර්ම දූතයන් මාර්ගයෙන් ප්‍රචාරය කොට හැරීමයි. ස්වකීය පුත්‍ර වූ මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ රාජකීය දූත පිරිසක් ම මෙරටට පිටත්කොට හැරීමෙන් පැහැදිලි වනුයේ ධර්මාශෝක අධිරාජයා ලක්දිව කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කළ බවයි.
    දූත පිරිස සැපත් වීම
    • ─────── ✾ ─────── •
    දඹදිව වේදිසගිරි නුවරින් ලක්දිව අනුරාධපුරයේ මිහින්තලයට සැපත් දූත පිරිසට එහිදී දේවානම්පියතිස්ස මහ රජු මුණ ගැසිණි. මිහිඳු මහරහතන් වහන්සේ මහ රජුට ස්වකීය දූත පිරිස මෙසේ හඳුන්වා දුන්හ.
    ❛❛සමණාමයං මහාරාජ
    ධම්ම රාජස්ස සාවකා
    තමෙව අනුකම්පාය
    ජම්බුදීපා ඉධාගතා❜❜
    මහරජතුමනි, ශ්‍රමණයන් වන අපි ධර්ම රාජයාණන් වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමු. නුඹලාට අනුකම්පා පිණිස දඹදිව සිට මෙහි පැමිණියෙමු.
    බුද්ධි පරීක්ෂණයක්
    • ────── ✾ ────── •
    දඹදිව සිට කෙසේ පැමිණියාහු දැයි, මහ රජු ඇසූ ප්‍රශ්නයට මිහිඳු මහරහතන් වහන්සේගේ ලිහිල් පිළිතුර වූයේ “දියෙන් හෝ ගොඩින් හෝ නො ආම්හ” යන්නයි. එම පිළිතුර මහරජු තේරුම් ගත් බැව් දත් මිහිඳු මහරහතන් වහන්සේ මහ රජුගේ බුද්ධි මට්ටම පරීක්ෂා කිරීමට ප්‍රශ්න කිහිපයක් ඇසූහ. ළඟම තිබූ අඹ ගසක් මහ රජුට පෙන් වූ මිහිඳු මා හිමි “මේ කිනම් ගසක් දැ” යි ඇසීය. එවිට මහ රජු මේ අඹ ගසකැයි පිළිතුරු දුන්නේ ය.
    මිහිඳු මා හිමි-මේ ගස හැර තවත් අඹ ගස් තිබේද?
    මහරජු - එසේය, බොහෝ ගඹ ගස් තිබේ.
    මිහිඳු මාහිමි - මේ අඹ ගසත්, අනෙක් අඹ ගසුත් හැරෙන්නට තවත් ගස් තිබේද?
    මහරජු - එසේය, තවත් බොහෝ ගස් තිබේ.
    මිහිඳු මා හිමි - ඒ අඹ ගසුත්, අඹ නොවන ගසුත් හැරෙන්නට තවත් ගස් තිබේද?
    මහරජු - එසේය, ඒ මේ අඹ ගස ය.
    බාහිර ලෝකයේ දක්නට ඇති උදාහරණයක් මුල් කරගෙන සිදු කළ මෙම සාකච්ඡාවෙන් මහ රජුගේ තර්ක බුද්ධිය පිළිබඳ සෑහීමකට පත් මිහිඳු මාහිමි ඉක්බිතිව විමසූයේ මහරජු කේන්ද්‍රකරගත් ප්‍රශ්නයකි.
    මිහිඳු මාහිමි - නුඹට නෑයෝ සිටිත්ද?
    මහරජු - එසේය, බොහෝ නෑයෝ සිටිති,
    මිහිඳු මාහිමි - නොනෑයෝත් සිටිත් ද?
    මහරජු - නොනෑයෝ ද බොහෝ වෙති.
    මිහිඳු මා හිමි - නෑයෝත් නොනෑයෝත් හැර තවත් අය සිටිත් ද?
    මහරජු - ස්වාමීනි, ඒ මම වෙමි.
    බණ ඇසුමට දහස් ගණනින්
    • ───────── ✾ ───────── •
    මෙසේ සිදු කළ විධිමත් බුද්ධි පරීක්ෂණයෙන් පසු දේවානම්පියතිස්ස මහ රජු මනා බුද්ධිමතකු බව මිහිඳු මාහිමියනට අවබෝධ විය. අනතුරුව පිරිස් සහිත මහරජුට තෙරුවන් පිළිබඳවත්, බෞද්ධ චින්තනය පිළිබඳවත් හඳුන්වාදීමට චුල්ලහත්ථිපදෝපම සූත්‍රය දේශනා කළහ. දේශනාවසානයෙහි මහරජු ප්‍රමුඛ හතළිස් දහසක් පිරිස තෙරුවන් සරණ ගියහ. මහින්දාගමනයෙන් දෙවැනි දිනයේ දී රජ මැදුරේ දී පේතවත්ථු, විමානවත්ථු, සච්චසංයුත්තාදිය මුල් කරගෙන ධර්ම දේශනා පැවැත්වීය. මුල් දිනයෙහි ධර්ම දූතයන් වහන්සේලා දුටු මිනිසුන් සිය අසල්වැසියනට ඒ ගැන දැන් වූ හෙයින් මෙම දෙවන දින බණ ඇසුමට දහස් ගණනින් ජනයා රජ මැදුරට එක්රැස් වූ හ. ඒ සියලු දෙනාට රජමැදුර ඉඩ මද වූයෙන් මහරජු මඟුල් ඇත්හල සරසා එහි අසුන් පැනවීය.
    ඉක්බිතිව මිහිඳු මහරහතන් වහන්සේ පිළිවෙලින් දේවදූත, බාල පණ්ඩිත, ආසීවිසෝපම, අනමතග්ගිය, ධම්මචක්කප්පවත්තන යනාදී සූත්‍ර දේශනාවන් පවත්වා දහස් ගණනින් ජනයා මාර්ගඵලාවබෝධයට පත් කරවූහ. ධර්ම දූතයන් වහන්සේලාගේ වාසස්ථානය සඳහා මහමෙවුනා උයන පූජා කළ මහ රජු මිහිඳු මාහිමි සමඟ එම උයන වටා ඇවිද සීමා මාලකාදිය පිහිටවිය යුතු තැන් නියම කරවා ගත්හ. දූත පිරිස අතර වූ භණ්ඩුක කුමරු පැවිදි උපසම්පදා කිරීමෙන් ලක්දිව මුල් පැවිදි උපසම්පදාව ද ඇරඹිණි.
    සංස්කෘතික නවෝදය
    • ─────── ✾ ─────── •
    මෙසේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ථෙරවාදී බුදුසමය මෙරටට හඳුන්වාදීමත් සමඟම එතෙක් මෙරට පැවැති සංස්කෘතිය බෞද්ධ සංස්කෘතිය බවට පරිවර්තනය වූ බව මේ අනුව පැහැදිලි ය. මෙකී සංස්කෘතිය නිසා මෙරට ජනතාව ගේ බුද්ධිය, ක්‍රියාකාරීත්වය හා අන්තර්පුද්ගල සබඳතාව ඉතා ඉහළම මට්ටමකින් පෝෂණය විය. මහින්දාගමනය ලක්වැසි ජනතාවට නව ජීවන දර්ශනයක් හඳුන්වා දුන් වැදගත්ම ඓතිහාසික සිදුවීම බව අමුතුවෙන් අවධාරණය කළ යුතු නොවේ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවාසීන්ගේ සිතුම් පැතුම්, ආකල්ප, විශ්වාස හා අදහස් උදහස් පිළිබඳ මනෝ විද්‍යාත්මක අංශයෙන් අවධානය යොමුකොට සිදුකළ අත්‍යුදාර වූ ධර්ම දූත සේවාව සෙසු අන් එක ද රටකටවත් සිදුකළ ධර්ම දූත සේවාවට නොදෙවෙනි විශිෂ්ටත්වයක් ප්‍රකට කළ බව ඉතා පැහැදිලි ය.
    රටක අනාදිමත් කාලයක පටන් පවත්නා සංස්කෘතියට නව සංස්කෘතියක් ආදේශ කරවීම කිසිසේත්ම පහසු කටයුත්තක් නොවේ. එය ඉතා විචාරශීලී බුද්ධිමය පදනමක පිහිටා රටේ පවත්නා සංස්කෘතියට ද හානියක් නොවන ලෙස සිදුකළ යුත්තකි.
    මෙහිදී මිහිඳු මාහිමි සිදු කළේ ප්‍රාග් බෙද්ධ යුගයේ ලංකාවේ පැවැති සංස්කෘතිය වටහාගෙන එහිම හරවත් පරිවර්තනයක් සිදු කිරීමයි. පැවැති සංස්කෘතිය හෙළා දැක විවේචනය කිරීමවත්, එය සහමුලින් ම ප්‍රතික්ෂේප කිරීමවත්, මෙහි දී සිදු නොවුණි.
    මිහිඳු මාහිමියන්ගේ මෙකී දූරදර්ශී වැඩ පිළිවෙල නිසාම එකල වෘක්ෂ දේවතාවුන් ඇදහූවෝ බෝධි වන්දනාව හා බෝධි පූජා සිදු කිරීමට පෙළඹුණහ.
    ගිනි දෙවියන් පිදුවෝ බුදුරදුන් පිදූහ. මළවුන් ඇදහූ අය මළවුන්ට පින් අනුමෝදන් කරවීමෙන් එම යුතුකම සිදු කළහ.
    ගල් පර්වතවලට වන්දනාමාන සිදු කළ අය චෛත්‍ය හා බුදු පිළිමවලට වන්දනා කිරීමෙන් ස්වකීය ආධ්‍යාත්මික පාරිශුද්ධත්වය සලසා ගන්න. දෙවියන් ඇදහූ අය දෙවියන්ට පින්දීමට හුරුපුරුදු වූහ. මේ අනුව පැහැදිලි වන්නේ අනවබෝධය නිසා යම් යම් නිරර්ථක ආගමික සංස්කාර විධීන් හුරු පුරුදු වූ ජනතාව බුද්ධියේ නිම්වළලු පුළුල්වීමත් සමඟම හරවත් ආමිස හා ප්‍රතිපත්ති පූජාදිය කෙරෙහි කෙමෙන් කෙමෙන් නැඹුරු වූ බවයි.
    දායාද රැසක්
    • ────── ✾ ────── •
    අප ශ්‍රී ලංකාද්වීපයේ භාෂා සාහිත්‍ය, චිත්‍ර, මූර්ති, කැටයම්, ගෘහ නිර්මාණ ශිල්පය යනාදියෙහි පදනම මහින්දාගමන ය යි. අප සිංහල අක්ෂර සම්ප්‍රදාය ද අද තත්ත්වයට හැඩගැසුණේ ද එහි ප්‍රතිඵලයක් ලෙසයි. මහින්දාගමනයෙන් පසුව සංඝමිත්තා මහරහත් තෙරණිය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවත් සමඟ සිරිලකට වැඩමවීම නිසාද අපට උරුම වූ සංස්කෘතික දායාද රැසකි.
    තවත් අතකින් බැලූ කල මහින්දාගමනයත් සමඟම අපට උරුම වූයේ එවකට ලෝකයේ පැවැති විශිෂ්ටතම කලා සම්ප්‍රදාය වූ මෞර්ය කලාවයි. බෞද්ධ කලාවේ පෝෂණයට ඉන් ලැබුණේ සුවිශේෂී දායකත්වයකි.
    සඳකඩපහණ, වාහල්කඩ වැනි කලා නිර්මාණ සේ ම මහා කළුගල්වලට පණ පෙවූ සමාධි පිළිමය අවුකන පිළිමය වැනි විශ්ව කලාවේ සමතැන් ගන්නා අග්‍රගණ්‍ය කලා කෘති නිමවූයේ මහින්දාගමනයේ ප්‍රතිඵලයක් ලෙසයි.
    මහින්දාගමනයත් සමඟ වැවයි දාගැබයි, කෙතයි, යන සංස්කෘතික සබැඳියාවත්, ථෙරවාදී බුදුසමයේ කේන්ද්‍රස්ථානය ලංකාව බවට පත්වීමත් අපගේ අනන්‍යතා ලක්ෂණ මනාව මූර්තිමත් වන අවස්ථාවන් ලෙස නම් කළ හැකි ය.
    පොසොන් පොහොය ගැනත් එහි ආගමික , ශාසනික වැදගත්කම ගැනත් විශේෂයෙන් මහින්දාගමනය තුළින් අපට උරුම වූ අනගි දායාද ගැනත් ප්‍රාමාණික අවබෝධයෙන් යුතුව බුද්ධියෙන් විමසා බලා මේ උතුම් පොසොන් පුන් පොහෝදා පිළිවෙතින් විනයෙන් සැදී පැහැදී ආමිස, ප්‍රතිපත්ති පූජාවන්හි නිරතව රැස් කරගත් කුසලයෙන් තම තමන්ගේ ජීවිත වඩ වඩාත් යහපත් තැනකට ඔසවා තබන්නට තෙරුවණේ අනන්ත ආශිර්වාදය පින්වත් ඔබට ලැබේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු !
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,990
    13,892
    113
    🤍

    🙏🏼🙏🏼🙏🏼🙏🏼
     
    • Like
    Reactions: NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    පොසොන් කියන්නේ මිහිඳු කියන හාමුදුරුවො ලංකාව ආක්‍රමණය කරපු දවස. 😔

    ආක්‍රමනය කියන්නෙ බරපතල් වචනයක්.

    කරුනාකර ඔබේ පිලිතුර පහදන්න
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    පොසොන් කියන්නේ මිහිඳු කියන හාමුදුරුවො ලංකාව ආක්‍රමණය කරපු දවස. 😔

    මිනිස්සු පොඩ්ඩක් යහමගට ගත්ත එක තමයි වුනේ මට නම් හිතෙන්නේ. ඒත සන්නස්ගල වගේ මිනිස්සු ඉතින් හැදෙන්නේ නෑ. කතාවෙන්ම පේනවනේ මිනිහගේ හැදියාව.

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,177
    198,759
    113
    Colombo, Sri Lanka

    ස්තුතියි සහෝදරයා 🙏
     
    • Like
    Reactions: Psiko and B.Chat