ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශකවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය ආශු මාරසිංහ මහතා විසින් සුරතල් බලුපැටවකු ලිංගික අතවරයකට ලක් කර ඇතැයි පාර්ලිමේන්තු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර චෝදනා කරයි.
මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතු බවද ඇය කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීව.
එම මාධ්‍ය හමුවට ඇය හා එක්වූ ආශු මාරසිංහ මහතාගේ අනියම් බිරිඳක් බව පැවසෙන කාන්තාවක් කියා සිටියේ තමන් ඔහු හා එක නිවසක ජීවත් වූ බවත් එහිදීද ඔහුගේ මෙම අසාමාන්‍ය හැසිරීම් බොහොමයක් තමන් හඳුනාගත් බවත්ය.
මෙම බලු පැටියා තම තමාගේ බවත් එම සතාගේ වෙනස් හැසිරීමක් දුටු හෙයින් තමන් නිදන කාමරයේ ජංගම දුරකථනයේ කැමරාව ක්‍රියාත්මක කර තැබූ පසු මෙම සිදුවීම හෙළිදරව් වූ බවද ඇය කියා සිටියාය.
ආශු මාරසිංහ මහතා ජනාධිපති වරයාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක ධූරයෙන් අද දිනයේ ඉල්ලා අස්වෙමින් පවසා ඇත්තේ පෞද්ගලික හේතුවක් මත තමන් එම ධුරයෙන් ඉල්ලා අස්වන බවය.