පොහොට්ටුවේ 20 ක් සමඟ 62 ක් ආණ්ඩුව හැර යන ලකුණු

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පාර්ලිමේන්තුවේ ස්වාධීන වන මන්ත්‍රීවරුන් ගණන තවදුරටත් ඉහළ යා හැකි බවට වාර්තා වනවා. ඒ අනුව අද දිනය තුළ පමණක් මන්ත්‍රීවරුන් පනස් දෙනෙකු පමණ ස්වාධීන වනු ඇති බවටයි පැවසෙන්නේ. ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත්වී පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කිරීමේ පසුබිමක් තුළයි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දිනයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා ආණ්ඩුවෙන් ඉවත්වී ස්වාධීනව කටයුතු කරනු ඇති.

    පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශද විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමෙන් පසු ඔහුගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනෙකු ස්වාධීන වන බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

    ඉන් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජේ්‍යෂ්ඨ මන්ත්‍රීවරයෙකු ද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමෙන් අනතුරුව එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකුද ස්වාධීන වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව මන්ත්‍රීවරුන් පනස් දෙනෙකු අද දිනයේ පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයෙන් ඉවත්වී ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරනු ඇති බවට වාර්තා පළ වනවා. ලබන 06 වනදා ද තවත් මන්ත්‍රීවරුන් 12 දෙනෙකු ස්වාධීන වීමටයි තීරණය කර ඇත්තේ.

    ඉකුත් අයවැය විවාදයේදී ආණ්ඩු පක්ෂයට මන්ත්‍රීවරුන් 157 දෙනෙකු සහය පළ කළා. වාර්තා පළවන ආකාරයට ඒ අතරින් මන්ත්‍රීවරුන් 67 දෙනෙකු පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවෙන් ඉවත්වී ස්වාධීන වනු ඇති බවටයි සඳහන් වන්නේ. මෙම මන්ත්‍රීවරුන් ස්වාධීන වීමෙන් අනතුරුව ආණ්ඩු පක්ෂයට හිමි මන්ත්‍රීධූර සංඛ්‍යාව 95 ක් දක්වා පහළ යනු ඇති.

    හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඊයේ පැවසුවේ කුමන හෝ පාර්ෂවයක් පාර්ලිමේන්තුව තුළ 113 ක බහුතර බලය පෙන්වන්නේ නම් ඔවුන්ට ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව ලබාදෙන බවට ජනාධිපතිවරයා පවසා ඇති බවයි.

    හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පැවසුවේ ආණ්ඩුවට සහය දක්වන 138 දෙනෙකු මේ වන විට තමන් සතුව සිටින බවයි.

    http://nethnews.lk/article/94272
     
    • Like
    Reactions: wqe123

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,168
    113
    ආශ්චර්යමත් රටක
    ඕකුන් තමන්ගෙ වාසියට එහෙට මෙහෙට පනීවි. උබලට අපිට ආදරේට නෙවෙයිනෙ. ඕකුන් තමයි මේ විනාසයට දෙවෙනියට වැඩිම වග කියන්න ඕන. ඔය හොර පකයි තමයි රාජපක්කයො උස්සන් ආවෙ.

    ඕකුන්ගෙ දේශපාලන ජීවිතේ ඊළඟ ඡන්දෙදි වත් ඉවර කරපල්ලා. 🙏
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ආණ්ඩුව නෙමෙයි ගෙදරම පල කාලකන්නි. තොපි මිනිස්සු බඩගින්නේ ගෑස් තෙල් පෝලිම් වල ඉද්දි සත්තු ගානට දාලා සැලකුවේ පාහර හැත්ත.
     
    • Like
    Reactions: westpra

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,664
    125,315
    113
    දෙහිවල

    මේ දක්වා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 42ක් ස්වාධින වෙයි​


    අද දිනයේදී පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී තමන් ඇතුළු මන්ත්‍රීවරුන් 14 දෙනා අද සිට පාර්ලිමේන්තුවේ ස්වාධිනව කටයුතු කරන බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කර සිටියා.

    එමෙන්ම ඇතුළු පක්ෂ 10ක් නියෝජනය කරන මන්ත්‍රීවරුන් 16 දෙනෙකු පාර්ලිමේන්තුවේ ස්වාධිනව කටයුතු කරන බව හිටපු අමාත්‍ය විමල් විරවංශ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ.

    ආණ්ඩු පක්ෂය නියෝජනය මන්ත්‍රීවරුන් 11ක් ස්වාධින වීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියි.
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    පොදු පෙරමුණෙන් අයින් උන සෙට් එක නම් කැබිනට් ඇමති හුටපට. නැතිව අපිට ආදරේට නෙවෙයි
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    ස්වාධීන නෙමේ ගෙදර යන්න කියල තමා මිනිස්සු ඉල්ලුවේ. ස්වාධින වෙලා එහෙට මෙහෙට පැනල අන්තිමේට ආයේ හොරා කනවා. සමහර උන් ඉන්නවා වදුරන්ට වඩා හපන් යකෝ පනින පැනිල්ලට
     
    • Like
    Reactions: westpra