රනිල් රාජපක්ෂ වෙනුවෙන් හාන්සි වූ රාජපක්ෂ පවුලේ පොහොට්ටු පක්ෂය හාන්සියේ තෙහෙට්ටුවෙන්ම අකාලයේ පණ අදින තත්වයකට පත්ව තිබේ.
අනෙක් දොස් පැත්තකට තබා රනිල් රාජපක්ෂට ලකුණූ දිය හැකි කාරණයක් වන්නේ බත් දුන් අත හපා කා රාජපක්ෂ පවුලේ දේශපාලන බලය දෙකේ කොළයට දැමීම ගැනය.
රනිල් වික්‍රමසිංහ, රනිල් රාජපක්ෂ ලෙස බව්තීස්ම කොට, සාටකයක පොරවා ජනාධිපති පුටුවට වැඩම වූයේ රාජපක්ෂ පවුලේ ජාතික ඇඳුම් උනා පාවාඩ බවට පෙරළමිනි.
ජනාධිපති පුටුවේ ඇලෙන තුරු රනිල් රාජපක්ෂ, රාජපක්ෂ පවුලේ සුචච කීකරු කුක්කකු සේ ඉජු ඉජු හඬ මිහිරි ගායනයක් සේ වින්දේ, දෙන්ඤම් බැටේ වාදනය සූදානම් කරමිනි.
රාජපක්ෂ පවුල විධායක ජනාධිපති පුටුවේ ෂැප සහ මාන්නය දොලොස් වසරක් වින්දනය කර තිබුණද, රනිල් රාජපක්ෂ එම පුටුවේ ඇලවීමෙන් පසු, ඇතුන් ලවා වත් ඉවතට ඇද්ද විය නොහැකි බව නොදැන සිටියා වැන්න. ඇතුන් ලවා ඇද්ද විය නොහැකි මෝඩකම් ගැන කට වහරේ එන්නේ නිකමට නොවේ.
සියල්ලටමත් වඩා ඒ අවස්ථාවෙහි පොදු ජන පෙරමුණේ දේශපාලනඥයින් සිටියේ මහින්ද රාජපක්ෂට සිය මහරජානන් ලෙස එතෙකුදුත් වන්දනාමාන කරමිනි..
සෙනසුරාටත් බටකොළ කෑමට සිදුවන දිනයක් එන්නේය. ශුද්ධ යැයි කියන සියලු දේ කිලුටු වන දිනයක් උදා වන්නේය. සියල්ලටමටත් වඩා මිනිසාට ස්වකීය ඉරණම අතට ගැනීමට බල කරන දිනයක් ළඟා වෙයි.
‘අපි රනිල් ගැන දන්නේ නැතැයි’ රාජපක්ෂ පවුලේ මහරජානන් මාධ්‍යට කිවේ වැඩි ඈතකදී නොවේ. මහින්ද රාජපක්ෂ අත්දැකීම් ඇති දේශපාලනඥයකු වශයෙන් තමා ස්නානය කරන ලද කිලුටු ජලයෙන්ම බව්තීස්ම කරන ලද නමුත් රනිල් රාජපක්ෂ යනු ආපසු හැරී දෂ්ඨ කරන සර්පයකු බව නොදැන සිටියා විය නොහැක. එනමුත් දෙවසරකට පෙර නැගී ආ ඒ මහා ජන ගංගාව විසින් ගිණි කන වට්ටන ලද මහරජාණෝ ඩීල් දේශපාලනයේ චක්‍රවර්තී බැසිල් රාජපක්ෂට යට විය. රාජපක්ෂ දේශපාලනයම ඉදිරියට ගෙන යන බවට සපථ කරවා ගැනීමෙන් පසු, රනිල් රාජපක්ෂ, පාවාඩ මත විධායක පුටුවට නංවන ලදී.
මුලින්ම තමන්ගේ හිතෛශී ප්‍රාදේශීය මංත්රියන් කිහිප දෙනෙකුට ඇමතිකම් දෙන ලෙස පොහොට්ටුව කරන ලද ඉල්ලීමට රනිල් රාජපක්ෂ පයින් ගැසුවේය.
පොහොට්ටු මහ රාජානන් ද දෙටු රජානන් ද රජ කුමරුවාන්න ද එකපැහැර අයැද සිටි මහා මැතිවරණ යෝජනාවට රනිල් රාජපක්ෂ පිළිතුරු දුන්නේ මැදමූලනටම ඇසෙන තරම් අධෝ වාතයකිනි.
හුනස්නෙන් නොනැගිටම ‘පුලුවන් නම් මංත්‍රී 113ක අත්සන් අරං එන්න’ යැයි රනිල් රාජපක්ෂ රජ පවුලට අභියෝගයකින් දමා ගැසුවේය.
ඉහත ආත්මයේ ඉඩම් ප්‍රේතයෙකුව ඉපිද සිටියාක් වැනි පෙනුමකින් යුත් අගමැති සූට් මසා ගත් ඇමතියකු නොනවත්වාම රනිල් රනිල් මයි මතුරන හඬ ඉවසා සිටිය නොහැක්කේ රජ පවුල, ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන මුවින් නොබා සිටිනු යැයි සිය වහලුන්ට නියෝගයක් කළේ රටටම ඇසෙන අඬ බෙර පදයකිනි.
මහා මැතිවරණයක් රජ පවුල ඉල්ලා සිටියේ, තමන්ට හොඳින්ම පන්දු කෙළියේ යෙදිය හැකි පිට්ටනිය එය බැවිනි. රනිල් රාජපක්ෂගේ හූඇන්පියට වඩා තමන්ට ආසන දිනා ගත හැකි බැවින් කැඩී ගිය නාස් ළනුව යළි එමගින් දමා ගැනීමට හැකි වනු ඇතැයි රජ පවුල කල්පනා කළාක් වැන්න.
හැරෙන තැපෑලෙන් යළි අධෝ වාත පිළිතුරක් එවූ රනිල් රාජපක්ෂ රජ පවුලේ පලාත් පාලන සභික රොත්තක් ලවා, රාජපක්ෂවරුන්ගේ කණ රත්වන පහරක් දෙමින් තමන් අපූරුම ජනාධිපති අපේක්ෂකයා බව කියවා ගත්හ.
‘පහනට තෙල්’ කාරයා කොහිදැයි නොපෙනෙන තරමට රාජපක්ෂ අහස අඳුරුය. ගෝටා නිමල් ලංසා ගේ කුඩු ඇල්ලීමට යැයි විශේෂ කාර්ය බලකාය යැවූ විට හෙලිකොප්ටරයකින් එහි ගොස් පොලිසිය එළවා ලංසා රැක ගත්තේ මරා නම් මහරජාය.!
ආතක් පාතක් නැතිව සිටි ප්‍රසන්න රණතුංග බස්නාහිර මහ ඇමති කර පසුව ඇමැති ධුරයකින් පිදුම් දුන්නේ ද මරාය.
සුසිල් ප්‍රෙම්ජයන්ත ලාට අනුර ප්රිියදර්ශන ලාට මරාගේ සෙවන නොලැබුණි නම් අද නිකම්ම නිකම් කලු කෝට්කාරයෝය.
එවැනි මිනිස්සු දැන් මරාට කෝචොක් දාන්නේ ‘නාකි මයිනා’ යැයි නොකියා කියමිනි.
රනිල් රාජපක්ෂ, රජ පවුලට දුන් ගේම තේරුම් ගැනීමට රජාගේ වහල්ලු සිය කැමැත්තෙන්ම විකුණුනු හැටි විමසා බැලීම ප්රමාණවත්ය. දැන් රනිල් රාජපක්ෂගේ සේනාවෙන් අඩකටත් වඩා රාජපක්ෂ වහල්ලුය.
දැන් කුමක් කරමුද? යැයි රජ පවුල සතර කන් මන්ත්‍රණයෙහි යෙදී සිටින්නේ, ‘මඟ සිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී’ යන දේව උපදෙස සිහි කරමිනි.
පාර්ලිමේන්තු බලය නැතිව රනිල් රාජපක්ෂ, රජ පවුලට මෙහෙම කෙළ වූයේ නම් අහම්බයකින් හෝ රාජපක්ෂ ඡන්ද එහැම පිටින්ම ගෙන ජනාධිපතිකම ලබා ගත්තොත් පොහොට්ටුවට වැලේ වැල් නැති වී යන්නට වන්නේ අබ සරණ සොයා ය. ඒ බව රජ පවුල දනී.
දැමු සියලු උප්පරවැට්ටි නොසළකා රනිල් රාපපක්ෂ තවම ඉන්නේ සියයට 6ක ඡන්ද ප්‍රමාණයකය. රාජපක්ෂ ඡන්ද කුට්ටිය නැතිව ජාම බේරා ගැනීමටවත් රනිල් රාජපක්ෂට නොහැක. තම ඡන්ද කුට්ටිය රනිල් රාජපක්ෂට පූජා කළ හොත් තමන්ට දේශපාලන අනාගතයක් නැති වන බව රජ කුමරු දනී. මන්ද යත් රනිල් රාජපක්ෂ පිරිවරා ඉන්නේ රාජපක්ෂ කුමරුන්ම වැනි චීස් බටර් කන පොත්ත රතු ගැටවුන් නිසාය. රනිල් රාජපක්ෂ සිය උරුමය දැනටමත් එක් කුමරුවකුට ලියා දී තිබේ. මහ රජාණන් වරින් වර පිට කරන සෝක සුසුම් පෙන්වන්නේ අද කියන්නේ කුමක් ද කියා හෙට ඔහු දන්නේ නැති බවයි. මහ රජානන්ට මේ වුන නස්පැත්තිය ඔරොත්තු දෙන්නේ නැත.
රනිල් රාජපක්ෂ රජ පවුලට දී ඇත්තේ එකම එක සහනයකි. එනම් පවුලේ දූෂණ වංචා පිළිබඳ තමා කිසිදු පියවරක් නොගන්නා බවයි. රාජපක්ෂ පවුල කරන ලදැයි කියන දූෂණ වංචා සම්බන්ධයෙන් සාක්ෂි නැතයි ඔහු ප්‍රසිද්ධියේම කීවේ එම සහතිකය දීමටය.
රනිල් රාජපක්ෂ නම් ගිලෙන බෝට්ටුවට සිය අබලන් නෞකාව එල්ලා ගෙන එයත් සමඟ ගිලී යන්නේ ද නැත්නම් කප්පිත්තකු නැති නෞකාවක් මේ දේශපාලන සුලි සුළං මැද පාවී යන්නේ ද යන්න රජ පවුල දැන් හිසේ සිට පශ්චාත් භාගය කස කසා නිමග්න වන පිළිතුරක් නැති ගැටයයි.
ගැටය ගැහුවේ රනිල් රාජපක්ෂය.
රනිල් රාජපක්ෂගේ සහජ ලකුණ ඉනිමඟට පයින් ගැසීමයි. ඔහු වෙනුවෙන් දිවි පරදුවට තැබූ ජොන්ස්ටන්ලා, ලොකුගේලා අතුකෝරාළලා යනාදී බෙහෝ දෙනෙකුට රනිල් පයින් ගැසුවේය. දැන් ඔහු රජ පවුලට පයින් ගසා ඇත්තේ, අත්ත උඩම වාඩි වී කියත පාවිච්චි කළ මෝඩයා සිහි ගන්වමිනි.
දෙගොල්ලනටම සිදු වන්නේ දොයි යන්නය.
සුළඟ කුපිත කළවුන් මහා කුණාටු පැතිය යුතුය. ගිනි අඟුරු මෙළවූවෝ චන්ඩ ගිනිදැල් පැතිය යුතුය.
මේ සියලු අදෝනා මැද ඇසෙන්නේ හූඇන්පිය මෙන්ම රාජපස්ස දේශපාලනය ද අතුගෑවී යන මහා ජන ඝෝෂාවක නින්නාදයයි!
පවට පින් දිය නොහැක.
සුවෙන් නැතත් නිදන්න.
wesa baiyani monawada mewa
@N A K A M U R A
@2osama
@weer 11
@hirashgeff
@nicjosh83 AKA @John Dutton
@netudara awajathaka බන්ඩෝක්කෝ ponnaya

අනෙක් දොස් පැත්තකට තබා රනිල් රාජපක්ෂට ලකුණූ දිය හැකි කාරණයක් වන්නේ බත් දුන් අත හපා කා රාජපක්ෂ පවුලේ දේශපාලන බලය දෙකේ කොළයට දැමීම ගැනය.
රනිල් වික්‍රමසිංහ, රනිල් රාජපක්ෂ ලෙස බව්තීස්ම කොට, සාටකයක පොරවා ජනාධිපති පුටුවට වැඩම වූයේ රාජපක්ෂ පවුලේ ජාතික ඇඳුම් උනා පාවාඩ බවට පෙරළමිනි.
ජනාධිපති පුටුවේ ඇලෙන තුරු රනිල් රාජපක්ෂ, රාජපක්ෂ පවුලේ සුචච කීකරු කුක්කකු සේ ඉජු ඉජු හඬ මිහිරි ගායනයක් සේ වින්දේ, දෙන්ඤම් බැටේ වාදනය සූදානම් කරමිනි.
රාජපක්ෂ පවුල විධායක ජනාධිපති පුටුවේ ෂැප සහ මාන්නය දොලොස් වසරක් වින්දනය කර තිබුණද, රනිල් රාජපක්ෂ එම පුටුවේ ඇලවීමෙන් පසු, ඇතුන් ලවා වත් ඉවතට ඇද්ද විය නොහැකි බව නොදැන සිටියා වැන්න. ඇතුන් ලවා ඇද්ද විය නොහැකි මෝඩකම් ගැන කට වහරේ එන්නේ නිකමට නොවේ.
ඉක්මන් මහා මැතිවරණයකට ගියේ නම්..
2022 මහජන අරගලය සමථයකට පත් කරනු වස් නිර්පාක්ෂික විශ්වාසනීය ජනාධිපතිවරයකු පත් කර සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ඉක්මන් මහා මැතිවරණයකට ගියේ නම්, රාජපක්ෂ සනුහරය අද මුහුණ දෙන වින්නැහියෙන් ගැලවීමට යම් ඉඩක් තිබුණි. එම අවස්ථාවෙහි රනිල් වික්‍රමසිංහ බලයක් නැති හුදකලා මංත්‍රි කට්ටකු වූ අතර, ජවිපෙ- ජාජබ අද තරම් ජන බලයක් ගොඩ නඟා ගෙන නොතිබුණි.සියල්ලටමත් වඩා ඒ අවස්ථාවෙහි පොදු ජන පෙරමුණේ දේශපාලනඥයින් සිටියේ මහින්ද රාජපක්ෂට සිය මහරජානන් ලෙස එතෙකුදුත් වන්දනාමාන කරමිනි..
සෙනසුරාටත් බටකොළ කෑමට සිදුවන දිනයක් එන්නේය. ශුද්ධ යැයි කියන සියලු දේ කිලුටු වන දිනයක් උදා වන්නේය. සියල්ලටමටත් වඩා මිනිසාට ස්වකීය ඉරණම අතට ගැනීමට බල කරන දිනයක් ළඟා වෙයි.
‘අපි රනිල් ගැන දන්නේ නැතැයි’ රාජපක්ෂ පවුලේ මහරජානන් මාධ්‍යට කිවේ වැඩි ඈතකදී නොවේ. මහින්ද රාජපක්ෂ අත්දැකීම් ඇති දේශපාලනඥයකු වශයෙන් තමා ස්නානය කරන ලද කිලුටු ජලයෙන්ම බව්තීස්ම කරන ලද නමුත් රනිල් රාජපක්ෂ යනු ආපසු හැරී දෂ්ඨ කරන සර්පයකු බව නොදැන සිටියා විය නොහැක. එනමුත් දෙවසරකට පෙර නැගී ආ ඒ මහා ජන ගංගාව විසින් ගිණි කන වට්ටන ලද මහරජාණෝ ඩීල් දේශපාලනයේ චක්‍රවර්තී බැසිල් රාජපක්ෂට යට විය. රාජපක්ෂ දේශපාලනයම ඉදිරියට ගෙන යන බවට සපථ කරවා ගැනීමෙන් පසු, රනිල් රාජපක්ෂ, පාවාඩ මත විධායක පුටුවට නංවන ලදී.
රාජපක්ෂ පවුලට දවල් තරු පෙන්වන රනිල්..
දැන් රනිල් රාජපක්ෂ, රාජපක්ෂ නිලමැස්සන් ඔහු වටා රැස් කර ගන්නා වේගයෙන් තමා ද රාජපක්ෂ කෙනෙකු බව සනාථ කරමින් සිටින්නේ රාජපක්ෂ පවුලට දවල් තරු පෙන්වමිනි.මුලින්ම තමන්ගේ හිතෛශී ප්‍රාදේශීය මංත්රියන් කිහිප දෙනෙකුට ඇමතිකම් දෙන ලෙස පොහොට්ටුව කරන ලද ඉල්ලීමට රනිල් රාජපක්ෂ පයින් ගැසුවේය.
පොහොට්ටු මහ රාජානන් ද දෙටු රජානන් ද රජ කුමරුවාන්න ද එකපැහැර අයැද සිටි මහා මැතිවරණ යෝජනාවට රනිල් රාජපක්ෂ පිළිතුරු දුන්නේ මැදමූලනටම ඇසෙන තරම් අධෝ වාතයකිනි.
හුනස්නෙන් නොනැගිටම ‘පුලුවන් නම් මංත්‍රී 113ක අත්සන් අරං එන්න’ යැයි රනිල් රාජපක්ෂ රජ පවුලට අභියෝගයකින් දමා ගැසුවේය.
ඉහත ආත්මයේ ඉඩම් ප්‍රේතයෙකුව ඉපිද සිටියාක් වැනි පෙනුමකින් යුත් අගමැති සූට් මසා ගත් ඇමතියකු නොනවත්වාම රනිල් රනිල් මයි මතුරන හඬ ඉවසා සිටිය නොහැක්කේ රජ පවුල, ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන මුවින් නොබා සිටිනු යැයි සිය වහලුන්ට නියෝගයක් කළේ රටටම ඇසෙන අඬ බෙර පදයකිනි.
මහා මැතිවරණයක් රජ පවුල ඉල්ලා සිටියේ, තමන්ට හොඳින්ම පන්දු කෙළියේ යෙදිය හැකි පිට්ටනිය එය බැවිනි. රනිල් රාජපක්ෂගේ හූඇන්පියට වඩා තමන්ට ආසන දිනා ගත හැකි බැවින් කැඩී ගිය නාස් ළනුව යළි එමගින් දමා ගැනීමට හැකි වනු ඇතැයි රජ පවුල කල්පනා කළාක් වැන්න.
හැරෙන තැපෑලෙන් යළි අධෝ වාත පිළිතුරක් එවූ රනිල් රාජපක්ෂ රජ පවුලේ පලාත් පාලන සභික රොත්තක් ලවා, රාජපක්ෂවරුන්ගේ කණ රත්වන පහරක් දෙමින් තමන් අපූරුම ජනාධිපති අපේක්ෂකයා බව කියවා ගත්හ.
‘රනිල ගඳ අපට සැප දෙයි’
රජ පවුලේ නියෝග දැන් එහි වහලුන් තුට්ටුවකට ගණන් නොගනී. ඒ වෙනුවට නිලමැසි රංචුව වඩාම ගන්ධස්කාරය තෝරා ගෙන තිබේ. ‘ගඳත් සුවඳකි රජතුමාගේ’ යන තනුව, දැන් ගැයෙන්නේ ‘රනිල ගඳ අපට සැප දෙයි’ කියාය. රනිල් රාජපක්ෂ වරදාන සහ කුට්ටි බෙදමින් රාජපක්ෂ වහල්ලු සිය ආවතේවයට ඕනෑවටත් වඩා කැඳවා ගෙන තිබේ. ලංසා ගේ සිට ප්‍රේම්ජයන්ත් දක්වා ද ප්‍රසන්නගේ සිට සේමසිංහ දක්වාද දැන් පහන අල්ලන්නේ රනිල් රාජපක්ෂටය.‘පහනට තෙල්’ කාරයා කොහිදැයි නොපෙනෙන තරමට රාජපක්ෂ අහස අඳුරුය. ගෝටා නිමල් ලංසා ගේ කුඩු ඇල්ලීමට යැයි විශේෂ කාර්ය බලකාය යැවූ විට හෙලිකොප්ටරයකින් එහි ගොස් පොලිසිය එළවා ලංසා රැක ගත්තේ මරා නම් මහරජාය.!
ආතක් පාතක් නැතිව සිටි ප්‍රසන්න රණතුංග බස්නාහිර මහ ඇමති කර පසුව ඇමැති ධුරයකින් පිදුම් දුන්නේ ද මරාය.
සුසිල් ප්‍රෙම්ජයන්ත ලාට අනුර ප්රිියදර්ශන ලාට මරාගේ සෙවන නොලැබුණි නම් අද නිකම්ම නිකම් කලු කෝට්කාරයෝය.
එවැනි මිනිස්සු දැන් මරාට කෝචොක් දාන්නේ ‘නාකි මයිනා’ යැයි නොකියා කියමිනි.
රනිල් රාජපක්ෂ, රජ පවුලට දුන් ගේම තේරුම් ගැනීමට රජාගේ වහල්ලු සිය කැමැත්තෙන්ම විකුණුනු හැටි විමසා බැලීම ප්රමාණවත්ය. දැන් රනිල් රාජපක්ෂගේ සේනාවෙන් අඩකටත් වඩා රාජපක්ෂ වහල්ලුය.
‘මඟ සිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී’
එන පොට හොඳ නැති බව දුටු මහ රජාණෝ දැන් සිය පුතු කුමරු ද්වන්ධ සටනට නොයවන්නේ, ඔහුගේ හිස, ගුවන් තොටුපොලේ දී නැතත් ජන්ද බිමෙහි දී රන් බිම සිප ගතහොත් එම ක්වන්ධය තමාට ද ආරූඪ වන බව දන්නා නිසාය.දැන් කුමක් කරමුද? යැයි රජ පවුල සතර කන් මන්ත්‍රණයෙහි යෙදී සිටින්නේ, ‘මඟ සිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී’ යන දේව උපදෙස සිහි කරමිනි.
පාර්ලිමේන්තු බලය නැතිව රනිල් රාජපක්ෂ, රජ පවුලට මෙහෙම කෙළ වූයේ නම් අහම්බයකින් හෝ රාජපක්ෂ ඡන්ද එහැම පිටින්ම ගෙන ජනාධිපතිකම ලබා ගත්තොත් පොහොට්ටුවට වැලේ වැල් නැති වී යන්නට වන්නේ අබ සරණ සොයා ය. ඒ බව රජ පවුල දනී.
දැමු සියලු උප්පරවැට්ටි නොසළකා රනිල් රාපපක්ෂ තවම ඉන්නේ සියයට 6ක ඡන්ද ප්‍රමාණයකය. රාජපක්ෂ ඡන්ද කුට්ටිය නැතිව ජාම බේරා ගැනීමටවත් රනිල් රාජපක්ෂට නොහැක. තම ඡන්ද කුට්ටිය රනිල් රාජපක්ෂට පූජා කළ හොත් තමන්ට දේශපාලන අනාගතයක් නැති වන බව රජ කුමරු දනී. මන්ද යත් රනිල් රාජපක්ෂ පිරිවරා ඉන්නේ රාජපක්ෂ කුමරුන්ම වැනි චීස් බටර් කන පොත්ත රතු ගැටවුන් නිසාය. රනිල් රාජපක්ෂ සිය උරුමය දැනටමත් එක් කුමරුවකුට ලියා දී තිබේ. මහ රජාණන් වරින් වර පිට කරන සෝක සුසුම් පෙන්වන්නේ අද කියන්නේ කුමක් ද කියා හෙට ඔහු දන්නේ නැති බවයි. මහ රජානන්ට මේ වුන නස්පැත්තිය ඔරොත්තු දෙන්නේ නැත.
රනිල් රාජපක්ෂ රජ පවුලට දී ඇත්තේ එකම එක සහනයකි. එනම් පවුලේ දූෂණ වංචා පිළිබඳ තමා කිසිදු පියවරක් නොගන්නා බවයි. රාජපක්ෂ පවුල කරන ලදැයි කියන දූෂණ වංචා සම්බන්ධයෙන් සාක්ෂි නැතයි ඔහු ප්‍රසිද්ධියේම කීවේ එම සහතිකය දීමටය.
සුළඟ කුපිත කළවුන් මහා කුණාටු පැතිය යුතුය.
පරදින අශ්වයකුට ඔට්ටු අල්ලා තියෙන සේසතම නැති කර ගන්නේ ද නැත්නම් පරදින්නට හරි තරඟ පිටියට පිවිසෙන්නේ ද යන උභතෝකෝටිකයෙන් රාජපක්ෂ පවුලට ගැලවීමක් නැත.රනිල් රාජපක්ෂ නම් ගිලෙන බෝට්ටුවට සිය අබලන් නෞකාව එල්ලා ගෙන එයත් සමඟ ගිලී යන්නේ ද නැත්නම් කප්පිත්තකු නැති නෞකාවක් මේ දේශපාලන සුලි සුළං මැද පාවී යන්නේ ද යන්න රජ පවුල දැන් හිසේ සිට පශ්චාත් භාගය කස කසා නිමග්න වන පිළිතුරක් නැති ගැටයයි.