පොහොය දින වර්ණනාව -ඇසළපුර පසළොස්වක පොහොය Ş
ධර්මරාජ වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ විසින් දස දහසක් ලෝක ධාතුවම කම්පාවට පත් කරවමින් බරණැස ඉසිපතන මිගදායේ දී උතුම් දහම් සක ප්‍රවර්තනය කරමින් මංගල ධර්ම දේශනය ලෙස දම්සක් පැවතුම් සුත්‍රය දේශනා කොට වදාළේ පින්බර ඇසළ පුන් පොහෝ දින දීය. සිදුහත් කුමරු මව්කුස පිළිසිඳ ගැනීම, කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් වීම, භික්ෂුන්වහන්සේලා පෙරවස් එලඹීම, රාහුල කුමාරයාගේ උපත, ලක්දිව අරිට්ඨ කුමරු ප්‍රධාන සිංහල තරුණයන් 56 දෙනෙකු මහණ උපසම්පදාව ලැබීම, පාත්‍රධාතුව ලංකාවට වැඩමවීම, කීර්ති ශ්‍රී රාජසිංහ රජු සියම් රටින් උපාලි තෙරුන් ප්‍රධාන සංඝයා ගෙන්වා බු. ව. 2260 දී නැවත උපසම්පදාව ඇති කිරීම මෙම උතුම් ඇසළ පුන් පෝ දින සිදුවු අනෙකුත් අසිරිමත් සිදුවීම්ය.