Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
පොහොය දොළහේ වැදගත්කම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොහොය දොළහේ වැදගත්කම

පොහෝ දිනයන් නියම කරගෙන තිබුණේ බුදුහාමුදුරුවො ලොව පහළ වෙන්නටත් පෙර සිටයි. එකළ මෙකළ මෙන් දින දර්ශන ලිත් සුලභව තිබුණේ නැහැ. ඔවුන් තමන්ගේ ආගමික දිනයන් වෙන්කර ගත්තේ අහසේ සඳ දිහා බලලා.බුද්ධ චරිතයටත්, බුද්ධ ධර්මයටත් වැදගත්වෙන විශේෂ සිදුවීම් රැසක්ම පසළොස්වක පොහෝ දිනයන් හිදී සිදුවී ඇති බව දුවල පුතාලා දන්නවා. ඒ ඒ දිනයන්හි දී සිදුවී තිබෙන වැදගත්ම සිදුවීම් මොනවාදැයි දැනගැනීම ඔයාලට ප්රයෝජනවත් වෙනවා. අද අපි ඒ පිළිබඳව විමසා බලමු.

බුදුහාමුදුරුවෝ පහළ වන විට අත්ය තාපසවරු පොහොය දින ආගමික දිනයක් හැටියට යොදාගෙන තිබුණා. අමාවක, අටවක, අව අටවක, පසළොස්වක කියලා සතර පෝයක් නියම කරගෙන ඒ දිනවල ආගමික කටයුතුවල නියැලුණා.දවසක් බිම්බිසාර රජතුමා බුදුහාමුදුරුවෝ හමුවට ගිහිල්ලා සතර පෝය බෞද්ධයින්ට ආගමික දිනයක් ලෙස යොදාගැනීම පිළිබඳ යෝජනා කළා. කාගේ වුණත් හොඳ යෝජනා වලට ගරු කිරීම බුදුහාමුදුරුවන්ගේ උතුම් සිරිතක්. ඒ අනුව තමයි පෝය දවස බෞද්ධයන්ගේ ඉතා වැදගත් දිනයක් හැටියට සළකන්න වුණේ.

සතර පෝයඑදා මෙදා සිට බෞද්ධයෝ පෝය සතරටම නැති වුණත් පසළොස්වක පෝයදාට පන්සල් යෑම, මල් පහන් පූජා කිරීම, බණ ඇසීම, සිල් සමාදන්වීම, සිරිතක් කොටගෙන තියෙනවා.පොහොය දිනය වැදගත් සුවිශේෂී දිනයක් බවට හේතු සාධක බුදුහාමුදුරුවෝම දේශනා කරලා තියෙනවා. ශක්ර ආදී දෙවියන් පවා පොහොය දිනයන් හි මිනිස් ලොවට පැමිණ මිනිසුන් පින් කරන හැටි බලා පී්රති වී මිනිසුන්ට ආශීර්වාදය කරන බවත් සඳහන් වෙනවා. ඒ නිසා පොහෝ දිනවල පින්කම් සිදුකිරීමෙන් පින් රැස් කරගන්නවා මෙන්ම දෙවියන්ගේ ආශීීර්වාදයත් ලබාගන්නා ක්රමයක් බවත් සැලකෙනවා.දැන් අපි දොළොස් පෝය වැදගත් වීමට හේතු මොනවා දැයි විමසා බලමු.

දුරුතු පොහොයජනවාරි මස යනුවෙනුත් දුරුතු මස හඳුන්වනවා. බුදුහාමුදුරුවෝ ප්රථම වතාවට ලංකාවට වැඩම කළේ මහියංගනයටය. ඒ බුද්ධත්වයෙන් නවවෙනි මාසයේ දුරුතු පුර පසළොස්වක් පෝදා බුදුන්වහන්සේගේ පැමිණීම ගැන කිපුණු ලංකාවේ සිටි යක්ෂ හා නාග ගෝති්රක අය පැමිණ උන්වහන්සේ සමග සටනට සූදානම් වුණා. බුදුහාමුදුරුවෝ ඔවුන්ට මිහිරි හඩින් ධර්මය දේශනා කළා. හැමෝම දමනය වුණා. ඒ ධර්මය අසා සිටිය සුමන සමන් දෙවියන් ද සෝවාන් බවට පත්වුණා. සුමන සමන් දෙවියන්ගේ ඉල්ලීම පරිදි බුදුරදුන් හිස පිරිමැද කේශධාතු මිටක් ප්රදානය කළහ. සුමන සමන් දෙවියන් ඒ කේශධාතු තැන්පත් කොට ඉඳුනිල්වන් ගලින් රියන් හතක් උසැති සෑයක් බැන්ද වූවා. මෙය තමයි ලෝකයේ ප්රථම වරට ඇති වූ චෛත්යය.මේ සියලු සිදුවීම් වූයේ දුරුතු පොහොය දිනයක, මිහිඳු මහ රහතන්වහන්සේට ලක්දිවට පැමිණ සදහම් බීජය වපුරන්නට ක්ෂෙත්රය සදා දුන් දුරුතු පොහොය අති ශ්රේෂ්ඨ පොහොය දවසක්.

නවම් පොහොයබුදු සසුණේත් බුද්ධ චරිතයේත් උදාර සිදුවීම් රැසක් සිදුවුණු ඓතිහාසික පූජනීය දිනයක් ලෙස නවම් පුර පසළොස්වක් පොහොය වැදගත් වෙනවා.සුදුස්සන්ට සුදුසු තැන ලබාදීම බුද්ධ චරිතයේ කැපී පෙනෙන ලක්ෂණයක් සැරියුත් හාමුදුරුවන්ට හා මුගලන් හාමුදුරුවන්ට අගසව් තනතුරු දීම ඊට හොඳම නිදසුනක්. මුලින් පැවිදි වූ භික්ෂූන් සිටිය දී ළඟදී සසුනට ඇතුළු වූ සැරියුත් - මුගලන් හිමිවරුන්ට අගසව් තනතුරු දීම ගැන ඇතැම් භික්ෂූන් දොස් නැගුවා.සැරියුත් - මුගලන් දෙනම සංසාරයේ දීර්ඝ කාලයක් අගසව් තනතුරු පතාගෙන ඒ සඳහා අවශ්ය පින් රැස්කරගත් නිසා එම තනතුරුවලට සුදුස්සන් ඒ දෙනම ම බව බුදුහාමුදුරුවෝ පැහැදිලි කළ සේක. සම්බුද්ධ ශාසනයෙහි ප්රථම වරට මහා සංඝ සන්නිපාතය සිදුවූයේත් නවම් පසළොස්වක් පොහෝ දවසක. තථාගතයන්වහන්සේ විසින් මහා සංඝයාට ඕවාද ප්රාතිමෝක්ෂය වදාළේත් නවම් පුණු පොහෝ දිනයක. ඕවාද ප්රාතිමෝක්ෂය කියන්නේ භික්ෂූන්වහන්සේලාට හික්මීම පිණිස අවශ්ය විනය මාලාව, අල්පායුෂ්ක බුදුවරුන්ගෙ ශාසනවල ඕවාද ප්රාතිමෝක්ෂය වදාරන්නේ මුල් අවුරුදු විස්ස තුළය. ගෞතම බුද්ධ ශාසනය ද එවැන්නක්. අතීතයේ ලොව පහළ වූ විපස්සී නම් බුදුන් අවුරුදු අසූදහසක් ද, සිඛී නම් බුදුන් අවුරුදු හැත්තෑදහසක් ද, කකුසඳ බුදුන් අවුරුදු හතළිස් දහසක් ද, කෝණාගම බුදුන් අවුරුදු තිස්දහසක් ද, කාශ්යප බුදුන් අවුරුදු විසිදහසක් ද, පරමායු විඳ ඇත. ගෞතම බුදුන්ගේ ආයු කාලය අවුරුදු අසූවකි. මෙතෙක් කාලයකින් පිරිනිවන්පාන්නේමියි. කාලය සීමාකර ගැනීම ආයු සංස්කාරය හැරීමයි. එය ද සිදුවුණේ නවම් පුර පසළොස්වක දවසකය.

මැදින් පොහොයහේමන්ත ඍතුවේ මැදින් මස නොහොත් මාර්තු මාසයේ පුර පසළොස්වක පොහොය සම්බුද්ධ චරිතාපදානය පිළිබඳව අසිරිමත් සිදුවීම් සිහිකෙරෙන දිනයක්.බුදුරදුන් විසිදහසක් පමණ මහා සංඝයා පිරිවරාගෙන සුද්ධෝදන රජතුමා ඇතුළු තම ඥාතීන්ගේ සිත සුව පිණිස කිඹුල්වත්පුරයට වැඩම කළේ මැදින් පොහෝ දවසක.පියරජු අනාගාමී වීම, යශෝදරාව සැනසීම, නන්ද හා රාහුල කුමරු පැවිදි වීම, ඥාතීන්ගේ මානය නැති කිරීමට යමාමහ පෙළහර පෑම හා ඔවුන් යහමගට යොමු කරවීම මේ ගමනේ අතුරු ඵල හැටියට සඳහන් කරන්න පුළුවන්.

බක් පොහොයබක් මාසය නොහොත් අපේර්ල් මාසය අප කාගේත් සිත්සතන් සොම්නස් සුවයෙන් සැනසෙන මාසයක්. බුදු සිරිතේ ද අසිරිමත් සිදුවීම් අප මනසට නැගෙන්නේ හදවත අමා සිසිලට පත් කරමින්.මේ සුන්දර දිවයින දෙවැනි වරටත් බුදු සිරිපා පහසින් පිවිතුරු බවට පත් වුණේ බක් පොහෝ දවසක.චූලෝදර, මහෝදර යන නා රජුන් දෙදෙනා අතර මැණික් පුටුවක් අරබයා ආරවුලක් ඇති වුණා. මේ ආරවුල බුදුන්වහන්සේ දිවැසින් දුටුසේක. උන්වහන්සේ ඔවුන් කෙරෙහි කරුණාවෙන් ඔවුන්ට සුවසෙත සලසනු පිණිස බක් මස අව පසළොස්වක දා අළුයම ඍද්ධියෙන් නාගදීපයට වැඩි සේක. ඒ බුද්ධත්වයෙන් පස්වෙනි වර්ෂයේ.මේ ගමනට දෙව්රම් දොරටුවේ කිරිපලු රුක අරක්ගෙන සිටි සමිද්ධි සුමන නම් දෙවියා තමාගේ වාස භවනය වන කිරිපලු වෘක්ෂය ජත්රයක් මෙන් ඔසවා ගෙන ආවා. මහෝදර නා රජුගේ මාමා වූ මණිඅක්ඛික නාග රාජයා කැලණියේ සිට බෑනාට උදව් පිණිස පැමිණ සිටියා. බුදුරදුන්ගේ ප්රථම ලංකා ගමනෙදී බණ අසා සරණ සිල් පිහිටා සිටි මණිඅක්ඛික නා රජු එදින බුදුන්වහන්සේට තමාගේ වාස භවනය වූ කැලණියට වඩින ලෙස ආරාධනා කළා. මෙම ඓතිහාසික සිද්ධිවලින් ශ්රේෂ්ඨතවයට පත් බක් පෝය පී්රතිය උපදනා දිනයකි.

වෙසක් පොහොයබුදුරජාණන්වහන්සේ ලොව පහළ වීම, බුද්ධත්වයට පත්වීම, පිරිනිවන් පෑම යන ති්රවිධ මංගල්ය සිදුවුණේ වෙසක් පෝය දා බව ඔබ දන්නවා.ගෞතම බුදු පදවිය සඳහා සුමේධ තවුස්ව, දීපංකර බුදුරදුන්ගෙන් විවරණ ලැබුවේ ද වෙසක් පෝදාක. බුද්ධත්වයෙන් අටවන අවුරුද්දෙහි මණිඅක්ඛික නා රජුගේ ඇරයුමින් කැලණියට වැඩම කොට කැලණිය ශී්ර පාදස්පර්ශයෙන් පාරිශුද්ධත්වයට පත් කළ උතුම් දවස වෙසක් පුන් පොහෝ දාය.සුමන සමන් දෙවිඳුගේ ආරාධනයෙන් සමනළ සිරස මත ශී්ර පාද ලාංඡනය පිහිටුවීම. සොළොස්මස්ථාන නමින් හඳුන්වන ස්ථාන දහසයහිම සමවත් සුවෙන් වැඩහිඳ පුදබිම පිරිසිදු කිරීම සිදු කළෙත් වෙසක් පෝ දා. සිංහල ජනවංශයේ ආදිතමයා වන විජය කුමරු හත්සියයක් පිරිස සමඟ ලාට රට සිට ලක්දිවට පැමිණියේ ද වෙසඟ දිනයක බව වංශ කතාවල සඳහන් වෙනවා.දේවානම්පියතිස්ස රජු දෙවැනි වර රාජාභිශේක ලැබීම, දුටුගැමුණු මහ රජු රුවන්වැලිසෑයට විසා නැකතින් මුල්ගල් තැබීම ද සිදුවුණේ උතුම් වෙසක් පුර පසළොස්වකදා ය.

පොසොන් පොහොයමිහිඳු මහරහතන්වහන්සේ විසින් සම්බුද්ධ ධර්ම දායාදය ලක්දිවට ගෙනවුත් ලක්දිව බුද්ධ ශාසනය පිහිටුවීම සිදුවුණේ පොසොන් පොහොය දාය.දෙවනපෑතිස් නිරිඳු ඇතුළු හතළිස්දහසක් පිරිසකට චුල්ලහත්ථිපදෝපම සූත්රය දේශනා කිරීම, භණ්ඩුක කුමරු පැවිදි උපසම්පදා කරවීම සිදුවුණෙත් පොසොන් පෝ දා.කෙටියෙන් සඳහන් කරතොත් නිර්මල සංස්කෘතියක් හා සභ්යත්වයක් ඇති ශිෂ්ට සම්පන්න අදීන ජාතියක් වශයෙන් සිංහල ජාතිය ලොව පුරා පැතිර ගියේ මේ උතුම් පොසොන් දවසේ සිදුවූ උත්කෘෂ්ඨ සිදුවීම් නිසාය.

ඇසළ පොහොයසුද්ධෝදන ශාක්ය රජතුමාගේ අග මෙහෙසිය වන මහාමායා දේවිය කුස සිදුහත් කුමරු පිළිසිඳ ගත්තේ ඇසළ පුණු පොහෝ දිනකය.ගිහිගෙය අතහැර අභිනිශ්ක්රමණය කිරීම, ප්රථම ධර්ම දේශනාව පැවැත්වීම, ගණ්ඩම්බ රුක්ඛ මූලයෙහි දී තීර්ථකයන් දමනය කිරීම සඳහා යමාමහ පෙළහර පෑම, තව්තිසා දෙව්ලොවට වැඩ මාතෘ දිව්යරාජයාට විජම් බණ දෙසීම වැනි බුදු සිරිතේ ඉතා ඓශ්චය¸මත් සිදුවීම් සිදුවුණේ ඇසළ පුර පසළොස්වක දාය.රාහුල කුමරුන්ගේ උපත සිදුවී ඇත්තේ ද මෙදිනයි. බුද්ධ පරිනිර්වාණයෙන්තෙමසකට පසු මහා කාශ්යප මහරහතන්වහන්සේ ප්රධාන රහතන්වහන්සේලා පන්සියයක් සහභාගීත්වයෙන් අජාසත් රජුගේ දායකත්වයෙන් රජගහනුවර වේහාර පර්වත මූලයෙහි දී ප්රථම ධර්ම සංගීතිය පවත්වා ඇත්තේ ද ඇසළ පෝ දාකය.ලංකාවේදී ප්රථම වස් සමාදානය සිදුවී ඇත්තේ ද මෙවැනි දිනකය. බු: ව: 847 දී කිත්සිරි මෙවන් රජු දවස කළිඟ රටින් හේමමාලා කුමරිය හා දන්ත කුමරුන් විසින් ගෙනෙන ලද දළදා ස්වාමීන්වහන්සේ පළමු වරට ප්රදර්ශනය කළේත් ඇසළ පොහෝ දවසකයි.කීර්ති ශී්ර රාජසිංහ රජතුමා සියම් රටින් උපාලි තෙරුන් ඇතුළු සංඝයා ගෙන්වා ලක්දිව උපසම්පදා කම ඇතිකිරීම ද ඇසළ පෝදා විශේෂ සිදුවීමකි.කතරගම, දෙවිනුවර, මහනුවර, රත්නපුර, ඇම්බැක්කේ, අලුත්නුවර, බෙල්ලන්විල පෙරහැර පැවැත්වීම ද ඇසළ පෝය දා සිදුවේ.

නිකිණි පොහොයභික්ෂූන්වහන්සේලාට වස් එළඹීමට දින දෙකක් නියමව ඇත. එම දින හඳුන්වන්නේ පෙර වස පසු වස යනුවෙනි. ඇසළ පුනු පොහෝ දිනයේ පෙහොය කොට ඇසළ අවපෑළ දිනයේ පෙර වස් එළඹිය යුතුය. නිකිණි පුන් පොහෝ දා පෝය කොට නිකිණි අව පෑලවිය දා පසු වස් එළඹීම කළ යුතුය. ධර්ම භාණ්ඩාගාරික වූ ද අග්ර උපස්ථායක වූ ද ආනන්ද හාමුදුරුවන් රහත් බවට පත් වූවේ ද නිකිණි පෝදාය.වංශ කතා අනුව බුදුන්වහන්සේගේ ලලාට ධාතුව නිධන් කොට සේරුවිල චෛත්ය තැනීමේ ඇරඹුම වූයේ ද නිකිණි පොහෝ දිනයකයි.

බිනර පොහොයබුදුරජාණන්වහන්සේගේ ලලාට ධාතුව තැන්පත් කොට තනා ඇති සේරුවාවිල මහා සෑයේ වාර්ෂික පින්කම පැවැත්වෙන්නේ බිනර පොහොය මුල්කරගෙනය. මෙදින වස් කාලය බැවින් සියලුම විහාරස්ථානවල විවිධ පින්කම් පැවැත්වේ. මෙම පින්කම්වලට බෞද්ධ පින්වතුන් සහභාගීවන්නේ ඉතා ඕනෑකමිනි.සරත් ඍතුවේ ආරම්භය ද බිනර පුර පසළොස්වක් පොහොයයි. සරත් ඍතුව ස්වාභාවික සෞන්දර්ය රසයෙන් අවට පරිසරය පවා ආලෝකවත් වන සමයකි.

වප් පොහොයපුරා තුන්මසක් මුළුල්ලේ සක් දෙවි රජුන්ගේ පඬුපුල් අසුනේ වස්වසා වැඩ සිට වස් පවාරණය කොට බුදුරදුන් සංකස්ස පුරයට වැඩම කළේ වප් පොහෝ දවසකය.අනුබුදු මිහිඳු මහ රහතන්වහන්සේගේ නියමයෙන් දෙවන පෑතිස් රජුගේ සංදේශයත් තුටු පඬුරුත් රැගෙන ලක්දිවින් අරිෂ්ඨ කුමරුන් ප්රමුඛ දූත පිරිස දඹදිව පැළලුප් නුවර ධර්මාශෝක රජු හමුවනු පිණිස පිටත්ව ගියේ වප් පුනු පොහෝ දවසකය. මිහිඳු මහ රහතන්වහන්සේගේ අනුදැනුම ඇතිව මහාරිට්ඨ මහ රහතන්වහන්සේ ථූපාරාම විහාරයේ දී මහා සංඝයා පිරිවරාගෙන විනය පිටකය සංගායනා කළේත් වප් පොහෝ දවසකය.සැරියුත් හිමියන් නුවණින් අගතැන් ලැබීම, මෙතේ බෝසතුන් සසුනෙහි පැවිදි බව ලැබීම මේ ආදී කරුණු රැසක් නිසාම වප් පුර පසළොස්වක් පොහොය වැදගත් වේ.

ඉල් පොහොයවස්සාන ඍතුවේ අවසාන පොහොය ඉල් පුර පසළොස්වක් පොහොයයි. මෛති්රය බෝධි සත්වයන්වහන්සේ විවරණ ලැබීම, ප්රථම ධමර්දූත පිරිස වන රහතන්වහන්සේලා හැටනම ධමර්ප්රචාරය සඳහා ගමනාරම්භ කිරීම, චීවර මාසයේ අවසාන පොහොය වීම, සැරියුත් මහ රහතන්වහන්සේගේ මව ධම¢ය අසා සෝවාන් වීම, සැරියුත් මහ රහතන්වහන්සේ පිරිනිවන් පෑම, ඉල් පොහොය දා සිදු වූ සුවිශේෂ සිදුවීම්ය. මෙම සිදුවීම් නිසා ඉල් පොහොය බෞද්ධයන්ට වැදගත් වේ.

උඳුවප් පොහොයදෙවන පෑතිස් මහ රජුගේ ආරාධනය අනුව සංඝමිත්තා රහත් මෙහෙණින්වහන්සේ ශීී්ර මහා බෝධි දකුණු ශාඛාව ලංකාවට වැඩම කළේ උඳුවප් පොහෝදාය.ලංකාවේ මෙහෙණි සස්න ආරම්භ වීම සිදුවූයේ ද මෙදිනය. මේ නිසා ලාංකික කාන්තාවන්ට ලැබුණු නිදහස අපමණය.බෝධීන්වහන්සේ වැඩම කරවීම නිසා බෝධි පූජා පැවැත්වීම ද ආගමික චාරිත්රයක් බවට පත්විය. මේ අනුව උඳුවප් පොහොය ද ශී්ර ලාංකික බෞද්ධයන්ට අතිශය වැදගත් දිනයක් බව කිව යුතුය.

(සුරත් සමරකෝන්)

[QUOTE="saturn, post: 20035529, member: 529032"] [b]පොහොය දොළහේ වැදගත්කම[/b] [SIZE=4]පොහෝ දිනයන් නියම කරගෙන තිබුණේ බුදුහාමුදුරුවො ලොව පහළ වෙන්නටත් පෙර සිටයි. එකළ මෙකළ මෙන් දින දර්ශන ලිත් සුලභව තිබුණේ නැහැ. ඔවුන් තමන්ගේ ආගමික දිනයන් වෙන්කර ගත්තේ අහසේ සඳ දිහා බලලා.බුද්ධ චරිතයටත්, බුද්ධ ධර්මයටත් වැදගත්වෙන විශේෂ සිදුවීම් රැසක්ම පසළොස්වක පොහෝ දිනයන් හිදී සිදුවී ඇති බව දුවල පුතාලා දන්නවා. ඒ ඒ දිනයන්හි දී සිදුවී තිබෙන වැදගත්ම සිදුවීම් මොනවාදැයි දැනගැනීම ඔයාලට ප්රයෝජනවත් වෙනවා. අද අපි ඒ පිළිබඳව විමසා බලමු. [/SIZE] [SIZE=4]බුදුහාමුදුරුවෝ පහළ වන විට අත්ය තාපසවරු පොහොය දින ආගමික දිනයක් හැටියට යොදාගෙන තිබුණා. අමාවක, අටවක, අව අටවක, පසළොස්වක කියලා සතර පෝයක් නියම කරගෙන ඒ දිනවල ආගමික කටයුතුවල නියැලුණා.දවසක් බිම්බිසාර රජතුමා බුදුහාමුදුරුවෝ හමුවට ගිහිල්ලා සතර පෝය බෞද්ධයින්ට ආගමික දිනයක් ලෙස යොදාගැනීම පිළිබඳ යෝජනා කළා. කාගේ වුණත් හොඳ යෝජනා වලට ගරු කිරීම බුදුහාමුදුරුවන්ගේ උතුම් සිරිතක්. ඒ අනුව තමයි පෝය දවස බෞද්ධයන්ගේ ඉතා වැදගත් දිනයක් හැටියට සළකන්න වුණේ.[/SIZE] [SIZE=4]සතර පෝයඑදා මෙදා සිට බෞද්ධයෝ පෝය සතරටම නැති වුණත් පසළොස්වක පෝයදාට පන්සල් යෑම, මල් පහන් පූජා කිරීම, බණ ඇසීම, සිල් සමාදන්වීම, සිරිතක් කොටගෙන තියෙනවා.පොහොය දිනය වැදගත් සුවිශේෂී දිනයක් බවට හේතු සාධක බුදුහාමුදුරුවෝම දේශනා කරලා තියෙනවා. ශක්ර ආදී දෙවියන් පවා පොහොය දිනයන් හි මිනිස් ලොවට පැමිණ මිනිසුන් පින් කරන හැටි බලා පී්රති වී මිනිසුන්ට ආශීර්වාදය කරන බවත් සඳහන් වෙනවා. ඒ නිසා පොහෝ දිනවල පින්කම් සිදුකිරීමෙන් පින් රැස් කරගන්නවා මෙන්ම දෙවියන්ගේ ආශීීර්වාදයත් ලබාගන්නා ක්රමයක් බවත් සැලකෙනවා.දැන් අපි දොළොස් පෝය වැදගත් වීමට හේතු මොනවා දැයි විමසා බලමු.[/SIZE] [SIZE=4]දුරුතු පොහොයජනවාරි මස යනුවෙනුත් දුරුතු මස හඳුන්වනවා. බුදුහාමුදුරුවෝ ප්රථම වතාවට ලංකාවට වැඩම කළේ මහියංගනයටය. ඒ බුද්ධත්වයෙන් නවවෙනි මාසයේ දුරුතු පුර පසළොස්වක් පෝදා බුදුන්වහන්සේගේ පැමිණීම ගැන කිපුණු ලංකාවේ සිටි යක්ෂ හා නාග ගෝති්රක අය පැමිණ උන්වහන්සේ සමග සටනට සූදානම් වුණා. බුදුහාමුදුරුවෝ ඔවුන්ට මිහිරි හඩින් ධර්මය දේශනා කළා. හැමෝම දමනය වුණා. ඒ ධර්මය අසා සිටිය සුමන සමන් දෙවියන් ද සෝවාන් බවට පත්වුණා. සුමන සමන් දෙවියන්ගේ ඉල්ලීම පරිදි බුදුරදුන් හිස පිරිමැද කේශධාතු මිටක් ප්රදානය කළහ. සුමන සමන් දෙවියන් ඒ කේශධාතු තැන්පත් කොට ඉඳුනිල්වන් ගලින් රියන් හතක් උසැති සෑයක් බැන්ද වූවා. මෙය තමයි ලෝකයේ ප්රථම වරට ඇති වූ චෛත්යය.මේ සියලු සිදුවීම් වූයේ දුරුතු පොහොය දිනයක, මිහිඳු මහ රහතන්වහන්සේට ලක්දිවට පැමිණ සදහම් බීජය වපුරන්නට ක්ෂෙත්රය සදා දුන් දුරුතු පොහොය අති ශ්රේෂ්ඨ පොහොය දවසක්.[/SIZE] [SIZE=4]නවම් පොහොයබුදු සසුණේත් බුද්ධ චරිතයේත් උදාර සිදුවීම් රැසක් සිදුවුණු ඓතිහාසික පූජනීය දිනයක් ලෙස නවම් පුර පසළොස්වක් පොහොය වැදගත් වෙනවා.සුදුස්සන්ට සුදුසු තැන ලබාදීම බුද්ධ චරිතයේ කැපී පෙනෙන ලක්ෂණයක් සැරියුත් හාමුදුරුවන්ට හා මුගලන් හාමුදුරුවන්ට අගසව් තනතුරු දීම ඊට හොඳම නිදසුනක්. මුලින් පැවිදි වූ භික්ෂූන් සිටිය දී ළඟදී සසුනට ඇතුළු වූ සැරියුත් - මුගලන් හිමිවරුන්ට අගසව් තනතුරු දීම ගැන ඇතැම් භික්ෂූන් දොස් නැගුවා.සැරියුත් - මුගලන් දෙනම සංසාරයේ දීර්ඝ කාලයක් අගසව් තනතුරු පතාගෙන ඒ සඳහා අවශ්ය පින් රැස්කරගත් නිසා එම තනතුරුවලට සුදුස්සන් ඒ දෙනම ම බව බුදුහාමුදුරුවෝ පැහැදිලි කළ සේක. සම්බුද්ධ ශාසනයෙහි ප්රථම වරට මහා සංඝ සන්නිපාතය සිදුවූයේත් නවම් පසළොස්වක් පොහෝ දවසක. තථාගතයන්වහන්සේ විසින් මහා සංඝයාට ඕවාද ප්රාතිමෝක්ෂය වදාළේත් නවම් පුණු පොහෝ දිනයක. ඕවාද ප්රාතිමෝක්ෂය කියන්නේ භික්ෂූන්වහන්සේලාට හික්මීම පිණිස අවශ්ය විනය මාලාව, අල්පායුෂ්ක බුදුවරුන්ගෙ ශාසනවල ඕවාද ප්රාතිමෝක්ෂය වදාරන්නේ මුල් අවුරුදු විස්ස තුළය. ගෞතම බුද්ධ ශාසනය ද එවැන්නක්. අතීතයේ ලොව පහළ වූ විපස්සී නම් බුදුන් අවුරුදු අසූදහසක් ද, සිඛී නම් බුදුන් අවුරුදු හැත්තෑදහසක් ද, කකුසඳ බුදුන් අවුරුදු හතළිස් දහසක් ද, කෝණාගම බුදුන් අවුරුදු තිස්දහසක් ද, කාශ්යප බුදුන් අවුරුදු විසිදහසක් ද, පරමායු විඳ ඇත. ගෞතම බුදුන්ගේ ආයු කාලය අවුරුදු අසූවකි. මෙතෙක් කාලයකින් පිරිනිවන්පාන්නේමියි. කාලය සීමාකර ගැනීම ආයු සංස්කාරය හැරීමයි. එය ද සිදුවුණේ නවම් පුර පසළොස්වක දවසකය.[/SIZE] [SIZE=4]මැදින් පොහොයහේමන්ත ඍතුවේ මැදින් මස නොහොත් මාර්තු මාසයේ පුර පසළොස්වක පොහොය සම්බුද්ධ චරිතාපදානය පිළිබඳව අසිරිමත් සිදුවීම් සිහිකෙරෙන දිනයක්.බුදුරදුන් විසිදහසක් පමණ මහා සංඝයා පිරිවරාගෙන සුද්ධෝදන රජතුමා ඇතුළු තම ඥාතීන්ගේ සිත සුව පිණිස කිඹුල්වත්පුරයට වැඩම කළේ මැදින් පොහෝ දවසක.පියරජු අනාගාමී වීම, යශෝදරාව සැනසීම, නන්ද හා රාහුල කුමරු පැවිදි වීම, ඥාතීන්ගේ මානය නැති කිරීමට යමාමහ පෙළහර පෑම හා ඔවුන් යහමගට යොමු කරවීම මේ ගමනේ අතුරු ඵල හැටියට සඳහන් කරන්න පුළුවන්.[/SIZE] [SIZE=4]බක් පොහොයබක් මාසය නොහොත් අපේර්ල් මාසය අප කාගේත් සිත්සතන් සොම්නස් සුවයෙන් සැනසෙන මාසයක්. බුදු සිරිතේ ද අසිරිමත් සිදුවීම් අප මනසට නැගෙන්නේ හදවත අමා සිසිලට පත් කරමින්.මේ සුන්දර දිවයින දෙවැනි වරටත් බුදු සිරිපා පහසින් පිවිතුරු බවට පත් වුණේ බක් පොහෝ දවසක.චූලෝදර, මහෝදර යන නා රජුන් දෙදෙනා අතර මැණික් පුටුවක් අරබයා ආරවුලක් ඇති වුණා. මේ ආරවුල බුදුන්වහන්සේ දිවැසින් දුටුසේක. උන්වහන්සේ ඔවුන් කෙරෙහි කරුණාවෙන් ඔවුන්ට සුවසෙත සලසනු පිණිස බක් මස අව පසළොස්වක දා අළුයම ඍද්ධියෙන් නාගදීපයට වැඩි සේක. ඒ බුද්ධත්වයෙන් පස්වෙනි වර්ෂයේ.මේ ගමනට දෙව්රම් දොරටුවේ කිරිපලු රුක අරක්ගෙන සිටි සමිද්ධි සුමන නම් දෙවියා තමාගේ වාස භවනය වන කිරිපලු වෘක්ෂය ජත්රයක් මෙන් ඔසවා ගෙන ආවා. මහෝදර නා රජුගේ මාමා වූ මණිඅක්ඛික නාග රාජයා කැලණියේ සිට බෑනාට උදව් පිණිස පැමිණ සිටියා. බුදුරදුන්ගේ ප්රථම ලංකා ගමනෙදී බණ අසා සරණ සිල් පිහිටා සිටි මණිඅක්ඛික නා රජු එදින බුදුන්වහන්සේට තමාගේ වාස භවනය වූ කැලණියට වඩින ලෙස ආරාධනා කළා. මෙම ඓතිහාසික සිද්ධිවලින් ශ්රේෂ්ඨතවයට පත් බක් පෝය පී්රතිය උපදනා දිනයකි.[/SIZE] [SIZE=4]වෙසක් පොහොයබුදුරජාණන්වහන්සේ ලොව පහළ වීම, බුද්ධත්වයට පත්වීම, පිරිනිවන් පෑම යන ති්රවිධ මංගල්ය සිදුවුණේ වෙසක් පෝය දා බව ඔබ දන්නවා.ගෞතම බුදු පදවිය සඳහා සුමේධ තවුස්ව, දීපංකර බුදුරදුන්ගෙන් විවරණ ලැබුවේ ද වෙසක් පෝදාක. බුද්ධත්වයෙන් අටවන අවුරුද්දෙහි මණිඅක්ඛික නා රජුගේ ඇරයුමින් කැලණියට වැඩම කොට කැලණිය ශී්ර පාදස්පර්ශයෙන් පාරිශුද්ධත්වයට පත් කළ උතුම් දවස වෙසක් පුන් පොහෝ දාය.සුමන සමන් දෙවිඳුගේ ආරාධනයෙන් සමනළ සිරස මත ශී්ර පාද ලාංඡනය පිහිටුවීම. සොළොස්මස්ථාන නමින් හඳුන්වන ස්ථාන දහසයහිම සමවත් සුවෙන් වැඩහිඳ පුදබිම පිරිසිදු කිරීම සිදු කළෙත් වෙසක් පෝ දා. සිංහල ජනවංශයේ ආදිතමයා වන විජය කුමරු හත්සියයක් පිරිස සමඟ ලාට රට සිට ලක්දිවට පැමිණියේ ද වෙසඟ දිනයක බව වංශ කතාවල සඳහන් වෙනවා.දේවානම්පියතිස්ස රජු දෙවැනි වර රාජාභිශේක ලැබීම, දුටුගැමුණු මහ රජු රුවන්වැලිසෑයට විසා නැකතින් මුල්ගල් තැබීම ද සිදුවුණේ උතුම් වෙසක් පුර පසළොස්වකදා ය.[/SIZE] [SIZE=4]පොසොන් පොහොයමිහිඳු මහරහතන්වහන්සේ විසින් සම්බුද්ධ ධර්ම දායාදය ලක්දිවට ගෙනවුත් ලක්දිව බුද්ධ ශාසනය පිහිටුවීම සිදුවුණේ පොසොන් පොහොය දාය.දෙවනපෑතිස් නිරිඳු ඇතුළු හතළිස්දහසක් පිරිසකට චුල්ලහත්ථිපදෝපම සූත්රය දේශනා කිරීම, භණ්ඩුක කුමරු පැවිදි උපසම්පදා කරවීම සිදුවුණෙත් පොසොන් පෝ දා.කෙටියෙන් සඳහන් කරතොත් නිර්මල සංස්කෘතියක් හා සභ්යත්වයක් ඇති ශිෂ්ට සම්පන්න අදීන ජාතියක් වශයෙන් සිංහල ජාතිය ලොව පුරා පැතිර ගියේ මේ උතුම් පොසොන් දවසේ සිදුවූ උත්කෘෂ්ඨ සිදුවීම් නිසාය.[/SIZE] [SIZE=4]ඇසළ පොහොයසුද්ධෝදන ශාක්ය රජතුමාගේ අග මෙහෙසිය වන මහාමායා දේවිය කුස සිදුහත් කුමරු පිළිසිඳ ගත්තේ ඇසළ පුණු පොහෝ දිනකය.ගිහිගෙය අතහැර අභිනිශ්ක්රමණය කිරීම, ප්රථම ධර්ම දේශනාව පැවැත්වීම, ගණ්ඩම්බ රුක්ඛ මූලයෙහි දී තීර්ථකයන් දමනය කිරීම සඳහා යමාමහ පෙළහර පෑම, තව්තිසා දෙව්ලොවට වැඩ මාතෘ දිව්යරාජයාට විජම් බණ දෙසීම වැනි බුදු සිරිතේ ඉතා ඓශ්චය¸මත් සිදුවීම් සිදුවුණේ ඇසළ පුර පසළොස්වක දාය.රාහුල කුමරුන්ගේ උපත සිදුවී ඇත්තේ ද මෙදිනයි. බුද්ධ පරිනිර්වාණයෙන්තෙමසකට පසු මහා කාශ්යප මහරහතන්වහන්සේ ප්රධාන රහතන්වහන්සේලා පන්සියයක් සහභාගීත්වයෙන් අජාසත් රජුගේ දායකත්වයෙන් රජගහනුවර වේහාර පර්වත මූලයෙහි දී ප්රථම ධර්ම සංගීතිය පවත්වා ඇත්තේ ද ඇසළ පෝ දාකය.ලංකාවේදී ප්රථම වස් සමාදානය සිදුවී ඇත්තේ ද මෙවැනි දිනකය. බු: ව: 847 දී කිත්සිරි මෙවන් රජු දවස කළිඟ රටින් හේමමාලා කුමරිය හා දන්ත කුමරුන් විසින් ගෙනෙන ලද දළදා ස්වාමීන්වහන්සේ පළමු වරට ප්රදර්ශනය කළේත් ඇසළ පොහෝ දවසකයි.කීර්ති ශී්ර රාජසිංහ රජතුමා සියම් රටින් උපාලි තෙරුන් ඇතුළු සංඝයා ගෙන්වා ලක්දිව උපසම්පදා කම ඇතිකිරීම ද ඇසළ පෝදා විශේෂ සිදුවීමකි.කතරගම, දෙවිනුවර, මහනුවර, රත්නපුර, ඇම්බැක්කේ, අලුත්නුවර, බෙල්ලන්විල පෙරහැර පැවැත්වීම ද ඇසළ පෝය දා සිදුවේ.[/SIZE] [SIZE=4]නිකිණි පොහොයභික්ෂූන්වහන්සේලාට වස් එළඹීමට දින දෙකක් නියමව ඇත. එම දින හඳුන්වන්නේ පෙර වස පසු වස යනුවෙනි. ඇසළ පුනු පොහෝ දිනයේ පෙහොය කොට ඇසළ අවපෑළ දිනයේ පෙර වස් එළඹිය යුතුය. නිකිණි පුන් පොහෝ දා පෝය කොට නිකිණි අව පෑලවිය දා පසු වස් එළඹීම කළ යුතුය. ධර්ම භාණ්ඩාගාරික වූ ද අග්ර උපස්ථායක වූ ද ආනන්ද හාමුදුරුවන් රහත් බවට පත් වූවේ ද නිකිණි පෝදාය.වංශ කතා අනුව බුදුන්වහන්සේගේ ලලාට ධාතුව නිධන් කොට සේරුවිල චෛත්ය තැනීමේ ඇරඹුම වූයේ ද නිකිණි පොහෝ දිනයකයි.[/SIZE] [SIZE=4]බිනර පොහොයබුදුරජාණන්වහන්සේගේ ලලාට ධාතුව තැන්පත් කොට තනා ඇති සේරුවාවිල මහා සෑයේ වාර්ෂික පින්කම පැවැත්වෙන්නේ බිනර පොහොය මුල්කරගෙනය. මෙදින වස් කාලය බැවින් සියලුම විහාරස්ථානවල විවිධ පින්කම් පැවැත්වේ. මෙම පින්කම්වලට බෞද්ධ පින්වතුන් සහභාගීවන්නේ ඉතා ඕනෑකමිනි.සරත් ඍතුවේ ආරම්භය ද බිනර පුර පසළොස්වක් පොහොයයි. සරත් ඍතුව ස්වාභාවික සෞන්දර්ය රසයෙන් අවට පරිසරය පවා ආලෝකවත් වන සමයකි.[/SIZE] [SIZE=4]වප් පොහොයපුරා තුන්මසක් මුළුල්ලේ සක් දෙවි රජුන්ගේ පඬුපුල් අසුනේ වස්වසා වැඩ සිට වස් පවාරණය කොට බුදුරදුන් සංකස්ස පුරයට වැඩම කළේ වප් පොහෝ දවසකය.අනුබුදු මිහිඳු මහ රහතන්වහන්සේගේ නියමයෙන් දෙවන පෑතිස් රජුගේ සංදේශයත් තුටු පඬුරුත් රැගෙන ලක්දිවින් අරිෂ්ඨ කුමරුන් ප්රමුඛ දූත පිරිස දඹදිව පැළලුප් නුවර ධර්මාශෝක රජු හමුවනු පිණිස පිටත්ව ගියේ වප් පුනු පොහෝ දවසකය. මිහිඳු මහ රහතන්වහන්සේගේ අනුදැනුම ඇතිව මහාරිට්ඨ මහ රහතන්වහන්සේ ථූපාරාම විහාරයේ දී මහා සංඝයා පිරිවරාගෙන විනය පිටකය සංගායනා කළේත් වප් පොහෝ දවසකය.සැරියුත් හිමියන් නුවණින් අගතැන් ලැබීම, මෙතේ බෝසතුන් සසුනෙහි පැවිදි බව ලැබීම මේ ආදී කරුණු රැසක් නිසාම වප් පුර පසළොස්වක් පොහොය වැදගත් වේ.[/SIZE] [SIZE=4]ඉල් පොහොයවස්සාන ඍතුවේ අවසාන පොහොය ඉල් පුර පසළොස්වක් පොහොයයි. මෛති්රය බෝධි සත්වයන්වහන්සේ විවරණ ලැබීම, ප්රථම ධමර්දූත පිරිස වන රහතන්වහන්සේලා හැටනම ධමර්ප්රචාරය සඳහා ගමනාරම්භ කිරීම, චීවර මාසයේ අවසාන පොහොය වීම, සැරියුත් මහ රහතන්වහන්සේගේ මව ධම¢ය අසා සෝවාන් වීම, සැරියුත් මහ රහතන්වහන්සේ පිරිනිවන් පෑම, ඉල් පොහොය දා සිදු වූ සුවිශේෂ සිදුවීම්ය. මෙම සිදුවීම් නිසා ඉල් පොහොය බෞද්ධයන්ට වැදගත් වේ.[/SIZE] [SIZE=4]උඳුවප් පොහොයදෙවන පෑතිස් මහ රජුගේ ආරාධනය අනුව සංඝමිත්තා රහත් මෙහෙණින්වහන්සේ ශීී්ර මහා බෝධි දකුණු ශාඛාව ලංකාවට වැඩම කළේ උඳුවප් පොහෝදාය.ලංකාවේ මෙහෙණි සස්න ආරම්භ වීම සිදුවූයේ ද මෙදිනය. මේ නිසා ලාංකික කාන්තාවන්ට ලැබුණු නිදහස අපමණය.බෝධීන්වහන්සේ වැඩම කරවීම නිසා බෝධි පූජා පැවැත්වීම ද ආගමික චාරිත්රයක් බවට පත්විය. මේ අනුව උඳුවප් පොහොය ද ශී්ර ලාංකික බෞද්ධයන්ට අතිශය වැදගත් දිනයක් බව කිව යුතුය.[/SIZE] (සුරත් සමරකෝන්) [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom