පොහොර තහනම ජනාධිපති ගත් නිර්භීත තීරණයක්.

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රසායනික පොහොර තහනම් කිරීම හේතුවෙන් වී සහ තේ නිෂ්පාදනය පසුගිය වසරේදී පහළ යෑම නිසා රුපියල් කෝටි විසි හතර දහස් පන්සියයකට(24500) වැඩි පාඩුවක් සිදුවී ඇතැයි විශේෂ අධ්‍යයනයකදී තොරතුරු අනාවරණයවූ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ලංකාදීපයට පැවැසීය.
    සෑම ගොවි මහතකුටම මේ හේතුවෙන් එම වර්ෂයේදී සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂයක පමණ පාඩුවක් සිදුව ඇතැයිද ඔහු සඳහන් කළේය.
    පසුගිය වසරේ මහ කන්නයේ වී නිෂ්පාදනය පෙර වසරේ මහ කන්නයට සාපේක්ෂව මෙට්‍රික් ටොන් එකොළොස් ලක්ෂ තිස් දහස් එකසිය හැට හතරකින්ද( සියයට 36 කින්) යල කන්නයේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් හයලක්ෂ විසි හය දහස් පන් සිය විසි හතකින්ද ( සියයට 30කින්) පහළ ගොස් ඇති බව
    වසන්ත අතුකෝරළ මහතා කීවේය.
    ඒ අනුව එම කන්න දෙකේ පහළ ගොස් ඇති වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් දහ හත් ලක්ෂ පනස් හය දහස් හය සිය අනූ එකකි.
    මේ අතර රසායනික පොහොර තහනම හේතුවෙන් පසුගිය වසරේ තේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 47000 කට වැඩි ප්‍රමාණයකින් පහළ ගොස් ඇතැයි එම අධ්‍යයනයේදී පෙනී ගිය බව පැවසූ මහාචාර්යවරයා එය ඊට පෙර වසරට සාපේක්ෂව සියයට 16 ක පමණ පහළ යෑමක් බවද ප්‍රකාශ කළේය.
    තේ නිෂ්පාදනය එලෙස පහළ යෑමෙන් සිදු වූ මූල්‍යමය පාඩුව රුපියල් කෝටි හය දහස් අසූ හතරක් ලෙස ගණනය කර ඇත.
    මේ අතර පසුගිය වසරේදී රබර් අපනයනය සියයට 1.8 කින්ද පොල් අපනයනය සියයට 5.9 කින්ද කුළු බඩු අපනයනය සියයට 18.9 කින්ද එලවලු අපනයනය සියයට 6.6 කින්ද පහළ ගොස් ඇති බව පැවසූ අතුකෝරළ මහතා විශාල විදේශ විනිමයක් මේ හේතුවෙන් රටට අහිමි වූ බවද සඳහන් කළේය.
    මේ අතර පසුගිය රජය කාබනික පොහොර ගෙන්වීම සඳහා පසුගිය වසරේ අප්‍රේල් මස සිට දෙසැම්බර් මස දක්වා රුපියල් කෝටි අටදහස් හාරසිය අසූවක් පමණ වැය කර ඇතැයි එම අධ්‍යයනයේදී වැඩිදුරටත් තොරතුරු අනාවරණයවී ඇත.

     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,925
    1
    58,220
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔහොම වෙයි කියල බුද්ධිමතුන් කියනකොට පොහොට්ටු බුජ්ජිමත්තු පයිසෙකට ගණන් ගත්තෙ නෑ.

    ඕකෙන් වෙන්න පුළුවන් එකම හොඳ දේ තමයි අටපාස් මෝඩ ආමිකාරයින්ට දේශපාලන බලය දෙන එකේ විපාක තේරුම් ගත්ත එක. ඒකත් තේරුනාද මන්ද!
     
    • Love
    • Haha
    Reactions: monson and ITGuy25

    shenat

    Well-known member
  • May 13, 2007
    58,589
    86,939
    113
    ආශ්චර්යමත් රටක
    මූසල රාජපකයො රටම කෑවා. නූගත් හොරුන්ට පුකත් දීල කඩේ ගිය @2osama @erozan වේස බල්ලො දැනුත් ඡන්ද ගැන උපදෙස් දෙන්න එනවා. නොදකින් තොපි සියදිවි නසාගනිල්ලා බල්ලනේ.